(ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ නිවු­ස්වීක් ආසි­යානු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දානිෂ් මන්සූර් භාට් මහතා කළ සාක­ච්ඡාව ඇසු­රිනි.)

කොළඹ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී නිවු­ස්වීක් සමඟ සංවා­ද­යක නිරත වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දැන­ට­මත් බිඳ­වැ­ටෙන සුලු වූ ආර්ථි­ක­ය­කට මර­ණය සහ අහි­මි­වීම් ඉතිරි කළ විනා­ශ­කාරී සුළි කුණා­ටු­ව­කින් පසු තම ජාතිය මුහුණ දෙන යථා­ර්ථය පැහැ­දිලි කළේය.

අර්බු­දය අත­ර­තුර කලා­පීය අස­ල්වැ­සි­යන්ගේ සිට ගෝලීය බල­ව­තුන් දක්වා ජාත්‍ය­න්තර හවු­ල්ක­රු­වන් මැදි­හත් වූ ආකා­රය සහ ඉදි­රියේ ඇති අභි­යෝ­ගයේ විශා­ල­ත්ව­යට මුහු­ණ­දීම පිළි­බඳ මෙන්ම විනාශ වූ භෞතික දේ නැවත ගොඩ­නැ­ඟීම පම­ණක් නොව, දේශ­ගු­ණික කම්පන යුගයේ ශ්‍රී ලංකාවේ අනා­ග­තය නැවත පරි­ක­ල්ප­නය කිරීම සහ ණය සංව­ර්ධ­නය සහ ජාත්‍ය­න්තර සහ­යෝ­ගී­තා­වයේ නිය­ම­යන් නැවත අර්ථ දැක්වීම පිළි­බ­ඳව ඔහු විස්තර කළේය.

නිවු­ස්වීක්-

විරෝ­ධතා ව්‍යාපා­ර­වල සිට 2024 මැති­ව­ර­ණ­යේදී සිදු වූ පරි­ව­ර්ත­නීය වෙනස දක්වා ශ්‍රී ලංකාව මෑත කාල­යේදී තීර­ණා­ත්මක දේශ­පා­ල­නික වෙන­ස්ක­ම්ව­ලට භාජන වී තිබෙ­නවා. ඔබගේ රජය බල­යට ගෙන ඒමට පසු­බිම් වූ ජනතා අපේක්ෂා ඔබ පැහැ­දිලි කරන්නේ කෙසේද?

ජන­පති- 2022 වසරේ විරෝ­ධතා ඇති­වී­මට හේතු වූයේ විදුලි කප්පා­දුව, ඉන්ධන සහ ඖෂධ සඳහා ඇති වූ දිගු පෝලිම් පම­ණක් නෙමෙයි. දූෂ­ණය, අස­මා­නතා සහ විනි­වි­ද­භා­වය හෝ වග­වී­ම­කින් තොරව ගනු ලැබූ තීරණ පිළි­බඳ බල­වත් කල­කි­රී­මත් ඊට හේතු වුණා. 2024 වන විට, ඒ ජනතා කල­කි­රීම වෙනස් ආකා­ර­යක නාය­ක­ත්ව­යක් සඳහා වන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඉල්ලී­මක් බවට පරි­ව­ර්ත­නය වී තිබුණා. අප විසින් ලැබූ ජය­ග්‍ර­හ­ණය පිරි­සුදු පාල­න­යක්, ආර්ථික සාධා­ර­ණ­ත්ව­යක් සහ පැවති දේශ­පා­ලන සංස්කෘ­තියේ වෙන­සක් සඳහා කැඳ­වී­මක් වුණා.

ජන­තා­වට අවශ්‍ය වූයේ සත්‍යය පව­සන සහ වග­කීම භාර ගන්නා සාමාන්‍ය මිනි­සුන් බඳු නාය­ක­යන්. අපගේ ජන­ව­රම මම දකින්නේ අව­දා­න­මට ලක්විය හැකි අයව අත් නොහැර ආර්ථික ස්ථාව­ර­ත්වය ඇති කිරීම සඳහා විශ්වා­සය මත වූ ගිවි­සු­මක් ලෙසයි. ආය­තන අල්ලා ගැනී­මට වඩා ආය­තන ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට අලුත් විය හැකි බව ඔප්පු කිරීම පිළි­බඳ ගිවි­සු­මක් ලෙසයි. ජන­තා­වගේ විශ්වා­සය නිෂ්ඵල එකක් නොවන බව අපි ඔවුන්ට පෙන්විය යුතු වෙනවා.

නිවු­ස්වීක්-

චීනය විසින් ගොඩ­න­ඟන ලද යටි­තල පහ­සු­කම්, ඉන්දි­යානු කලා­පීය බල­පෑම සහ එක්සත් ජන­පද ආර්ථික බල­පෑමේ සන්ධි­ස්ථා­න­යක ශ්‍රී ලංකාව පිහිටා තිබෙ­නවා. සැබ­වින්ම, ශ්‍රී ලංකාව කොත­රම් දුරට තම උපා­ය­මා­ර්ගික ස්වාධී­න­ත්වය පවත්වා ගන්නේද? සහ ඔබ මේ සබ­ඳතා තුල­නය කරන්නේ කෙසේද?

ජන­පති- ඉන්දි­යාව ශ්‍රී ලංකාවේ සමී­ප­තම අස­ල්වැ­සියා වන අතර ඉන්දි­යාව කිලෝ­මී­ටර් 24ක පමණ මුහුදු තීර­ය­කින් ශ්‍රී ලංකා­වෙන් වෙන් වී තිබෙ­නවා. අපට ඉන්දි­යාව සමඟ ශිෂ්ටා­චා­ර­මය සම්බ­න්ධ­තා­වක් තිබෙ­නවා. ශ්‍රී ලාංකාවේ සංස්කෘ­තියේ ඕනෑම අංශ­යක් කෙසේ හෝ ඉන්දි­යා­වට සම්බන්ධ නොව­නවා නම් එය ඉතා අල්ප වශ­යෙන්. ඒ වගේම ශ්‍රී ලංකාව දුෂ්ක­ර­තා­වන්ට මුහුණ දුන් සෑම අව­ස්ථා­ව­කම ඉන්දි­යාව පළ­මුව ප්‍රති­චාර දැක්වූවා. ඉන්දි­යාව ශ්‍රී ලංකාවේ විශා­ල­තම වෙළෙඳ හවු­ල්ක­රු­වාද, විශා­ල­තම සංචා­රක ප්‍රභ­වය මෙන්ම සුවි­ශේෂී ආයෝ­ජ­ක­ය­කුද වෙනවා.

චීනය, අපගේ සමී­ප­ත­ම­යකු සහ උපා­ය­මා­ර්ගික හවු­ල්ක­රු­ව­කුද වෙනවා. අපට රාජ්‍ය මට්ට­මින් සහ දේශ­පා­ලන පක්ෂ මට්ට­මින් දීර්ඝ ඉති­හා­ස­ගත සබ­ඳ­තා­වක් තිබෙ­නවා. අපගේ වෙළෙඳ, ආයෝ­ජන සහ යටි­තල පහ­සු­කම් පිළි­බඳ හවු­ල්කා­රි­ත්වය ඉතා ශක්ති­මත්.

එක්සත් ජන­ප­දය සහ ශ්‍රී ලංකාව අත­රත් ගැඹුරු සහ බහු­විධ සබ­ඳතා පව­ති­නවා. අමෙ­රිකා එක්සත් ජන­ප­දය යනු අපගේ විශා­ල­තම වෙළෙ­ඳ­පො­ළයි.

අප­ටම අනන්‍ය වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වටි­නා­කම් සහ නීතිය මත පද­නම් වූ පාල­න­යක් සඳහා වන කැප­වී­මක් තිබෙ­නවා. අපි අව­ධා­නය යොමු කරන්නේ මේ වැද­ගත් රට­වල් සමඟ අපගේ සබ­ඳ­තා­වල අඩු වැඩි ලෙස තුල­න­යක් පවත්වා ගැනීම ගැන නොවේ. මේ සෑම සම්බ­න්ධ­තා­වක්ම අපට වැද­ගත්. සෑම විටම එකම අර­මු­ණක් ඇතිව එනම් ‘ශ්‍රී ලාංකි­ක­යන්ට වඩා හොඳ ලෝක­යක්, සැමට වඩා හොඳ ලෝක­යක්’ උදා කිරීම වෙනු­වෙන් අපි සෑම කෙනෙකු සම­ඟම වැඩ කර­නවා.

