කලාව, සංස්කෘ­තිය, දේශ­පා­ල­නය, ආර්ථි­කය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන විද්වත්, සාර­ගර්භ ලිපි­ව­ලින් සුසැදි දෙස­තිය සඟ­රාව යළි ආරම්භ කිරීම කාලෝ­චිත ක්‍රියා­වක් බව ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශ­ල්‍යා ආරි­ය­රත්න මහ­ත්මිය පැව­සු­වාය.

මෙවැනි කාල වක­වා­නු­වක මෙම සඟ­රාව නැවත එළි­දැ­ක්වීම අභි­යෝ­ග­යක් බවත් එම අභි­යෝ­ග­යට නොබි­යව මුහුණ දී සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ගැන සතු­ටට පත් වන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ප්‍රකා­ශ­යට පත් කරන දෙස­තිය පුවත් සඟ­රාව නව මුහු­ණු­ව­ර­කින් “සුහුරු අතට දෙස­තිය” තේමා­වෙන් එළි­දැ­ක්වීමේ උත්ස­ව­යට එක්වෙ­මිනි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා වෙත සහ ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශ­ල්‍යා ආරි­ය­රත්න මහ­ත්මිය වෙත දෙස­තිය සඟ­රාව පිළි­ගැ­න්වීම ද මෙහිදී සිදු­කෙ­රිණ.

www.desathiya.lk, දෙස­තිය ඇප් එක මඟින් ද මෙම සඟ­රාව පරි­ශී­ල­නය කළ හැකිය.

එහිදී නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

අපේ තාත්තා නිතර ගෙනා සඟ­රා­ව­ලින් එකක් තමයි දෙස­තිය සඟ­රාව. සිව්දෙස සඟ­රා­වත් ගෙනාවා. දෙස­තිය සමඟ ආත්මීය බැඳී­ම­කුත් මට තිබෙ­නවා. අපේ කිය­වීමේ රටා­වන්, ජීවන රටා­වන් වෙනස් වීමත් සමඟ අපේ කිය­වීමේ පුරුදු වෙනස් වුණා. ඩිජි­ටල් ලෝකය තුළ අපේ කිය­වීමේ පුරුද්ද ඈත්වෙලා තිබෙ­නවා. කියෙව්වා වුණත් කිය­වන්නේ ඩිජි­ටල් තිරය මඟින්. ඒ කොහොම වුණත් සඟ­රා­වක් අතට ගත් විට එහි සුවඳ බල­න්නට අපි පුරුදු වෙලා තිබෙ­නවා. කඩ­දා­සි­යත් සමඟ අපේ ජීවිත බැඳිලා තිබෙ­නවා. අලුත් පර­ම්ප­රාවේ අයට නම් ඒක කොහො­මද කියලා මම දන්නේ නැහැ. ශාස්ත්‍රීය ලේඛන කොත­රම් බාගත කර­ගෙන ඩිජි­ටල් තිරයේ කිය­වීම සිදු කළත් පොතක් කිය­ව­නවා වගේ දැනී­මක් නැහැ. අලුත් ජෙන් සී පර­ම්ප­රා­වට නම් එහෙම වෙන­වාද කියලා දන්නේ නැහැ. පොතක් සහ ඩිජි­ටල් තිරයේ කිය­වීම අත්දැ­කීම් දෙකක්. දෙස­තිය සඟ­රාව නැවත එළි­ද­ක්ව­නවා කීවාම මම ඒ ගැන අධ්‍ය­ය­නය කළා. කලාව, සංස්කෘ­තිය, දේශ­පා­ල­නය, ආරා­ධිත ලිපි යනා­දිය මෙහි ඇතු­ළත් වෙනවා. මේක ලේසි­යෙන්ම වැහිලා යන්නට තිබූ සඟ­රා­වක්. වැහුණා කියලා ගැට­ලු­ව­කුත් නැහැ කාට­වත්. එහෙම වෙද්දිත් ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­ව­රයා මෙහි වග­කීම කරට ගෙන නැවත එළි­දැ­ක්වී­මට ගත් නිර්භීත පිය­වර ගැන සතුටු වෙනවා. මේ කාලය වන විට පුවත් මාධ්‍ය අභි­යෝ­ග­යට ලක්ව තිබෙ­නවා. පුව­ත්පත් වැහෙ­මින් යනවා. පුව­ත්පත් ඩිජි­ටල් වෙනවා. ගෝලීය තත්ත්වය නිසා අපි දැන් ඩිජි­ටල් අව­කා­ශ­යට යනවා වැඩියි. විශේ­ෂ­යෙන්ම කොවිඩ් කාල­යෙන් පසුව පත්ත­ර­වල මිලත් වැඩි වුණා. ජන­මාධ්‍ය කලාව සහ සාහිත්‍ය කලාව අතර තිබෙන්නේ ඉතාම ළඟින් යන ආකා­ර­යක්. එනම් ජන­මාධ්‍ය වාර්තා­ක­ර­ණය සහ සාහිත්‍ය වාර්තා­ක­ර­ණය එකට යන ගති­යක් තිබෙ­නවා. ඒ දෙක මධ්‍යයේ තමයි මේ දෙස­තිය තිබෙන්නේ. ජන­මා­ධ්‍ය­වේ­දය කර්මා­න්ත­යක් කරන්නා සේම යහ­පත් මිනි­සෙක් බිහි කිරී­මත් රජ­යක් විදි­යට අපි භාර­ගෙන තිබෙ­නවා. අලුත් සංවාද මේ මහ පොළොවේ පැළ කර­න්නට දරන වෑයම සමඟ ජන­මාධ්‍ය කට­යුතු සංව­ර්ධ­න­යට අපි කට­යුතු කර­නවා. ඒ වෙනු­වෙන් මාධ්‍ය ප්‍රති­ප­ත්තිය හෙට හෝ අනිද්දා එළි­යට එයි. ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා වන වර­ලත් ආය­ත­නය කැබි­නට් අනු­මැ­ති­යට යොමු කර­නවා. සම්මාන උ‍ෙල­ළක් අපි කර­නවා. ඊට අලුත් මුහු­ණු­ව­රක් දිය යුතුයි. යහ­පත් සිතු­විලි ඇති උදාර සංස්කෘ­තික ජීවි­ත­යක් සැබෑ­වක් කර­න්නට අපි කට­යුතු කළ යුතුයි. ඒ සඳහා විශාල වැඩ කොට­සක් අපට තිබෙ­නවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා

පරි­ණා­ම­වා­දයේ තිබෙන සම­හර ඉගැ­න්වීම් මාධ්‍ය ක්ෂේත්‍ර­යට සහ අපගේ ජීවි­ත­ය­ටත්, රාජ්‍ය සේවා­ව­ටත් අදා­ළයි කියලා. සාමා­න්‍ය­යෙන් පරි­ණා­මයේ දී වර්ගයා බෝ කර­මින් සුර­ක්ෂිත වන්නට සහ ඉදිරි පර­පුර පවත්වා ගැනී­මට තෝරා ගන්නේ වෙනස් වන පරි­සර තත්ත්ව­යන්ට වඩාත් හොඳින් අනු­ව­ර්ත­නය විය හැකි ජීවීන්. උදා­හ­ර­ණ­යක් ජිරාෆ්ලා. පරි­ණා­මයේ දී බෙල්ල දිග ජිරා­ෆ්ලත් හිටියා. බෙල්ල එත­රම් දිග නැති ජිරා­ෆ්ලත් හිටියා. ආහාර ආදිය නොමැති කාල­යක තම පර­ම්ප­රාව ඉදි­රි­යට ගෙන යා හැකි බෙල්ල ජිරාෆ්ලා අව­සා­නයේ ඉතිරි වුණා. ඒ වගේ තමයි පුව­ත්ප­තත්. රාජ්‍ය සේවා­වත් එහෙ­මයි. අපේ කැප­වීම දක්වා සාර්ථ­ක­ත්වය සතුට කර ගත් රාජ්‍ය සේවා­වක් අවශ්‍ය වෙනවා. එවැනි දෙයක් තිබූ විට තමයි ලස්සන පොහො­සත් රටක් හැ‍ෙදන්නේ. 1978 වසරේ දෙස­තිය ආරම්භ කළා. ගිය වසරේ අපි වැඩ භාර ගන්නා විට 2008 සිට 2024 දක්වා වස­ර­වල මුද්‍ර­ණය කළ සඟරා 80000ක් ගබ­ඩා­වල තිබුණා. දශක කිහි­ප­යක් පුරා ජන­තාව අතර තිබූ සිහි­ව­ට­න­යක් දෙස­තිය තුළ තිබෙ­නවා. එයට අදාළ වටි­නා­කම ප්‍රශ්නා­ර්ථ­යක් විදි­යට තිබුණා. සියල්ල මුදල් මත යැපෙන කාල­යක දෙස­තිය මුද්‍ර­ණය කර­නවා. මෙම මුද්‍ර­ණ­ව­ලින් සිය­යට 80 පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ලබා­දී­මට අපි කට­යුතු කර­නවා. මේ මස සිට දෙස­තිය මුද්‍ර­ණය සිය­යට සිය­ය­කින් වැඩි කර­නවා. අපට පසු­ගිය කාලයේ ඉල්ලු­මට සරි­ලන සැප­යු­මක් දෙන්න බැරි වුණා. මිනි­සුන් මේක ඉල්ලන්නේ නැති­වෙයි කියලා දෙයක් අපේ ඔළු­වට ගොස් තිබෙ­නවා. යහ­පත නව තාක්ෂ­ණ­යත් සමඟ බද්ධ කරලා ඉදි­රි­යට යා යුතුයි.

