නවතම පුවත්



ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ‍ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර සුහද හමුවක් පෙබරවාරි 15 වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිණි .

වර්තමාන ලෝකය  මුහුණ දෙන බරපතල අභියෝගයක් වන ව්‍යාජ තොරතුරු ව්‍යාප්තිය පිළිබඳවත්, එය මැඩලීමට නවසීලන්ත රජය ගෙන ඇති පියවර පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරිණි .

එමෙන්ම පුරවැසියන්ගේ ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දරන ස්ථාවරය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි .

මෙම අවස්ථාවට අමාත්‍ය පෞද්ගලික ලේකම් ඕෂධී අලහප්පෙරුම මහතා සහ ‍ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මෙනවිය ද එක්ව සිටිහ.

චමුදිත සමරවික්‍රම ප්‍රවීණ මාධ්‍යවේදියාට එල්ල කළ අශූචි ප්‍රහාරයෙන් වහනය වනුයේ කුණුවූ සමාජ කණ්ඩායමක, කුණුවූ සමාජ පිරිස්වල දුර්ඝන්ධය යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ෂණ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ දියත් කරමින් සිටිති. එම පුද්ගලයන් කවුරුන් හෝ වේවා සමාජයට හෙළිදරව් කිරීමට ඉදිරිපත් වන ලෙස ඇමතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටී. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

මාධ්‍ය හමුවේදී එම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ පැවසීය.

“කැබිනට් මණ්ඩලය ලෙසින්ම, මා විෂය බාර මාධ්‍ය ඇමතිවරයා විදිහටත්, ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කළ යුතුයි චමුදිත සමරවික්‍රම අපේ සහෝදර මාධ්‍යවේදියා, එතුමා මේ රටේ ඉතාම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්. හිරු නාලිකාව නියෝජනය කරන. ඔහුට එල්ල කරනු ලැබූ ප්‍රහාරය ඒ ප්‍රහාරයටම උරුම වූ පිළිකුලෙන් යුතුව බැහැර කරනවා කියන කාරණය . පොලිසිය ඒ පිළිබඳ ක්‍රමවත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මෙම පුද්ගලයා කවරෙකු වුවත්  ඔහු සමාජයට හෙළිදරව් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අපි නිදහස් මාධ්‍යයක වටිනාකම සහ අවශ්‍යතාවය ඉතාම හොඳින් තේරුම් ගෙ න තියෙනවා. දේශපාලඥයන් විදිහට, ආණ්ඩුවක් විදිහට අපි ඔබෙන් ඒ ඉල්ලීම කරන්න කැමතියි. මේ අශූචි ප්‍රේමියා කවුරු වුනත්, ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හඬක් නැති, වැසිකිලියක සැඟවී සිටින කෙනෙක් බව ඉතාම පැහැදිලියි. මම ඊයේ පෞද්ගලිකව චමුදිතගේ නිවසට ගියා. ඔහුගේ බිරිඳ, ඔහුගේ එකම දියණිය, ඔහුගේ පියා, මව ඒ සියලුදෙනාම ඉතාමත්ම කම්පනයකින්, තිගැස්සීමකින් ඉන්නේ. මේ අශුචි ප්‍රහාරය එල්ල කිරීමෙන්, වහනය වෙන්නේ කුණුවූ සමාජ කණ්ඩායමක, කුණුවූ සමාජ පිරිස්වල දුර්ඝන්ධය කියන එක අපි හැමෝටම පැහැදිලි කාරණාවක්”. 

ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සැබැවින්ම අර්ථවත් වන පරිසරයක් තුළ මාධ්‍ය භාවිතය කරගෙන යාමට රටේ මාධ්‍යකරුවන්ට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් කැපවන බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මාතර දික්වැල්ල ප්රදේශිය ලේකම් කාර්යාලයේ විමධ්යගත අයවැය යටතේ ක්රියාත්මක වැඩසටහන ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි

සමෘද්ධි සහනාධාර මුදල අද සිට සියයට 28 කින් වැඩි කෙරේ. වැඩි වු සහනාධාර මුදල සමෘද්ධි මුල්‍ය බැංකු හරහා ලබාගැනිමේ අවස්ථාව සමෘද්ධිලාභින්ට හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම වැඩිවිමත් සමඟ රුපියල් මිලියන 15 දහසක අමතර පිරිවැයක් දැරිමට රජයට සිදුවෙයි.. ඒ අනුව සමෘද්ධි සහනාධාරය සඳහා මේ වසරේ වැය කෙරෙන සමස්ත මුදල රුපියල් මිලියන 65 දහසකි.

