ජාතික රූපවාහිනී සංස්ථාවේ මැදිහත්වීම මත සිදුකරන දේශගුණය සහ ආපදා වැළැක්වීම පිළිබඳ ABU මාධ්‍ය සමුළුව – 2025 නොවැම්බර් මස 25 හා 26 කොළඹ දී පැවැත්වීමට නියමිතය.
දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළැක්වීමේ ABU මාධ්‍ය සමුළුව පිළිබඳ මාධ්‍ය හමුව ගල්කිස්ස මහ හෝටලයේදී ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැත්විණි. කාලගුණ විපර්යාස සහ ආපදා කළමනාකරණය පිළිබඳ මධ්‍යවේදීන් දැනුම්වත් කිරීම පිළිබඳ ආසියානු ෆැසිපික් කලාපීය සමුළුව 9 වැනි වරට පවත්වයි.
දේශගුණික විපර්යාස ක්‍රියාමාර්ග සහ ආපදා අවදානම් අවම කිරීම (DRR) සඳහා ගෝලීය උත්සාහය පිළිබඳ මාධ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා වන අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් අතර අන්තර් ක්‍රියා දිරිමත් කිරීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියා – පැසිෆික් විකාශන සංගමය (ABU) දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළැක්වීමේ (CADP) සමුළුව ස්ථාපිත කර ඇත.
මේ සමුළුව NHK- ජපානය, CMG- චීනය, RTM- මැලේසියාව, TRT- තුර්කිය, ABC- ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් 35කට අධික සංඛ්‍යාවක ප්රමුඛ මාධ්‍ය සංවිධාන, ආපදා කළමනාකරණ ආයතන,ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්වනු ඇත.
දේශගුණික විපර්යාස සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මේ සමුළුවේදී අවධානය යොමු කෙරේ.
සමුළු ලාංඡනය, වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වීම ද මෙහිදී සිදු විය.
දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළැක්වීමේදී මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳව මේ සමුළුව අවධානය යොමු කරන අතර මාධ්‍ය වෘත්තිකයන්ට සහ විශේෂඥයන්ට, විශේෂයෙන් ආසියා-ශාන්තිකර කලාපයේ දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳව දැනුම්වත් කිරීම සිදුකෙරේ. ආපදා සූදානම සහ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා මාධ්‍යයේ වැදගත් කාර්යභාරය ඉස්මතු කිරීම මෙහි අරමුණයි. සහභාගි වන්නන්ට අනෙකුත් වෘත්තිකයන් සමඟ ජාලගත වීමට සහ දේශගුණික සන්නිවේදනයේ නවතම ප්රවණතා සහ හොඳම භාවිතයන් පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. මේ සමුළුව අතරතුර ප්‍රකාශයට පත් කෙරෙන ABU මාධ්‍ය සම්මාන උලෙළ, ග්‍රහලෝකය,ජනතාව සහ සාමය යන තේමා යටතේ සිදු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 70කට අධික ප්‍රමාණයක් මේ සමුළුවට සහභාගි වන අතර ආපදා කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මේ සමුළුවට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ එක් ප්‍රවේශයක් ලෙස මේ සමුළුව භාවිත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් කෙරේ. ජාතික රූපවාහිනියේ සභාපති ගිහාන් ද සිල්වා මහතා ඇතුළු රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



