‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

මහජනතාව අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් මෙය යෝජනා කර සිටියේය.

මෙම වැඩසටහන මගින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන බවත් රු මිලියන 300ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර ඇති අතර, අදාළ දින තුන තුළ දී එම මුදල උපයා ගැනීමට අපේක්ෂිත බව ද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.