 

ඉදිරි උත්සව සමයේදි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදිමට රජය සැලසුම් කරයි. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාද ගාස්තුවකින් තොරව වරායෙන් නිදහස් කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියයි.

වෙළෙදපලේ සිමෙන්ති හිඟය මේ වනවිට අවසන් වී තිබේ. තිරිගු පිටි වැනි භාණ්ඩ ඉදිරියේදී හිගයකින් තොරව ලබාගත හැකි වනු ඇත.

උත්සව සමයේදි භාණ්ඩ හිඟයක් ඇති වන බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා අවධාරණය කරයි.

"පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්රීය සංග්රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා අද (11) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී මා වෙත පිළිගැන්වූයේ ය.
ව්යවස්ථාදායක ක්රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්ය, මහජන සබඳතාව හා ශ්රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්රවණතා ආදී ක්ෂේත්ර ගණනාවක් අලළා විද්වතුන් සම්පාදිත ලිපි මාලාවක් මෙම ග්රන්ථයෙහි අන්තර්ගත ය.
පසුගිය 08 වැනි දා එළි දක්වන ලද "පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්රීය සංග්රහය ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්රකාශනයකි. එම ග්රන්ථය පුස්තකාල සහ අවශ්ය පාර්ශ්ව වෙත ලබා දීම ද එහි තෙවන වෙළුම සඳහා ලිපි කැඳවීම ද මේ වන විටත් ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ - ව්යවස්ථාදායක සේවා/අධ්යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා ද එක්විය.

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පැවති වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්ව විද්‍යාලය නමින් ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරිීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණ. ඒ අනුව මෙරට 17 වැනි රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්ව විද්‍යාලය ඉතිහාසයට එක් වෙයි. වව්නියාව මණ්ඩපය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කරන ලෙස සිසුන්ගෙන් හා ආචාර්ය මණ්ඩලයෙන් දීර්ඝ කාලයක සිට ඉල්ලීම් ඉදිරිපත් විය. ඒ අනුව රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව උසස් අධ්‍යාපනය නගාසිටුවීමේ වැඩසටහන යටතේ මෙම මණ්ඩපය විශ්ව විද්‍යාලයක් බවට සංවර්ධනය කර තිබේ. දේශන ශාලා , පීඨ ගොඩනැගිලි , ක්‍රිීඩා පිටි ඇතුඵව නවීන පහසුකම්වලින් සමන්විත සුහුරු විශ්ව විද්‍යාලයක් ලෙස මෙය වැඩිදියුණු කර ඇත. විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාර ක්‍රීඩා පිටියට රැස්ව සිටි පිරිස උත්සව භුමියට පැමිණි ජනාධිපතිතුමන් මහත් හරසරින් පිළිගනු ලැබුහ. වව්නියාව මණ්ඩපය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානය ද සිසු අයිතියට පැවරීය. අනාගතයේ සිදු වන සමාජ වෙනස්වීම්වලට ඔරොත්ුතු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජ ගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපතතුමා පැවසීය. රටක් බලවත් වීමට නම් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතුය. ජාතික අධ්‍යාපනය නගාසිටුවීමට රජය ප්‍රමුඛතාව ලබාදී තිබේ. විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ නංවා ඇත. එය ඉදිරියේදී ක්‍රමානුකුලව වැඩි කෙරේ. කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඉංග්‍රිසි භාෂාව, තොරතුරු තාක්ෂණ දැනුම ලබා දෙමින් සමාජ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි විෂය මාලා සකස් කිරීමට ගත් කඩිනම් වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. ලොව ඉහළ රැකියා ඉල්ලුමක් ඇති ක්‍ෂේත්‍ර හඳුනා ගනිමින් උගතුන් බිහි කිරීම කාලීන අවශ්‍යතාවකි. උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබිමට අවකාශය සලසා දීම රජයක වගකීම බව එතුමා පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාලය තුලදී ඇති කර ගන්නා සහජීවනය හා බැඳීම ඉතා ප්‍රබල බවත් , එය රටේ සංවර්ධනයේදී මනා පිටිවහලක් වනු ඇති බවත් රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය සමග එක් වී විදේශ රැකියා ලබාදිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. රුසියාවේ ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඊට අදළ ගිවිසුම් අත්සන් කර තිබේ. මෙරට රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරින් සංඛ්‍යාව 800 කට වැඩිය. කෝවිඩ් වසංගතය නිසා සංචාරක හෝටල් සහ සංචාරක කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරු රැසකට එම අංශයේ රැකියා අහිමි විය. ඉදිරියේදි සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයත් සමඟ හෝටල් හා ඒ ආශ්‍රිත ප්‍රතිකාර ඒකක හා චිකිත්සක මධ්‍යස්ථාන පිහිටුවිම ප්‍රවර්ධනය කෙරේ. ඉදිරියේදි ආයුර්වේදය සම්බන්ධයෙන් නව නිති සංග්‍රහයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටි.

