මෙරට ඉති­හා­සයේ අභි­යෝ­ගා­ත්ම­කම ගලවා ගැනීමේ මෙහෙ­යුම මේ වන­විට දියත් කර තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් ඊයේ (30) රාත්‍රියේ පැවසීය.

ආද­ර­ණීය පුර­වැ­සි­යන්ගේ නොසැ­ළෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රති­නි­ර්මා­ණය කළ හැකි බව ඒකා­න්ත­යෙන්ම විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

නියත වශ­යෙන්ම පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩ­න­ඟන බවත් මෙතැන් සිට එය පටන් ගත­යුත්තේ බිංදුවේ සිට වුවත් ඒ් අභි­යෝ­ගය බාර ගන්නා බවත් ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

රට ගොඩ­නැ­ඟීම සඳහා වන එම සාමූ­හික ප්‍රය­ත්නය ඉටු කිරී­මට පටු වාද භේද­ව­ලින් තොරව එක්වන ලෙස සියලු දෙනාට ආරා­ධනා කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සු­වේය .

ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද ප්‍රකාශ කළේය.

අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉති­හා­සයේ විශා­ල­තම සහ අභි­යෝ­ගා­ත්මක ස්වභා­වික ව්‍යස­න­යට බව අපි දන්නවා. ඒ වගේම අපි දියත් කොට ඇත්තේ මෙරට ඉති­හා­සයේ අභි­යෝ­ගා­ත්ම­කම ගලවා ගැනීමේ මෙහෙ­යුම බවත් අපි දන්නවා. මෙය ඉති­හා­සයේ එක­වර රට ම ව්‍යස­න­යට ලක් කිරීමේ පළමු අත්දැ­කීම වෙනවා. රටම සතර දිග් භාග­යෙන් යට වූ සහ ආප­දා­වට ලක් වූ තත්ත්ව­යක් තුළ මේ අති­ශය දුෂ්කර ව්‍යයා­මය ජය­ගත යුතුව තිබෙ­නවා. මේ අකා­රු­ණික ස්වභා­වික ව්‍යස­න­යට අපේ කුඩා දූප­තම සසල කළ හැකි වුවත්, මේ දූපතේ මිනි­සුන්ගේ මනු­ෂ්‍ය­ත්වය සහ අධි­ෂ්ඨා­න­ශී­ලී­ත්වය කිසි ලෙස­කින් සසල කළ නොහැකි බව නැවත නැව­තත් පසක් කොට තිබෙ­නවා.

මගේ රටේ ආද­ර­ණීය පුර­වැ­සි­යන්ගේ නොසැ­ළෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රති­නි­ර්මා­ණය කළ හැකි බව අපි ඒකා­න්ත­යෙන්ම විශ්වාස කර­නවා. මේ ව්‍යස­න­යෙන් මිය­ගිය සියලු දෙනාට නැවත ජීවි­තය ලබා දිය හැකි නම් ඕනෑම කොන්දේ­සි­ය­කට යටත්ව එය ඉටු කිරී­මට අපි දෙව­රක් කල්පනා කරන්නේ නැහැ. නමුත් අපි යථා­ර්ථයේ වේද­නා­කාරී සත්‍ය­යට මුහුණ දිය යුතුයි. අහිමි වූවන් පිළි­බඳ වේද­නාව සදා­කා­ලි­කව අප අතර පව­ති­නවා. මිය­ගිය සියලු දෙනා අපිට අංක­යක් නොවෙයි. සෑම ජීවි­ත­යක් සම­ඟම නමක්, මුහු­ණක් සහ කතා­වක් තිබෙ­නවා. මිය­ගිය සියලු දෙනාගේ පවුල් වෙනු­වෙන් හද­ව­තින්ම අපගේ සාති­ශය සංවේ­ගය පිරි­න­ම­නවා. එය සංවේ­ග­ය­කට සීමා වන්නේ නැහැ. එම පවු­ල්ව­ලට නැවත එම ජීවිත ලබා දිය නොහැකි වුවත්, සෙසු සියල්ල ලබා දීම වෙනු­වෙන් අපි කැප­වී­මෙන් කට­යුතු කර­නවා.