නිවු­ස්වීක්-

ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­පති භුමි­කාව සහ වෙනස් වන ලෝක පිළි­වෙළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය වෙනස් කෙරෙන ආකා­රය ඔබ දකින්නේ කෙසේද?

ජනා­ධි­පති- ශ්‍රී ලංකාව සඳහා සාර්ථ­ක­ත්වය යන්නෙන් අද­හස් වන්නේ වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශය සහ නව්‍ය­ක­ර­ණය වූ ආයෝ­ජන ප්‍රවා­හය. ශ්‍රී ලංකාව ඉන්දි­යානු සාගර කලා­පයේ ස්ථාවර සහ විශ්වා­ස­දා­යක හවු­ල්ක­රු­වෙකු සහ ඉන්දි­යානු සාගර කලා­පයේ මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ස්ථාන­ගත කිරී­මට අපට අව­ශ්‍යයි.

නිවු­ස්වීක්-

ශ්‍රී ලංකා­වට වොෂි­න්ට­න­යෙන් නිශ්චි­ත­වම අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ වෙනු­වෙන් ශ්‍රී ලංකාව පෙරළා ලබා­දී­මට අපේක්ෂා කරන්නේ කුමක්ද?

ජනා­ධි­පති- අපගේ අප­න­යන සඳහා වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශය අපි අපේක්ෂා කර­නවා. විශේ­ෂ­යෙන් රෙදි­පිළි සහ අගය එකතු කරන ලද නිෂ්පා­ද­න­ව­ලට. අපට දේශ­ගු­ණික මූල්‍ය­ක­රණ අර­මු­දල් සහා­යද අව­ශ්‍යයි. දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් අපට ඩොලර් බිලි­යන ගණ­නක් අහිමි වුණා. සැබෑ හානිය තක්සේරු කිරී­මට අපට සති කිහි­ප­යක් ගත වේවි. දේශ­ගු­ණික තත්ත්ව­යන්ට හැඩ­ගැ­සීම සඳහා අපට ප්‍රදා­න­යන් සහ සහ­යෝ­ගය අව­ශ්‍යයි. විශේ­ෂ­යෙන් පූර්ව අන­තුරු ඇඟ­වීමේ පද්ධති, ඔරොත්තු දෙන යටි­තල පහ­සු­කම්, වෙර­ළ­බඩ ආර­ක්ෂාව ආදී තාක්ෂ­ණය සහ ආයෝ­ජන අව­ශ්‍යයි. අමෙ­රි­කානු සමා­ගම්, ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් යටි­තල පහ­සු­කම්, නිෂ්පා­දන සහ පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ඇතුළු ශක්‍යතා පව­තින සෑම ක්ෂේත්‍ර­ය­කම ආයෝ­ජ­නය කිරීම අපි අපේක්ෂා කර­නවා.

අපට තාක්ෂ­ණික හුව­මා­රුව අවශ්‍ය වෙනවා. අපි ඔවුන්ට පෙරළා පිරි­න­මන්නේ ඉන්දු-පැසි­ෆික් කලා­පයේ උපා­ය­මා­ර්ගි­කව ස්ථාන­ගත කළ, ස්ථාවර, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හවු­ල්ක­රු­වෙක්. අපි නාවික නිද­හ­සට කැප වී සිටි­නවා. අපි වරාය සහ සැප­යුම් පිළි­බඳ සහ­යෝ­ගී­තා­ව­ක­ටද උන­න්දු­වක් දක්ව­නවා. සමු­ද්‍රීය ආර­ක්ෂ­ණය පිළි­බඳ සහ­යෝ­ගී­තාව, ත්‍රස්ත­වා­ද­යට එරෙ­හි­වීම සහ මත්ද්‍රව්‍ය ජාවා­රම වැනි අන්‍යෝන්‍ය වශ­යෙන් පොදු ගැටලු සම්බ­න්ධ­යෙන් අපගේ සහ­යෝ­ගී­තාව ශක්ති­මත් හා ගැඹුරු කිරී­ම­ටද අපි බලා­පො­රොත්තු වෙනවා.

නිවු­ස්වීක්-

රාජ්‍ය ණය තව­මත් දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 100% ට වඩා ඉහ­ළින් පව­තින බැවින්, මේ තත්ත්ව­යට විස­ඳුම් සෙවී­මට සහ දිළි­ඳුම අයට වන බල­පෑම වළක්වා ගනි­මින් යළි ණය පැහැර හැරී­මක් සිදු වීම වළක්වා ගැනී­මට ඔබ සැල­සුම් සකස් කර ඇත්තේ කෙසේද?

ජනා­ධි­පති- අපි ඓති­හා­සික ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යක් අව­සන් කළා. තවත් ව්‍යස­න­ය­කට මුහුණ දුන්නා – දිට්වා සුළි කුණා­ටුව. මූලික ඇස්ත­මේ­න්තු­ව­ලින් පෙනී යන්නේ සිදු වූ හානිය අපේ රට විඳ දරා­ගත් ඕනෑම ස්වාභා­වික විප­ත­කට වඩා වැඩි විය හැකි බවයි. එනිසා දේශ­ගු­ණික ආපදා තත්ත්ව­යෙන් නැවත රට ගොඩ­න­ඟන අත­ර­තුර අපට ණය ගෙවී­මට සිදුව තිබෙ­නවා. දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට ගොදුරු විය හැකි රට­වල් සඳහා ණය තිර­ස­ර­භා­වය පිළි­බඳ රාමු වෙනස් විය යුත්තේ ඒ නිසයි.

අපගේ ආර්ථි­කයේ දශක ගණ­නා­වක් තිස්සේ පැවති දුර්ව­ලතා මඟ­හ­රවා ගැනීම සඳහා අපි අප­න­ය­නය මූලික කර­ගත් ආර්ථික වර්ධ­න­යක් කරා යොමුව සිටි­නවා. ඩිජි­ට­ල්ක­ර­ණය මඟින් අපගේ බදු පද­නම පුළුල් කර­මින්ද සහ සමාජ විය­දම් සුර­ක්ෂිත කර­මින්ද, අපි රජයේ ආදා­යම ඉහළ නංවා ගනි­මින්ද සිටි­නවා. දිට්වා සුළි කුණා­ටු­වෙන් 20,000කට අධික පිරි­ස­කට තම නිවාස අහිමි වුණා. සියල්ල අහිමි වූ ජන­තාව මත අපට බර පැට­විය නොහැ­කියි. අපි අත්‍ය­වශ්‍ය වෛද්‍ය පහ­සු­කම් සැප­යීම සඳහා සහ­නා­ධාර ලබා දෙමින්, කෘෂි­කා­ර්මික කට­යුතු යළි යථා තත්ත්ව­යට පැමි­ණ­වීම සඳහා ආයෝ­ජ­නය කර­මින්, නිවාස, පාසල්, රෝහල් සහ පොදු යටි­තල පහ­සු­කම් නැවත ගොඩ­න­ඟ­මින් සහ ඒ වෙනු­වෙන් අක්මු­දල් සැප­යීම් පුළුල් කර­මින් සිටි­නවා. IMF වැඩ­ස­ට­හනේ පරා­මි­තීන් තුළ ක්‍රියා­ත්මක වන අත­ර­තුර අපි මෙයද සිදු කළ­යුතු වෙනවා. අපගේ හවු­ල්ක­රු­ව­න්ගෙන් සහ ජාත්‍ය­න්තර සංවි­ධා­න­ව­ලින් අපට සහාය අව­ශ්‍යයි.

නිවු­ස්වීක්-

ශ්‍රී ලංකාව 2024දී 5% ක ආර්ථික වර්ධන වේග­යක් වාර්තා කළා. 2025 දී ප්‍රාථ­මික ගිණුමේ 2.3% ක අති­රි­ක්ත­යක් ඉලක්ක කර­නවා. IMF රාමුවේ හිඳි­මින්, ඉදිරි මාස 12-18 කාලයේ අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්ව­ලට දැනෙන සුලු සහන ලබා දිය හැකි ප්‍රති­ප­ත්ති­මය මැදි­හ­ත්වීම් මොන­වාද?