දිනා දුන් නිදහස අතකොළුවක් කරගැනීමට විපක්ෂයේ කුමන්ත්‍රණකාරීන්ට තවදුරටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (09) අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති රට රකින ජන බලය පොදුජන රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.

අපි අද අනුරාධපුරයෙන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මට මතකයි එදා 2005 ජනාධිපතිවරණ සටන ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඊට පස්සෙ යුද්ධේ දිනලා 2010 දී දෙවැනි ජනාධිපතිවරණ සටන අපි පටන්ගත්තෙත් අනුරාධපුරෙන්. ඒ වාගෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සටන ආරම්භ කළෙත් අනුරාධපුරෙන්. ඒ ජනාධිපතිවරණය අති විශිෂ්ට විදියට ජයග්‍රහණය කරලා දිවුරුම් දීම කළෙත් අනුරාධපුරේ රුවන්වැලි සෑය අබියසට ඇවිත්.

යුද්ධය වෙනුවෙන් ජීවිතය පූජා කරපු මේ රටේ සිවු දිසාවෙම වීරයෝ වෙනුවෙන් රණ විරු සෑය ඉදිකළෙත් අනුරාධපුරේ. අපි ජයග්‍රහණය කළ සෑම සටනක්ම ආරම්භ කළේ අනුරාධපුරෙන්. අදත් අපි ඒ වගේ ගමනක් අනුරාධපුරෙන් ආරම්භ කරනවා. මේක මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය ගමනක් බව මම කියන්න ඕනෑ.

අපි වසර දෙකකටත් වඩා වැඩි කාලයක් මේ ගෝලීය කොවිඩ් වසංගතයත් එක්ක හැප්පුනා. ඒ මුළු කාලේ පුරාම අපේ අවධානය යොමු කළේ මේ වසංගතයෙන් ජනතාව බේරා ගන්නට. මට මතකයි කොරෝනා වසංගතය ලංකාවට ආපුගමන් විපක්ෂ නායකතුමා ඒකට බෙහෙත් නියම කළා. ලෝකේ කොරෝනාවලට එන්නතක් හොයාගෙන නැති වෙලාවේ ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශත් යොදාගෙන ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව බේරාගන්නකොට විපක්ෂය ලොකු ඝෝෂාවක් කළා ත්‍රිවිධ හමුදාව මේ වැඩේට යොදවන එක වළක්වන්න. මේක ත්‍රිවිධ හමුදාව නොකළ යුතු වැඩක් විදියට හඳුන්වලා ජාත්‍යන්තරයට පවා කරුනු කිව්වා. ලෝකෙ එන්නත හොයා ගත්තා විතරයි එන්නත වහාම ගෙන්නන්න කියලා කෑ ගැහුවා. ආණ්ඩුවට එන්නත ගේන්න බෑ කියලා අභියෝගත් කළා. ඒත් අපි මුල්ම එන්නත් තොගය චීනෙන් ලංකාවට ගෙනාවා. එතකොට කිව්වා චීන එන්නත බාලයි ඒ එන්නත ගහන්න එපා කියලා. ලෝකෙ හොඳම එන්නත ෆයිසර් එන්නත බවත් ඒක ගහන්න කියලා අපට බල කළා.

අද වෙනකොට අපි තුන්වෙනි එන්නත විදිහට මුළු රටේම ජනතාවට ෆයිසර් එන්නත ගෙන්නලා තියෙනවා. අද මේ අය කවුරුවත් ඒ ගැන සද්ද කරන්නේ නැ.