ඒ වගේම දැන­ට­මත් අතු­රු­දන් වූ සියලු දෙනා නිරු­ප­ද්‍රි­තව සිටි­නවා කියන ප්‍රාර්ථ­නය අප තුළ තිබෙ­නවා. ජීවිත ව්‍යස­න­යට ලක්ව ඇති බොහෝ දෙනෙක්ගේ දුක් වේදනා සම­නය කිරී­මට සහ බල­පෑ­මට ලක් වූ වින්දි­ත­යන්ට ශක්ති­යක් වීමට ඉදි­රි­යට පැමිණි සියලු දෙනාගේ දෑත් උණු­සුම්ව වැළඳ ගන්නවා.

ස්වභා­වික විපත් සහ ආපදා ඇති වීම පාල­නය කිරී­මට නොහැකි වූ විට ඇති­වන විපත් සහ හදිසි ආපදා නිසි අයු­රින් කළ­ම­නා­ක­ර­ණය කිරිම, නැවත යථා තත්ත්ව­යට හෝ පෙර තත්ත්ව­යට වඩා දියුණු තත්ත්ව­ය­කට ගොඩ­නැ­ඟීම යන ත්‍රිවිධ ක්‍රියා­ව­ලි­යේම වැද­ග­ත්කම ආණ්ඩුව සතු වෙනවා. ඒ වෙනු­වෙන් ගත­යුතු සහ ගත­හැකි ඉදිරි ක්‍රියා­මාර්ග මොන තරම් දුෂ්කර තත්ත්ව­ය­කදී වුවත් ගැනී­මට අපි බලා­පො­රොත්තු වෙනවා. මේ ව්‍යස­න­යට මුහුණ දීමේදී පහ­සු­කම් සහ මෙව­ලම් සීමිත රටක, අප සතුව ඇති අයෝ­මය මානව සම්පත සිය­ල්ල­ටම වඩා වටිනා බව නැවත නැව­තත් සාක්ෂාත් කොට තිබෙ­නවා. විප­ත­කදී හැර නොයන, සෑම විටම පිහි­ට­වන ආත්ම විශ්වා­ස­යෙන් පිරුණු අපේ රටේ පුර­වැ­සි­යන් පිළි­බ­ඳව අපි ආඩ­ම්බර වෙනවා.

අපිට ඉදි­රි­යට මුහුණ දීමට සිදු වන්නේ එදා මෙදා තුර විශා­ල­තම ප්‍රති­සං­ස්ක­රණ ප්‍රය­ත්න­යට සහ නැවත ගොඩ­නැ­ඟීමේ කාර්ය­භා­ර­යට බව අපි සිහි­පත් කළ යුතුව තිබෙ­නවා. විනා­ශයේ තරම ගැන අනු­මාන තක්සේරු එත­රම් බර­ප­ත­ළයි. එහෙත් අපේ රටේ ජන­තාව ගංව­තු­රෙන්, කුණා­ටු­වෙන් හෝ ඕනෑම ව්‍යස­න­ය­කින් පසුව අධි­ෂ්ඨා­න­ශී­ලීව නැඟී සිට තිබෙ­නවා.

අපේ පළමු කාර්ය­භා­රය වූයේ ව්‍යස­න­යට මැදී වූ අයගේ ජීවිත බේරා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය ක්ෂණික සහන සැප­යී­මයි. ඒ සඳහා අපේ සමස්ත රාජ්‍ය යන්ත්‍ර­ණ­යම ඉතා කාර්ය­ක්ෂ­මව මෙහෙ­ය­වී­මට අපි උත්සාහ කළා. විශේ­ෂ­යෙන්ම අපේ ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය ජීවිත අව­දා­නම ගැන නොතකා, ජීවිත පරි­ත්‍යා­ග­යෙන් යුතුව මෙම කාර්ය­ය­යේදී වීරෝ­ධාර ක්‍රියා­දා­ම­යක නිරත වුණා. ඔවුන් පිළි­බඳ අපි ආඩ­ම්බර විය යුතුයි. ඔවුන්ට ජාතියේ ප්‍රණා­මය පුද කළ යුතුයි.

