ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා වන සෞඛ්‍ය රක්ෂ­ණා­ව­ර­ණය ද මෙවර අය-වැයෙන් ලබා­ දී­මට උත්සාහ ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජේ­මුණි මහතා පැව­සීය.

මෙහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“වයස අවු­රුදු තිස්ප­හට වැඩි සෑම පුර­වැ­සි­ය­කු­ටම තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර­ගැ­නීම සඳහා වූ විශේෂ සෞඛ්‍ය පැකේ­ජ­යක් දීමට පිය­වර ගන්නවා. ප්‍රති­කාර කර සුව­කර ගැනී­මට හැකි රෝගා­බාධ තිබු­ණත් ඒ පිළි­බ­ඳව නොදැ­නු­ම්ව­ත්කම නිසා බොහෝ පිරි­ස­කට රෝහ­ල්ග­ත­වී­මට සිදුව තිබෙ­නවා. එම රෝග තත්ත්ව­යන් කලින් හඳුනා ගැනී­මට මේ සෞඛ්‍ය පැකේ­ජය උදව් වෙනවා.

මෙයින් ප්‍රති­කාර වෙනු­වෙන් රජ­යට දැරී­මට සිදුව තිබෙන විශාල වැය බරක් අවම කර­ගැ­නී­මට හැකි වෙනවා. මෙවර අය-වැයෙන් මේ සෞඛ්‍ය පැකේ­ජ­යට ප්‍රති­පා­දන වෙන්කර ගැනී­මට හැකි­වනු ඇති බවට විශ්වාස කර­නවා. රෝහල් කරා පැමි­ණෙන සියලු රෝගීන් සුව­පත් කිරීම රජයේ වග­කීම ලෙස සලකා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටි­නවා.”