උතුර – දකුණ මාධ්‍ය බැඳීම ශක්ති­මත් කර­මින් යාප­නය ලේක්හ­වුස් කාර්යා­ලය ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති, ආචාර්ය හිනි­ඳුම සුනිල් සෙනෙවි මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (18) විවෘත කෙරිණි.

මේ අව­ස්ථා­වට යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන කේ. ඉලං­කු­මා­රන්, එස්. ශ්‍රී බවා­න­න්ද­රාජා, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ආන්නද සංගරී, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­පති සාහි­ත්‍ය­වේදී කීර්ති වැලි­ස­රගේ, රාජ්‍ය සාහිත්‍ය අනු­ම­ණ්ඩ­ලයේ සභා­පති සම්මා­න­නීය ලේඛක කමල් පෙරේරා සහ ලේක්හ­වුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සිසිර යාපා, තින­ක­රන් පුව­ත්පතේ ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේල­වර් මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

අංක 06, සිර­ම්පි­යාඩි පටු­මඟ, පිටත ස්ටැන්ලි පාර, යාප­නය ලිපි­නයේ එම ශාඛා කාර්යා­ලය උදෑ­සන 7.45ට විවෘ­තව තැබේ.

සීමා­ස­හිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගම මෙරට පැර­ණි­තම සහ විශා­ල­තම පුව­ත්පත් ප්‍රකා­ශන ආය­ත­නය ලෙසින් සැල­කෙන අතර, දැනට ලේක්හ­වුස් ශාඛා කාර්යාල තුනක් නුවර, මාතර සහ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­වල පිහිටා ඇත.

ලේක්හ­වුස්හි යාප­නය ශාඛා කාර්යා­ල­යෙන් උතුරු දකුණු බැඳීම් ශක්ති­මත් කිරී­මට දාය­ක­ත්ව­යක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.