ඒ වගේම අපේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ගේ සිට පහළ ග්‍රාම නිල­ධාරී කොට්ඨා­සයේ ග්‍රාම නිල­ධාරී දක්වා සියලු රාජ්‍ය යන්ත්‍ර­ණය යුහු­සු­ළුව මැදි­හත් වෙමින් ආප­දා­වට ලක් වූ ජන­තාව මුදා ගැනීම සඳහා විශාල කාර්ය­භා­ර­යක් ඉටු කරනු ලැබුවා. එය රාජ­කා­රි­යෙන් ඔබ්බට යන ලද මානු­ෂීය කාර්ය­යක් ලෙස තේරුම් ගනි­මින් ඒ කාර්ය­යට හෘද­යාං­ගම බැඳී­ම­කින් යුතුව ඔවුන් කට­යුතු කළා. ඔවුන්ට අපි ස්තූති­වන්ත විය යුතුයි. ඒ වගේම ව්‍යස­න­යට පත් වූ ජන­තාව මුදා ගැනීම වෙනු­වෙන් ස්වේච්ඡා­වෙන් විශාල ජන­තා­වක් මැදි­හත් වී තිබෙ­නවා. තමන් ව්‍යස­න­යට පත් නොවු­වත්, තමන්ගේ අස­ල්වැ­සියා ව්‍යස­න­යට පත් වීම, තමන්ගේ ගම්වැ­සියා ව්‍යස­න­යට පත්වීම තමන්ගේ ව්‍යස­න­යක් ලෙස සලකා පුර­වැ­සි­යන් එම ව්‍යස­න­යට පත් වූ ජන­තාව මුදා ගැනීම සඳහා විශාල මානු­ෂීය කාර්ය­භා­ර­යක් ඉටු කළා. ඉටු කර­මින් තිබෙ­නවා. ඒ පිළි­බඳ අපි මේ අව­ස්ථාවේ සිහි­පත් කළ යුතුයි.

ඒ වගේම මේ මුදා ගැනීමේ ක්‍රියා­දා­ම­යේදී අපේ අස­ල්වැසි රට­වල්, මිතුරු රට­වල් අපිට විශාල ලෙස උප­කාර සපයා තිබෙ­නවා. දැන­ට­මත් හෙලි­කො­ප්ටර් යානා ලබා දෙමින්, සහන ගලවා ගැනීමේ හමු­දා­වන් ලබා දෙමින් විදේශ රාජ්‍ය­යන් අප වෙත මිත්‍ර­ත්වයේ හස්තය දිගු කොට තිබෙ­නවා. අපේ රටේ ජන­තාව වෙනු­වෙන් අපි ඔවුන්ට බෙහෙ­වින් ස්තූති­වන්ත වෙනවා. ඒ වගේම මේ මුදා ගැනීමේ කාර්ය­භා­රයේ සැල­කිය යුතු කොට­සක් දැන් ඉටු කොට අව­සන් කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම මුදා­ගත් ජන­තාව කණ්ඩා­යම් 03ක් ලෙස ජීවත් වෙනවා. එක් කණ්ඩා­ය­මක් වන්නේ තමන්ගේ නිවස තුළම අව­තැ­න්භා­ව­යට පත්ව තිබෙ­නවා. දෙවැනි කණ්ඩා­යම වන්නේ තමන්ගේ, මිතු­රන්, ඥාතීන්ගේ නිවෙස් තුළ අව­තැ­න්භා­ව­යට පත්ව සිටින අයයි. තුන්වන කණ්ඩා­යම වන්නේ අව­තැන් මධ්‍ය­ස්ථා­න­වල සිටින පිරි­සයි.

අපේ රටේ තිබු ඇතැම් චක්‍ර­ලේඛ මේ ප්‍රජා­වන් තුන­ටම සහන සැල­සීම සඳහා බාධා ඇති කර තිබෙ­නවා. අපි ඒ සියලු චක්‍ර­ලේඛ වෙන­ස්කොට අව­තැන් වී සිටින්නේ කොතැ­නද, ඉන්නේ කොතැ­නද කියන භේද­ය­කින් තොරව සියලු දෙනා­ටම රජයේ සහන ලබා දීමට අවශ්‍ය වන වැඩ­පි­ළි­වෙළ සකස් කොට තිබෙ­නවා. ඒ වගේම අපේ ඇතැම් චක්‍ර­ලේඛ අපේ නිල­ධා­රීන්ට අවශ්‍ය ලෙස මුදල් පරි­හ­ර­ණය කිරීම සඳහා බාධා­වක් ඇතිකොට තිබුණා.

