ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයන් ඇගයීමටත්, ජයග්‍රහණ සහ නවෝත්පාදන ඇගයීමටත් “ Automobile Industry Awards 2025” නමින් ජාත්‍යන්තර මෝටර් රථ කර්මාන්ත උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවැත්විණි.
ලේක්හවුස් ආයතනය මෙම උළෙල සඳහා නිල මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ක්‍රියා කරනු ලැබේ.
අධ්‍යාපන අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය යන අමාත්‍යංශ ත්‍රිත්වයේ මග පෙන්වීම සහ සහයෝගීතාවය යටතේ ඔටෝමොබයිල් කර්මාන්ත කවුන්සිලය විසින් ප්‍රථම වතාවට මෙම සම්මාන උළෙල සංවිධාන කරයි.
මෙම සම්මාන උළෙල 2026 පෙබරවාරි මස 10 වැනිදා අරලියගහ මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා දිස්ත්‍රික්ක 25 ම තුළ සිටින අයට අයදුම් කළ හැකිය.



