ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරු 4.00 ට සිදු කෙරේ. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරීමට යෝජිත මෙම නවීන ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 14.70ක් වැය කිරීමට අපේක්ෂිතය.
වත්මන් ගොඩනැඟිල්ල 1970 වර්ෂයේ ස්ථාපනය කර ඇත. එම ගොඩනැඟිල්ලේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, මෙන්ම පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් නව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලක් ගෙල්වෙල ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
වත්මන් රජය මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තමේන්තුවේ නව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර තිබේ. නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීමෙන් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.