එම චක්‍ර­ලේඛ අපි වෙනස් කොට තිබෙ­නවා. ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­ය­කුට ලක්ෂ 500 දක්වා මුද­ලක් විය­දම් කිරීම සඳහා අපි අව­සර ලබා දී තිබෙ­නවා. ඒ අනුව මුදල් ප්‍රති­පා­දන ලබා දීම සහ එම කට­යුතු කාර්ය­ක්ෂ­මව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති­මය රැක­ව­ර­ණය අපේ රාජ්‍ය යන්ත්‍ර­ණ­යට ලබා දී තිබෙ­නවා.

ඒ වගේම පසු­ගිය අය-වැයෙන් සම්මත කරන ලද ප්‍රති­පා­ද­න­ව­ලින් රුපි­යල් කෝටි 3,000කට ආසන්න ප්‍රමා­ණ­යක් අපි සතුව තිබෙ­නවා. එම මුදල් පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­ති­ය­කින් තොරව විය­දම් කිරීමේ හැකි­යාව තිබෙ­නවා. ඒ සියලු ප්‍රති­පා­දන අපි මේ සඳහා වෙන් කොට තිබෙ­නවා. අපි දිසා­ප­ති­ව­රුන්ට දැනුම් දී තිබෙ­නවා ඔබට කොප­මණ මුදල් ප්‍රමා­ණ­යක් අවශ්‍ය ද, කොප­මණ කාර්ය­යන් කිරීම සඳහා ඔබට වැය බරක් දැරී­මට සිදුවී තිබෙ­න­වද කියා දැනුම් දෙන ලෙස. ඒ සියල්ල ලබා දීමට අපි අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කර තිබෙ­නවා.

2025 අය-වැය ලේඛ­න­යෙන් වෙන් කොට තිබෙන ප්‍රති­පා­දන ප්‍රමා­ණ­වත් නොවන්නේ නම් පරි­පූ­රක ඇස්ත­මේන්තු හරහා, පාර්ලි­මේ­න්තුව හරහා නව ප්‍රති­පා­දන ලබා දීමට අපි කට­යුතු කර­නවා. ඒ මඟින් අව­තැන් වූ ජන­තා­වගේ ආහාර පාන, සෞඛ්‍ය, සනී­පා­ර­ක්ෂක කට­යුතු ඉටු­ක­ර­ගත හැකි වනු ඇතැයි අපිට විශ්වා­ස­යක් තිබෙ­නවා. ඒ වගේම මේ ආපදා තත්ත්වය හේතු කොට­ගෙන අත්‍ය­වශ්‍ය සේවා සහ යටි­තල පහ­සු­කම් විශාල ප්‍රමා­ණ­යක් බිඳ වැටී තිබෙ­නවා. බොහෝ ප්‍රදේ­ශ­වල විදු­ලිය බිඳ වැටී තිබෙ­නවා. ඒ වගේම ජල පහ­සු­කම්, සන්නි­වේ­දන පහ­සු­කම් බිඳ වැටී තිබුණා. ප්‍රවිශ්ට මාර්ග කඩා වැටී තිබුණා. මේ ආදී යටි­තල පහ­සු­කම් සහ සේවා විශාල ප්‍රමා­ණ­යක් බිඳ වැටී තිබෙ­නවා. අපි ඒ සෑම ක්ෂේත්‍ර­යක්ම වේග­වත් සහ කාර්ය­ක්ෂම යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සහ සේවා ස්ථාප­නය කිරීම සඳහා වන මෙහෙ­යුම් කාර්ය­යන් ගොඩ­නඟා තිබෙ­නවා. ආප­දා­වට ලක් නොවූ ප්‍රදේශ තිබෙ­නවා නම් ඒ ප්‍රදේ­ශ­වල කාර්ය මණ්ඩල මුළු­ම­නින්ම ආප­දා­වට ලක් වූ මෙම ප්‍රදේ­ශ­වල යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සඳහා යොදවා තිබෙ­නවා. ඒ වගේම අමා­ත්‍යාංශ සහ ආය­ත­න­වල වෙනස් කාර්ය­භා­ර­යක් තිබුණා නම් මාර්ග සහ පාල­ම්වල සිට පාසල් සහ ජල පද්ධති දක්වා ආපදා කලා­පයේ පොදු යටි­තල පහ­සු­කම් අලු­ත්වැ­ඩියා කිරීමේ දැවැන්ත මෙහෙ­යු­මක් කළ යුතුව තිබෙ­නවා.

