නවතම පුවත්

අදට ගැලපෙන නවීන තාක්ෂණය මුසු වඩාත් කාර්යක්ෂම දියුණු තැපැල් සේවාවක් ජනතාව අතරට ගෙන යෑම සඳහා දැනට පවතින ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 25වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බල වේගය , කොමියුනිස්ට් පක්ෂය , ජනතා සේවක පක්ෂය ආදී දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති නි‍යෝජිතයින් හා ස්වාධීන වෘත්තීය සමිති රැසක නියෝජතයින් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ .

මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර තැපැල් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම සඳහා පවත්වනු ලැබූ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසු කඩිනමින් අදාල බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා  අවධාරණය කළේය.

පුද්ගලික තැපැල් සේවා මඟින් භාණ්ඩ ගෙන්වීමේ දී මහජනතාවට මුහුණ දීමට සිදුවන අක්‍රමිකතා අවම කර ගැනීම සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමේ ඇති වැදගත්කම මෙහිදී අවධානයට යොමු වූ අතර එ් සඳහා අවශ්‍ය පත්‍රිකා සකස් කර කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ටාසයකටම එක් අයෙක් බැගින් අලුතින් බඳවා ගත් උපාධිධාරීන් අනුයුක්ත කිරීමටත් ඔවුන්ට අලෙවිකරණය පිළිබඳ මනා පුහුණුවක් ලබා දී එමඟින් තැපැල් සේවාවේ ආදායම ඉහළ නැංවීමටත් අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා විසින් අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට , අතිරේක ලේකම් ( පාලන) රුවන් සත්කුමාර, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්වුහ .

 

කොවිඩ් වසංගතය යළිත් වරක් රට තුළ සීඝ්‍රයෙන් පැතිර යාම වළක්වා ගැනීම සදහා පුරවැසි වගකීමක් ලෙස තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ජනතාව යොමු කළයුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසයේ නවතම ඔමික්‍රොන් ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. ඊයේ දිනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්න බැව් වාර්තා විය. රෝගය මෙලෙස යළි හිස එසවීමට ප්‍රධානතම හේතුව තෙවැනි එන්නත ලබා ගැනීමට සමාජයේ ඇති මැලිකම විය හැකි බැව් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. යම් යම් පුද්ගලයින් විසින් සිතා මතා ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර සහ මිථ්‍යා මත පදනම් කර ගනිමින් තෙවෙනි එන්නත ලබා ගැනීමට ජනතාව උන්නදු නොවන බවක් පෙනෙන්නට තිබේ. නැවත වතාවක් සමාජ-ආර්ථික ව්‍යසනයකට රට යොමු නොකොට පුරවැසි වගකීම් ඉටු කිරීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ඇමතිවරයා අවධාරණය කරයි.

පළමු සහ දෙවන එන්නත ලබාදීමේදී බාල එන්නත්, චීන එන්නත් යනුවෙන් සංවාදයක් පැවතිණ. එම එන්නත් වෙනුවට ෆයිසර් එන්නත ලබාදිය යුතු බවට ද හඩක් නැගිණ. උසස් කුලයේ එන්නත් සහ පහත් කුලයේ එන්නත් ලෙස වැඩවසම් යුගයේ ප්‍රාථමික ලක්ෂණ ඒ තුළ මතු විය. නමුත් රටේ වාසනාවකට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් ධෛර්‍ය සම්පන්න නායකත්වය හේතුවෙන් සියයට 98 ක පමන පිරිසකට පළමු එන්නත ලබාදීමට හැකිවිය. දෙවන එන්නත ද ඒ හා සමාන ප්‍රතිශතයකට ලබා දුන්නේය. එවකට එන්නත්කරණය කිසියම් වරප්‍රසාදයක් ලෙසින් ඇතැම්හු සැළකූහ. නමුත් දැන් කිසිදු ප්‍රමාදයකින් තොරව ඕනෑම අයෙකුට එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී. නිරෝගීභාවය ආරක්ෂා කරගැනීමට නම් තුන්වැනි එන්නත නොපමාව ලබා ගන්නැයි ජනමාධ්‍ය ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්විය.

රට තුළ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කායික වෛද්‍ය විශේෂඥ ෂර්මිලා ද සිල්වා මහත්මිය පවසන්නීය.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී තිබේ. මුව ආවරණ පැළඳීම ඇතුඵ සෞඛ්‍ය පුරුදුවලින් ඈත් වීම රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇත. මුල් එන්නත් දෙක ලබා ගැනීමට ජනතාව තුල විශාල උනන්දුවක් පැවතිය ද බුස්ටර් එන්නත ලබා ගැනීමට ඇතැම්හු මැලිකමක් දක්වති. සමාජයේ පවතින මිත්‍යා මත ඊට හේතුවයි. එවැනි මතවලට නොරැවටී බුස්ටර් එන්නත ලබා ගන්නා ලෙසද ඇය සමස්ත ශ්‍රීි ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

දෙවැනි සහ තුන්වැනි කොවිඩ් රැලිවල දී වැඩියෙන්ම රෝගයට ගොදුරු වුයේ එන්නත් ලබා නොගත් පුද්ගලයින්ය. තරුණ පිරිස් බුස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමු කිරිීමේ අවශ්‍යතාව ද කොළඹ දී පැවති දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වෙමින් ඇය අවධාරණය කළාය. බුස්ටර් එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීමක් සිදු නොවෙයි. බුස්ටර් එන්නත ලබා නොගෙන කොවිඩ් ආසාදනය වුවහොත් රුධිරය කැටි ගැසීම සිදු විය හැකි බවද ඇය සඳහන් කළාය

හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචිත “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත  (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.

ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතයේ ලද අත්දැකීම් අලළා ග්‍රන්ථය රචනා කර තිබේ.

පාබල රෙජිමේන්තුවක මේජර් වරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්‍රාම යන තෙක් යුද්ධයට සක්‍රීයව දායක වෙමින් යුද බිමේ දී ලද ජයග්‍රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් මින් ඉදිරිපත් කෙරෙන බව කෝට්ටේගොඩ මහතා පවසයි.

අතීතයට ඇඟිල්ල දිගු කිරීමේ පුරුද්දෙන් මිදී අනාගතයට දෙසට ඇගිලි දිගු කරන මහජන නියෝජිතයන් ලෙස එකට එක්වී වැඩ කරමු යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රයතිපත්ති ප්රතකාශය පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

"අද දවසේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදයට අමතරව මම කැමතියි මේ කතාවේ එක විනාඩියක් වෙන් කරන්න ගරු කථානායකතුමා පෙරේදා මේ පාර්ලිමේන්තුවේ කරපු පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය පිළිබදව, එහි හැසිරීම පිළිබදව ප්‍රකාශය පිළිබදව අදහස් දක්වන්න. අපේ දැනුම, අපේ පර්යේනශන පිළිබදව මහජනතාවගේ නියෝජිතයන් විදිහට එතුමා කරපු ප්‍රකාශයට මාධ්‍ය අවකාශයේ, වාද අවකාශයේ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පමණක් දෙවෙනි වූ විශාල ඉඩක් ලැබිලා තියෙනවා. මම කැමතියි මේ පිළිබදව අවධානය යොමු කරන්න. මම පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා ගරු කථානායකතුමාට මේ යථාර්තය හෙළිදරවු කිරීම පිළිබදව.

නමුත් ගරු සභාපතිතුමනි, මේක එක ආණ්ඩුවක, එක පක්ෂයක, එක නායකයෙකුගේ, එක කණ්ඩායමක වැරැද්දක් නෙවෙයි . 1948 ඉදලා අපි විසින් ඇතිකරගත්තාවූ බොහෝ නුගුණ සහ නිසරු දේවල්වල අවසාන ප්‍රතිඵලය විදිහටයි මේ තත්වය අද උදාවෙලා තියෙන්නේ. මේ තත්වය අපි අවංකව පිළිගත යුතුයි. ගරු සහෝදර විපක්ෂයේ මන්ත්‍රීතුමනි, ලෝකයේ පිළිගැනීමක් තියෙනවා 13 ඉලක්කම නපුරුයි කියලා. මේක විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි නමුත් ජනප්‍රිය මතයක්. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුළත් ඉලක්කමක් තියෙනවා අසුබ, නරක කියලා වර්තමානයේ පිළිගන්න. ඒ තමයි 225 කියන එක. එක එක පාර්ශවයන්ට ඇගිල්ල දිගු නොකොට ඒක අපි පිළිගත යුතුයි. මහජන නියෝජිතයින් විදිහට සාමූහිකව මේ ස්ථානය අර්ථවත් තැනක් කර ගන්න අපට වගකීමක් පැවරී තිබෙනවා. ව්යනවස්ථාවෙන් උත්තරීතරයි කියලා කියන මේ පාර්ලිමේන්තුවේ ඒ උත්තරීතරභාවය යථාර්තයක් කරගැනීමට ඒ කැපවීම අප කළ යුතුයි.
ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් වර්තමාන ආණ්ඩුවේ ගෙවුණු වසර දෙකක කාලපරිච්ජේදය විනිශ්චය කිරීමේදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ "සෞභාග්යසයේ දැක්ම" සමඟ එය සංසන්දනය කිරීම වඩාත් සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශන කථාව විනිශ්චය කරන්නට ඕනේ ජනාධිපති අපේක්ෂකයා විදිහට එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ ඒ නිසා වසර දෙකක අර්බුදයකට අපි මුහුණ දෙමින් වසර දෙකක් පැමිණි මේ ගමනේදි අපි අවිවාදයෙන් අගය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා.
එන්නත්කරණය පිළිබදව අපි සියලු දෙනා කථා කළා. මෙම එන්නත්කරණය පිළිබදව ලෝකයේ අපි තරමටම ආර්ථිකයක් තියෙන, අපේ තරමටම යටිතල පහසුකම් තියෙන සමාන රාජ්‍යයන් එක්ක විතරක් නෙවෙයි, අපිට වඩා යටිතල පහසුකම්වලින් සහ ආර්ථික වශයෙන් දියුණු, දියුණු රාජ්‍යයන් සමඟ සන්සන්දනය කිරීමේදී පවා අපි අද නිරෝගී ජාතියක් විදිහට පියවරක් ඉදිරියට තියලා තියෙනවා. ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ විශාල කණ්ඩායම ඇතුලේ ප්‍රමුඛ ජනාධිපතිතුමාට ලබාදීමට අපි අතර විවාදයක් තබාගත යුතු නෑ. මීට දින හතරකට පෙර ලෝක සංචාරක කවුන්සිලය නිවේදන නිකුත් කළා, ආසියානු කලාපයේ සංචාරය කරන්න වඩාත් ආරක්ෂිත රට ශ්‍රී ලංකාව කියලා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, මේ එන්නත්කරණයේදී අත්කරගත් විශිෂ්ටත්වය නිසා තමයි ඒ සහතිකය අපිට ලැබෙන්නේ. කෙසේවෙතත්, මේ මොහොතේ අපි අර්බුදයකට මුහුණ දෙනවා කියන එක හංගන්න පුළුවන් එකක් නෙවෙයි.

