මේවන විට දිවයින පුරා උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සදහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙක දී 071 8591868 යන දුරකථන අංකය ඔස්සේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස (අධ්‍යක්ෂ/ පොලිස් නාවික කොට්ඨාසය) මහතාගේ සම්බන්ධීකරණය යටතේ සහාය ලබා ගැනීමේ හැකියාව පවතී.