සීරු­වෙන් සහ ක්‍රමා­නු­කූ­ලව හිස එස­වී­මට පොර බඳි­මින් සිටි රට­කට මේ තත්ත්වය සුළු­පටු අභි­යෝ­ග­යක් නොවෙයි. කුඩා ස්වයං රැකි­යාවේ සිට මහා පරි­මාණ කර්මාන්ත දක්වාද, සුළු පරි­මාණ ව්‍යාපා­රි­ක­යාගේ සිට මහා පරි­මාණ ව්‍යාපා­රි­කයා දක්වාද මේ සියලු ක්ෂේත්‍ර තමන්ගේ ආදා­යම් අහිමි වීම්, තමන්ගේ කර්මාන්ත කඩා වැටීමේ අන­තු­ර­කට මුහුණ දී සිටි­නවා. ඒ වගේම කෘෂි­ක­ර්මා­න්තය, පශු සම්පත් ක්ෂේත්‍රය මේ ආදී ක්ෂේත්‍ර විශාල බිඳ වැටී­ම­කට ලක් වී තිබෙ­නවා. ඒ නිසා මෙම ක්ෂේත්‍ර ඉතා වේග­යෙන් නඟා­සි­ටු­වී­මට අපිට වේග­වත් සැලැ­ස්මක් අව­ශ්‍යයි.

අපි මේ වන විට මේ ආපදා තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර ගනි­මින් වේග­වත්, කාර්ය­ක්ෂම යළි ගොඩ­නැ­ඟී­මක් සඳහා අවශ්‍ය නීති­මය රැක­ව­ර­ණය සහ ප්‍රති­පා­දන අව­ශ්‍ය­තාව වෙනු­වෙන් හදිසි නීතිය පනවා තිබෙ­නවා. මා මේ රටේ පුර­වැ­සි­ටන් එක සහ­ති­ක­යක් ලබා දෙන්න කැම­තියි. මෙම ආප­දාව කළ­ම­නා­ක­ර­ණය කර ගැනීම සහ කාර්ය­ක්ෂ­මව අපේ රට ගොඩ­නැ­ඟී­මට ඉව­හල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්ද­නීය ක්‍රියා­දා­ම­යක් වෙනු­වෙන් මෙම හදිසි නීතිය අපි උප­යෝගී කර ගන්නේ නැහැ. මෙම හදිසි නීති­යට අනු­කූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යා­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යෙක් පත් කර තිබෙ­නවා. සියලු සේවා­වන් අපි එක් තැන­කට කේන්ද්‍ර ගත කොට තිබෙ­නවා. පැය 24 පුරාම අත්‍යා­වශ්‍ය සේවා කාර්යා­ලය විවෘත කොට තිබෙ­නවා. සියලු වැද­ගත් ආය­ත­න­වල නිල­ධා­රීන් පැය 24 ම සේවයේ නිරත වෙනවා. ඒ නිසා ඉතා කාර්ය­ක්ෂම මධ්‍ය­ගත මෙහෙ­යු­මක් මේ අත්‍ය­වශ්‍ය සේවා කාර්ය­ලය මගින් ඉටු කර ගැනී­මට අපි සැලැ­ස්මක් සකස් කර තිබෙ­නවා.

ඒ වගේම අපගේ මීළඟ කාර්ය­භා­රය බවට පත්වී තිබෙන්නේ නැවත අපේ රට තිබු තත්ත්ව­යට වඩා දියුණු රාජ්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කර­ගැ­නීමේ අව­ශ්‍ය­තා­ව­යයි. ඒ අපේ­ක්ෂාව වෙනු­වෙන් මේ වන විටත් අපි නැවත ගොඩ­නැං­වීම සඳහා අවශ්‍ය වන අර­මු­දල් සම්පා­ද­නය කර­ගැ­නී­මට අර­මු­ද­ලක් පිහි­ටු­වී­මට අපේක්ෂා කර­මින් තිබෙ­නවා. ඒ වගේම එම අර­මු­දල කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීම සඳහා පෞද්ග­ලික අංශය, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය, මුදල් අමා­ත්‍යාං­ශය, ජනා­ධි­පති කාර්යා­ලය ඒකා­බද්ධ කළ­ම­නා­ක­රණ කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. අපි ඔවුන්ට විශාල කාර්ය­භා­ර­යක් පවරා තිබෙ­නවා.

