ජන­තා­වට ගුණා­ත්මක සෞඛ්‍ය සේවා­වක් ලබා­දී­මට වත්මන් රජය ක්‍රියා­ත්මක කරන වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කර­ලීම සඳහා ඉන්දු­නී­සි­යානු රජයේ සහාය නිර­න්ත­ර­යෙන්ම ලබා­දෙන බව මෙරට ඉන්දු­නී­සි­යානු තානා­ප­තිනි දෙවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහ­ත්මිය පැවැ­සු­වාය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්න­තිය වෙනු­වෙන් ක්‍රියා­ත්මක රජයේ ඉදිරි වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව මෙරට ඉන්දු­නී­සි­යානු තානා­ප­ති­නිය සිය ප්‍රසා­දය ද මෙහිදී පළ කළාය.

මෙරට ඉන්දු­නී­සි­යානු තානා­ප­තිනි දෙවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහ­ත්මිය සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා අතර විශේෂ හමු­වක් පෙරේදා (01) පස්ව­රුවේ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ දී පැවැති අතර එහිදී ඇය මේ බව කියා සිටි­යාය.

ඉන්දු­නී­සි­යාවේ නිෂ්පා­ද­නය කරන ඖෂධ මෙරට වෙළෙ­ඳ­පොළ වෙත ලබා­දී­මත්, රජ­යන් – රජ­යන් අතර ඖෂධ ලබා­ගැ­නීම වෙනු­වෙන් මෙරට ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳ­වත් තානා­ප­ති­නිය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් කරුණු විමසා සිටි­යාය. මෙරට ඖෂධ නිෂ්පා­දන වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරී­මට රජය ගෙන­යන වැඩ­පි­ළි­වෙළ, රජ­යන්, රජ­යන් අතර ඖෂධ ලබා­ගැ­නීමේ ක්‍රම­වේ­දය මෙන්ම ඉන්දු­නී­සි­යාවේ නිෂ්පා­ද­නය කරන ඖෂධ මෙරට වෙළෙ­ඳ­පො­ල­වෙත ලබා­ගැ­නීම, රජය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති ප්‍රාථ­මික සෞඛ්‍ය ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන යනා­දිය පිළි­බ­ඳව ද අමා­ත්‍ය­ව­රයා මෙහිදී මෙරට ඉන්දු­නී­සි­යානු තානා­ප­තිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහ­ත්මිය දැනු­වත් කරන ලදි.

එමෙන්ම අමා­ත්‍ය­ව­රයා සංස්කෘ­තික, දේශ­පා­ල­නික හා ආර්ථික වශ­යෙන් ශ්‍රී ලංකා­වත් ඉන්දු­නී­සි­යා­වත් අතර ඇති රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වන් තවත් ශක්ති­මත් කර­ගැ­නීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව හා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියා­ත්මක කෙරෙන සංව­ර්ධන වැඩ­ස­ට­හන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සවි­බල ගැන්වීමේ ව්‍යාපෘති පිළි­බ­ඳව ද තානා­ප­ති­ව­රිය දැනු­ම්වත් කිරී­මට මෙහිදී කට­යුතු කළේය.

මෙම හමුව සඳහා සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මෙරට ඉන්දු­නී­සි­යානු තානා­පති කාර්යා­ලයේ තෙවන ලේකම් ශීලා අනන්තා උලී (Sheila Ananta Ully) මහත්ම මහ­ත්මී­හුද එක්ව සිටි­යහ.