මේ ගොල්ලන්ට මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්කමක් ලැබුනේ ඇයි. එහෙම කරන්න පුළුවන් වුනේ අපි මුළු කාලේම වසංගතයත් එක්ක හැප්පෙමින් ජනතාව ආරක්ෂා කරමින් අඬබෙර ගහන්නේ නැතුව වැඩ කරපු නිසයි. නමුත් එහෙම නිහඬ ව ඉන්න ඉන්න මේ රට අවුලෙන් අවුලට පත් කරන බව අපිට තේරෙනවා.

මේ රටේ ගොවියාගේ ප්‍රශ්නය මොකක්ද කියලා ඔබ දන්නවා. අපි එන්නෙත් ගොවිතැන් කරලායි. එක්සත් ජාතික පක්ෂය අවුරුදු තිස් හතළිස් ගාණක් මේ රටේ ආණ්ඩු කරලත් 2005 වෙනකොටත් වී කිලෝවට ලැබුනේ රුපියල් 12 යි නැත්නම් 13 යි. ගොවියො මිලක් නැතිව වහ බිව්වා. එතකොට ඔය කෑ ගහන අය ගොවියො බලන්න හිටියෙ නෑ. 2005න් පස්සේ අපි වී කිලෝවට රුපියල් 25ක් ගෙව්වා. පොහොර රුපියල් 350ට දුන්නා. පොහොර රුපියල් 350ට දෙන්න හදනකොට එහෙම කරන්න අපිට ඇලඩින්ගේ පුදුම පහන හම්බවෙලාද කියලා ඒ දවස්වල අභියෝග කළා. එදා අපි ඇවිත් පොහොර රුපියල් 350ට දීලා ගොවියගෙනුත් රුපියල් 25ට වී කිලෝව මිල දී ගත්තා. මෙදා අපි ඇවිත් පොහොරවලට සහනත් දීලා වී කිලෝව රුපියල් 55ට ගත්තා. ඉතිහාසේ ගොවියට ලැබුණු හොඳම සහනය ලැබුණේ අපේ ආණ්ඩුවෙන්.

නමුත් අද මොකද වෙලා තියෙන්නේ. අද මේ රටේ ගොවියගෙ ඉන්න පරම හතුරා අපේ ආණ්ඩුවයි කියලා විපක්ෂය හැමතැනම ගිහින් කෑ ගහනවා.

එදා මට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ මේ රටට වී වැඩියි කියලා කුඹුරු අක්කර ලක්ෂ දෙකක් වගා කිරීම නතර කළා. මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළා. වී විදේශවලින් ගෙන්නන්න පුළුවන් කියලා තීරණේට ඒ ගොල්ලෝ ඇවිල්ලා තිබුනා. එහෙම කළ අය ගොවියො අතරට ගිහින් මෙච්චර ගොවියට සහන දීපු අපිව ගොවියගේ පරම හතුරා කරන්න උත්සාහ කළා. එහෙම වුනේ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕනෑ .ආණ්ඩුව සෞඛ්‍ය නීති රකින්න ඕන. රෝගීන්ට නිරෝධායන මධ්‍යස්ථාන හදන්න ඕන. ලක්ෂ ගණන් රෝගින්ව රජයේ රෝහල්වල ආරක්ෂා කරන්න ඕන. එන්නත් දෙන්න ඕන. ආණ්ඩුව ඒවා කරන අතරේ විපක්ෂයට ජනාධිපති මන්දිරය වට කරන්නත් ඉඩ දෙන්න ඕන. මහපාරේ පෙළපාළි යන්න, උද්ඝෝෂණ කරන්නත් ඉඩ දෙන්න ඕන.

ඒ වගේම රටට ද්‍රෝහී බලවේගවලට ලොකු ඕනෑ කමක් තිබුන රට වහන්න. රට වහන්නේ නැත්නම් විපක්ෂය එකතුවෙලා ස්වයං ලොක්ඩවුන් එකකට යනවා කියලා බල කළා. ආණ්ඩුව ජනතාව ගැන හිතලා රට වැහුවාම විපක්ෂය කිව්වා ඇඟළුම් ආයතන විවෘත කරලා තියෙන එකෙන් රටේ කොරෝනා පොකුරු හැදෙනවා කියලා. ඇගලුම් ආයතනත් වැහුවාම දැන් කියනවා අපනයනය කඩාවැටිලා, ආර්ථිකය කඩාවැටිලා රටට ඩොලර් නෑ කියලා.

අපි කොරෝනාවෙන් පීඩාවට පත් වෙච්චි ජනතාවට කීපවරක් රුපියල් 5000 බැගින් ලබා දුන්නා. රජයේ සේවකයන් හැමදෙනාටම රුපියල් 5000ක වැටුප් වැඩිවීමක් දුන්නා. ඒ වැටුප් වැඩිවීම ලබාදුන්නාම විපක්ෂය අහනවා ආණ්ඩුව එහෙම කරන්නේ අම්මගේ අප්පගේ බූදලේ වියදම් කරල ද කියලා.

අපි තේරුම් අරගන්න ඕන වසර දෙකක් තිස්සේ මේ රටේ ගොවියා කුලප්පු කළේ, මේ රටේ ගුරුවරු කුලප්පු කරලා පාරට ගෙනාවේ, රාජ්‍ය සේවකයන්ව වර්ජන බිමට ඇදගෙන ආවේ කවුද කියලා .

ආණ්ඩුව ආව මොහොතේ ඉඳන් ආණ්ඩුව පටන් ගන්න හැම වැඩක් ම නතර කරවන්න කුමන්ත්‍රණ කරනවා. ඉදිරි වසර තුනත් ඒ විදියට ම අවුල් කරන්න තමයි මේ අය සූදානම. ඒකට මූණ දෙන්න අපි සූදානම්. මතක තියාගන්න අපිටත් මහපාර හුරුයි. අපිටත් ගොවිබිම් හුරුයි. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිටත් පාදයාත්‍රා ගිහිල්ලා පුරුදුයි. අපිත් දැන් පාරට එනවා. අපිත් කම්කරුවෝ අතරට යනවා. ගොවියෝ අතරට යනවා. ජනතාව අතරට යනවා. අපිත් ඒ අභියෝගයට අභියෝගයෙන් මුහුණ දෙනවා.

එදා යහපාලන ආණ්ඩුව දේශපාලනය පටන්ගත්තේ, දේශපාලන ප්‍රතිවාදීන් සියලු දෙනාව හිර ගෙවල්වලට කූඩු කරලා. බොරු නඩු දාලා. ඔබට මතක ඇති ජනාධිපති ලේකම්තුමාව හිරේ දැම්මා. රජයේ සේවකයෝ සෑහෙන ගණනක් හිරගෙවල්වලට දැම්මා. භික්ෂුන් වහන්සේලාව හිර ගෙවල්වලට යැවුවා. හමුදා නිලධාරින්ව හිරගෙවල්වලට යැවුවා. ඒ සියලු දෙනාට බොරු නඩු ඇටෙවුවා. හමුදාවේ ඉන්න සියලු දෙනා යුද ඝාතකයෝ කියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ අයට විරුද්ධව යෝජනාවලට අනුමැතිය දුන්නා. අරලියගහ මන්දිරයේ UNP එකයි JVP එකයි යහපාලන නායකයෝ යි එකතුවෙලා නීතිපති දෙපාර්තමේනතුවේ නිලධාරින් ගෙනල්ලා විරුද්ධ පක්ෂයේ අයව හිරේ දම්මන්න බල කළා. විනිසුරුවන්ට රෑ තිස්සේ කරපු බලපෑම්, දුරකථනයෙන් කරපු බලපෑම් රංජන්ගේ හඬපටවලින් එළියට ආවා. ඔබට දැන් ඒ දේවල් මතකද දන්නේ නැහැ.

ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ අපිව මෙල්ල කරන්න. ඒ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ හාමුදුරුවෝ හිටියේ නෑ. කම්කරුවෝ හිටියේ නෑ වෘත්තීය සමිති නායකයෝ හිටියේ නෑ.පොදු ජනතාවගේ නියෝජිතයෝ හිටියේ නෑ. වැඩිපුර හිටියේ NGO සංවිධානවල නියෝජිතයෝ. ඒ විතරක් නෙමෙයි මට මතකයි අයවැය හදලා රාජපක්ෂ බද්ද කියලා බද්දක් ගැහුවා. අන්තවාදය හැම පැත්තකින්ම හිස එසෙව්වා. කාටවත් ජීවිත ගැන විශ්වාසයක් තිබුනේ නෑ. පාස්කු ප්‍රහාරය එයට හොඳම උදාහරණයක්. ජාතික ආරක්ෂාව බිංදුවටම වැටුනා. උතුරේ භික්ෂුන් වහන්සේ නමකගේ දේහය ආදාහනය කරන්නත් අධිකරණ නියෝග ගන්න සිද්ද වුණා.

