මෙරට ජීව­ත්වන පුර­වැ­සි­යාගේ චින්ත­නය උසස් කිරී­ම­කින් තොරව අප බලා­පො­රොත්තු වන රට ගොඩ­නැ‍ඟී­මට නොහැකි බවත්, එය දේශ­පා­ල­න­ඥ­යාගේ කාර්ය­යක් පම­ණක් නොවන බවත් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය සහ විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය එක්ව සංවි­ධා­නය කළ විද්‍යුත් විකා­ශන සමු­ළුව 2025 (Broadcasting Symposium) ට පෙරේදා (25) එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මෙරට ජීව­ත්වන පුර­වැ­සි­යාගේ චින්ත­නය උසස් කිරීමේ කාර්ය සිදු­කළ හැකි ඉහ­ළම කණ්ඩා­යම විද්‍යුත් විකා­ශ­ක­යන් බව ඇමැති නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

මෙම විද්‍යුත් විකා­ශන සමු­ළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්ති­ක­යන්, මාධ්‍ය විද්ව­තුන් ඇතුළු පිරි­සක් සහ­භාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභි­යෝග, වග­කීම්, සාදා­චා­රා­ත්මක මාධ්‍ය කලාවේ ගුණා­ත්ම­ක­භා­වය සහ අනා­ගත අපේ­ක්ෂා­වන් ආදී කරුණු පිළි­බඳ මෙම සමු­ළුවේ දී පුළුල් කති­කා­ව­තක් සිදු විය.

විද්‍යුත් විකා­ශන සමු­ළුව සැසි 04 කින් සම­න්විත එක්දින වැඩ­මු­ළු­වක් වූ අතර ඉදිරි වසර 05 දී විකා­ශන කර්මා­න්තයේ අනා­ග­තය, පව­තින ගැටලු නිරා­ක­ර­ණය, ප්‍රකා­ශන අයි­තීන් පිළි­බ­ඳව ද මෙම සමු­ළුවේ දී වැඩි­දු­ර­ටත් සාකච්ඡා පැවැ­ත්විණි.

විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය මෙරට පුර­වැ­සියා සහ රටේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් මැදි­හ­ත්වන සහ ශ්‍රී ලංකාව පහු­ගිය කාලයේ විවිධ අර්බු­ද­ව­ලට මුහුණ දුන් අව­ස්ථා­ව­න්වල දී තම කාර්ය­භා­රය ඉතාම ඉහ­ළින් ඉටු කළ සංග­ම­යක් බවත්, මෙර­ටට අවශ්‍ය වන්නේ එවැනි සංගම් වන අතර ඒ වෙනු­වෙන් සිය ගෞර­වය ද පිරි­න­මන බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

මාධ්‍ය ලෝකයේ තර­ග­කා­රී­ත්වය පිළි­බඳ සහ එහි සමාජ වග­කීම් පිළි­බඳ ද ස්වේච්ඡා­වෙන් ක්‍රියා­ත්මක වෙමින් මෙවන් කති­කා­වක් සංවි­ධා­නය කළ කණ්ඩා­ය­ම­කට නාය­ක­ත්වය ලබා දීමට හැකි වීම මාධ්‍ය ඇමැ­ති­ව­රයා ලෙස තමන් ලැබූ භාග්‍ය­යක් බව ද හෙතෙම කීවේය.

දශක 5 කට අධික කාල­යක් මෙරට ජන­මාධ්‍ය ක්ෂේත්‍රය වෙනු­වෙන් අප­රි­මිත සේවා­වක් ඉටු­කළ සහ මෙම සමු­ළුව සඳහා විශේෂ ආරා­ධිත අමු­ත්තකු වශ­යෙන් සහ­භාගි වූ ශාන් වික්‍ර­ම­සිංහ මහ­තාට විද්‍යුත් විකා­ශ­ක­යන්ගේ සංග­මය මඟින් ගෞරව හර­සර ප්‍රණාම මෙහි දී පුද­කළ අතර ඒ වෙනු­වෙන් ප්‍රණාම තිළි­ණ­යක් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් ශාන් වික්‍ර­ම­සිංහ මහ­තාට මෙහිදී ප්‍රදා­නය කරන ලදි.

ඉන්දු­නී­සි­යාවේ ඉස්ලා­මීය විශ්ව­වි­ද්‍යා­ලයේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුවේ මාධ්‍ය සහ පුව­ත්පත් කලාව පිළි­බද මහා­චාර්ය මස්ඩුකී මහතා (Professor Masduki) විසින් මෙහිදී ප්‍රධාන දේශ­නය පව­ත්වන ලදි.

මේ අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු අමා­ත්‍යංශ නිල­ධා­රීන්, නාලිකා ප්‍රධා­නීන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්ව­තුන්, මාධ්‍ය වෘත්ති­යන් ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වූහ.