නවතම පුවත්

මවක, දියණියක, සොහොයුරියක මෙන් ම මිත්තණියක ලෙස මුළු මහත් සමාජයට මග පෙන්වන ධෛර්ය සම්පන්න කාන්තාවන්ගේ කැපවීම සිහිපත් කෙරෙන ජාත්යන්තර කාන්තා දින ජාතික සැමරුමට ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
තිරසාර සමාජයක් වෙනුවෙන් සිය ජීවිත කාලය පුරා දයාව කරුණාව හා පෞරුෂත්වය බෙදා දෙන කාන්තාවගේ මහ මෙහෙවර අගය කිරීම එක් දිනකට සීමා කළ නොහැකි ය. ඔවුන් ඉටු කරන අනගිභවනීය මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි බව මාගේ විශ්වාසයයි.
මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන් බිහි කිරීමේ පටන් මානව පැවැත්ම සාක්ෂාත් වන සියලු දෑ සඳහා කාන්තාව මුල් වන බව නොරහසකි. ලොව සියල්ල නිර්මාණය වී ඇත්තේ හිරු කිරණින් හා මවු කිරෙන් බව ප්රකට රුසියානු ගත්කතුවර මැක්සිම් ගෝර්කි පෙන්වා දෙන්නේ මේ නිසා ය.
ඉතිහාසය ඔප කළ වීර කාන්තා පරපුර අනුව යමින් ශ්රී ලාංකික කාන්තාව අද වන විට සමාජයීය වගකීම් දරමින් නොපසුබටව ඉදිරියට පැමිණෙමින් සිටී. මෙසේ ඉදිරියට පැමිණෙන ධෛර්ය සම්පන්න කාන්තාවන්ට ශක්තියක් වීමට අප රජය ඉදිරියටත් ක්රියා කරන බව විශ්වාසයෙන් යුතුව ප්රකාශ කරමි.
කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පැමිණි විවිධ දුෂ්කරතා හමුවේ දුර දක්නා නුවණින්, අරපිරිමැස්මෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන මෙරට සියලු කාන්තාවන් රට හමුවේ පවතින අභියෝග ජය ගැනීම සඳහා ලබා දෙන විශිෂ්ට දායකත්වය මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
"තිරසාර හෙටක් සඳහා අද ස්ත්රී පුරුෂ සමානාත්මතාව" තේමාවෙන් මෙවර සමරනු ලබන ජාත්යන්තර කාන්තා දිනයේ දී අපගේ අපේක්ෂාව වන්නේ ද ඔබට එරෙහි ප්රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම ශ්රී ලාංකික ජන සමාජයෙන් තුරන් වන දිනයක් උදාකිරීමයි.
"රටකි, දැයකි, ලොවකි ඇය" දේශීය තේමාවෙන් පවත්වන ජාත්යන්තර කාන්තා දින ජාතික උත්සව මාලාව ඔස්සේ රටේ ජීවනාලිය බඳු කාන්තාවගේ භූමිකාව අපේක්ෂිත ආකාරයට නිසි ලෙස ඇගයීමට ලක්වනු ඇතැයි මම විශ්වාස කරමි.
ඔබ "ඇය"ට හිමි අභිමානය පුද දෙන්න දෙවරක් නොසිතන්න. සියලු කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබමින් සමාජය තුළ අභිමානවත්ව නැගී සිටීමට ශක්තිය ධෛර්ය උදාවේවා යැයි ප්රාර්ථනා කරමි.

