සියලු අනාගත අභියෝගයන්ට මෙන්ම ඉලක්කයන්ට ශක්තිමත්ව මුහුණ දීමට හැකි නූතනත්වයෙන් පිරිපුන් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි .
දිවයින පුරා පාසල් වල තෝරාගත් දුපුතුන් වෙත වාර්ෂිකව ලබාදෙන අතිපූජ්‍ය දඹගස් ආරේ ශ්‍රී සුමේධාලංකාර මහ නාහිමි ගුණානුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ මාතර උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
ජනවාරි 29වෙනිදා මාතර නූපේ සණස සංවර්ධන බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අදියර දෙකකින් පැවැත්වුණු අතර එහිදී දුපුතුන් දෙසිය දෙනෙක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි ..
උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ....
“ ලෝකයේ අධ්‍යාපන ක්‍රමය වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා.. ඒවගේම ලෝකෙ පුරාම ප්‍රධාන ගැටලු තුනක් තියෙනවා ,අර්බුද තුනක් තියෙනවා .. එක අර්බුදයක් තමයි බඩගින්න ජනගහනයෙන් ඒක බරපතළ ගැටලුවක් , අපි අඩු ආදායම්ලාභී කියලා විශේෂණ පදයක් යොදන්නේ මේ වෙනුවෙන්.. අනිත් ගැටලුව ත්‍රස්තවාදය ලෝකේ හැම රටක්ම පොදුවේ මූණ දෙන අනිත් ගැටලුව.. අන්තවාදය අනිත් කාරණාව .. ඒ ගැන විග්‍රහ කරන්න නෙමෙයි හදන්නේ හැබැයි මේ බඩගින්නයි ත්‍රස්තවාදයයි අන්තවාදයයි ඇති වෙන්නේ කුමක් නිසාද අධ්‍යාපන ක්‍රමයේ වරදක් නිසා...අධ්‍යාපන ක්‍රමයේ අසමානතාවයන් නිසා අධ්‍යාපන ක්‍රමයේ නූතනවාදය නැති නිසා... ලෝකෙ පුරාම මේ වන්දිය ගෙවනවා... මමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් විදිහට ඉතිහාසයේ වෙච්ච වැරැද්ද පිළිගන්න ඕනේ .. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙලා තියෙනවා .. අපේ ජාතියේ සාක්ෂරතාවය සීයට අනුහයයි කියලා කියන සම්භාවනීය නාමය ඇතුලෙ නිදන් කරලා තියෙනවා ලොකු ඉලක්කමක්... හැබැයි ඒක ප්‍රමාණවත්ද අපිට ඉදිරියට යන්න ...
ලෝකෙ දියුණුම රටක සාක්ෂරතාවය තියෙනවද එහෙම නං ඇයි රටට දුප්පත්කම තියෙන්නෙ ඇයි රැකියා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ උපාධිධාරීන් රැකියා ඉල්ලලා දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නේ ,ඇයි රැකියාවක් වෙනුවෙන් දේශපාලනඥයෝ පිටිපස්සේ දුවන්න අපේ රටේ තරුණ පරම්පරාවට හේතු වෙලා තියෙන්නේ ,මොකක් හරි වැරැද්දක් තියෙනවා , ඒ වැරැද්ද අපි හඳුන ගන්නේ අධ්‍යාපන ක්‍රමය සාක්ෂරතාව ඉහළ තිබුනත් නූතනත්වයෙන් ඈත්වීම විදිහට... ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමය තියෙන රටවල් පින්ලන්තය ගත්තොත් අපිට තරම් ඉතා අඩු ජනගහනයක් ඉන්න එස්ටෝනියාව ගත්තොත් ස්කැන්ඩිනේවියානු රටවල් වල හත් වැනි පන්තියට එනකන් මතකෙන් උත්තර දෙන විභාග නැහැ ... මනෝවිද්‍යාවේ දී කියන්නේ දරුවාට එය අහිතකරයි කියලා.. කට පාඩම් කරන විභාග නැහැ .. පහේ ශිෂ්‍යත්ව විභාගය පහුගිය සතියේ විසි දෙවෙනිදා තිබුණේ .. හැම අම්මා කෙනෙක්ම ප්‍රශ්න පත්‍ර සීයක් විතර ගෙදරදි කළා, ඉස්කෝලේ ගියාම පන්තියෙත් ගුරුතුමිය ප්‍රශ්න පත්‍ර සීයක් විතර කළා, ටියුෂන් පන්ති වලටත් සමහර දුවලා පුතාලා යනවා එතනදිත් කරන්නේ ඒ දේමයි .. බලනකොට ප්‍රශ්න පත්‍ර තුන්සීයක් විතර කරලා තියෙනවා..
