අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යට ගොස් සිටින ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමු­වක් එක්සත් ජාතීන්ගේ මහ­ලේ­කම් කාර්යා­ල­යේදී එරට වේලා­වෙන් පෙරේදා (23) පස්ව­රුවේ පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව මානව හිමි­කම් සම්බ­න්ධ­යෙන් පසු­ගිය වසර තුළ අත්කරගෙන ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව කරුණු එහිදී සාකච්ඡා කරන ලද බව ජනා­ධි­පති මාධ්‍ය අංශය සඳ­හන් කළේය.එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රි­ස්ව­රයා විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාව උණු­සුම් ලෙස පිළි­ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ 80 වැනි සැසි­වා­ර­යට සහ­භාගි වීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා අමෙ­රි­කා­වට ගොස් සිටින අතර එම හමුව සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත, හිටපු අග­වි­නි­සුරු ජනා­ධි­පති නීතිඥ ජයන්ත ජය­සූ­රිය මහ­ත්වරු ද එක්ව සිටි­යහ.