ජන­පති- දිට්වා සුළි කුණා­ටු­වෙන් මිලි­යන දෙක­කට ආසන්න ජන­තා­ව­කට හානි සිදු වුණා. ආසන්න වශ­යෙන් නිවාස 55,000කට හානි සිදු වී ඇති අත­රම සම­හර නිවාස සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබෙ­නවා. මේ පවු­ල්ව­ලට කඩි­නම් ක්ෂණික සහන ලබා­දී­මට අව­ශ්‍යයි. පළ­මුව – ගංව­තු­රට ඔරොත්තු දෙන නිවාස ඉදි­කි­රී­මට සහාය දීමට සිදු වෙනවා. මෙයින් එම පවුල් ආරක්ෂා කරන අත­රම ඉදි­කි­රීම් අංශයේ රැකියා නිර්මා­ණය වෙනවා. දෙව­නුව – අපට කුඹුරු අක්කර 273,000ක් පමණ අහිමි වුණා. ගොවීන්ට නැවත වගා කළ හැකි වන පරිදි බීජ, උප­ක­රණ සහ තාක්ෂ­ණික සහාය ලබා දිය යුතුයි. කෘෂි­ක­ර්මා­න්තය යථා තත්ත්ව­යට ගෙන ඒම සඳහා පම­ණක් අපට විශාල මුද­ලක් අවශ්‍ය වෙනවා. මෙය ආප­දා­වෙන් යළි ගොඩ­ඒ­මට පම­ණක් නොවේ. ආහාර සුර­ක්ෂි­ත­තාව පවත්වා ගැනීම සඳ­හාද අවශ්‍ය වෙනවා. තෙව­නුව – දුප්පත් පවුල් වැඩි­පුර සිටින ප්‍රදේ­ශ­වල ඖෂධ, ඉන්ධන, මූලික ආහාර ද්‍රව්‍ය ආදී සහ­නා­ධාර සැප­යීම් අපි පව­ත්වා­ගෙන යනවා. සිවු­ව­නුව – යටි­තල පහ­සු­කම් අලු­ත්වැ­ඩියා කිරීම තුළ රැකියා නිර්මා­ණය වෙනවා.

නිවු­ස්වීක්-

ඔබගේ රජය මෑත­කදී මහා පරි­මාණ විදේශ ආයෝ­ජන යෝජනා නැවත පරී­ක්ෂා­වට ලක් කර තිබෙ­නවා. ශ්‍රී ලංකාව ප්‍රාග්ධ­නය යෙද­වී­මට සුදුසු ස්ථාන­යක් බව විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට ඒත්තු ගන්වන්නේ කෙසේද?

ජන­පති- පාරි­ස­රික සහ දේශ­ගු­ණික ඔරොත්තු දීමේ ප්‍රමි­තීන්, ආර්ථික ශක්‍ය­තාව, තාක්‍ෂණ හුව­මා­රුව සහ දේශීය ධාරිතා සංව­ර්ධ­නය, ශ්‍රම සහ සමාජ සුර­ක්ෂාව සහ ජාතික සංව­ර්ධන ඉලක්ක සමඟ පෙළ­ගැ­ස්වීම යන පැහැ­දිලි නිර්ණා­යක සහිත විනි­විද පෙනෙන, නීති මත පද­නම් වූ ඇග­යීම් ක්‍රම­වේ­ද­යක් අපි ස්ථාපිත කර­මින් සිටි­නවා. විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට සුපැ­හැ­දිලි බව, අනු­කූ­ල­තාව සහ විශ්වා­සය යන කරුණු තුන අවශ්‍ය වෙනවා.

අපි ආයෝ­ජ­කයා සහ ශ්‍රී ලාංකික ජන­තා­වගේ අව­ශ්‍යතා යන දෙකම ආරක්ෂා කරන පිරි­සුදු, පුරෝ­ක­ථ­නය කළ හැකි ආයෝ­ජන පරි­ස­ර­යක් නිර්මා­ණය කර­මින් සිටි­නවා.

පළ­මුව, ප්‍රමා­දය අවම කිරීම, සැඟ­වුණු බල­පෑම් ඉවත් කිරීම සහ පැහැ­දිලි තීරණ ගැනීමේ ක්‍රියා­ව­ලි­යක් ස්ථාපිත කිරීම සඳහා එකම ස්ථාන­ය­කින් සියලු සේවා සප­යන මධ්‍ය­ගත (තනි කවුළු) ආයෝ­ජන අනු­මත කිරීමේ පද්ධ­ති­යක් අපි හඳුන්වා දී තිබෙ­නවා.

කාල රාමු, අවශ්‍ය ලිය­කි­ය­විලි සහ වග­කි­ව­යුතු නිල­ධා­රීන් කවුද යන්න ඇතු­ළුව සම්පූර්ණ ක්‍රියා­ව­ලි­යම මාර්ග­ග­තව නිරී­ක්ෂ­ණය කිරී­මට ආයෝ­ජ­ක­යන්ට හැකි වෙනවා. ඊට අම­ත­රව, ආයෝ­ජ­ක­යන්ට සාධා­ර­ණ­ත්වය, නීති­මය නිශ්චි­ත­තාව සහ නීතිය බලා­ත්මක කළ හැකි අයි­ති­වා­සි­කම් සහ­තික කර­ලීම සඳහා අපි නව ආයෝ­ජන ආර­ක්ෂණ පන­තක් කෙටු­ම්පත් කර­මින් සිටි­නවා. දෙව­නුව, සෑම මහා පරි­මාණ ව්‍යාපෘ­ති­යක්ම විනි­විද පෙනෙන, නීති මත පද­නම් වූ ඇග­යී­ම­කට භාජන කෙරෙ­නවා. ඒ කියන්නේ ප්‍රමි­ති­ගත ටෙන්ඩර් ක්‍රියා පරි­පාටි සහ පූර්ව-නිශ්චිත තිර­ස­ර­භා­වය පිළි­බඳ වූ නිර්ණා­යක මත. අභ්‍ය­න්තර හෝ දේශ­පා­ල­නික සබ­ඳතා ඇති කණ්ඩා­ය­ම්ව­ලට කියා විශේෂ සැල­කිලි නැහැ. එය ආයෝ­ජ­ක­යන් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි දෙයක්. තෙව­නුව, අපි මේ සඳහා වන නීති සහ නියා­මන රාමුව ශක්ති­මත් කර­මින් සිටි­නවා. ඩිජි­ටල් ප්‍රස­ම්පා­දන ක්‍රියා­වලි, වත්කම් පිළි­බඳ ප්‍රකා­ශන අනි­වාර්ය කිරීම සහ ස්වාධීන අධී­ක්ෂණ යන්ත්‍රණ ස්ථාපිත කිරීම මේ සඳහා අප ගන්නා පිය­ව­ර­ව­ලින් කිහි­ප­යක් පම­ණයි.

මෙයින් පෞද්ග­ලික සබ­ඳතා මත නොව, උචිත බව, ශක්‍ය­තාව සහ ජාතික වශ­යෙන් ලැබෙන ප්‍රති­ලාභ මත අයෝ­ජන සඳහා අනු­මැ­තිය ලබා­දීම සහ­තික කර­නවා. අව­සාන වශ­යෙන්, අපි ආයෝ­ජක විශ්වා­සය දිනා ගැනීම සඳහා වන වැද­ගත්ම සංඥා දෙක, එනම්, දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය සහ නීතියේ ආධි­ප­ත්‍යය පවත්වා ගන්නවා. හදි­සියේ ප්‍රති­පත්ති වෙනස් කරන හෝ විනි­වි­ද­භා­ව­යෙන් තොර තීරණ සහිත යන්ත්‍ර­ණ­ය­කට වඩා දිගු­කා­ලීන ආර්ථික සැල­සු­ම්ක­ර­ණය කෙරෙහි යොමු වූ ස්ථාවර රජ­යක් බොහෝ ආක­ර්ෂ­ණී­යයි. කෙටි­යෙන් කීවොත්, ශ්‍රී ලංකාව ආයෝ­ජන සාද­ර­යෙන් පිළි­ග­න්නවා. නමුත් අපට අවශ්‍ය වන්නේ විනි­විද පෙනෙන, පුරෝ­ක­ථ­නය කළ හැකි සහ ඵල­දායී ආයෝ­ජ­නයි. ආයෝ­ජ­ක­යන් නීතිය පිළි­බඳ දැනු­වත් විට සහ එම නීති හදි­සියේ වෙනස් නොවන බව විශ්වාස කරන විට, ඔවුන් වැඩි ප්‍රාග්ධ­න­යක් යොද­ව­නවා. තාක්ෂ­ණය රැගෙන එනවා මෙන්ම රැකියා නිර්මා­ණය කර­නවා. අපි ගොඩ­න­ඟන්න උත්සාහ කරන්නේ එම පරි­ස­ර­යයි.

