‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන් කුලුනු 5ක් මත පද­නම් වූ නව ගමනක් අරඹනවා - 78 වැනි නිද­හස් දින සැම­රුම් උලෙ­ළේදී ජන­පති කියයි

හැත්තෑ අට වැනි (78) ජාතික නිද­හස් දින සැම­රුම ඊයේ (04) නිද­හස් චතු­ර­ස්‍ර­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අභි­මා­න­වත්ව පැවැත්විණි. අව­ස්ථා­වට සහ­භාගි වූ ජනා­ධි­ප­ති­ව­රයා ජාතික ධජය එසවූ අයුරු. උපාලි කරු­ණා­රත්න

අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශා­ල­තම පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ යුතු බවත්, එයට තමා සූදා­නම් බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පව­සයි.

නව පරි­ව­ර්ත­නීය යුග­යක් කරා වත්මන් ආණ්ඩුව රට මෙහෙය වන බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ 78 වැනි නිද­හස් දින සැම­රුම් උලෙ­ළට ඊයේ (04) එක්වෙ­මිනි.

“අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාති­යක් සමඟ උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්ප­තක් බවට පරි­ව­ර්ත­නය කළ යුතුයි. නොදැ­නු­ව­ත්කම වෙනු­වට දැනුම, පැරණි අග­තීන් වෙනු­වට ප්‍රග­තිය. බෙදීම වෙනු­වට සම­ඟිය පෙර­දැරි කර­ගත් නව මානව සම්ප­තක් අප නිර්මා­ණය කළ යුතුයි.

එහිදී කලාව, සාහිත්‍ය, ඉති­හා­සය මෙන්ම නව තාක්ෂ­ණය, අධ්‍යා­ප­නය මේ මානව සම්පත දියුණු කිරී­මේදී අති­ශය වැද­ගත්. අපේ රටේ දියුණු මානව සම්ප­තක් ගොඩ­නැ­ඟී­මට දැනු­මෙන්, සහ­ක­ම්ප­න­යෙන්, තෙත­ම­න­යෙන්, නූතන තාක්ෂ­ණ­යෙන් යුත් මානව සම්ප­තක් අප නිර්මා­ණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශා­ල­තම පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදා­නම්. පැරණි අග­තීන් මොන­ත­රම් ප්‍රමා­ණ­යට එම නව මිනිසා ගොඩ­නැ­ඟී­මට දරන ප්‍රය­ත්න­යට බාධා කරන්නේ නම්, ඒ සිය­ල්ලට එරෙ­හිව පරි­ව­ර්ත­නීය කාර්ය­භා­රය ඉටු­කි­රී­මට අප සූදා­නම්. එයට මේ රටේ පොදු ජන­යාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කර­නවාÓ යැයි ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා‘ තේමා­වෙන් මෙවර නිද­හස් දින ජාතික උත්ස­වය කොළඹ නිද­හස් චතු­ර­ස්‍ර­යේදී අභි­මා­න­වත්ව පැවැ­ත්විණි.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ යට­ත්වි­ජිත පාල­න­යෙන් පසු ලබා ගත් නිද­හස සහ ඒ වෙනු­වෙන් රුධි­රය, කඳුළු, දහ­ඩිය පූජා කළ වීර­යන්ගේ අභි­ම­තාර්ථ ඉටු කිරීම වත්මන් පර­ම්ප­රාවේ වග­කීම බවයි.

ශ්‍රී ලංකාව ගොඩ­නැ­ඟීමේ කුලුනු පහ ගැන අව­ධා­ර­ණය කර­මින් එහි පළ­මු­වැන්න දැනු­මෙන් සන්නද්ධ මානව සම්පත බව කී ජනා­ධි­ප­ති­ව­රයා, රටේ ප්‍රධා­නම ශක්තිය වන්නේ මානව සම්පත බව ද කීවේය. එය ලෝකයේ ඕනෑම දියුණු ජාති­යක් සමඟ උරෙන් උර ගැටිය හැකි මට්ට­මට දියුණු කළ යුතු බව ද අව­ධා­ර­ණය කර සිටි­යේය. පැරණි අග­තීන් වෙනු­වට දැනුම, සහ­ක­ම්ප­නය සහ නූතන තාක්ෂ­ණය ඒකා­බද්ධ වූ නව මානව සම්ප­තක් නිර්මා­ණය කිරී­මට අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශාල පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ කරන බව ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

දෙවැනි කුලුන ගැන අද­හස් දක්ව­මින් ජනා­ධි­ප­ති­ව­රයා ජාතික සම­ගිය ගැන කරුණු පැහැ­දිලි කළේය. බෙදීම සහ ජාති­වා­දය ශක්තිය දුබල කරන බැවින්, ජාති­වා­දය සහ අන්ත­වා­දය ශ්‍රී ලංකාවේ ශබ්ද­කෝ­ෂ­යෙන් බැහැර කළ යුතු අව­ල­ස්ස­නම වචන ලෙස ඔහු හඳුන්වා දුන්නේය. විවිධ ආගම්, භාෂා සහ සංස්කෘ­තී­න්වල අන­න්‍ය­තා­වන්ට ගරු කර­මින්, ‘ශ්‍රී ලාංකේය ජාතිය’ ලෙස සියලු දෙනා ඒක­රාශී කිරීම රට ගොඩ­නැ­ඟීමේ ප්‍රධා­නම ශක්තිය බව යැයිද හෙතෙම අව­ධා­ර­ණය කළේය. තෙවැනි කුලුන යටතේ නීතියේ ආධි­ප­ත්‍යය ගැන කරුණු කිය­මින් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ සෑම පුර­වැ­සි­ය­කුම නීතිය ඉදි­රියේ සමාන විය යුතු බවයි. නීතිය සහ විධා­නය පිළි­බඳ මහ­ජන විශ්වා­සය යළි තහ­වුරු කළ යුතු බව ද කීවේය. නීතිය බිඳ දමන ලද පිරිස් ඊට බිය වුව ද, නිවැ­රදි පුද්ග­ල­යන් සැම­වි­ටම නීතියේ ආධි­ප­ත්‍යය අපේක්ෂා කරන බවත්, නව ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ සාධා­ර­ණ­ත්වය ඉහ­ළින්ම සුර­කින බවත් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

සිවු­වෙ­නුව පාරි­ස­රික සුර­ක්ෂි­ත­තාව පිළි­බ­ඳව කතා කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටියේ සංව­ර්ධ­නය යනු පරි­ස­රය විනාශ කිරීම නොවන බවයි. විශේ­ෂ­යෙන්ම රටේ ජීවය බඳු මධ්‍යම කඳු­ක­රය සහ ගංගා පද්ධ­තිය ආරක්ෂා කිරීම අත්‍ය­වශ්‍ය බවත් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය. අනා­ගත පර­ම්ප­රාව වෙනු­වෙන් ගහ­කොළ සහ සෞන්ද­ර්යය සුර­ක්ෂිත කර දීම ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ වැඩ­පි­ළි­වෙළේ ප්‍රමුඛ කාර්ය­යක් බවද ඔහු පෙන්වා දුන්නේය.

පස්වැනි කුලුන ලෙස ශක්ති­මත් ජාත්‍ය­න්තර සහ­යෝ­ගී­තාව පිළි­බ­ඳ­වද අද­හස් පළ කළ ජනා­ධි­ප­ති­ව­රයා ගෝලීය බල අර­ගල හමුවේ අප­ක්ෂ­පා­තීව කට­යුතු කර­මින්, මාතෘ­භූ­මි­යට වැඩිම ජය­ග්‍ර­හණ සහ ආර­ක්ෂාව ගෙන දෙන ගෞර­ව­නීය රාජ්‍ය සබ­ඳතා ගොඩ­න­ඟා­ගත යුතු බව පැව­සු­වේය. ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය තුළ ශ්‍රේෂ්ඨ සහ ගෞර­ව­නීය රාජ්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කිරීම රජයේ අපේ­ක්ෂාව බවද කීවේය.

2025 වසර ආර්ථික වශ­යෙන් විශාල ප්‍රග­ති­යක් අත්පත් කර­ගෙන ඇත. අඩුම අය-වැය හිඟය සහ වැඩිම ආදා­යම් බදු ආදා­යම වැනි සාධක මඟින් එය තහ­වුරු වන බවත් මෙම ආර්ථික ජය­ග්‍ර­හණ සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට පම­ණක් සීමා නොවී, ගමේ පහ­ළම පුර­වැ­සි­යාගේ ජීවි­තය උසස් කිරී­මට සහ ඔවුන්ගේ මාන­සික නිද­හස තහ­වුරු කිරී­මට යොමු කළ යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.