තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම් පිළි­බඳ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා ලෙස පත් වූ ප්‍රවීණ මාධ්‍ය­වේදී දයා ලංකා­පුර මහතා ඊයේ (11) සිය ධුරයේ රාජ­කාරි ආරම්භ කළේය.

කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් කේ.ඩී.එස්. රුව­න්චන්ද්‍ර මහතා ඉදි­රියේ නව සභා­ප­ති­ව­රයා වැඩ භාර ගත් අයුරු මෙහි දැක්වේ. ප්‍රකට වෘත්තීය ජන­මා­ධ්‍ය­වේ­දි­යකු සහ ජන­මා­ධ්‍ය­වේ­දීන් පුහුණු කිරීමේ දේශ­ක­යකු ලෙස ක්‍රියා කළ දයා ලංකා­පුර මහතා 2016 අංක 12 දරන තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම පිළි­බඳ පනතේ 12 (5) වග­න්තිය ප්‍රකා­රව ආණ්ඩු­ක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේ­ශය පරිදි ජනා­ධි­ප­ති­ව­රයා විසින් මේ පත්වීම සිදු කර තිබේ.