මෙරට මාධ්‍ය සමා­ජයේ ගුණා­ත්ම­ක­භා­වය සහ ප්‍රමි­තිය ඉහළ නැංවී­මට නිපු­ණ­තා­වෙන් යුත් පිරි­පුන් විද්වත් මාධ්‍ය වෘත්ති­ක­යන් පිරි­සක් බිහි­කි­රීමේ අර­මු­ණින් පිහි­ටු­වී­මට යෝජිත ශ්‍රී ලංකා වර­ලත් මාධ්‍ය වෘත්ති­ක­යන්ගේ ආය­ත­නයේ මධ්‍ය­ස්ථාන කොළඹ, කොත්මලේ සහ සීගි­රිය ප්‍රදේ­ශ­වල පිහි­ටු­වී­මට පිය­වර ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේ­මුණි මහතා පව­සයි.

ඊට සම­ගා­මීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආය­ත­නය සහ කොත්මලේ මාධ්‍ය ඇක­ඩ­මිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආය­ත­න­වල පව­ත්වා­ගෙන යන පුහුණු ආය­තන නවී­න­ත්ව­යට අදාළ වන අයු­රින් මානව සහ භෞතික සම්ප­ත්ව­ලින් සම­න්වි­තව වැඩි­දි­යුණු කරන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පව­සයි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳු­රට සේව­යට අනු­බද්ධ කොත්මලේ මාධ්‍ය ඇක­ඩ­මියේ පනහ සහ පනස් එක්වැනි පාඨ­මාලා කණ්ඩා­ය­ම්වල පුහු­ණුව ලැබූ සිසු,සිසු­වි­යන්ට සහ­ති­ක­පත් පිරි­නැ­මීමේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වෙ­මිනි. සහ­තික පිරි­නැ­මීමේ උත්ස­වය පසු­ගි­යදා (18) ගම්පොළ, මාව­තුර, රිව­ස­යිඩ්හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳු­රට සේව­යට අනු­බද්ධ කොත්මලේ මාධ්‍ය ඇක­ඩ­මි­යේදී පැවැ­ත්විණි.

මාධ්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වට ද එක් වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා, එම ඇක­ඩ­මිය කේන්ද්‍ර කර මාධ්‍ය ගම්මා­න­යක් ස්ථාපිත කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බවත්, මාධ්‍ය පුහුණු ආය­ත­න­වල ගුණා­ත්ම­ක­භා­වය වැඩි­දි­යුණු කිරී­මට ජාතික මට්ට­මින් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතු බවත් අව­ධා­ර­ණය කළේය.මාධ්‍ය ක්ෂේත්‍රයේ, නියැ­ළෙන ඇතැම් අයගේ වෘත්ති­ම­ය­භා­වය සඳහා පාදක වන අධ්‍යා­පන සුදු­සු­කම්, පළ­පු­රුද්ද සහ ආචාර ධර්ම වැනි අංග සපුරා නැති­ක­මින් තොර­තුරු වාර්තා කිරීමේ සාක්ෂ­ර­තාව පිළි­බඳ ගැටලු මතු වී ඇති බවත් කියා සිටි­යේය.

ජන­මා­ධ්‍යයේ වග­කීම ප්‍රජාව හා බැඳී පව­තින බැවින්, එම කාර්යය නිසි ලෙස ඉටු කළ­යුතු බවත් සමා­ජ­යට නියම තොර­තුරු සැප­යීම ස්වයං ශික්‍ෂ­ණ­ය­කින් කළ­යුතු බවත්, ජන­මා­ධ්‍ය­වේ­දි­යාගේ වග­කීම සහ වග­වීම නිසි ලෙස ඉටු කිරී­මට මනා පුහු­ණු­වක් අවශ්‍ය බවත් පිහි­ටු­වී­මට යෝජිත ශ්‍රී ලංකා වර­ලත් මාධ්‍ය වෘත්තී­ක­යන්ගේ ආය­ත­නය එයට මනා පිටි­ව­හ­ලක් වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.ජන­මා­ධ්‍ය­වේ­දියා රටක සිවු­වැනි බල­ක­ණුව විය යුත්තේ ගෞර­ව­නීය පැවැ­ත්මක් සකසා ගැනී­මෙන් පසුව බව ද පැව­සීය. පාඨ­මා­ලා­වල පුහු­ණුව ලැබූ සිසු දරුවෝ ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳු­රට සේවයේ සහ­කාර අධ්‍යක්ෂ මංජුල වීර­සිංහ, හිටපු සහ­කාර අධ්‍යක්ෂ සමන් ජය­රත්න, පාඨ­මාලා සම්බ­න්ධී­කා­රක කපිල කුමාර අර­ත්තන සහ ජ්‍යෙෂ්ඨ වැඩ­ස­ට­හන් නිෂ්පා­දක එම්. ඉස්වාන් මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට එක්වූහ.