අපේ රට ගොඩ­නැ­ඟීම සඳහා අවශ්‍ය වන අර­මු­දල් ආකාර ගණ­නා­වක් සම්පා­ද­නය කර­ගත හැකියි. අපි හා මිතුරු රාජ්‍ය­යන් සමඟ ඉතා සමී­පව කට­යුතු කර­මින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම විවිධ ජාත්‍ය­න්තර සංවි­ධාන ආම­න්ත්‍ර­ණය කර­මින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම දේශීය ව්‍යාප­රි­ක­යන්, කර්මා­න්ත­ක­රු­වන් ආම­න්ත්‍ර­ණය කර­මින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම.

විශේ­ෂ­යෙන් මේ අව­ස්ථාවේ ශ්‍රී ලංකා­වෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන් මේ ආධාර ලබා දීම සඳහා විශාල වෙහෙ­සක් සහ විශාල කැමැ­ත්ත­කින් යුතුව කට­යුතු කර­මින් තිබෙ­නවා. අපි ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට කට­යුතු කර තිබෙ­නවා. ඒ නිසා මේ ව්‍යස­න­යෙන් ගොඩ ඒම සඳහා අපි ශක්ති­මත් අර­මු­ද­ලක් ගොඩ­නැ­ගිය යුතුයි. ඒ අර­මු­දල සම්පා­ද­නය කර ගැනීම සඳහා අවශ්‍ය වන කට­යුතු අපි සකස් කර තිබෙ­නවා.

ඒ වගේම අපි සියලු ආය­තන වෙත දැනුම් දී තිබෙ­නවා, ඔබගේ ක්ෂේත්‍රය මුහුණ දී සිටින අභි­යෝ­ගයේ ප්‍රමා­ණය, නැවත ගොඩ­නැ­ඟීම සඳහා අවශ්‍ය වන ප්‍රති­පා­දන පිළි­බඳ ශක්ති­මත් ලැයි­ස්තු­වක් සකස් කරන ලෙස. මොකද, බොහෝ විට අපේ රට මුහුණ දී තිබෙන තත්ත්වය වන්නේ නිවැ­රදි දත්ත සහ නිවැ­රදි තොර­තුරු නොමැති වීමයි. එහි ප්‍රති­වි­පා­ක­ව­ලට අපි මුහුණ දී තිබෙ­නවා. මෙම අර්බු­ද­යෙන් ගොඩ ඒමට නම් අපිට නිවැ­රදි දත්ත සහ තොර­තුරු අව­ශ්‍යයි.

වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව, තමන්ගේ දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් වාරි­මාර්ග පද්ධ­ති­වල ඇති වී තිබෙන හානිය සහ එය නැවත ප්‍රති­ස්ථා­ප­නය සඳහා අවශ්‍ය අර­මු­දල් ඉදි­රි­පත් කළ යුතුයි. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ගොවි ජන­තා­වගේ කෘෂි­ක­ර්මා­න්ත­යට අත් වී තිබෙන විනා­ශය, එය නැවත ගොඩ­නැ­ඟීම සඳහා අවශ්‍ය වන අර­මු­දල් ප්‍රමා­ණය ඉදි­රි­පත් කළ යුතුයි. මේ ආදී සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම අපි දැනුම් දී තිබෙ­නවා ඔබේ ක්ෂේත්‍රය නැවත ගොඩ­නැ­ගීමේ වැඩ­පි­ළි­වෙළ සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන අපිට ඉතා ඉක්ම­ණින් දැනුම් දෙන්න කියලා.