නිවු­ස්වීක්-

හම්බ­න්තොට සහ වරාය නග­රය චීන­යට දිගු­කා­ලී­නව බදු දීම පිළි­බඳ සලකා බලන විට, මේවා ශ්‍රී ලංකාව කළ­ම­නා­ක­ර­ණය කළ­යුතු උපා­ය­මා­ර්ගික අව­දා­නම් ලෙස ඔබ දකි­න­වාද?

ජන­පති- මේ ව්‍යාපෘති අප බුද්ධි­මත්ව කළ­ම­නා­ක­ර­ණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අනෙ­කුත් සියලු වරාය පර්යන්ත මෙන්ම හම්බ­න්තොට වරා­යද උප­රිම විනි­වි­ද­භා­ව­යෙන් ක්‍රියා­ත්මක වෙනවා.

එහි පාල­නය පව­තින්නේ අපගේ නාවික හමු­දාව සහ රේගුව යටතේ. එය රැකියා උත්පා­ද­නය සහ කලා­පීය සංව­ර්ධ­න­යෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­ලාභ සඳහා දායක වන අත­රම එයින් රටේ ආර­ක්ෂා­වට අව­දා­න­මක් ඇති කරන්නේ නැහැ. මේ බදු දීම වාණි­ජ­මය පද­න­ම­කින් සිදු වූවක් විනා හමු­දා­මය කට­යුතු සඳහා ලබා දුන්නක් නොවේ. කිසිදු විදේ­ශීය හමුදා කඳ­වු­රක් එහි ස්ථාන­ගත කිරී­මට අව­සර නොමැති බව අපි පැහැ­දි­ලිව පවසා ඇති අතර, අපි එය එලෙ­සම ක්‍රියා­ත්මක කර­නවා. වරාය නග­රය මූලික වශ­යෙන් වාණිජ සංව­ර්ධන ව්‍යාපෘ­ති­යක්.

එය රැකියා නිර්මා­ණය කර­නවා, ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගන්නා අත­රම, ආදා­යම් උත්පා­ද­නය කර­නවා. එහි මෙහෙ­යුම් අප විසින් අධී­ක්ෂ­ණය කළ­යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ නීති­යට අනු­කූ­ලව ක්‍රියා­ත්මක විය යුතු අත­රම, වත්කම් භාවි­ත­යේදී අපේ ස්වෛරී­භා­වය පවත්වා ගත යුතු වෙනවා.මේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අව­ශ්‍යතා පිළි­බඳ පැහැ­දිලි තක්සේ­රු­ව­කින්. එනම්, ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට දායක වන්නේද යන්න විමසා බලා, අන­තු­රුව අප විසින් කළ­ම­නා­ක­ර­ණය කළ යුතු යථා­ර්ථය වෙනවා. මෑත­කා­ලීන ගංව­තුර සහ සුළි කුණා­ටු­වෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ආන්තික කාල­ගු­ණික තත්ත්ව­යන්ට මුහු­ණ­දී­මට අදා­ළව තව බොහෝ දේ කළ­යු­තුව ඇති බවයි.

නිවු­ස්වීක්-

රජය ව්‍යස­න­යට මුහුණ දුන් ආකා­රය පිළි­බඳ එල්ල වන විවේ­ච­න­ව­ලට ඔබ ප්‍රති­චාර දක්වන්නේ කෙසේද?

ජන­පති- දිට්වා සුළි කුණා­ටුව ව්‍යසන තත්ත්ව­යක් ඇති කළා. ජීවිත අහිමි වුණා. ගම්මාන ජල­යෙන් යට වුණා. යටි­තල පහ­සු­කම් විනාශ වුණා. අපගේ හමුදා සහ පළාත් පාලන ආය­තන කඩි­න­මින් අවශ්‍ය කට­යුතු සඳහා යෙද­වීම නිසා ව්‍යස­නය සඳහා අපගේ ප්‍රති­චා­රය කඩි­නම් සහ වේග­වත් වුණා. මීට අපගේ හවු­ල්ක­රු­වන්ද මැදි­හත් වුණා. මේ මොහොතේ ප්‍රමු­ඛ­තාව වන්නේ සිය­ල්ලන් එක්ව වැඩ කිරීම සහ ශ්‍රී ලංකාව යළි නඟා සිටු­වීම සහ­තික කිරී­මයි. ඒ අත­රම ඒ සඳහා අපට මඟ­පෙ­න්වී­මට සාධ­නීය විවේ­චන අවශ්‍ය වෙනවා. මෙවන් තත්ත්ව­ය­කට මුහුණ දීම සඳහා වූ සූදා­නම, ඉඩම් පරි­හ­රණ ප්‍රමිති බලා­ත්මක කිරීම සහ සහන සැල­සීමේ වේගය ආදී යන්ත්‍රණ තුළ දිගු­කා­ලීන දුර්ව­ලතා දක්නට ලැබුණා.

අපි රජය ලෙස කට­යුතු කරන අතර මේ ගැටලු නිරා­ක­ර­ණය කිරී­මට අපට අව­ශ්‍යයි. අපගේ ආපදා කළ­ම­නා­ක­රණ පද්ධති පිළි­බඳ පුළුල් සමා­ලෝ­ච­න­යක් අපි සිදු කර­මින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ පූර්ව නිරී­ක්ෂණ සහ පූර්ව අන­තුරු ඇඟ­වීමේ පද්ධති වැඩි­දි­යුණු කළ යුතුයි. විශේ­ෂ­යෙන්ම ඒ ඒ මොහො­තේම කාල­ගුණ තත්ත්ව හඳු­නා­ගැ­නීමේ සහ ප්‍රජා­වට අන­තුරු ඇඟ­වීමේ යන්ත්‍රණ. බල­පෑ­මට ලක් වූ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම හදිසි මෙහෙ­යුම් මධ්‍ය­ස්ථාන පිහි­ටුවා තිබෙ­නවා. මුදා­ගැ­නී­මට සහ සහන සැල­සී­මට සිය­ලුම හමුදා සහ පොලීසි යොදවා තිබෙ­නවා. අප වෙත කඩි­නම් සහාය දැක් වූ ජාත්‍ය­න්තර හවු­ල්ක­රු­වන් සමඟ අවශ්‍ය සම්බ­න්ධී­ක­ර­ණය සිදු කර තිබෙ­නවා.

අපි අවශ්‍ය සම්පත් සහ අධි­කා­රිය සහිත ජාතික ආපදා කළ­ම­නා­ක­රණ අධි­කා­රි­යක් නිර්මා­ණය කර­මින් සිටි­නවා. වඩා හොඳ රේඩාර් ආව­ර­ණ­යක් මගින් අපි අපගේ පුරෝ­ක­ථන වැඩි­දි­යුණු කර­න්නට කට­යුතු කර­නවා. අපි අධි-අව­දා­නම් සහිත ප්‍රදේ­ශ­වල මුදා­ගැ­නීමේ උප­ක­රණ සහ අවශ්‍ය සැප­යුම් පූර්ව ස්ථාන­ගත කිරීම සිදු කර­නවා. මධ්‍යම කඳු­ක­රයේ නාය යෑමේ අව­දා­නම් සහිත ප්‍රදේශ අපි සිති­ය­ම්ගත කර­මින් සිටි­නවා. ඇත්ත වශ­යෙන්ම මේ දිස්ත්‍රික්ක මින් පෙරද නාය­යෑ­ම්ව­ලට මුහුණ දී තිබෙ­නවා.

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන්, කාල­යත් සමඟ මෙවන් විනා­ශ­යක් අපේක්ෂා කළ යුතුව තිබුණා. එහෙත් වසර ගණ­නා­වක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රමා­ණ­වත් ලෙස ඒ සඳහා සූදා­නම් වීමට අපො­හො­සත් වී තිබෙ­නවා. අවම වශ­යෙන් දැන්, අපගේ රජය සියලු හවු­ල්ක­රු­වන් සමඟ එක්ව ඵල­දායී, කාර්ය­ක්ෂම සහ වග­කි­ව­යුතු පද්ධති ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය කට­යුතු කර­මින් සිටි­නවා. අපි ශ්‍රී ලංකාව පෙරට වඩා හොඳින් යළි ගොඩ­නැ­ඟි­මට කට­යුතු කර­නවා.

