ප්‍රජා­වගේ දෛනික අව­ශ්‍යතා සපි­රෙන සහ ජීව­ත්වෙන වට­පි­ටාව සුර­ක්ෂිත කෙරෙන පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ අර­මු­ණෙන් ක්‍රියා­ත්මක ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය අදින් (15) ඇරඹේ.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ ප්‍රති­පත්ති ප්‍රකා­රව වසර නව­ය­කට පසු මෙසේ පළාත් පාලන සති­යක් ක්‍රියා­වට නැංවේ.

මෙහි සමා­ර­ම්භක ජාතික උත්ස­වය රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, ආචාර්ය චන්දන අබ­ය­රත්න, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති රුවන් සෙන­රත් මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් සමස්ත පළාත් පාලන ආය­තන 341 අත­රින් අඩුම ආදා­ය­මක් සහිත පළාත් පාලන ආය­ත­නය වන බදුල්ල දිස්ත්‍රි­ක්කයේ මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභා­වට අයත් සති­පොළ පරි­ශ්‍ර­යේදී අද (15) පැවැත්වේ.

ජංගම සේවා දිනය, පරි­සර සහ රුක් රෝපණ දිනය, සෞඛ්‍ය සහ සනී­පා­ර­ක්ෂක දිනය, ආදා­යම් ප්‍රව­ර්ධන දිනය, සාහිත්‍ය අධ්‍යා­පන සහ පුස්ත­කාල ප්‍රව­ර්ධන දිනය, මහ­ජන උප­යෝ­ගීතා සහ ක්‍රීඩා දිනය වශ­යෙන් ලබන 21 වැනිදා දක්වා මේ සතියේ වැඩ­ස­ට­හන් සකස් වී තිබේ.

ජනා­ධි­පති කාර්යා­ලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන, සෞඛ්‍ය, ආර­ක්ෂක, නාග­රික සංව­ර්ධන ඉදි­කි­රීම් සහ නිවාස, පරි­සර යන අමා­ත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලී­සිය, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, මහ­වැලි අධි­කා­රිය, නාග­රික ජනා­වාස සංව­ර්ධන අධි­කා­රිය, වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, සහා­ධි­පත්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රිය, සමු­ද්‍රිය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය, ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව, භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය, ජාතික ප්‍රජා ජල සැප­යුම් දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රාජ්‍ය ආය­තන රැසක් මේ සඳහා සහ­යෝ­ගය දක්වයි.

ඊට අම­ත­රව එම ආය­තන මට්ට­මින් ද පළාත් පාලන සති­යට සම­ගා­මීව වැඩ­ස­ට­හන් විශාල ප්‍රමා­ණ­යක් සැල­සුම් කොට ඇතැයි රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය පව­සයි.