ශ්‍රී ලංකාව සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අතර ක්‍රියා­ත්මක විස්තී­රණ ණය වැඩ­ස­ට­හනේ පස්වැනි සමා­ලෝ­ච­නය එළ­ඹෙන දෙසැ­ම්බර් මස 15 දා එම අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය විසින් ඇග­යී­මට ලක්කෙරේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විස්තීර්ණ ණය පහ­සු­කම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ පස්වන සමා­ලෝ­ච­නය අව­සන් කර­මින් එම අර­මු­දලේ කාර්ය මණ්ඩ­ලය සහ ශ්‍රී ලංකා බල­ධා­රීන් ආර්ථික ප්‍රති­පත්ති පිළි­බඳ කාර්ය මණ්ඩල එක­ඟ­තා­ව­කට පැමිණ තිබෙන අතර අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය විසින් මෙම සමා­ලෝ­ච­නය අනු­මත කිරී­මෙන් පසුව ශ්‍රී ලංකා­වට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 347ක මූල්‍ය පහ­සු­ක­මක් සඳහා ප්‍රවේ­ශය හිමි­වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙර­ටට ලබාදී ඇති අර­මු­දල් වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මෙ­හිලා ශ්‍රී ලංකාව ලබා­ගෙන ඇති ප්‍රග­තිය මැන බැලීම සඳහා සිදු­කළ පස්වැනි සමා­ලෝ­ච­නය පිළි­බඳ සාකච්ඡා කර අනු­මැ­තිය ලබා­දීම සඳහා විධා­යක කමි­ටුව මෙලෙස රැස්වී­මට නිය­මිත අතර පස්වැනි සමා­ලෝ­ච­නය පිළි­බඳ ශ්‍රී ලංකාව සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, කාර්ය මණ්ඩල එක­ඟ­තා­ව­කට පසු­ගිය ඔක්තෝ­බර් මාසය මුලදී එළැ­ඹි­යේය. ඒ සඳහා පසු­ගිය සැප්තැ­ම්බර් මස 24 වැනිදා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජිත පිරි­සක් මෙර­ටට ද පැමි­ණි­යේය.