නිවු­ස්වීක්-

දේශ­ගු­ණික ආපදා තත්ත්ව විසින් රට නැවත නැව­තත් වසර ගණ­නා­වක් පසු­ප­සට ඇද දමන ආකෘ­ති­යක ශ්‍රී ලංකාව සිර වී සිටි­න­වාද? ඔබේ දිගු­කා­ලීන සැලැස්ම කුමක්ද?

ජන­පති- අපි දැන්ම ක්‍රියා නොක­ළොත් අපි කොටු වෙනවා. මේ උගුල අප විසින්ම නිර්මා­ණය කරන ලද්දක් නොවේ. ශ්‍රී ලංකාව ගෝලීය වායු විමෝ­ච­න­යට දායක වන්නේ නොසැ­ල­කිය යුතු කුඩා ප්‍රමා­ණ­ය­කින්. නමුත් වසර ගණ­නක අප විසින් අත්පත් කර­ගත් ප්‍රග­තිය එක රැය­කින් විනාශ කළ හැකි දේශ­ගු­ණික කම්ප­න­ව­ලට අපි මුහුණ දෙමින් සිටි­නවා. අපි මේ චක්‍රය බිඳ දැමිය යුතුයි. සෑම ගංව­තු­ර­ක­ටම, සෑම සුළි කුණා­ටු­ව­ක­ටම, සෑම නිය­ඟ­ය­ක­ටම අපව නැවත අප මුලින්ම ආරම්භ කළ ස්ථාන­යට ගෙන­යෑ­මට ඉඩ දිය නොහැ­කියි. එනිසා මේ උගු­ලෙන් ගැල­වී­මට සැලැ­ස්මක් සකසා ගැනී­මට අපට සහාය වන ලෙස අපි අපගේ හවු­ල්ක­රු­ව­න්ගෙන් ඉල්ලා සිටි­නවා.

දේශ­ගු­ණික තත්ත්ව­යන්ට ප්‍රති­රෝධී යටි­තල පහ­සු­කම් ගොඩ­නැ­ඟී­මට අපට උප­කාර කරන්න. මෙය මුලදී වැඩි පිරි­වැ­යක් දැරු­වත්, නැවත නැවත කර­න්නට සිදු­වන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් අපව ගලවා ගනීවි. දේශ­ගු­ණික-අව­දා­න­මට ලක්විය හැකි අංශ­ව­ලින් අපගේ ආර්ථි­කය, ඩිජි­ටල් ආර්ථි­කය, තොර­තුරු තාක්ෂණ සේවා, සරල නිෂ්පා­දන සහ දේශ­ගු­ණික-ප්‍රති­රෝධී කර්මාන්ත වැනි අංශ වෙත අපගේ ආර්ථි­කය විවි­ධාං­ගී­ක­ර­ණය කිරී­මට අපට උප­කාර කරන්න.

ආපදා ඇති­වී­මට පෙර ජන­තාව ඉවත් කිරී­මට සහ වත්කම් ආරක්ෂා කිරී­මට ප්‍රමා­ණ­වත් කාලය ලැබෙන පරිදි තාක්ෂ­ණය අප සමඟ බෙදා ගන්න. කඩො­ලාන ප්‍රති­ෂ්ඨා­ප­නය, වන වගාව සහ තෙත්බිම් සංර­ක්ෂ­ණය ආදිය ඇතුළු ස්වාභා­වික දේශ­ගු­ණික විප­ර්යාස අවම කිරීමේ යටි­තල පහ­සු­කම් ගොඩ­නැ­ඟී­මට අපට උප­කාර කරන්න.

නිවු­ස්වීක්-

ආපදා තත්ත්ව­යට ප්‍රති­චාර දැක්වී­මේදී වඩාත්ම විශ්වා­ස­වන්ත හවු­ල්ක­රු­වන් වූයේ කවුද? ශ්‍රී ලංකාවේ අනා­ග­ත­යට අත්‍ය­වශ්‍ය වන රට­වල් මොන­වාද?

ජන­පති- අපට සහාය වීමට බොහෝ රට­වල් ඉදි­රි­පත් වුණා. ඉන්දි­යාව සාගර් බන්ධු මෙහෙ­යුම සමඟ කඩි­න­මින්ම ප්‍රති­චාර දැක්වූවා. ඔවුන් ගුවන් යානා, හෙලි­කො­ප්ටර්, ගුවන් යානා ප්‍රවා­හක INS වික්‍රාන්ත් ඇතුළු නාවික යාත්‍රා සහ ඔවුන්ගේ ජාතික ආපදා ප්‍රති­චාර බළ­කායේ නිල­ධා­රීන් ඒ සඳහා යෙද­වූවා. අපගේ අස­ල්වැසි පාකි­ස්තා­නය සහ මාල­දි­ව­යින ද අපට මිල කළ නොහැකි සහ­යෝ­ග­යක් ලබා දුන්නා. ඔවුන්ගේ සහ­යෝ­ගී­තාව මෙන්ම අපගේ සියලු අස­ල්වැසි රාජ්‍ය­යන් අපට ලබා දුන් සහ­යෝ­ගී­තාව අපි බෙහෙ­වින් අගය කර­නවා. ලොව පුරා සිටින අනෙ­කුත් සිය­ලුම රට­වල්, ජාත්‍ය­න්තර හවු­ල්ක­රු­වන් සහ පුද්ග­ල­යන්ට ද අපි බෙහෙ­වින් කෘතඥ වෙනවා.

යටි­තල පහ­සු­කම් ගොඩ­නැ­ඟීම, ආර්ථික සංව­ර්ධ­නය, දේශ­ගු­ණික අනු­ව­ර්ත­නය සහ තාක්ෂ­ණය සඳහා අපි සිය­ලුම හවු­ල්ක­රු­වන් සමඟ, එනම්, ද්විපා­ර්ශ්වික සහ බහු­පා­ර්ශ්වික ලෙස එක්ව කට­යුතු කර­නවා. ඔබගේ පැන­යට ලබා දිය හැකි අවංක පිළි­තුර නම් – අපට තනි හවු­ල්ක­රු­වෙකු මත පම­ණක් යැපී­මට හැකි­යා­වක් නැහැ. අපගේ අනා­ග­තය රඳා පව­තින්නේ අප රටේ තිර­සර සංව­ර්ධ­නය, ප්‍රග­තිය සහ සමෘ­ද්ධිය සඳහා දායක වන සිය­ලුම හවු­ල්ක­රු­වන් සමඟ ඵල­දායී සබ­ඳතා ගොඩ­නඟා ගැනීම සහ පව­ත්වා­ගෙන යෑම මතයි.

නිවු­ස්වීක්-

ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත සහ සීමා මාර්ග­ගත ක්‍රම­වල සුර­ක්ෂි­ත­භා­වය පිළි­බඳ නීතිය වැනි නීති යටතේ ශ්‍රී ලංකාව පුළුල් බල­තල රඳවා ගන්නවා. මේ නීති සම්බ­න්ධ­යෙන් ඔබේ සැලැස්ම කුමක්ද?

ජන­පති- අතී­ත­යේදී මේ නීති මර්ද­නයේ මෙව­ලම් ලෙස භාවිත කර තිබෙ­නවා. ඒවා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තුළ විතැන් වී තිබෙ­නවා. නමුත් අපි පුළුල් ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­කට කැප වී සිටින අත­රම, ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත අව­ලංගු කර සිවිල් නිද­හස සමඟ නීත්‍ය­නු­කූල ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් පව­තින ගැටලු තුල­නය කරන නීති මගින් එය ආදේශ කිරී­මට කැප වී සිටි­නවා. මෙයින් අද­හස් කරන්නේ අවි­නි­ශ්චිත ලෙස රඳවා තබා ගැනීම අව­සන් කිරීම, සියලු රඳවා තබා ගැනීම් සඳහා අධි­ක­රණ අධී­ක්ෂ­ණ­යක් ස්ථාපිත කිරීම, නීති උප­දෙස් ලබා ගැනීමේ අයි­තිය ආරක්ෂා කිරීම සහ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍ය­න්තර මානව හිමි­කම් ප්‍රමි­තීන්ට අනු­කූල වන බව සහ­තික කිරී­මයි. ප්‍රච­ණ්ඩ­ත්ව­යට සහ ළමුන් සූරා­කෑ­මට මුල් වන වෛරී ප්‍රකා­ශන වැනි සැබෑ හානි පිළි­බඳ අව­ධා­නය යොමු කරන අත­රම ප්‍රකා­ශ­නයේ නිද­හස ආරක්ෂා කිරීම සඳහා අපි මාර්ග­ගත ක්‍රම­වල සුර­ක්ෂි­ත­භා­වය පිළි­බඳ පනත සංශෝ­ධ­නය කිරී­මට කට­යුතු කර­මින් සිටි­නවා.

