ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
සමාජයේ පෙර ගමන්කරුවකු වෙමින් වෘත්තීයයක් ලෙසින් ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාර්‍යය ඉතා වැදගත් වන බවත්, ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සන්නද්ධ වීම සමාජ ප්‍රගමනයට මෙන්ම ජනමාධ්‍ය වෘත්තියට ද ඉවහල් වන බව වැඩසටහනෙහි පිළිගැනීමේ කතාව සිදුකරමින් කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා පැවසීය.
දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම, දෛනිකව මාධ්‍ය කටයුතු කිරීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
"ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය හා නෛතික පසුබිම" මැයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා ද, මාධ්‍ය කර්මාන්තය හමුවී ඇති අභියෝග සහ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා විසින් ද දෙසුම් ඉදිරිපත් කරමින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දැක්වූහ.
ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාරය ඇගැයීමට ලක්විය යුතු බවත්,සඳහා ඉදිරියේදී සුවිශේෂී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැවසීය.
වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩසටහන අවසානයේ සහතික පත්‍රයක් ලබාදීම ද සිදුවිය.
කලුතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිලධාරීන් රැසක් වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.



