ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද(21) හෙට(22) සහ අනිද්දා(23) තෙදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එම දිනවල දී සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කර තිබේ.