ඉතිහාසය පුරා මානව ප්රයත්නයන්හි සෑම ක්ෂේත්රයක ම, විශේෂයෙන් සමාජ සංවර්ධනයේ ගමන් මඟ තුළ කාන්තාව විසින් ලබා දුන් විශේෂ දායකත්වය අතිමහත් ය. කාන්තා සවිබලගැන්වීමේ වැදගත්කම තහවුරු කරමින් භෞතික මෙන් ම මානව සංවර්ධන ඉලක්කයන් ද සාක්ෂාත් කර ගැනීම පිණිස කැප වන ලෙස, ජාත්යන්තර කාන්තා දිනය අප සැමට ආරාධනා කරන බව මම විශ්වාස කරමි.
නවෝත්පාදනය, තාක්ෂණය හා මාධ්ය විසින් මෙහෙයවනු ලබන ගෝලීයකරණය හමුවේ සියලු අංශයන්හි කාන්තාවගේ භූමිකාව පුළුල් වෙමින් පවතී. කාන්තාව විසින් ඉටු කරන කාර්යභාරය ජාතික ආර්ථිකය, ප්රජාවන් හා පවුල ශක්තිමත් කිරීමට අත්යවශ්ය වේ. කෙසේ වෙතත්, අප සමාජයේ බහුතරය කාන්තාවන් වුව ද, ආර්ථික හා දේශපාලන ක්ෂේත්රවල කාන්තාවගේ පූර්ණ සහභාගිත්වය සාපේක්ෂව අඩු බව පෙනී යයි.
ශ්රී ලංකාව යනු සත්යය, සාධාරණත්වය හා සමානාත්මතාවය යන ගුණාංග මත පදනම් ව කාන්තාවන්ට ගරු කිරීමට ඇරයුම් කරන උතුම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි.
කාන්තාවන්ගේ නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට ජාතියක් වශයෙන් කැප වී සිටීම අතිශයින් වැදගත් වේ.
සියලු අවකාශයන්හි කාන්තාව මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, අප රට තුළ ස්ත්රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අප රජය විසින් පියවර ගෙන තිබීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙමි.
“සෞභාග්යයේ දැක්ම” ජාතික ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් අභිමතාර්ථ සාධනය කර ගැනීම වෙනුවෙන් රජය කාන්තාවන් සවිබලගැන්වීම සඳහා තවදුරටත් කැප වෙමින් සිටියි.
“රටකි, දැයකි, ලොවකි, ඇය” යන්න තේමාව කරගනිමින් පවත්වනු ලබන මෙවර කාන්තා දින සැමරුම වෙනුවෙන්, ජාතියේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට සියලු කාන්තාවන්හට තම උපරිමයෙන් දායක විය හැකි අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාහට ආරාධනා කරමි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. 1857 ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඇගලුම් කම්හලක සේවිකාවන් එහි පාලනාධිකාරියට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයක් එම දිනය ප්‍රකාශයට පත් කිරීමට මුල් විය. ආයතනයේ පැවති වැඩ කිරීමට නුසුදුසු වාතාවරණය හා අඩු වැටුප් ගෙවීමට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්විණි. සෑම වසරකම මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජර්මන් ජාතික ක්ලාරා සෙට්කින් මහත්මිය 1910 ඩෙන්මාර්ගයේ කෝපන්හේගන් නගරයේ පැවති ලෝක කාන්තා සම්මේලන සමුඵවට ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත විය. රටවල් 17 ක් නියෝජනය කරමින් කාන්තාවෝ 100 කට අධික පිරිසක් සමුඵවට එක්ව සිටියහ. 1911 මාර්තු 8 වැනිදා සිට එම යෝජනාව ක්‍රියාත්මක කෙරිණි. ජාත්‍යනතර කාන්තා දිනය සැමරීම මුලින්ම ආරම්භ කළේ ජර්මනියයි. 1978 මාර්තු 8 වැනිදා සිට ශ්‍රිී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.
තිරසර හෙටක් සඳහා අද දිනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන්න මෙවර කාන්තා දින අන්තර්ජාතික තේමාවයි. ශ්‍රිී ලංකාව තෝරා ගෙන ඇති තේමාව රටකි-දැයකි-ලොවකි ඇය යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති. ව්‍යාපාරික කාන්තාවන් 25 දෙනෙකු ඇගයීම හා කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් ඊ පොල ක්‍රියාත්මක කිරීම එහිදී සිදු වෙයි. කාන්තා නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් හා අලෙවි පොලක් ද එහිදී විවෘත කෙරේ. අලෙවි කුටි 80 කින් එය සමන්විතයි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අද සිට පුරා මාසයක් දීපව්‍යාප්ත මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා පවසයි.
තාක්ෂණික ක්‍ෂේත්‍රයට යොමු වන කාන්තාවන් වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය සමග එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රංශයේ ශ්‍රීී ලංකා තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහල නැංවීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙයි.
වත්මන් සමාජයේ පිරිමින් මෙන්ම කාන්තාවන් ද රැකියාවල නිරත වන බැවින් අතීතයේ කාන්තාවට පැවරී තිබු කාර්ය භාරයන් වර්තමානයේ කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම ඉටු කිරීමට සිදුවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ ගමගේ මහතා පෙන්වා දෙයි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යපන කටයුතු අද සිට යළි ඇරඹෙයි. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් සිසුන් කොටස් වශයෙන් පාසල් වෙත කැදවිමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු නතර කළ නොහැකි බවයි. අභියෝග මධ්‍යයේ පවා විභාග රැසක් පවත්වා අවසන් කිරීමට හැකි විය. නව පාසල් වාරය ආරම්භ කළ පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද දැනටමත් සාකච්ඡා කර තිබේ.

