සයිබර් ආරක්ෂාව සඳහා වූ ගෝලීය සහයෝගිතාව සහතික කරමින් එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනොයි නගරයේ දී අත්සන් තබයි.
මෑතක දී ගනු ලැබූ අමාත්ය මණ්ඩල තීරණයකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, 2025 ඔක්තෝබර් 25 දින වියට්නාමයේ හැනොයි නගරයේදී, එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට (United Nations Convention Against Cybercrime – UNCC) අත්සන් තබමින් සයිබර් අපරාධවලට එරෙහි ගෝලීය ප්රජාව සමඟ ශ්රී ලංකාව නිල වශයෙන් එක් විය.
මෙම සම්මුතිය ‘සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති භාවිතයෙන් සිදු කරන ලද ඇතැම් අපරාධ මැඩපැවැත්වීම සහ බරපතල අපරාධවල ඉලෙක්ට්රොනික සාක්ෂි හුවමාරු කර ගැනීම සඳහා ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම’ ලෙස නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වන ලදී. මෙහි දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 72ක් සහ යුරෝපා සංගමය මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, එය සැමට වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රථම සම්මුතිය වේ. තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UN Office on Drugs & Crimes – UNODC) විධායක අධ්යක්ෂිකා ගාඩා ෆාති වාලි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 111 ක් නියෝජනය කරමින් අමාත්යවරුන්, නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා ශ්රී ලංකා රජයේ දූත කණ්ඩායමේ ප්රධානී ලෙස මෙම සම්මුතියට අත්සන් තැබීය. තවද, මෙම සමුළුවට වියට්නාමයේ ශ්රී ලංකා තානාපති පෝෂිත පෙරේරා, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන සහ වියට්නාමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්ය කෙත්මා යාපා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්රී ලංකාව සහ මාලදිවයින මෙම සම්මුතියට සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රටවල් වේ.
දින දෙකක් පුරා පැවති මෙම එක්සත් ජාතීන්ගේ සමුළුවට, සමගාමීව තවත් වැඩසටහන් කීපයක් සහ ප්‍රදර්ශනයක් වියට්නාම් රජය සහ UNODC ඇතුළු අනෙකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මගින් සංවිධානය කර තිබිණි.
ඔක්තෝබර් 26 වන දින පැවති මෙම සමුළුවේ පූර්ණ සැසිවාරය අමතමින්, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 2029) සමඟ සමපාත වන දේශීය මට්ටමේ යාන්ත්‍රණයක් හරහා මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය ප්රජාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව අවධාරණය කළේ ය. 2015 දී සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියේ පාර්ශවයක් බවට ශ්‍රී ලංකාව පත්වීමෙන් පසු පැවති ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වීම මගින් ගෝලීය සයිබර් ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඔහු තවදුරටත් පැවසුවේ මෙම සම්මුතිය මගින් ඇති කර ගන්නා ගෝලීය සම්බන්ධතා මගින් සයිබර් අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පදනම සැකසෙනු ඇති බවයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින් අධිකරණ, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව, ආරක්ෂක සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් ඇතිකර ගන්නා යාන්ත්‍රණයක් මාස තුනක් ඇතුළත පිහිටුවනු ලබන අතර, ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපර අනුමත කිරීම (Ratification) සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. මීට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික සූදානම පිළිබඳ ඇගයීමක් ද ධාරිතා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීමක් ද සිදු කරනු ඇත. පසුගිය වසර පහ පුරා පැවති සාකච්ඡා මාලාවකින් පසුව, 2024 දෙසැම්බර් මාසයේ පැවති 55 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එහි අංක 79/243 දරන යෝජනාව මගින් ඒකමතිකව සම්මත කරන ලද මෙම සන්ධිස්ථානීය එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නම් කර ඇත.
ශ්‍රී ලංකාව විසින් සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම, ගෝලීය සහ ජාතික සයිබර් ආරක්ෂණ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනු ඇත. මෙම සන්ධිස්ථානය, ජාත්‍යන්තර සහයෝගීතාව, ඩිජිටල් විශ්වාසය සහ සුරක්ෂිත සයිබර් අවකාශයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරයි.
සයිබර් ආරක්ෂාව සඳහා වූ ගෝලීය සහයෝගිතාව සහතික කරමින් එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනොයි නගරයේ දී අත්සන් තබයි.
මෑතක දී ගනු ලැබූ අමාත්ය මණ්ඩල තීරණයකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ මූලිකත්වයෙන්, 2025 ඔක්තෝබර් 25 දින වියට්නාමයේ හැනොයි නගරයේදී, එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට (United Nations Convention Against Cybercrime – UNCC) අත්සන් තබමින් සයිබර් අපරාධවලට එරෙහි ගෝලීය ප්රජාව සමඟ ශ්රී ලංකාව නිල වශයෙන් එක් විය. මෙම සම්මුතිය ‘සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති භාවිතයෙන් සිදු කරන ලද ඇතැම් අපරාධ මැඩපැවැත්වීම සහ බරපතල අපරාධවල ඉලෙක්ට්රොනික සාක්ෂි හුවමාරු කර ගැනීම සඳහා ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම’ ලෙස නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වන ලදී. මෙහි දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 72ක් සහ යුරෝපා සංගමය මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, එය සැමට වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රථම සම්මුතිය වේ. තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UN Office on Drugs & Crimes – UNODC) විධායක අධ්යක්ෂිකා ගාඩා ෆාති වාලි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 111 ක් නියෝජනය කරමින් අමාත්යවරුන්, නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා ශ්රී ලංකා රජයේ දූත කණ්ඩායමේ ප්රධානී ලෙස මෙම සම්මුතියට අත්සන් තැබීය. තවද, මෙම සමුළුවට වියට්නාමයේ ශ්රී ලංකා තානාපති ගරු පෝෂිත පෙරේරා, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන සහ වියට්නාමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්ය කෙත්මා යාපා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්රී ලංකාව සහ මාලදිවයින මෙම සම්මුතියට සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රටවල් වේ.