ව්‍යව­ස්ථා­දා­යක සභාවේ සාමා­ජික, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් රංජිත් ආරි­ය­රත්න මහතා

සාමා­න්‍ය­යෙන් ප්‍රති­ප­ත්ති­යක් විදි­යට මම රාජ­කාරි කළ තැන්ව­ලට යන්නේ නැහැ. ඊර්ෂ්‍යා­වක් හෝ දුකක් හට ගන්නා නිසා තමයි යන්නේ නැත්තේ. නමුත් ආරා­ධ­නා­වක් ලැබු­ණොත් සහ­භාගි වෙනවා. 1977 කියන්නේ මෙරට විවෘත ආර්ථි­කය හඳුන්වා දුන් කාලය. 1832 වසරේ මෙරට මුල්ම සඟ­රාව ආරම්භ වුණා. එදා සිට මේ දක්වා සඟරා වර්ග 500ක් පමණ නිකුත්ව තිබෙ­නවා. ඒවායේ පර­මා­ර්ථය වන්නේ තෝරා ගත් විෂය ක්ෂේත්‍ර­යක් හෝ පොදුවේ විෂ­යන් අර­ඹයා දැනුම ජන­ගත කිරීම. ආචාර්ය සරත් අමු­ණු­ගම මහ­තාගේ සංක­ල්ප­යට අනුව දෙස­තිය සඟ­රාව එළි­දැ­ක්වුණා. ආණ්ඩුවේ හොර­ණෑ­වක් නොවී සමා­ජයේ වග­කීම ඉටු කිරී­මට දෙස­තිය පිය­වර ගත්තා. අපේ ජීවි­ත­ව­ල­ටත් විශාල බල­පෑ­මක් කර­න්නට මේ සඟ­රාව හේතු වුණා. දෙස­තිය සඟ­රා­වත් සමඟ කල්පනා, ඉසුර, ආර්ථික විම­සුම වැනි සඟ­රාත් අපිට එකල පාස­ලේදී කිය­වන්න ලැබුණා. සරල භාෂා­ව­කින් යුක්ත දෙස­තිය සඟ­රාව තුළ හොඳ ලේඛන රටා­වක් තිබුණා. ඒ ලේඛන රටාව නිසා ගොවි­යාගේ සිට විද්‍යා­ඥයා දක්වා මේ සඟ­රාව කිය­ව­න්නට පෙලඹී සිටියා. 1987 දී තමයි මම මාධ්‍ය කලා­වත් සමඟ එකතු වන්නේ. උපාලි පුව­ත්පත් සමා­ගම, ලේක්හ­වුස්, රජ­රට සේවාවේ සිට අව­සා­නයේ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා බවට පත් වුණා. හිතන ජාති­යක් සඳහා වේදි­කා­වක් බවට මේ සඟ­රාව පත් කළ යුතුයි. වර්ත­මා­නයේ සිටින්නේ හිතන ජාති­යක් ද කියන ගැට­ලුව තිබෙ­නවා. නොමඟ යාමට වැඩි ඉඩක් තිබෙන තරුණ පර­ම්ප­රාව එතු­ළින් ගලවා ගැනී­මට සඟ­රා­වට හැකි­යා­වක් තිබෙ­නවා.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඇතුළු බොහෝ පිරි­සක් සහ­භාගි වූහ.