දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අර­මු­ද­ලට කොළඹ සිටින රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් එක්ව සිය පෞද්ග­ලික මුද­ලින් රුපි­යල් මිලි­යන 3.6ක මූල්‍ය පරි­ත්‍යා­ග­යක් සිදු කර තිබේ. ඉන්දු­නී­සි­යානු තානා­පති Dewi Gustina Tobing මහ­ත්මිය විසින් ඊට අදාළ චෙක්පත විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා වෙත පසු­ගි­යදා (11) අමා­ත්‍යාං­ශ­යේදී භාර දෙන ලදි. කොළඹ සිටින තානා­ප­ති­වරු සහ මහ­කො­ම­සා­රි­ස්වරු නියෝ­ජ­නය කර­මින් ශ්‍රී ලංකාවේ කොරියා තානා­පති Lee Miyon, ස්විට්ස­ර්ලන්ත තානා­පති Dr. Siri Walt, පල­ස්තීන තානා­පති Ihab I.M. Khalil, මාල­දි­ව­යින් මහ කොම­සා­රිස් Masood Imad, ඕමාන තානා­පති කාර්යා­ලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී Said Al Harbi, ඉතාලි තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ප්‍රධානී Alberto Arcidiacono මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.