ස්වාභා­වික ආපදා පිළි­බඳ විද්‍යා­ත්මක පර්යේ­ෂණ, කලා­පීය සහ ගෝලීය වශ­යෙන් දේශ­ගු­ණික සහ භු ගෝලීය පර්යේ­ෂණ සිදු කරන ආය­තන ඔස්සේ ස්වාභා­වික ව්‍යස­න­යන් පූර්වයේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය නිර්ණා­යක පව­තින අතර මෙරට ජන­මාධ්‍ය ඒ සමඟ ඇති සම්බ­න්ධ­තා­වය අව­මය. එය බර­ප­තළ ගැට­ලු­වකි.

ආප­දා­වක් යනු ස්වාභා­වි­කව, පූර්වයේ තක්සේරු කළ නොහැ­කිව අන­පේ­ක්ෂි­තව හට ගනු ලබන කාල­ගු­ණික දේශ­ගු­ණික තත්ත්ව­යකි. මෙලෙස අන­පේ­ක්ෂි­තව ඇති වන උව­දු­ර­කදී ජන­මාධ්‍ය ඇතුළු සන්නි­වේ­දන මාධ්‍ය කට­යුතු කරන්නේ කෙසේද යන්න පිළි­බඳ ආපදා සන්නි­වේ­ද­නය තුළදී සාකච්ඡා කළ හැකියි. 1970 දශ­ක­යේදී පමණ ආපදා සන්නි­වේ­ද­නය පිළි­බඳ කති­කා­ව­තක් ගොඩ­නැ­ඟුණු අතර සංව­ර්ධ­න­යේදී ආර්ථි­කය එනම්, දළ දේශීය නිෂ්පා­ද­නය, ඒක පුද්ගල ආදා­යම පම­ණක් නොව දේශ­පා­ලන, සමාජ පාරි­ස­රික යන ක්ෂේත්‍ර ද එක හා සමා­නව වැද­ගත් වන බව මෙහිදී හඳුනා ගැනුණි. ආපදා සන්නි­වේ­ද­න­යේදී වැඩි වශ­යෙන් සිදු වන්නේ පාරි­ස­රික තත්ත්ව­යන් පිළි­බඳ සැල­කි­ල්ලට ගෙන කට­යුතු කිරී­මයි. පාරි­ස­රික තත්ත්ව­යන් අපට පූර්වයේ අනු­මාන කළ නොහැ­කිය. එබැ­වින් අදාළ පර්යේ­ෂණ ආය­තන සහ බල­ධා­රීන් මාධ්‍ය සමඟ එක්ව මේ පිළි­බඳ පූර්වයේ හඳු­නා­ගෙන ජන­තාව දැනු­ම්වත් කිරී­මත්, රජය සමඟ සම්බ­න්ධව කට­යුතු කිරී­මත් වැද­ගත්ය. ආපදා තත්ත්ව­ය­කදී මාධ්‍ය ක්ෂේත්‍ර­යට විශාල කාර්ය­භා­ර­යක් පැවරී තිබේ. ආප­දා­වන්ට පූර්වයේ ජන­තාව දැනු­ම්වත් කිරීම මෙන්ම ආපදා අව­ස්ථා­ව­කදී ජන­තා­වට අවශ්‍ය තොර­තුරු නිවැ­රැ­දිව සන්නි­වේ­ද­නය, ඔවුන් අනා­ර­ක්ෂිත ස්ථාන­ව­ලින් ඉවත් කිරීම, පශ්චාත් ව්‍යසන ආපදා කළ­ම­නා­ක­රණ සන්නි­වේ­දන කාර්ය­භා­ර­යන් ඉටු­කි­රීම ඒ අතු­රින් ප්‍රධාන වේ.

ජන­මාධ්‍ය මඟින් දෛනි­කව සිදු වන ආර්ථික, සමාජ, දේශ­පා­ලන කරුණු වාර්තා කර­නවා සේම දේශීය, කලා­පීය, ගෝලීය පර්යේ­ෂණ ආය­තන සමඟ සම්බ­න්ධව කාල­ගු­ණික තත්ත්ව­යන් පිළි­බ­ඳව රජය දැනු­ම්වත් කිරීම, රජය සහ ජන­තාව අතර සම්බ­න්ධී­ක­රණ කාර­ක­යක් ලෙස කට­යුතු කිරීම සිදු කළ යුතුය. ආපදා තත්ත්ව­ය­කදී වඩාත් නිවැ­රදි තොර­තුරු කඩි­න­මින් ජන­තාව වෙත ලබා දීම අති­ශ­යින් වැද­ගත් වේ. මෙහි ප්‍රධාන අර­මුණ වන්නේ ජීවිත ආරක්ෂා කිරීම සහ හානි අවම කිරීම යි. වේග­වත් සන්නි­වේ­ද­නය මඟින් මිනි­සුන්ට අන­තු­රු­දා­යක ප්‍රදේ­ශ­ව­ලින් ඉව­ත්වී­මට, ආර­ක්ෂිත පිය­වර ගැනී­මට සහ අදාළ උප­දෙස් පිළි­පැ­දී­මට අව­ස්ථාව සැලසේ. නිවැ­රදි හා කාලෝ­චිත තොර­තුරු නොමැති විට ජන­තාව අතර අනි­යත බිය හා අවුල් සහ­ගත තත්ත්ව­යක් ඇති­විය හැකි අතර එම­ඟින් ජීවිත හා දේපළ හානි වැඩි වීමට ඉඩ ඇත. එම නිසා විනි­වි­ද­භා­ව­යෙන් යුත් සත්‍ය තොර­තුරු ක්ෂණි­කව බෙදා­හැ­රීම ඕනෑම ආපදා කළ­ම­නා­ක­රණ ක්‍රියා­ව­ලි­යක සාර්ථ­ක­ත්ව­යට හේතු වේ.

ජපා­නය තුළ මීට වසර තුන­කට පමණ පෙර ඇති වූ ආපදා අව­ස්ථා­ව­න්හිදී ඔවුන් ආප­දා­වන් ඇති­වී­මට පෙර ඒ පිළි­බඳ ජන­තාව දැනු­ම්මත් කිරීම සිදු කළේය. නමුත්, මෙරට ඇති ප්‍රධා­න­තම ගැට­ලුව වන්නේ ආප­දා­වක් සිදු­වී­මට පෙර විවිධ පාර්ශ්ව සහ ඇතැම් මාධ්‍ය­යන් මඟින් අති­ශය දේශ­පා­ලන කර්ත­ව්‍ය­යක් සිදු කිරී­මයි. දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් ඇතිවූ ආපදා තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර ගැනීම සඳහා රජය සහ ජන­මාධ්‍ය එක්ව යුහු­සු­ලුව කට­යුතු කරන ආකා­රය අපට දැක­ගත හැකියි. මෙම කුණාටු තත්ත්වය හේතු­වෙන් අස­ල්වැසි රට­වල් වන මැලේ­සි­යාව, තායි­ල­න්තය, ඉන්දු­නී­සි­යාව ආදි රට­වල් ද ආප­දා­වට ලක්ව ඇත. එකී රට­වල කාල­ගුණ තත්ත්වය සම්බ­න්ධ­යෙන් ද අව­බෝ­ධ­ය­කින් යුතුව මාධ්‍ය මඟින් තොර­තුරු වාර්තා කළ යුතු අතර හුද­කලා වාර්තා­ක­ර­ණ­යක් සිදු නොකළ යුතුය.

මෙම සුළි කුණාටු තත්ත්වය පිළි­බඳ මාධ්‍ය මඟින් පූර්වයේ කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සමඟ එක්ව මීට පෙර සාකච්ඡා කිරීම් සිදු කළ ද මේ පිළි­බ­ඳව ක්‍රමා­නු­කූ­ලව ජන­තා­වගේ අව­ධා­න­යට ලක්කර වාර්තා කිරීම් සිදු කළේ නම්, අද වන විට ඇතිව තිබෙන හානි­දා­යක තත්ත්වය යම් ලෙස­කින් අවම කර ගැනී­මට ඉඩ ප්‍රස්ථා තිබුණි.

වැඩ­ස­ට­හන් කිහි­ප­යක මේ පිළි­බඳ සාකච්ඡා කෙරුණ ද එය එත­රම් ඉස්ම­තුව නොපෙ­නුණ අතර රජයේ බල­ධා­රීන් සහ එක්ව මෙම ව්‍යස­න­යෙන් ජන­තා­වට සිදු විය හැකි හානිය සහ එම හානිය අවම කර ගැනීම සඳහා ගත යුතු පිය­වර සම්බ­න්ධ­යෙන් ‍ ප්‍රමා­ණ­වත් සන්නි­වේ­ද­න­යක් සිදු නොවුණි.

ස්වාභා­වික ආපදා පිළි­බඳ විද්‍යා­ත්මක පර්යේ­ෂණ, කලා­පීය සහ ගෝලීය වශ­යෙන් දේශ­ගු­ණික සහ භු ගෝලීය පර්යේ­ෂණ සිදු කරන ආය­තන ඔස්සේ ස්වාභා­වික ව්‍යස­න­යන් පූර්වයේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය නිර්ණා­යක පව­තින අතර මෙරට ජන­මාධ්‍ය ඒ සමඟ ඇති සම්බ­න්ධ­තා­වය අව­මය. එය බර­ප­තළ ගැට­ලු­වකි.

දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑ­මට ලක්වූ ඉන්දු­නී­සි­යාව, තායි­ල­න්තය ආදී රට­වල්හි මාධ්‍ය නාළිකා, අල් ජසීරා, ABC, CNN වැනි මාධ්‍ය සමඟ මෙරට මාධ්‍ය වාර්තා­ක­ර­ණ­යන් සංස­න්ධ­නා­ත්ම­කව බැලූ විට දැක­ගත හැක්කේ ආපදා වාර්තා­ක­ර­ණ­යේදී මෙරට මාධ්‍ය භාවා­ති­ශය ලෙස වාර්තා කිරීම් සිදු කර ඇති ආකා­ර­යයි. නමුත්, මෙරට සමාජ මාධ්‍ය සමඟ සැස­ඳී­මේදී ආපදා තත්ත්වය පිළි­බඳ ජන­මාධ්‍ය මඟින් වග­කීම් සහ­ගත ලෙස, තුල­නා­ත්ම­කව වාර්තා කිරීම් සිදු කර තිබේ. සමාජ මාධ්‍ය තුළ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රීන් විසින් රීච් වැඩි කර ගැනීම සඳහා සාවද්‍ය පුවත් සහ භාවා­ති­ශය පුවත් වාර්තා­ක­ර­ණයේ නියැ­ළුණ ආකා­ර­යක් දැක­ගත හැකි විය. මෙය මාධ්‍ය සදා­චා­ර­යට පට­හැ­ණිය. රජයේ අදාළ පාර්ශ්ව­යන් විසින් මෙම තොර­තුරු නිවැ­ර­දිව කළ­ම­නා­ක­ර­ණය කර ගැනීම සඳහා ඒ පිළි­බ­ඳව ජන­මාධ්‍ය වෙත පැමිණ අද­හස් දැක්වීම වැද­ගත්ය. නිද­සුන් ලෙස කැලණි ගඟෙහි ජල මට්ටම ඉහළ යෑම සම්බ­න්ධ­යෙන් සිදු කළ පූර්ව දැනු­ම්වත් කිරීම් දැක්විය හැකිය. අද වැද­ගත්ම දේ වන්නේ සන්නි­වේ­ද­න­යයි. ඊට හේතුව වන්නේ නිසි වේලා­වට, නිවැ­රදි තොර­තුරු සන්නි­වේ­ද­නය නොවු­ණ­හොත් විශාල ගැටලු ඇති­වීම සඳහා එය හේතු­වන බැවිනි. මෙවන් ආපදා අව­ස්ථා­ව­කදී ජන­මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වග­කීම් සහ­ගත ලෙස තොර­තුරු සන්නි­වේ­ද­නයේ නියැ­ළිය යුතුය. මෙම අව­ස්ථා­වේදී ජන­මාධ්‍ය මඟින් භාවා­ති­ශය ලෙස කතා­න්දර කීමේ කලා­වෙන් ඔබ්බට ගොස් ක්‍රමි­කව ජන­තාව දැනු­ම්වත් කිරීම වැද­ගත්ය. වර්ෂාව පහව ගිය ද මධ්‍යම කඳු­ක­රය ඇතුළු ප්‍රදේ­ශ­යන්හි මෙන්ම බස්නා­හිර පළාත තුළ ඇති­විය හැකි අය­හ­පත්, අව­දා­නම් සහ­ගත තත්ත්ව­යන් පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම මාධ්‍ය මඟින් මේ වන විට සිදු කරන අතර මෙවැනි තත්ත්ව­යන් පිළි­බඳ තුල­නා­ත්මක කරුණු ඉදි­රි­පත් කිරී­මක් විනා භාවා­ති­ශය ලෙස තොර­තුරු ඉදි­රි­පත් කිරී­මක් සිදු නොකළ යුතුය. මිනි­සුන් හැඟී­ම්බර කිරීම සඳහා මාධ්‍ය අව­ශ්‍යය නොවන අතර එය ගෝත්‍රික, ප්‍රාථ­මික ලක්ෂ­ණ­යකි. එබැ­වින් මාධ්‍ය මඟින් නිවැ­රදි විද්‍යා­ත්මක තොර­තුරු අවශ්‍ය වේලා­වේදී සන්නි­වේ­ද­නය කිරීම සිදු කළ යුතුය.

ආපදා තත්ත්ව­යන් පිළි­බඳ ජන­තාව දැනු­ම්වත් කිරී­මේදී මෙන්ම පශ්චාත් ආපදා අව­ස්ථා­ව­න්හිදී ඔවුන්ගේ මාන­සි­ක­ත්වය යළිත් ගොඩ­නැං­වීම සඳහා සන්නි­වේ­ද­නය භාවිත කළ හැකිය. දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් මෙරටේ සැල­කිය යුතු ජීවිත හානි හා දේපළ හානි සිදු විය. ආප­දා­වට ලක්වූ පිරිස් මෙන්ම සමස්ත රට­වා­සීන්ම මෙම ව්‍යස­න­යත් සමඟ පසු­වන්නේ මාන­සික ව්‍යාකූ­ල­ත්ව­ය­කිනි. නිද­සුන් ලෙස ගත්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ග­ල­යන් පස් කඳු සඳහා සිරවී මිය ගොස් ඇති ආකා­රය පිළි­බඳ ඡායා­රූප පළ­වීම සිදු වේ. මෙවැනි ඡායා­රූප මහ­ජන මාන­සි­ක­ත්වය කෙරෙහි අය­හ­පත් ලෙස බල­පායි. එබැ­වින් මෙවැනි තත්ත්ව­යන් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැ­ක්විය යුතුය. ආප­දා­වන්ට ලක්වූ­වන්ට මාන­සික වශ­යෙන් යළි යථා තත්ත්ව­යට පත්වීම සඳහා යම්කිසි කාල­යක් ගත වේ. මාධ්‍ය මඟින් පශ්චාත් ආපදා තත්ත්ව­යන්ට අදාළ මනෝ­වි­ද්‍යා­ත්මක වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම, විප­තට පත්වූ­වන්ගේ මාන­සි­ක­ත්වය යළි ගොඩ­නැං­වීම සඳහා ප්‍රාදේ­ශීය වශ­යෙන් උප­දේ­ශන සේවා ලබා­දීම සහ ඔවුන් දිරි­ගැ­න්වීම, පුද්ග­ලා­න්තර සන්නි­වේ­ද­නය වැඩි­දි­යුණු කර­වීම ආදි සන්නි­වේ­දන ක්‍රියා­මාර්ග ඔස්සේ විප­තට පත් පුද්ග­ල­යන්ගේ මාන­සි­ක­ත්වය යළි ගොඩ­නැං­වීම සඳහා අව­කාශ සැලසේ. එමෙන්ම ඔවුන්ගේ දුක්ගැ­න­වි­ලි­ව­ලට සවන් දීමෙන් සහ අද­හස් හුව­මාරු කර ගැනී­මට අව­ස්ථාව ලබා දීමෙන් විශ්වා­සය හා සමාජ බැඳීම ශක්ති­මත් වන අතර එය දීර්ඝ­කා­ලීන මාන­සික සුවය සඳහා අති­ශ­යින් වැද­ගත් වේ.

කාල­ගු­ණික දේශ­ගු­ණික විප­ර්යා­ස­යන් පිළි­බඳ නිවැ­රදි තොර­තුරු අනා­ව­ර­ණය කරනු ලබන මධ්‍ය­ස්ථාන පවති. පසු­ගිය කාලය තුළ අමෙ­රි­කාව සහ ජපා­නය ආදී බොහෝ රට­වල්ද ස්වාභා­වික ව්‍යස­න­යන්ට මුහුණ දුණි. මෙවැනි තත්ත්ව­යන් තුළ විද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­ව­ලින් ආපදා පිළි­බඳ කරන ලද පූර්ව දැනු­ම්දීම් මත ජන­මාධ්‍ය කෙත­රම් දුරට කට­යුතු කර­න්නේද යන්න බොහෝ වැද­ගත් වේ. මෙය දේශ­පා­ලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම වලං­ගුය. කට­කතා, ඕපා­දූප පද­න­ම­කින් ජන­මාධ්‍ය වාර්තා කිරීම් සිදු කිරීම බැහැර කළ යුතුය. අර්බු­ද­කාරී අව­ස්ථා­ව­ලදී ජන­මාධ්‍ය ආය­තන, කාල­ගුණ විද්‍යා මධ්‍ය­ස්ථාන සහ භූ විද්‍යා සමී­ක්ෂණ ආය­තන වැනි නිල­වි­ද්‍යා­ත්මක ආය­තන මඟින් නිකුත් කරන ලද පූර්ව අන­තුරු ඇඟ­වීම් කඩි­න­මින් සහ නිර­වද්‍ය ලෙස ජන­තාව වෙත ගෙන යායු­තුය. විද්‍යා­ත්මක පර්යේ­ෂණ මත පද­නම් වූ දත්ත විශ්ලේ­ෂ­ණ­ය­කින් තොරව කට­කතා හෝ ඕපා­දූප ප්‍රචා­රය කිරී­මෙන් සිදු වන්නේ අර්බු­දය තවත් උග්‍ර වීමයි. නිවැ­රදි දත්ත, විද්‍යා­ත්මක විශ්ලේ­ෂණ, ආය­ත­නික පර්යේ­ෂණ සම­ඟින් කරුණු හඳු­නා­ගෙන ඒ පිළි­බ­ඳව පූර්වයේ දැනු­ම්වත් වී පාල­කයා සහ පාලි­ත­යින් අතර සම්බ­න්ධී­ක­රණ කාර­ක­යක් ලෙස කට­යුතු කිරී­ම­ටත්, තොර­තුරු වාර්තා­ක­ර­ණය සහ ඒවා තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑම­ටත් ජන­මාධ්‍ය ආය­තන උත්සහ ගත යුතුය. එම­ඟින් නිවැ­රදි දත්ත, විද්‍යා­ත්මක තොර­තුරු මත පද­නම්ව තීන්දු තීරණ ගනු ලබන මාධ්‍ය කලා­වක් සහ ජන සමා­ජ­යක් බිහි­කළ හැකි අතර එහි අව­ශ්‍ය­තා­වය මෙම ආපදා සමය තුළදී වඩාත් ඉස්ම­තුව පෙනේ.