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙනු අතිනවීන පහසුකම්වලින් සමන්විත සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විවෘත වෙයි. මාගම්පුර ලංවා කර්මාන්තපුරයේ අක්කර 63 ක භුමි භාගයක ඉදිකර ඇති මෙම කර්මාන්ත ශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලා අතරින් එකකි. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන ලංවා සංස්ථා සිමෙන්ට් කොපරේෂන් සමාගමේ සම්පුර්ණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන හතරකි. මුල් අදියරේ එහි වාර්ෂික ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2 යි දශම 8 ක් වනු ඇත. යුරෝපයේ නිෂ්පාදිත නවීන යන්ත්‍රෝපකරණ භාවිත වන බැවින් අපතේයාම අවම වනු ඇතැයි සමාගම පෙන්වා දෙයි. නිෂ්පාදන කටයුතු ආරම්භ වීමෙන් පසු කොළඹ වරාය නගරය සහ අධිවේගි මාර්ග ඇතුඵව ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ව්‍යාපෘති සදහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට නව කර්මාන්ත ශාලාවට හැකිවනු ඇතැයි සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පවසයි.

දිවයින පුරා පිහිටි පිරවුම්හල් වෙත ඩිසල් හා පෙට්‍රල් බෙදා හැරිම දැන් සිදු කෙරේ. ඉන්ධන අර්බුදය ඉදිරි දින කිහිපයේදි අවසන් වනු ඇත. ඉන්ධන හා විදුලි ගාස්තු වැඩිකිරිම සම්බන්ධයෙන් මෙතෙක් තිරණයක් ගෙන නැතැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ නැව් දෙකකින් ඉන්ධන බෑම සිදුකරන බවයි. දිගු පෝලිම් වල රැදී සිට ඉන්ධන ලබාගැනිමේ අවශ්‍යතාවක් දැන් නැතැයි ඔහු අවධාරණය කරයි.

කැළණිතිස්ස විදුලි බලාගාරය ඇතුලු බලාගාර කිහිපයක් සදහා ඩිසල් ලබාදිම ඊයේ ආරම්භ විය. ඒ අනුව සැපයිමට නියමිත ඩිසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් අටදහසකි. විදුලි බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස්දහසක් රැගත් නෞකාවක් අද දිවයිනට ලගාවෙයි. එම ඉන්ධන ද කැළණිතිස්ස ඇතුලු තාප බලාගාර වෙත ලබාදිමට සැලසුම් කර තිබේ. මේ අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිීතා කොමිසම සහ ලංකා ඛනිජ තෙල් නිීතිගත සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. විදුලිබල අර්බුදය විසදිමට කෙටි කාලින හා දිර්ග කාලින සැලසුම් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍යවරිය එහිදි උපදෙස් ලබා දි තිබේ.

මේ අතර පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සදහා ලංගම ඩිපෝ් වලින් ඉන්ධන ලබාදිමේ වැඩසටහන මේ වන විට දවයින පුරා තෝරාගත් ඩිපෝ 45 ක ක්‍රියාත්මකයි. ඉදිරියේදි ඉන්ධන පිරවුම්හල් ඇති සියලුම ඩිපෝ මගින් පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

 

 
කිරින්ද- පුහුල්වැල්ල, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මාර්තු 04වෙනිදා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  කිරින්ද- පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී රැස්විණි.
මහජන නියෝජිතයින්ට රාජ්‍ය නිලධාරීන්ට තම ප්‍රදේශයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කළ හැකි ගෞරවනීය ස්ථානය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බවත් මෙම කමිටුව තුළින් වඩාත් අවධානය යොමුවිය යුත්තේ ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ඉස්මතු වන යෝජනා හා අදහස් බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂි පරීක්ෂණ නිලධාරී හා පවුල් සෞඛ්‍ය නිලධාරී යන නිලධාරීන්ගේ  සාමූහික කැපවීම සහභාගීත්වය ග්‍රාම සංවර්ධනයේ පදනම බවත් එහීදී ඔවුන්ගේ විධිමත් සේවය දැඩි ලෙස අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සනත් හෙට්ටිආරච්චි, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.පී.ඩබ්.ටී. රාජපක්ෂ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

දේශයේ නිදහස වෙනුවෙන් තම ජිවිත කැප කළ හා ආබාධිත තත්ත්වයට ප.ත් රණවිරුවන්ට උපහාර පිණිස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරුසෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ රථය රැගත් රථ පෙරහර මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාන්සනයෙන් අද පෙරවරු 9.00 ට ගමන් අරඹයි. දඹුල්ල හා මිහින්තලය ඔස්සේ රථ පෙරහර අනුරාධපුරයට ලගාවනු ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණෝත්සවය සඳහිරුසෑ පුදබිමේදී හෙට පෙරවරුවේ පැවැත්වෙයි. ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිතයායි.

දැන් පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම ද මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා කියයි. පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීම අරමුණයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සංවිධාන කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව ඔහු සදහන් කරයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරින. නව ප්‍රතිඵල ලැබුනු සිසුන්ට පමණක් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දුනීසියානු තානාපතිනී දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුවක් මාර්තු 02වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

පසුගිය දා ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ ජනතාව වෙත  අමාත්‍යවරයා  තානාපතිනිය හමුවේ ප්‍රථමයෙන් සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිත අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 144 වෙනි සමුළුව වෙනුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගීවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී ඉන්දුනීසියානු තානාපතිනිය වෙත දන්වා සිටියේය.

නුදුරේ දී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ජනමාධ්‍ය පුහුණු ආයතනය වෙනුවෙන් ඉන්දුනිසියානු රජයේ සහාය ලබාගැනීම කෙරෙහි ද සාකච්ඡා වූ අතර තවද ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග  පිළිබඳව ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණ .

ඉන්දුනීසියානු ශ්‍රී ලංකා 70 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කරන ලෙස ඉන්දුනීසියානු තානාපතිනිය විසින් කරන ලද ඉල්ලීම ඉතා ඉහළින් පිළිගත් අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය පුද්ගලික ලේකම් ඕෂධී අලහප්පෙරුම මහතා සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හෙරු ප්‍රයිට්නෝ මහතාද එක්ව සිටියහ.

 
ලොව පුරා සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂයෙන් සැමරෙන අද දිනය වන විටත් ලෝකයේ වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ 8400කට අධික ප්රමාණයක් දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා තිබේ.
පරිසරයේ උරුමකරුවා මිනිසා පමණක් නො වේ. සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් පරිසරයේ ජීවත් වීමට අයිතිය ලබා දිය යුතු ය. අපගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය තුළින් ඒ පිළිබඳව අවධානයක් යොමු කර ඇත්තේ එබැවිනි.
මේ වන විට ශ්රී ලංකාව සතු 29%ක් වූ වනගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩි කිරීමේ පරිසර ප්රතිපත්තිය අනුව යමින් වසරකට ගස් දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම්, වනජීවී රැකවරණ, කැලෑ නැවත වගා කිරීමේ වැඩසටහන් ආදිය ක්රියාත්මක කිරීම් සියල්ලෙහි අරමුණ වනජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව ද අද දිනයේදී සිහිපත් කළ යුතු ය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන "මාධ්‍ය සමීක්ෂා" සිව්වැනි කලාපය එළි දැක්වීම ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.

"සමාජ මාධ්‍යයේ නැගීම" ලෙස මෙම කලාපය නම් කර ඇති අතර ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස ශූරීන් වෙනුවෙන් උපහාර කලාපයක් ලෙස මෙය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් සංඛ්‍යාව ලක්ෂ 79ක් වන අතර ලෝකයේ බිලියන 4.8ක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කියා සිටියේය.තවද සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සමාජ මාධ්‍ය ව්‍යාකරණය පිළිබඳව කිසිදු අදහසක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ආරාධිත දේශනය සිදු කරමින් විද්‍යා ලේඛක , ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා කියා සිටියේ, ශීඝ්‍රයෙන් දියුණූ වන ප්‍රපංචයක් ලෙස සමාජ මාධ්‍ය හඳුනාගත හැකි වන අතර සමාජ මාධ්‍ය සංවාදය පුළුල් වීම අවශ්‍ය වන බවයි.මෙහි සංකල්පීය නිරවුල් බවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම ප්‍රවණතා විග්‍රහ කිරීම වෙනුවට පක්ෂග්‍රාහී වීම් සමාජ මාධ්‍ය තුළ දක්නට හැකි බව පෙන්වා දෙයි.

ආවේග වෙනුවට දත්ත මත පදනම්ව කටයුතු කළ යුතු බවත් සමාජ මාධ්‍ය තුළ වාරණය වෙනුවට නිසි නියාමන සොයා ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.සමාජ මාධ්‍ය පිළිබඳ දුර්මත සමාජගත වී ඇති බව පවසන ඒ මහතා ඩිජිටල් සාක්ෂරතාවය පවතින පිරිස් සමාජ මාධ්‍ය අවභාවිත කරන බවත් මේ වන විට සමාජ මාධ්‍ය ඩිජිටල් පුරවැසිභාවය ලෙස පුළුල් වී ඇති බවත් පෙන්වා දුන්නේය.
උත්සවයට සහභාගී වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවේ, ජනසන්නිවේදනය ප්‍රමාණාත්මක ප්‍රසාරණයක් පසුගිය සියවසේ අවසාන දශකයේ සිට පැවති බවත් ඊට සාපේක්ෂව එහි ගුණාත්මක ප්‍රසාරණයක් සිදු නොවූ බවය.සමාජ මාධ්‍ය මානව ප්‍රගමණයට යොදා ගත හැකි විශාල අවකාශයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා, මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා ඇතුලු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන් , ජනමාධ්‍යවේදීන් ,විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter