රුපියල් මිලියන 9000 ක පමණ පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නවීන හෘද රෝග ඒකකයේ ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කර වසර 02 ක් තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ පැවැති වැඩසටහනකට සහ රෝහල් පාලන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිණි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජාතික වශයෙන් රටේ ආර්ථික, සමාජීය සංස්කෘතික අංශයන්ගෙන් වැදගත් ප්‍රදේශයක් බැවින් රෝහල සංවර්ධනය කිරීම ඇතුළු සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සහ නැගෙනහිර පළාතේ ජනතාවට පමණක් නොව දේශීය විදේශීය සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව ද අවධානය යොමු කරමින් සිදු කරන බවයි.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1074 ක මුදලක් වෙන් කරමින් ලබන වසරේ අංග සම්පූර්ණ හදසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් රෝහලට ලබාදෙන බව ද පැවසී ය.
ජපන් රජයේ සහන ණය ක්‍රමවේදයක් යටතේ අනුරාධපුර, කුරුණෑගල, නුවර, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල්වලට අති නවීන පහසුකම් සහිත හෘද රෝග ඒකක ලබාදීමේ ව්‍යාපෘතිය නැවැත ආරම්භ කරමින් රුපියල් මිලියන 9000 ක පමණ පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නවීන හෘද රෝග ඒකකයේ ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කර වසර 02 ක් තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත්, අප ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයන් සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලයේ දී මෙරට පළමු ජාතික හෘද රෝහල් ඒකකය කොළඹ දී ඉදිකර අවසන් කරන බව ද වැඩිදුරටත් පැවසී ය.
එම සාකච්ඡාවේ දී රොහල් කාර්ය සාධනය, ප්‍රවණතා, සායනික සේවා කාර්ය සාධනය, රෝග විනිශ්චය සේවා කාර්ය සාධනය, වකුගඩු රෝග සායන කාර්ය සාධනය, රෝහලේ ක්‍රියාත්මක ව්‍යාපෘති, මානව සම්පත් සහ භෞතික සම්පත් අවශ්‍යතාාවයන් පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කරන ලද අතර, කඩිනම් විසදුම් ලබාදිය හැකි ගැටළු සඳහා විසදුම් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පියවර ගන්නා ලදි.
අනතුරුව රෝහලේ දැනට ක්‍රියාත්මක හෘද රෝග ඒකකය ඇතුළු එක් එක් අංශ නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන ලදි.