එහෙම තිබුණු රටකට අද අපි නිදහස ගෙනල්ලා දීලා තිබෙනවා. ඒ නිදහස අද විපක්ෂය කුමන්ත්‍රණකාරීන්ගේ අතකොළුවක් බවට පත්කරගෙන තියෙනවා. අපි අදින් පස්සේ ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිදහස ප්‍රයෝජනයට අරගෙන අපිත් පාරට එනවා. පුළුවන්නම් කුමන්ත්‍රණවලින් නෙමෙයි ජනතාව අතරට ඇවිල්ලා අපිත් එක්ක මේ සටන කරලා දිනන්න කියලා අපි මේ රටට එරෙහි විරුද්ධ බලවේගවලට අද ඉඳන් අභියෝග කරන්න සූදානම්.

අපි කවදාවත් ඡන්ද පරාද වෙයි කියලා තීන්දු තීරණ ගත්ත උදවිය නෙවෙයි. ඊළඟ ඡන්දෙන් පරාද වෙයි කියලා බයේ රට ගැන තීන්දු නොගෙන ඇරියනම් මේ වෙනකොට නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නෑ. එදා නොරොච්චෝලෙ ගල්අඟුරු බලාගාරය හදන්න ගියාම දැවැන්ත විරෝධයක් මතු කළා. නමුත් අපි ඡන්ද ජයග්‍රහණය ගැන හිතන්නේ නැතුව රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් නොරෙච්චෝලේ බලාගාරය හැදුවා. ඊළඟ ඡන්දයෙන් අපිව පරාද වෙයි කියලා, පරාද කරවයි කියලා බයක් තිබුනා නම් වරාය නගරයත් මේ රටට නෑ. හම්බන්තොට වරායත් මේ රටට නෑ.

ඊළඟ ඡන්දය ගැන හිතුවනම් LTTE ත්‍රස්තවාදයට එරෙහිව යුධ වදින්න අපි සූදානම් වෙන්නෙත් නෑ. අපි දැනගෙන හිටියා ඒ දේවල් කරනකොට දේශීය ප්‍රතිවාදීන් ජාත්‍යන්තරයට ගිහිල්ලා කරන දේවල් මොනවද කියලා. අපි දේශපාලන තීන්දු ගන්නකොට ඊළඟ ඡන්දෙන් දිනයිද පරදියිද කියලා හිතලා තීන්දු ගන්න අය නෙමෙයි. ඒ වගේම මේ ආණ්ඩුවත් ආනයන සීමා කරන්න තීරණය අරගත්තා. අපි දැනගෙන හිටියා ඒක අභියෝගයක් වෙලා අපිට එනවයි කියලා. කාබනික පොහොර ගොවිතැනට මුළු රටටම හරවනකොට අපි දැනගෙන හිටියා මේ වගේ අභියෝගයකට අපිට මුහුණ දෙන්න සිද්ද වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි MCC ගිවිසුම අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරනකොටත් අපි දැනගෙන හිටියා මේ අභියෝගය අපිට එයි කියලා. ඒත් අපි අපේ රට ගැන හිතලා තීන්දු ගන්නවා. ඊළඟ ඡන්දේ ගැන හිතලා තීන්දු ගන්න මිනිස්සු නෙමෙයි අපි. රටට වැදගත් නම් ඒ තීන්දුව ඒ වෙලාවේ අරගන්නවා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අරගෙන අපි ඔබ ඉදිරියට එන්න අද ඉඳන් පටන් ගන්නවා . කුමන්ත්‍රණ අත හැරලා ජනතාව අතරට ඇවිත් අපිත් එක්ක සටන් කරලා පුළුවන් නම් දිනන්න කියලා විපක්ෂයට අභියෝග කරමින් මා නිහඬ වෙනවා.

