කලවංචිකුඩිය තැපැල් කාර්යාල නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරේ.
රුපියල් මිලියන 29.5ක වියදමින් නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩිය තැපැල් කාර්යාල නව ගොඩනැඟිල්ල ඉදිකිරීම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය කොලනිය උප තැපැල් කාර්යාල නව ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම මේ මස (20) වැනිදා පෙරවරුවේ සිදු කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 4.23කි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක්කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉහත ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර 2016 වර්ෂයෙන් පසු නව තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා පැවති රජයන් කටයුතු කර නොමැති අතර වත්මන් රජය බලයට පත්වී මුල්ගල තබන 05 වැනි සහ 06 වැනි තැපැල් කාර්යාල ගොඩනැඟිලි මෙය වේ.
මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තමේන්තුවේ නව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වත්මන් රජය වෙන්කර ඇත. තැපැල් කාර්යාල ගොඩනැඟිලි 20ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීමෙන් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.