ඒ අනුව අපිට ඉතා වේග­වත් සංව­ර්ධන සැලැ­ස්මක් ඔස්සේ අපේ රට යළි ගොඩ­නැ­ගිය හැකිව තිබෙ­නවා. අපට රටක් ලෙස දීර්ඝ­කා­ලින ඉලක්ක ජය ගැනී­මට, එකට ජීව­ත්වී­මට බල­කල අවස්ථා ඉති­හා­සය විසින් මග­හැර ඇති අතර මෙවර එය මග නොහැ­රෙන තැනට පත් කිරීමේ අධි­ෂ්ඨා­නය අපි තුළ තිබෙ­නවා. මෙම අසීරු අව­ස්ථාවේ අපි වෙනු­වෙන් දැන­ට­මත් ඉදි­රි­පත් වූ, අපිට සහ­යෝ­ගය දුන් සියලු හිත මිතුරු රට­ව­ලට, ඒවායේ නාය­ක­යන්ට, පුර­වැ­සි­යන්ට සහ ජාත්‍ය­න්තර සංවි­ධා­න­ව­ලට අපේ ස්තූතිය පුද කර­නවා. අපේ රට නැවත ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් ලබා දෙන ඔවුන්ගේ අඛණ්ඩ සහාය වෙනු­වෙන් විධි­මත් යාන්ත්‍ර­ණ­යක් අපි දැන­ට­මත් ස්ථාපිත කොට තිබෙ­නවා.

මේ තීර­ණා­මක ව්‍යස­න­කාරී මොහොතේ සියලු දේශ­පා­ලන මති මතා­න්තර රට වෙනු­වෙන් අම­තක කරමු. ජාති, ආගම්, පක්ෂ, පාට බේද­ව­ලින් තොරව එකට එක් වෙමු. දේශ­පා­ල­නය කිරී­මට ඕනෑ­ත­රම් කාලය ඇති අතර, ව්‍යස­න­යට මුහුණ දීමට විශාල කාල­යක් නැහැ. අපි එක්ව රට ගොඩ­න­ගමු. රට ගොඩ­නැ­ගි­මෙන් පසු වෙන් වෙන්ව දේශ­පා­ල­නය කිරී­මට අපිට පුළු­ව­න්කම තිබෙ­නවා. විශේ­ෂ­යෙන් මට විශාල විශ්වා­ස­යක් තිබෙ­නවා. මා මේ රට ගොඩ­නැ­ඟීම පිළි­බඳ අචල විශ්වා­ස­ය­කින් කට­යුතු කර­නවා. මා අපේ රටේ පුර­වැ­සි­යන් කෙරෙහි විශ්වාස තබ­නවා. මම අපේ රටේ ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය ඇතුළු රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාස තබ­නවා.

මම මේ රටේ කර්මා­න්ත­ක­රු­වන්, ව්‍යාපා­රි­ක­යන්, බුද්ධි­ම­තුන්, නව නිපැ­යු­ම්ක­රු­වන් කෙරෙහි විශ්වාස තබ­නවා. ඒ වගේම අපේ රටින් පිට ජීවත් වෙන විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන් කෙරෙහි විශ්වාස තබ­නවා. ඒ වගේම මම අපිට හිත මිතුරු රාජ්‍ය­යන් කෙරෙහි අපේ විශ්වා­සය තබ­නවා. ඒ විශ්වා­සය ඇතිව මේ රට ගොඩ­නැ­ගිය හැකිය යන දැඩි විශ්වා­ස­යෙන් යුතුව අපි මේ කාර්ය­භා­ර­යට මැදි­හත් වී තිබෙ­නවා.

ඒ වෙනු­වෙන් වූ මෙම සාමූ­හික ප්‍රය­ත්නය සඳහා පටු වාද බේද­ව­ලින් තොරව එක්වන ලෙස මම සියලු දෙනාට ආරා­ධනා කර­නවා. ජාතික සහ ජාත්‍ය­න්තර වැඩ­පි­ළි­වෙ­ළක් ඔස්සේ, මනා සම්බ­න්ධී­ක­ර­ණ­ය­කින් යුතුව කට­යුතු කර­මින් හෘද­සා­ක්ෂි­යට අනු­වම අපේ­ක්ෂිත අර­මුණු ඉටු කර ගැනී­මට කැප­වෙමු කියා මම සිය­ලු­දෙ­නා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ඕනෑම අන්ධ­කා­ර­යක ආලෝ­කය ඇති බව අපි විශ්වාස කර­නවා. මේ අඳුරු දින­යන් පහව යන බවත් අපි විශ්වාස කර­නවා. ඒ නිසා අපි ඒකා­වන්ව නැඟී­සි­ටිමු. මේ කඳුළු සලන පාරා­දී­සය සුව­පත් කරමු. දීප්ති­මත් දිව­යි­නක් ගොඩ­න­ඟමු. සියලු දෙනාට තෙරු­වන් සර­ණයි.