උසස් පෙළ විභාගය ලියලා අවුරුදු අවුරුද්දකුත් මාස තුනක් විතර බලාගෙන ඉන්නවා විශ්වවිද්‍යාලයට යන්න ..මේක තමයි ඇත්ත .. සාමාන්‍ය පෙළ විභාගය ලියල මාස හයක් විතර උසස් පෙළ පන්ති පටන් ගන්නකම්.. මම වෘත්තීය පුහුණු ඇමතිවරයා විදිහට විශ්ව විද්‍යාලයක් හැදුවා හරිත සරසවිය කියලා, ලංකාවේ පළවෙනි හරිත සරසවියෙදි සාමාන්‍ය පෙළ විශිෂ්ටත්වය තියෙන දරුවන්ට උසස් පෙළ නැතුව විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් ..
ඒක එක අවුරුද්දක පදනම් පාඨමාලාවක්.. ගණිතයයි, ඉංග්‍රීසියි , තොරතුරු තාක්ෂණයයි හදාරනවා අවුරුද්දක් ඇතුලේ ... ඇමරිකා එක්සත් ජනපදය ආචාර්ය උපාධිය ගන්නවා දරුවෙක් අවුරුදු විසි පහේදී , අපි අහනව කොහොමද දරුවෙක් අවුරුදු විසි පහේදී ආචාර්ය උපාධිය කරන්නේ කියලා , ඇමරිකාවේ උසස් පෙළ කියලා විභාගයක් නැහැ .. දරුවන්ගේ පැත්තෙන් බලා තමයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ.. අපේ දරුවෝ දක්ෂයි ,
මම අධ්‍යාපන ඇමති වෙලා මාස නමයක් හිටියා දරුවෝ හරි පීඩනයක හිටියේ .. ගෙවල් ඇතුලේ මම දරුවන්ගේ දක්ෂතාවය උරඟා බලන්න පරීක්ෂණ දෙකක් කලා, එකක් ගෙදර හිර වෙලා ඉන්න දරුවන්ට මං පොතක් ලියන්න කිව්වා, " රටක් වටින පොතක්" කියලා තමයි මම ඒක නම් කළේ .. මාස තුනයි ගත වුණේ දරුවෝ 43000ක් ලිව්වා ලියලා අවසන් කළා ලක්ෂ හතළිස් තුනයි ඉස්කෝල ඇතුලෙ ඉන්නෙ දරුවෝ ලංකාවේ .. ලක්ෂ 43 හතළිහක් තුන්දාහක් හැම සීයකට එක්කෙනෙක් පොතක් ලියලා අවසන් කරලා තියෙනවා... කීදෙනෙක් පටන් ගන්න ඇත්ද .. ශිෂ්‍යත්ව විභාගය ආවා මං තීරණය කළා ශිෂ්‍යත්ව විභාගය පළවෙනි ප්‍රශ්න පත්‍රය විනාඩි 45ක් පැයක් කරන්න ඕනේ කියලා.. දෙවැනි ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න පත්‍රයක් උත්තර හතරක් තියෙනවා.. මම විභාග කොමසාරිස් තුමාත් එක්ක කතා කරලා ප්‍රශ්නෙට උත්තර තුනක් විතරක් තිබ්බ , දරුවන්ගෙ පැත්තෙන් පහසු වෙන්න ... හතරෙන් එකක් තෝරනවට වඩා තුනෙන් එක තෝරන එක පහසුයි ... මේ වෙනස්කම් දෙක කරල බැලුවා දරුවන්ගේ දක්ෂතාවය.. අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් දෙසීයෙන් දෙසීය ගත්තු දරුවන් එකොළොස් දෙනෙක් හිටියා... දරුවෝ අර සහනය ගත්තු විදිහ බලන්න.. එනිසා හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම ගුරුවරයෙක්ගෙන්ම මම ඉල්ලනවා දරුවන්ව විශ්වාස කරන්න කියලා...
අපේ රටේ දරුව හරි දක්ෂයි උත්පත්ති හැකියාවන් දක්ෂතාවයන් තියෙනවා, දරුවන්ව විශ්වාස කරන්න කියන පණිවිඩය තමයි මේ අවස්ථාවේ මම කියන්නේ ඔබත් එක්ක බෙදා හදා ගන්නෙ තාත්තා කෙනෙක් විදියට.... "
ශාන්ති පදනමේ නිර්මාතෘ ත්‍රිකුණාමල සමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝ නායක සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොල අමරකිත්ති ස්වාමින්වහන්සේ , ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහල අමරසිරි ස්වාමීන්වහන්සේ , ශාස්ත්‍රපති පණ්ඩිත විල්පිට සුධර්මාරාම ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම ශාන්ති පදනමේ ශිෂ්‍යත්ව කමිටුවේ මාතර සභාපති ඒ . දන්තනාරායන ,නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා දුලානි කමල් රේණුකා , ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු දේවරාජ් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ .