පැවති ආපදා තත්ත්වය හේතු­වෙන් අව­හිර වූ මාර්ග­ව­ලින් සිය­යට 85කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් මේ වන විට විවෘත කර ඇතැයි මාර්ග සංව­ර්ධන අධි­කා­රිය පව­සයි.

ආප­දා­ව­ලින් හානි වූ සිය­ලුම මාර්ග එළැ­ඹෙන සති­යේදී රථ­වා­හන ධාව­නය සඳහා විවෘත කිරී­මට බලා­පො­රොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා පැව­සීය. ඒ මහතා මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මිනි. කොළඹ – මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ ගනේ­තැන්න සහ කඩු­ග­න්නාව අතර කොටස පස්වරු 6 සිට පෙර­වරු 6 දක්වා රාත්‍රි කාලයේ තව­දු­ර­ටත් වසා තැබෙන බවත් ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.