පසුගිය (06) වන දින සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි (Lake House) නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය එක්වූ අතර එහිදී එහි නිලධාරීන් සමග ආයතනයේ වත්මන් ප්‍රගතිය හා ඉදිරි අහියෝග පිළිබඳව මෙන් ම ආයතනයෙහි ගැටළු හා ශක්තීන් පිළිබඳව ද සාකච්ඡාවක නිරත විය. ඉදිරි අභියෝගයන් සාක්ෂාත් කර ගැනීමෙහිලා විවිධ උපාය මාර්ග පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර ලේක්හවුස් ආයතනයේ මුද්‍රණාලය, ලේඛනාගාරය හා පුස්තකාලය වෙත ද නිරීක්ෂණ චාරිකාවක යෙදීමට මෙහිදී කටයුතු කළා ය. එමෙන් ම යාපනය ප්‍රදේශයේ ආරම්භ කරන ලද නව ශාඛාව පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමෙහි ලා එහි ප්‍රධාන ප්‍රවේශයන් ලෙස සන්නිවේදනය භාවිත කිරීමේ වැදගත්කම හා උතුර සහ දකුණු අතර තිබෙන්නා වූ මාධ්‍යවේදයේ හා සන්නිවේදනයේ පරතරය පියවා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා ය.
මෙම සංචාරය අතරතුර දී "Daily News" වෙබ් අඩවිය එළිදැක්වීම ද නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලදී.