ඉන්දියාවේ ඉහළම සෞඛ්‍ය සේවා උපදේශන සමාගම් වලට අනුව, ඉන්දියානු ඖෂධ කර්මාන්තයේ වසරින් වසර ආදායම් වර්ධනය නැවතත් අදායම් උපදවන මාර්ගයට පැමිණ තිබේ.

ගෝලීය ඖෂධ වෙළඳපොල 2021 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක් වූ අතර 2023 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.57 දක්වා ළඟා වනු ඇති අතර, එම වසරේම දේශීය කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 42 ක් ලෙස ගණන් ඇස්තමේන්තු කර ඇත.

ඉන්දියාව ගෝලීය වශයෙන් ජෙනරික් ඖෂධ සපයන විශාලතම සැපයුම්කරු වන අතර විවිධ එන්නත් සඳහා ගෝලීය ඉල්ලුමෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ද, එක්සත් ජනපදයේ සාමාන්‍ය ඉල්ලුමෙන් 40% ක් ද සහ එක්සත් රාජධානියේ සියලුම ඖෂධවලින් 25% ක් ද සපුරාලයි.

ඉන්දියාවේ වෛද්‍ය උපාංග කර්මාන්තය වර්තමානයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් වන අතර ඉන්දියානු සෞඛ්‍ය සේවා කර්මාන්තය ඩොලර් බිලියන 132.84 ට 4-5% දායක වේ. කර්මාන්ත ඇස්තමේන්තු වලට අනුව, 2025 වන විට ඉන්දියානු වෛද්‍ය උපාංග වෙළඳපොල ඩොලර් බිලියන 50 දක්වා වර්ධනය වනු ඇත.

දැනට, ඉන්දියාව ලොව පුරා ඉහළම ගෝලීය වෛද්‍ය උපාංග වෙළඳපොළ 20 අතරට ගණන් ගනු ලබන අතර ජපානය, චීනය සහ දකුණු කොරියාවට පසුව ආසියාවේ සිව්වන විශාලතම වේ.

පාරිභෝගික සහ කල් පවත්නා කොටසෙහි ඇස්තමේන්තුගත වෙළඳපල ප්‍රමාණය ඩොලර් බිලියන 1.404 කි.

ආයුෂ්මාන් භාරත් යනු ලොව විශාලතම රජයේ අරමුදල් සහිත සෞඛ්‍ය සේවා වැඩසටහනයි. තාක්‍ෂණය භූගෝල විද්‍යාව සහ පන්තිය හරහා ජනවිකාසයේ දෙවන සහ තුන්වන රැල්ලට නිවාරණ සෞඛ්‍ය රැකවරණය ගෙන යාමේදී සමකරනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

2022 වන විට, රෝග විනිශ්චය වෙළඳපොළ 2012 හි ඩොලර් බිලියන 5 සිට ඩොලර් බිලියන 32 දක්වා 20.4% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හරිත ව්‍යාපෘතිවල ස්වයංක්‍රීය මාර්ගය යටතේ 100% විදේශ සෘජු ආයෝජන සඳහා අවසර දෙනු ලැබේ. බ්‍රවුන් ෆීල්ඩ් ව්‍යාපෘතිවල ආයෝජන සඳහා 100% විදේශ සෘජු ආයෝජන සඳහා රජයේ මාර්ගය යටතේ අවසර ලැබේ

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කණ්ණාඩිය වැඩසටහන ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස ආරම්භ කළ දෘශ්‍යාබාධිත පුද්ගලයින් දහසකට සුදු සැරයටි පිරිනැමිමේ වැඩසටහන ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ පැසසුමට ලක්වෙයි, එම වැඩසටහන අද සංස්ථා කුමාරතුංග මැදිරියේදි ආරම්භ කෙරිණි. දෘශ්‍යාබාධිත පුද්ගලයන් 20 දෙනෙකුට සුදු සැරයටි පිරිනැමිම මෙහිදි සිදු කෙරිණි.

මෙහිදි තම දෙනෙත් දන්දීමට ඇමතිවරයා. රූපවාහිනි සංස්ථා සභාපති සොනාල ගුණවර්ධන , ප්‍රවීන කලාකරු ශ්‍රියන්ත මෙන්ඩිස් , ප්‍රවීන මලල ක්‍රිඩිකා ශ්‍රියානි කුලවංශ යන මහත්ම මහත්මීහු කැමැත්ත පළකළහ. වැඩසටහනේදි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ , අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුද අදහස් දැක්වුහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter