මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂය තුළ දී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරි වසර දෙකහමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඒකක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රැස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේ දී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.
දිවයින පුරා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයන් හි සියලු ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ව්‍යාපෘතිය බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය පත් කරන බවත් හෙතෙම කීවේය.
මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය සේවාවේ නිරත සියලු දෙනා එක්ව කටයුතු කළහොත් එමඟින් සෞඛ්‍ය සේවාව සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන මුදල් සියලු අංශයන් සඳහා ප්‍රමාණවත් වන බව ද ඇමැතිවරයා පැවසුවේය. මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍ය අංශයන්හි පවතින ගැටලු විසඳීමට ද හැකියාව ලැබෙනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ද පැවසීය.
ජනගහනය පන්දහසත් හත් දහසත් අතර පිරිසක් කේන්ද්‍ර වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම තුළින් එම ජනතාවගේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථාන පත් බවට මෙම මධ්‍යස්ථාන පත් කිරීමට හැකිවන බවත්, ග්‍රාම නිලධාරී කොට්ඨාස පහක් ආවරණය වන පරිදි සහ කිලෝමීටර් තුනක් ඇතුළත විනාඩි විස්සකින් ප්‍රදේශයේ ජනතාවට ළඟාවිය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද පැවසීය.
ජනගහනය සෑම 5000කට සියලු පරිපාලන කටයුතු දියත් කරන ඒකක ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ඒකක ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතාවන් ඉටුකරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස ස්ථාපිත කිරීම නව රජයේ බලාපොරොත්තුව බව ද එයට ආරම්භය ගැනීමට සෞඛ්‍ය සේවාව හොඳම සේවාවක් බව ද පවසා සිටියේය.
මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේ දී අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේ දී සිදුකරන නව බඳවා ගැනීම්වලින් සහ දැනට පුහුණුව ලබන කාර්ය මණ්ඩලවලින් ලබා දීමට කටයුතු කරන බවද, ඊට අවශ්‍ය වන භෞතික සම්පත් ද නොඅඩුව ලබා දීමට ද සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු දෙනා උපරිම කැපවීමෙන් තම සේවාවන් ඉටුකරන බවත් එයින් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකිවී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.
නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පළමු අදියර යටතේ දිවයින පුරා ස්ථාපිත කිරීමට දැනට සැලසුම් කර ඇති අතර ඒ මඟින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පෝෂණ තත්ත්වයන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය හා උපදේශන ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සැලසුම් කර ඇත. මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු කුඩා සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිතය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතු වන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳ සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සහ සැලසුම් අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.