මෙහිදී අව­ධා­නය යොමු වන්නේ සැබෑ හානිය වැළැ­ක්වී­මට මිස පව­තින විවේ­චන නිහඬ කර­ලීම පිළි­බ­ඳව නෙමෙයි. මේ ආදේ­ශන නීති කෙටු­ම්පත් කිරීම සඳහා සිවිල් සමා­ජය, ජාත්‍ය­න්තර මානව හිමි­කම් විශේ­ෂ­ඥ­යන් සහ බල­පෑ­මට ලක් වූ ප්‍රජාව සමඟ කට­යුතු කිරී­මට අපට අව­ශ්‍යයි. කඩි­මු­ඩියේ සම්මත කරන නරක නීති නව ගැටලු නිර්මා­ණය කර­නවා – අපි මෙය අතී­ත­යේ­දීත් අත්විඳ තිබෙ­නවා. ජාතික සහ ජාත්‍ය­න්තර වශ­යෙන් රජය කෙරෙහි විශ්වා­සය රඳවා ගැනී­මට මේ ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ පිළි­බ­ඳව අපි ක්‍රියා කර­නවා. ඉක්ම­නින් ක්‍රියා කර­නවා.

නිවු­ස්වීක්-

ශ්‍රී ලංකාවේ ආර­ක්ෂාව පිළි­බඳ නීති නිර්-ලිබ­රල් රාජ්‍ය­යක නීති­ව­ලට සමාන වන විට අයි­ති­වා­සි­කම් පිළි­බඳ දැනු­වත් හවු­ල්ක­රු­වන්ට එය විශ්වාස කළ හැක්කේ කෙසේද?

ජන­පති- විශ්වා­සය ක්‍රියා­වෙන් උපයා ගන්නා දෙයක්. පෙර සිටි රජ­යන් කළ කී දෑ දැන් අපට උරුම වී තිබෙ­නවා. ඒවා වෙනස් කිරී­මට කාලය ගත වෙනවා. අයි­ති­වා­සි­කම් පිළි­බඳ දැනු­ම්වත් හවු­ල්ක­රු­වන් අපගේ ක්‍රියා දෙස බැලිය යුතුයි.

අපි දේශ­පා­ලන සිර­ක­රු­වන් ක්‍රමා­නු­කූ­ලව නිද­හස් කර­මින්, අනී­ති­කව මර්ද­න­කාරී නීති යටතේ පුද්ග­ල­යන් රඳවා තබා ගත් අවස්ථා සමා­ලෝ­ච­නය කර­මින්, සාම­කාමී විරෝ­ධතා සඳහා ඉඩ හසර ලබා දෙමින් සහ අධි­ක­ර­ණය, මානව හිමි­කම් කොමි­සම සහ දූෂණ විරෝධී ආය­තන ආදී ස්වාධීන ආය­තන ශක්ති­මත් කර­මින් සිටි­නවා. අපි මේ ආය­ත­න­ව­ලට අවශ්‍ය සම්පත් සප­යන අතර මර්ද­න­කාරී නීති අව­ලංගු කිරීමේ සහ සංශෝ­ධ­නය කිරීමේ ක්‍රියා­ව­ලි­යක යෙදී සිටි­නවා. දශක ගණ­නා­වක් තිස්සේ ගොඩ­නඟා ඇති මෙවැනි මර්ද­න­කාරී පද්ධති විසු­රුවා හැරී­මට අපි උත්සාහ කර­මින් සිටි­නවා. පාල­නය පිළි­බඳ පැවති දේශ­පා­ලන සංස්කෘ­තිය සහ ආය­ත­නික පුරුදු එක රැය­කින් වෙනස් වන්නේ නැහැ. එයට අන­ව­රත උත්සා­හය අවශ්‍ය වෙනවා. අපි නිවැ­රදි දිශා­වට ගමන් කර­න­වාද සහ අපගේ ප්‍රති­සං­ස්ක­රණ වැද­ගත්ද යන්න දෙස අපගේ හවු­ල්ක­රු­වන් බැලිය යුතුයි.

එසේම, අපි පසු­බෑ­ම­කට ලක් වෙන­වාද නැත­හොත් ඉදි­රි­යට යන­වාද යන්න විමසා බැලිය යුතුයි. වග­කි­ව­යුතු සහ අයි­ති­වා­සි­කම් මත පද­නම් වූ පද්ධති ගොඩ­නැ­ඟී­මට ඔවුන් අපට උදව් කළ යුතු වෙනවා. අයි­ති­වා­සි­ක­ම්ව­ලට ගරු කරන ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් ගොඩ­නැ­ඟීම සඳහා අප කැප වන අතර, එම ක්‍රියා­ව­ලි­යට සහාය දෙන ලෙස අපි සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා.

නිවු­ස්වීක්-

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රි­ස්ව­රයා ස්වාධීන විශේෂ උප­දේ­ශ­ක­යකු සහි­තව විශේෂ අධි­ක­රණ යන්ත්‍ර­ණ­යක් නිර්දේශ කර තිබෙ­නවා. ඔබ ඊට ප්‍රති­චාර දක්වන්නේ කෙසේද?

ජන­පති- අතී­තයේ සිදු වූ අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම් සඳහා වන සංක්‍රා­න්තික යුක්තිය සංකී­ර්ණයි. එම පවු­ල්ව­ලට සත්‍යය, වග­වීම, යුක්තිය සහ වන්දි ලැබිය යුතුයි. අපගේ ජාති­යට සංහි­ඳි­යාව අව­ශ්‍යයි. ශ්‍රී ලංකාව විසින් මෙහෙ­ය­වනු ලබන ක්‍රියා­ව­ලි­යක් මගින් අතී­තයේ සිදුවූ මේ උල්ලං­ඝ­නය කිරීම් සඳහා වග­වීමේ වැඩ­පි­ළි­වෙ­ළ­කට අපි සහාය දෙනවා. විශ්ව­ස­නීය දේශීය ක්‍රියා­ව­ලි­යක් කුමන ආකා­රයේ විය යුතුද යන්න පිළි­බ­ඳව තීර­ණය කිරී­මට අපි දැනට වින්දි­ත­යන්ගේ කණ්ඩා­යම්, සිවිල් සමාජ සංවි­ධාන, දේශීය සහ ජාත්‍ය­න්තර විශේ­ෂ­ඥ­යන් සමඟ කට­යුතු කර­මින් සිටි­නවා.

නිවු­ස්වීක්-

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ අත්අ­ඩං­ගු­වට ගැනීම දේශ­පා­ල­නික වුව­ම­නා­වෙන් සිදු වූවක් බවත්, මුල් බැස­ගෙන ඇති දූෂ­ණ­යට එරෙ­හිව සැබෑ පිය­වර නොගන්නා බවත් විචා­ර­කයෝ පව­ස­නවා. ඔබ එයට ප්‍රති­චාර දක්වන්නේ කෙසේද?

ජන­පති- දූෂණ විම­ර්ශන කට­යුතු දේශ­පා­ල­නික වුව­මනා මත සිදු නොකළ යුතු අතර සාක්ෂි මත පද­නම් විය යුතුයි. සාක්ෂි මත නඩු පැව­රී­මට අවශ්‍ය නම්, දේශ­පා­ලන තත්ත්වය මත මුක්තිය ලබා නොදිය යුතුයි. එවැනි කාරණා සම්බ­න්ධ­යෙන් දේශ­පා­ලන මැදි­හ­ත්වී­මක් නොති­බිය යුතුය. වික්‍ර­ම­සිංහ මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම යුක්ති සහ­ග­තද නැද්ද යන්න සාක්ෂි මත රඳා පව­තින අතර, මාධ්‍ය හෝ දේශ­පා­ලන බල­පෑම මත නොව, එය නිසි අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යක් මගින් පරීක්ෂා කළ යුතුයි.

ආය­ත­න­ගත දූෂ­ණය සම්බ­න්ධ­යෙන් වඩාත් පුළුල් ලෙස ගත්තොත්, ඔව්, අපි තව­මත් ප්‍රමා­ණ­වත් ලෙස ක්‍රියා කර නොමැති බව පෙනෙන්න පුළු­වන්. එසේ පෙනෙන්න හේතුව, දූෂ­ණය දශක ගණ­නා­වක් තිස්සේ ගොඩ­න­ඟන ලද ආය­ත­න­වල ගැඹු­රින් මුල් බැස තිබී­මයි. මෙයින් අද­හස් කරන්නේ දේවල් නිවැ­රදි කිරීම සඳහා අත්අ­ඩං­ගු­වට ගැනීම පම­ණක් නොව පද්ධ­ති­මය වෙන­සක් අවශ්‍ය වන බවයි. අපි දූෂ­ණය පිටු­ද­කින ආය­තන ශක්ති­මත් කර­මින් සිටි­නවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ස­මට ස්වාධී­න­ත්වය, සම්පත් සහ දේශ­පා­ලන නිද­හස අව­ශ්‍යව තිබෙ­නවා. අපි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලියේ විනි­වි­ද­භා­වය ස්ථාපිත කර­මින් සිටි­නවා. රජයේ කොන්ත්‍රාත්, විශේ­ෂ­යෙන්ම විශාල යටි­තල පහ­සු­කම් සඳහා වූ ව්‍යාපෘති, විනි­විද පෙනෙන, තර­ග­කාරී ක්‍රියා­ව­ලි­ය­කින් සිදු විය යුතුයි.

අල්ල­සට ඇති අවස්ථා අවම කිරීම සඳහා අපි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය ඩිජි­ට­ල්ක­ර­ණය කර­මින් සිටි­නවා. අපි වත්කම් බැර­කම් ප්‍රකා­ශන සහ ලැදි­යා­වන් අතර ගැටුම් පිළි­බඳ නීති ශක්ති­මත් කර­මින් සිටි­නවා. අපි ප්‍රධාන අල්ලස් හෝ දූෂණ වර­ද­වල් සම්බ­න්ධ­යෙන් නඩු පැව­රී­මට ක්‍රියා කර­මින් සිටි­නවා. අනා­ග­ත­යේදී දූෂ­ණය වැළැ­ක්වීම සඳහා වන ආය­ත­නික ප්‍රති­සං­ස්ක­රණ අපි ස්ථාපිත කර­මින් සිටින අත­රම වග­වීමේ සංස්කෘ­ති­යක් නිර්මා­ණය කිරී­මට අපි කැප වී සිටි­නවා. විශ්ව­ස­නී­ය­ත්වය පැමි­ණෙන්නේ ක්‍රියා­වෙන් මිස පෞරු­ෂ­යෙන් නොවන බව අපි විශ්වාස කර­නවා.

ශ්‍රී ලංකාවේ යුක්තිය පාල­නය විය යුත්තේ කරුණු, සාක්ෂි සහ නිසි ක්‍රියා­ප­ටි­පාටි මගින්. අප ක්‍රියා­ත්මක වන්නේ ඊට අනු­වයි. මේ යන්ත්‍රණ ශක්ති­මත් කිරීම, ඒවායේ අඛ­ණ්ඩ­තාව සහ­තික කිරීම සහ වග­වීම යන කරුණු පාල­නයේ ස්ථිර ලක්ෂණ බවට පත් කිරීම සඳහා අපි පස් අවු­රුදු දූෂණ විරෝධී සැලැ­ස්මක්ද ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.

නිවු­ස්වීක්-

2024දී ශ්‍රී ලාංකි­ක­යන් 300,000කට අධික සංඛ්‍යා­වක් විදේශ රැකියා සඳහා පිටත්ව ගියා. තරුණ විරැ­කි­යාව තව­මත් 20%ට වඩා වැඩියි. නිපු­ණතා ඇති වයස අවු­රුදු 25ක තරු­ණ­ය­කුට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු යැයි ඒත්තු ගැන්විය හැකි රජයේ ප්‍රති­සං­ස්ක­රණ මොන­වාද?

ජන­පති- තරු­ණ­යන්ට අව­ස්ථා­ව­න්ගෙන් පිරුණු දීප්ති­මත් අනා­ග­ත­යක් සහිත රටක් අප නිර්මා­ණය කළ යුතු වෙනවා. මේ සඳහා මූලික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. කෙටි­යෙන් කීවොත් – සම්බ­න්ධ­තා­ව­ලට වඩා කුස­ල­තා­ව­ලට මූලි­ක­ත්වය දීම, ව්‍යව­සා­ය­ක­ත්ව­යට හිත­කර පරි­ස­ර­යක්, තර­ග­කාරී වැටුප් සහ අවස්ථා, ගුණා­ත්මක අධ්‍යා­ප­නය සහ කුස­ලතා පුහු­ණුව, මෙර­ටට නැවත පැමි­ණෙන අයට නව ජීවන මාර්ග, ජීව­ත්විය හැකි නගර සහ යහ­පත් ජීවන තත්ත්වය, දේශ­ගු­ණික වශ­යෙන් ඔරොත්තු දීමේ හැකි­යාව ආදිය දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ගෝලීය ආර්ථි­කය සමඟ බාධා­ව­කින් තොරව සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය නියා­මන රාමු සහ ජාත්‍ය­න්තර හවු­ල්කා­රිත්ව ඇති කර ගැනී­ම­ටත් අපට අව­ශ්‍යයි. එයින් අපගේ ජන­තා­වට දැනට පව­තින සීමා­මා­යිම් පුළුල් වෙනවා. ඒ වුණත් මේ සියලු ප්‍රති­සං­ස්ක­රණ සිදු වුවත්, ඇතැම් අය රට හැර යාවි. මෙහි කටුක සත්‍යය එයයි. ගෝලී­ය­ක­ර­ණය වූ ලෝක­යක යථා­ර්ථය මෙයයි. අපට කළ හැක්කේ සහ අප ඉටු කිරී­මට කැප වී සිටින්නේ ප්‍රමා­ණ­වත් අවස්ථා නිර්මා­ණය කිරී­මයි. එම­ඟින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තර­ග­කාරී තේරී­මක් මිස කැප­කි­රී­මක් නොවෙනු ඇති. ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට සහ ප්‍රග­ති­යට දායක විය හැකි ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකි­ක­යන් සමඟ ශක්ති­මත් සම්බ­න්ධතා පවත්වා ගැනී­මට ද අපට අව­ශ්‍යයි. දක්ෂතා ඇති වයස අවු­රුදු 25ක තරු­ණ­යකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු වන්නේ ඔහුට ශ්‍රී ලංකාවේ සාර්ථක වෘත්තී­මය තත්ත්ව­යක් ගොඩ­නඟා ගත හැකි බවත් රටේ ප්‍රග­ති­යට අර්ථ­වත් ලෙස දායක විය හැකි බවත් ඔහු විශ්වාස කරන නිසා. අපි නිර්මා­ණය කිරී­මට කට­යුතු කරන්නේ එයයි. එනම්, සැමට සමෘ­ද්ධි­මත් විය හැකි ස්ථාවර, සාම­කාමී, සංහි­ඳි­යා­වෙන් යුතු පොහො­සත් ශ්‍රී ලංකා­වක්.

නිවු­ස්වීක්-

ඔබේ රටේ අතී­තයේ සිදු වූ සියලු අය­හ­පත් දෑ ඔබට Òජය­ගතÓ හැකි යැයි ඔබ සිත­න­වාද?

ජන­පති- නැහැ. මෙහිදී අවංක වීම වැද­ගත්. ගැටු­ම්ව­ලින් ජීවිත දහස් ගණ­නක් අහිමි වීම ජය ගන්න බැහැ. අතු­රු­දන් වීම්, වධ­හිංසා පැමි­ණ­වීම්, එම පවු­ල්ව­ලට දැනුණු කම්ප­නය සහ පර­ම්පරා ගණ­න­කට කැලැල් ඇති කළ අතී­තයේ සිදු­වීම් අපට ජය ගැනී­මට බැහැ. වැරදි ආර්ථික කළ­ම­නා­ක­ර­ණය සහ බිඳ­වැ­ටීම නිසා ඇති වූ දුක් වේදනා අපට ජය ගැනී­මට බැහැ. මරණ සහ ඛේද­වා­චක ජය ගැනී­මට බැහැ. අපට කළ හැක්කේ සහ අප කළ­යුත්තේ, අතී­තයේ සිදු වූ මේ භීෂණ නැවත ඇති නොවන බව සහ­තික කිරී­මයි. ඒවා කිසි විටෙ­කත් නැවත සිදු නොවන බව තහ­වුරු කිරී­මයි. ආද­ර­ණී­යන් අහිමි වූ මිනි­සුන්ගේ වේද­නාව නව රජ­යක් හෝ නව නීති­යක් ඇති වූ පම­ණින් අතු­රු­දන් වන්නේ නැහැ.

අපට කළ හැකි හොඳම දෙය නම් වේද­නාව පව­තින බව පිළි­ගැ­නීම සහ මෙවැනි දේවල් නැවත සිදු නොවන බවට වග බලා ගැනී­මෙන් එම වේද­නාව නිෂ්ඵල එකක් නොවන බව සහ­තික කිරී­මයි. ජය ගැනීම යන්නෙන් ඇඟ­වෙන්නේ අපට අතී­ත­යට ගොස් අම­තක කළ හැකි බවයි.

ඒත් අපට අතී­තය මකා දැමිය නොහැ­කියි. අපට අතී­තය අම­තක කරන්න බැහැ. අපි අතී­තය පිළි­ගෙන, ඒ මත­ක­යන් සහ වේද­නා­කාරී අත්දැ­කීම්, ඒවා නැවත ඇති නොවීම සහ­තික කිරීම පිණිස වඩා හොඳ, සියලු දෙනා අන්ත­ර්ක­ර­ණය කර ගත් ජාති­යක් ගොඩ­නැ­ඟීම සඳහා වන පෙළ­ඹ­වී­මක් බවට පත් කර ගත යුතුයි. මගේ මත­ක­යට එන පැනය නම්, අපට නරක දෙයක් ජය ගත හැකිද යන්න නොවෙයි. එම වේද­නා­කාරී අත්දැ­කීම් ඇති කළ චක්‍රය බිඳ දැමිය හැකිද යන්නයි. ජන­වා­ර්ගි­ක­ත්වය, භාෂාව හෝ ආගම යන භේද නොස­ලකා සෑම කෙනෙ­කුම ආරක්ෂා කරන ආය­තන අපට ගොඩ­නඟා ගත හැකිද යන්නයි.දේශ­පා­ල­න­මය වෙන­ස්කම් ප්‍රච­ණ්ඩ­ත්ව­යට හේතු නොවන බව අපට සහ­තික කළ හැකිද? පුර­වැ­සි­භා­වය සමාන වන, සියලු ප්‍රජා­වට තමන් සමාන බව හැඟෙන රටක් අපට නිර්මා­ණය කළ හැකිද? සෑම කෙනෙ­කු­ටම වග­කීම පැව­රෙන ශක්ති­මත් ආය­තන සහිත රටක් අපට නිර්මා­ණය කළ හැකිද? මෙය සාක්ෂාත් කර ගත හැකි ඉල­ක්ක­ය­ක්යැයි මම සිත­නවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වන්නේ අතී­ත­යට අවං­කව මුහු­ණ­දීම මිස එය ජය ගැනී­මට බොරු මවා­පෑ­මක් නොවේ. සුළු­තර අයි­ති­වා­සි­කම් ආරක්ෂා කරන සහ සමාන පුර­වැ­සි­භා­වය සහ­තික කරන ව්‍යව­ස්ථා­මය ප්‍රති­සං­ස්ක­රණ එයට අවශ්‍ය වෙනවා. එයට ප්‍රජාව සවි­බ­ල­ගැ­න්වීම සහ අව­දා­න­මට ලක් විය හැකි අය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සියලු දෙනාට සමාන ආර්ථික අවස්ථා සැල­සී­මට අවශ්‍ය වෙනවා. එයට සියලු දෙනාට ගෞර­වය ලබා­දීම අව­ශ්‍යයි. අපට අතී­තය ජය ගත නොහැ­කියි. එහෙත් අතී­ත­යෙන් පාඩම් ඉගෙන ගෙන එම අය­හ­පත් දේ අනා­ගත පර­ම්ප­රා­වන් වෙත භාර නොදී­මට අවශ්‍ය ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරී­මෙන් එම අය­හ­පත් දේ නැවත ඇති වීම ප්‍රති­ක්ෂේප කළ හැකියි.

නිවු­ස්වීක්-

ශ්‍රී ලංකා­වට දැනට පව­තින විශා­ල­තම අභි­යෝ­ගය කුමක්ද?

ජන­පති – අපගේ විශා­ල­තම අභි­යෝ­ගය වන්නේ එකි­නෙක ගැටෙන අර්බුද සමඟ කට­යුතු කරන අත­ර­තුර තිර­සර සහ සාධා­රණ සංව­ර්ධ­න­යක් අත්කර ගැනී­මයි. අපි දැන් ඓති­හා­සික ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යක් සම්පූර්ණ කර තිබෙ­නවා. ඩොලර් බිලි­යන 25ක ණය ප්‍රති­ව්‍යු­හ­ගත කර තිබෙ­නවා. ඩොලර් බිලි­යන 3ක ණය කපා හැර තිබෙ­නවා. එහෙත්, දැන් අපට අපගේ පාල­න­යෙන් ඔබ්බට ගිය අර්බු­ද­ය­කට මුහුණ දීමට සිදු වෙලා. දිට්වා සුළි කුණා­ටුව අපගේ අභි­යෝග තවත් බර­ප­තළ කර තිබෙ­නවා. අපි පිය­වර දෙකක් ඉදි­රි­යට තබන විට, අපගේ පාල­න­යෙන් ඔබ්බට ගිය දෙයක් අපව පිය­වර තුනක් පසු­ප­සට තල්ලු කර ඇති බව පෙනෙ­නවා. එහෙත් අපගේ ජන­තා­වට අසා­මාන්‍ය දරා ගැනීමේ හැකි­යා­වක් තිබෙ­නවා.

අපගේ ණය ප්‍රමා­ණය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 100% ට වඩා වැඩියි. ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒමට අපට හැකි වුණත්, අපගේ ආර්ථි­කය තව­මත් බිඳ­වැ­ටෙන සුළුයි. මේ මොහොතේ මිලි­යන දෙක­කට අධික ජන­තා­වක් ව්‍යස­න­ය­කින් පීඩා­වට පත්ව සිටි­නවා. ඔවුන්ට කඩි­නම් සහාය අව­ශ්‍යයි. යම් අර්බු­ද­යක් පැන නැඟී අපව වසර කිහි­ප­ය­කින් පසු­ප­සට ඇද දමන, සෑම ජය­ග්‍ර­හ­ණ­යක්ම තාව­කා­ලික තත්ත්ව­යක් පම­ණක් වන චක්‍ර­යෙන් ඔබ්බට යෑමට අපට සිදු වෙනවා. මම හිතන්නේ මෙය අපගේ විශා­ල­තම අභි­යෝ­ග­යයි. ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකි­යාව අපි ඔප්පු කළ යුතුයි. අපට දේශ­ගු­ණික විප­ත්ව­ලට ඔරොත්තු දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි.

තරු­ණ­යන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටී­මට සිතෙන සරු අනා­ග­ත­යක් ඔවුන්ට ලබා දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි. ණය කළ­ම­නා­ක­ර­ණය, ආපදා සඳහා පෙර සූදා­නම, ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ, තරු­ණ­යන්ට රැකියා, දේශ­ගු­ණික අනු­ව­ර්ත­නය ආදී අනෙක් සියල්ල ගලා එන්නේ ශ්‍රී ලංකා­වට තිර­සර අනා­ග­ත­යක් ඇති බව ඔප්පු කිරීම පිළි­බඳ වන කේන්ද්‍රීය අභි­යෝ­ග­යෙන්. අපගේ ජන­තා­වට විශ්වා­සය නැවත ගොඩ­නැං­වීම සහ සියලු අභි­යෝ­ග­යන්ට ඔරොත්තු දෙන, සාම­කාමී, සංහි­ඳි­යා­වෙන් යුත් සහ සමෘ­ද්ධි­මත් ජාති­යක් ලෙස අපගේ ජාතිය ගොඩ­නැ­ඟීමේ වග­කීම භාර ගැනී­මට ඔවුන්ව දිරි­ගැ­න්වීම සහ පෙළ­ඹ­වී­මට මම හද­ව­තින්ම කැප වී සිටි­නවා.