රට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට ගෙන යෑමට නම්, සියලු ක්ෂේත්‍ර­වල කාර්ය­ක්ෂ­ම­තාව සහ විනි­වි­ද­භා­වය තහ­වුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමා­ජීය වශ­යෙන් නව තල­ය­කට ඔසවා තැබෙන වැඩ­පි­ළි­වෙ­ළක් බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් ශ්‍රී ලංකා­වට දියුණු රාජ්‍ය­යන් සමඟ සමා­න්ත­රව ගමන් කළ හැකි බව ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා එම අද­හස් ප්‍රකාශ කළේ, ජාතික සයි­බර් ආර­ක්ෂණ මූලෝ­පාය (2025- 2029) හඳු­න්වා­දීම සහ ජාතික සයි­බර් ආර­ක්ෂණ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නය (NCSOC) විවෘත කිරීමේ අව­ස්ථා­වට පසු­ගි­යදා (19) කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් පද්ධ­තියේ ආර­ක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකි­යාව වැඩි­දි­යුණු කිරීම, සයි­බර් සහ අව­දා­නම් සඳහා පූර්ව අන­තුරු ඇඟ­වීම සහ වේග­වත් ප්‍රති­චාර සැප­යීම, ආර­ක්ෂිත ඩිජි­ටල් මෙහෙ­යුම් පව­ත්වා­ගෙන යෑම සඳහා රාජ්‍ය ආය­තන සහ පෞද්ග­ලික අංශ­යට සහාය වීම සහ දැනු­ම්වත් කිරීම මෙම මධ්‍ය­ස්ථා­නය මඟින් සිදු කරනු ඇත. මෙහෙ­යුම් අඛ­ණ්ඩ­තාව, වේග­වත් ප්‍රති­චාර, අඩු පිරි­වැය, අනු­කූ­ල­තාව සහ විශ්වා­සය මෙහි ප්‍රති­ලාභ වේ.