නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ හානි­යට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට අදාළ ප්‍රති­පා­දන කඩි­න­මින් ලබා­දී­මට කට­යුතු කරන බවත්, මේ වසර අව­සන් වීමට පෙර සිය­ලුම ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අව­සන් කිරී­මට පිය­වර ගන්නා ලෙසත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නේය.

ජනා­ධි­ප­ති­ව­රයා එම උප­දෙස් ලබා­දුන්නේ, නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ මාර්ග­ව­ලට සිදුව තිබෙන හානිය සොයා­බැ­ලීම සහ ඊට ගත යුතු කඩි­නම් ක්‍රියා­මාර්ග ගැනීම සම්බන්ධ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සාක­ච්ඡා­ව­කට ඊයේ (08) පෙර­ව­රුවේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී සහ­භාගි වෙමිනි. දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ හානි­යට පත් සිය­ලුම මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට ගත වන කාලය සම්බ­න්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සාමාන්‍ය ප්‍රතිං­ස්ක­ර­ණ­ව­ලින් විවෘත කිරී­මට නොහැ­කිව තිබෙන මාර්ග සම්බ­න්ධව මෙහිදී නිල­ධා­රී­න්ගෙන් අද­හස් විමසූ ජනා­ධි­ප­ති­ව­රයා, ඒ සම්බ­න්ධව වාර්තා­වක් ලබා­දෙන ලෙසට ද නිල­ධා­රී­න්ගෙන් ඉල්ලී­මක් කළේය.

නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදි­කි­රී­මේදී ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නයේ වාර්තා සැල­කි­ල්ලට ගත යුතු බව ද නිල­ධා­රීහු මෙහිදී පෙන්වා දුන්හ.