විසි­එක් වැනි සිය­වසේ අභි­යෝ­ග­යන්ට සාර්ථ­කව මුහුණ දීම සඳහා ජන­මා­ධ්‍ය­වේ­දීන් දැනු­මෙන්, කුස­ල­තා­වෙන් හා ආක­ල්ප­මය වශ­යෙන් සන්නද්ධ කර­මින් වෘත්තීය ජන­මාධ්‍ය කලා­වක් ස්ථාපිත කිරීම උදෙසා පුහුණු පාඨ­මාලා මඟින් තම වෘත්තීය කුස­ලතා වර්ධ­නය කර­ගැ­නී­මට ඉඩ ප්‍රස්තා සලසා දීම “ඇසි­දිසි ජන­මාධ්‍ය ශිෂ්‍යත්ව” වැඩ­ස­ට­හ­නෙන් සිදු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

ජන­මා­ධ්‍ය­වේ­දීන්ට විධි­මත් රක්ෂණ යෝජනා ක්‍රම­යක් ලබන වර්ෂ­යේදී ආරම්භ කිරී­මට සැල­සුම් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ,ජනමාධ්‍ය අංශය මඟින් සංවි­ධා­නය කරනු ලබන ඇසි­දිසි ජන­මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩ­ස­ට­හනේ 2025 ශිෂ්‍යත්ව ප්‍රදා­නය පසු­ගි­යදා (22) අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නාරා­හේ­න්පිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ,ජනමාධ්‍ය අංශයේ දී පැවැ­ත්විණි.

ජන­මා­ධ්‍ය­වේ­දීන් 61ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදා­නය කළ අතර උපාධි, පශ්චාත් උපාධි පාඨ­මාලා සඳහා රුපි­යල් ලක්ෂ දෙකක උප­රිම මුද­ලක් ද, කෙටි කාලීන හෝ දිගු කාලීන සහ­තික පත්‍ර පාඨ­මාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨ­මාලා සඳහා රුපි­යල් ලක්ෂ­යක උප­රි­ම­ය­කට යටත්ව මෙම ශිෂ්‍යත්ව ලබා­දෙයි. ශිෂ්‍ය­ත්ව­ලා­භීන්ට පිළි­ගත් විශ්ව­වි­ද්‍යාල, උසස් අධ්‍ය­යන පුහුණු ආය­තන මඟින් පව­ත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍ර­යට අදාළ පාඨ­මාලා හැදෑ­රිය හැකිය. මේ සඳහා රජය රුපි­යල් මිලි­යන හතක මුද­ලක් වෙන්කර ඇත.

මෙරට පිළි­ගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආය­ත­න­වල වසර තුනක සේවා කාල­යක් සපුරා ඇති පූර්ණ­කා­ලීන හෝ අර්ධ­කා­ලීන පද­නම මත සේවයේ නියැළී සිටින මාධ්‍ය­වේ­දීන්, නිද­හස් මාධ්‍ය­වේ­දීන්, ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන්, වෙබ් මාධ්‍ය­වේ­දීන් සහ මාධ්‍ය තාක්ෂණ ශිල්පීන්ට යළි නොගෙ­වන පද­නම මත මෙම ශිෂ්‍යත්ව ප්‍රදා­නය කරනු ලබයි.

ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් 2006 වර්ෂ­යේදී මාධ්‍ය­වේ­දීන් 11කට ශිෂ්‍යත්ව ලබා­දෙ­මින් ආරම්භ කළ මෙම ව්‍යාපෘ­තිය මඟින් වර්ත­මා­නය වන විට මාධ්‍ය­වේ­දීන් 1133කට ශිෂ්‍යත්ව ප්‍රදා­න­යට පිය­වර ගෙන ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තෝරා­ගත් කමි­ටු­වක් මඟින් මෙම මාධ්‍ය­වේ­දීන් තෝරා­ගත් බව අව­ධා­ර­ණය කළ අමා­ත්‍ය­ව­රයා කිසිදු අයු­ර­කින් දැන හැඳු­නු­ම්කම් මත හෝ වෙනත් බල­පෑම් මත අදාළ නිර්ණා­යක මඟ­හ­රි­මින් මෙම ශිෂ්‍යත්ව ලබා නොදුන් බව ද පැව­සීය.

