රුපියල් මිලියන 13,450ක ආදායමක් පසුගිය වසරේදී උත්පාදනය කරගැනීමට සමත් වූ තැපැල් දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කය පහසුවෙන් සපුරා ගනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 14.70 සහ රුපියල් මිලියන 14.41 බැගින් වූ මූල්‍ය ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ ගලේවෙල සහ මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැඟිලි ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් පෙරේදා (22) ඇමැතිවරයා මේ බව කීවේය.
මීට අමතරව රුපියල් මිලියන 5.1ක මූල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද මඩවලඋල්පත තැපැල් කාර්යාලය ද අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. 2025 වසරේ සැප්තැම්බර් මස 04 දින ගලේවෙල නව තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කරන ලදි. මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ එහි ඉදිකිරිම් අවසන් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ සැප්තැම්බර් මස 07 දින ඉදිකිරීම් ආරම්භ කරන ලද මහවෙල තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ ද ඉදිකිරීම් කටයුතු මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇත.
වසර 100කට එහා ගිය අතීතයකට හිමිකම් කියන දෙවැනි ශ්‍රේණියට අයත් මහවෙල පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල වෙනුවට මෙම නව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිකර ඇත. නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට ඉඩම පරිත්‍යාග කරන ලද ඇට්නස් ගුණසිංහ මහත්මියට සමරු සිහිවටනයක් ප්රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.
“ගලේෙවල තැපැල් කාර්යාලය වසර 50ක් පමණ පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගියා. නව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවට මෙමඟින් සේවා ලබාගැනීමට හැකියාව ලැබෙනවා. අද වන විට රට හැදෙනවා. රට හදන්න පුළුවන්. මීට පෙර පැවතියේ රට හදන්න බැරි බවට වන මතයක්.
ජනතාවට ආකර්ෂණීය සහ කඩිනම් සේවාවක් ලබාදීම අරමුණින් තැපෑලේ භෞතික සම්පත් සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ලබාදෙමින් සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.” යැයි ද ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.
තැපැල් සේවාව නව්‍යකරණයට සහ සංවර්ධනයට පියවර ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා CCTV 209ක් මිලදී ගැනීම සඳහා මිලියන 27ක්, Desktop පරිගණක 225ක් සඳහා මිලියන 74ක් ද, ටැබ් පරිගණක 1500ක් සඳහා මිලියන 101 ද වෙන් කර ඇත.
මඩකලපුව, පොලොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් මූලස්ථානය ගොඩනැඟිලිවල රුපියල් මිලියන 24ක් වැය කොට නව සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සකස් කිරීමට කටයුතු කර ඇත. පොලොන්නරුව තැපැල් සංකීර්ණයේ එම කටයුතු අවසන් කර තිබේ. රුපියල් මිලියන 31ක් වියදම් කොට තැපැල් කාර්යාල සඳහා සවිකිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනීමට ද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීමෙන් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කිරීමට වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත සැලසුම්සහගතව කටයුතු කරනු කරනු ලබයි. මහා සංඝරත්නය, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම්. අස්ලම් මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ. ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී. ඉන්දික කරුණාරත්න, මහවෙල යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී. ගාමිණී ෆොන්සේකා, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්. චන්ද්‍රකාන්ති ඒකනායක, මාතලේ සහකාර තැපැල් අධිකාරි ඇස්.එස්.බී. කපුපිටිය, ගලේවෙල තැපැල් ස්ථානාධිපති දම්මි ඉසංකා කුමාරි, මහවෙල තැපැල් ස්ථානාධිපති ආර්.එම්. නිල්මිණි රණතුංග, මඩවලඋල්පත තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිනි දර්ශනී දසනායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



