ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය යළිත් වරක් තහවුරු කරමින්
ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේදී T20 International Senior Men Friendship Cup (2025) ශූරතාව දිනා ගනී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ "ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායමේ" ඉන්දීය තරඟ සංචාරයේ ආන්ද්‍රා ප්‍රදේශ් Great Cricket Steps Association කණ්ඩායම සමග පැවැති T20 International Senior Men Friendship Cup (2025) ක්‍රිකට් තරගාවලියේ, ශූරතාව හිමි කර ගැනීමට "ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම" සමත් විය.
ප්‍රසාද් නිරෝෂන හා ජනක ප්‍රියන්ත තරගයේ වීරයා සම්මාන ද්විත්වයක් ද දිනා ගැනීමට සමත් විය.
එමෙන් ම ප්‍රසාද් නිරෝෂන තරගාවලියේ හොඳම පිතිකරු ලෙස ද සම්මානයට පාත්‍ර විය.



