දෙපා­ර්ශ්වය අතර සංව­ර්ධන සහාය තව­දු­ර­ටත් පිළි­බිඹු කර­මින් කිරි නිෂ්පා­දන අංශයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීමේ ව්‍යාපෘ­තිය සහ නිල ආර­ක්ෂක ආධාර ලබා දීමේ වැඩ­ස­ට­හන පිළි­බඳ හුව­මාරු පත්‍ර අත්සන් තැබීම සිදු කළ අයුරු.”

ඉන්දි­යානු සාග­ර කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාව­ර­ත්වය සහ සංව­ර්ධ­නය ඉතා තීර­ණා­ත්මක බව ජපාන අග­මැති ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා පැව­සීය.

ජපාන රජයේ ආරා­ධ­න­ය­කට අනුව ජපා­නයේ නිල සංචා­ර­යක නිරත ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පිළි­ගැ­නීමේ නිල උත්ස­වය ජපාන අග­මැති කාර්යාල පරි­ශ්‍ර­යේදී ඊයේ (29) පෙර­ව­රුවේ පැවැත්වූ අතර එහි පැවැති ඒකා­බද්ධ මාධ්‍ය හමුව අම­ත­මින් ජපාන අග­මැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට ජපන් රජය ලබා දුන් දාය­ක­ත්වය වෙනු­වෙන් මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ස්තුතිය පුද කළේය.

සංව­ර්ධ­නය සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් ජපා­නය සමඟ එක්ව කට­යුතු කිරී­මට කැප­වන බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

ජපාන අග­මැති කාර්යා­ලය වෙත පැමිණි ජනා­ධි­ප­ති­ව­ර­යාව ජපාන අග්‍ර­මාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හර­ස­රින් යුතුව පිළි­ගනු ලැබීය. ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ජපාන ස්වයං ආර­ක්ෂක බළ­කායේ උත්ත­මා­චා­රද එහිදී පිළි­ගැ­න්විණි. එම පෙළ­පා­ළිය නිරී­ක්ෂ­ණය සඳ­හාද ජනා­ධි­ප­ති­ව­රයා එක් විය.

දෙරටේ නියෝ­ජිත පිරිස හඳුන්වා දීමෙන් අන­තු­රුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජපාන අග්‍ර­මාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා අතර නිල සාකච්ඡා ආරම්භ විය.

ජපා­නය සහ ශ්‍රී ලංකාව අතර පව­තීන දීර්ඝ­කා­ලීන සමීප මිත්‍ර­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කර ගනි­මින්, දෙරට අතර වෙළෙඳ, ආයෝ­ජන, ආර්ථික, සංව­ර්ධන ආධාර සහ කලා­පීය ආර­ක්ෂාව ආදී කරුණු ආව­ර­ණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍ර­යන්හි සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් පුළුල් කර ගැනීම පිළි­බ­ඳව එහිදී අව­ධා­නය යොමු කෙරිණි.

දෙපා­ර්ශ්වය අතර සංව­ර්ධන සහාය (Official Development Assistance) තව­දු­ර­ටත් පිළි­බිඹු කර­මින් කිරි නිෂ්පා­දන අංශයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීමේ ව්‍යාපෘ­තිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආර­ක්ෂක ආධාර ලබා දීමේ වැඩ­ස­ට­හන (Official Security Assistance- OSA) පිළි­බඳ හුව­මාරු පත්‍ර අත්සන් තැබී­මද එහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ජපා­නය අතර පව­තින දිගු­කා­ලීන මිත්‍ර­ත්වය, අන්‍යෝන්‍ය විශ්වා­සය, ගෞර­වය ශක්ති­මත් පුද්ගල සබ­ඳතා මත පද­නම් වී තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජපාන අග්‍රා­මා­ත්‍ය­ව­රයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබ­ඳ­තා­වල වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා කීය. එම එක­ඟ­තා­වල සැබෑ ප්‍රති­ලාභ අත්කර ගනි­මින් සංව­ර්ධ­නය සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් යන ගම­නේදී ජපා­නය සමඟ එක්ව කට­යුතු කිරී­මට ශ්‍රී ලංකාව කැප­වන බවත් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී අව­ධා­ර­ණය කළේය.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසු­ගිය ආර්ථික අර්බු­දය හමුවේ අත­ර­මඟ නැව­තුණු සංව­ර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කර­මින් එහි ප්‍රති­ලාභ ජන­තා­වට ලබා දීම වෙනු­වෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට ලබා දුන් දාය­ක­ත්වය වෙනු­වෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී කට­යුතු කළේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජපාන අග්‍රා­මාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාක­ච්ඡා­ව­ලින් පසු දෙපා­ර්ශ්වය විසින් ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි (Joint Statement).

මින් අන­තු­රුව ජපාන අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරි­න­මන ලද භෝජන සංග්‍ර­හ­ය­ටද ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරිස සහ­භාගි වූහ.

මෙම අව­ස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනිෆ් යුසූෆ්, ජපා­නයේ ශ්‍රී ලංකා තානා­පති මහා­චාර්ය පිවි­තුරු ජනක් කුමා­ර­සිංහ, ඩිජි­ටල් ආර්ථි­කය පිළි­බඳ ජනා­ධි­පති ප්‍රධාන උප­දේ­ශක ආචාර්ය හාන්ස් විජ­ය­සූ­රිය, ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව මහ­ත්වරු සහ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වූ අතර, ජපාන රජය නියෝ­ජ­නය කර­මින් ඉහළ පෙළේ දූත පිරි­සක් එක් වූහ.