මෙරට ජන­මා­ධ්‍ය­වේ­දීන්ට ජන­මාධ්‍ය වෘත්තීය කුස­ලතා වර්ධ­නය කර­ගැ­නී­මට රජය අවස්ථා සල­සන අතර නව මාධ්‍ය ප්‍රති­පත්ති සකස් කිරීම, ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා ආචා­ර­ධර්ම පද්ධ­ති­යක් සකස් කිරීම, මාධ්‍ය­වේ­දීන් සඳහා වර­ලත් ආය­ත­න­යක් ආරම්භ කිරීම වැනි තවත් වැඩ­ස­ට­හන් ගණ­නා­වක්ම ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් මේ වන­විට ක්‍රියා­ත්මක කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

සමා­ජ­යක පව­තින ප්‍රධාන කුලුනු හත­රෙන් එකක් මාධ්‍ය ක්‍ෂේත්‍රය බවත් අනෙක් ත්‍රිත්වය විධා­ය­කය, ව්‍යව­ස්ථා­දා­ය­කය, අධි­ක­ර­ණය බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. මහ­ජ­න­තා­වගේ කැමැත්ත සහි­තව දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට පිවි­සුණු පසු විශේ­ෂ­යෙන්ම රාජ්‍ය පාල­න­යේදී, ආණ්ඩු­ක­ර­ණ­යේදී තමන්ගේ හැකි­යාව කුස­ල­තාව, විශේ­ෂ­ඥ­භා­වය වර්ධ­නය කර­ගත යුතු බව ද පැව­සීය.

පෑනක්, කැම­රා­වක් අතේ තිබූ පම­ණින්ම යමක් ලියන්න කියන්න පුළු­වන් වූ පම­ණින්ම ජන­මා­ධ්‍ය­වේ­දි­යෙක් ද යන ප්‍රශ්නය තමන් තුළ පව­තින බවත්, ජන­මා­ධ්‍ය­වේ­දි­යා­ගෙන් තමන් ඊට වඩා දෙයක් බලා­පො­රොත්තු වන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

රජය කර­ව­න්නන් වුවත්, රාජ්‍ය නිල­ධා­රීන් වුවත්, අනෙ­කුත් ක්ෂේත්‍ර­වල වුවත්, වග­කීම් දරන අය ජන­තා­වගේ පැත්තේ සිට නිවැ­රැ­දිව කට­යුතු කර­නවා ද සහ ඒ මොහොතේ ගනු ලබන තීන්දු කොත­රම් දුරට අනා­ග­තය වෙනු­වෙන් වැඩ­දායි ද, ඵල­දායී ද සහ සුබ­දායී ද යන්න පිළි­බ­දව මඟ පෙන්වී­මක්, යෝජනා කිරී­මක්, ප්‍රශ්න කිරී­මක් මාධ්‍ය­වේ­දි­යා­ගෙන් සමා­ජය බලා­පො­රොත්තු වන්නේ යැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

විදේශ රට­වල පිළි­ගත් පුහුණු පාඨ­මාලා, උපාධි සහ අත්දැ­කීම් හුව­මාරු කර­ගන්නා වැඩ­ස­ට­හන් සඳහා මෙරට ජන­මා­ධ්‍ය­වේ­දීන් සහ­භාගි කර­වී­මට තමන් විදේ­ශීය රාජ්‍ය තාන්ත්‍රික නිල­ධා­රීන් සමඟ සාකච්ජා කරන බවත්, ඒ සඳහා අව­ස්ථාව නුදු­රේ­දීම මෙරට මාධ්‍ය­වේ­දීන්ට ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමැ­ති­ව­රයා කීය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන් වන දීපා ලිය­නගේ, එන්.ඒ.කේ.එල්. විජේ­නා­යක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් හර්ෂ බණ්ඩාර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභා­පති මහා­චාර්ය උදිත ගයා­ශාන් මහත්ම මහ­ත්මීන් ද, ජන­මා­ධ්‍ය­වේ­දීන්, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.