මොකක්ද අර්බුදය? නිෂ්පාදනයට වඩා පරිභෝජනය වැදගත් කොට සැළකූ සමාජයක් විදිහට අද අපි අර්බුදයකට මුහුණදී සිටිනවා. කොවිඩ් වසංගත තත්වය එම අර්බුදයේ ප්‍රකාශන තත්වයකට පත්ව තිබෙනවා.
මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ, අපි පසුගිය කාලය තුළදී රජයක් විදිහට අපි තියපු ධනාත්මක පියවර කිහිපයක් පිළිබදව මේ කෙටිම කෙටි කාලය තුළදී ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමයක ඇතුලේ අපේ රටේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබදව. ලෝකයේ ඕනේම රටක අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පූර්ව ළමාවිය සංවර්ධනය කේන්ද්‍රීයව ලක්ෂය බවට පත්වෙනවා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ අවම වශයෙන් මුළු රටටම ගැලපෙන එක පාඨමාලවක්, විෂය නිර්දේෂයක්, පළාත් සභාවෙන් පළාත් සභාවට වෙන් වෙච්ච වැඩපිළිවෙලක් තිබුණේ නෑ. එය විධිමත් කිරීම සදහා ගනු ලැබූ තීන්දුව අපි අගය කළ යුතුයි.
ඒ වගේම මේ ප්‍ර තිපත්ති ප්‍රකාශන විවාදයේදීත්, ජනාධිපතිතුමා කීවා සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින් සහ මැත්ස් යන ස්ටෙම් සබ්ජෙක්ට්ස් ගැන. ඓතිහාසිකව කරගත්ත වැරැද්දක් තමයි science, technology, engineering සහ maths කියන විෂයනට අපි ප්‍රමුඛත්වය දුන්නේ නෑ. ඒ නිසා විශ්ව විද්යාල පද්ධතිය තුළ අපි උපාධිධාරීන් නිර්මාණය කලේ කොටුවේ දුම්‍ රියපොලට, ලිප්ටන් වටරවුමට ගැලපෙන උපාධිධාරීන්. අර්බුදයේ මුල තිබුණේ මෙතන.
අළුත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, මගේ මූළිකත්වයෙන් එන්.එස්.බී.එම්. හරිත සරසවිය නිර්මාණය කරගත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. එහි රැකියාගත කිරීමේ ප්‍රතිපත්ති සියයට 96ක්. ස්ලිට් එකේ සියයට 94ක්. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත් වෙන්නෙ මෙතෙන්දි. ඒ නිසාම ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුත් සදහන් කරපු එක කාරණාවක් තමයි සැම පාඨමාලාවකටම තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඇතුළත් කිරීම. විශේෂයෙන්ම කලා පාඨමාලා සදහා එවැනි පහසුකමක් තිබුණේ නෑ. ඒ සදහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා විශ්ව විද්‍යාල පද්ධතියටම, සෑම උපාධි පාඨමාලාවකටම තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළත් කිරීම ඉතා වැදගත්. පාසැල් ජාතික පාසැල් බවට පත්කිරීමේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනයට බලපෑමක් වෙනවා කියලා මා  සිද්ධාර්ථන් මංත්රීපතුමා කළ ප්රවකාශයට මා එකග නෑ. උදාහරණයක් විදිහට උතුරු පළාතේ ජාතික පාසැල් 22 යි තිබුනේ. උතුරු පලාතේ ප්රායදේශීය ලේකම් කොට්ඨාශ 20 කට එක ජාතික පාසැලක්වත් තිබ්බේ නෑ. ඒ නිසා මම අධ්යාරපන ඇමතිවරයාව සිටි කෙටි කාලය තුළදී මේ කැබිනට් පත්රි කාව ඉදිරිපත් කළේ. අවම වශයෙන් එක ප්රාාදේශීය ලේකම් කොට්ඨාශයකට එක ජාතික පාසැලක් ලැබිය යුතුය යන අරමුණු පෙරදැරිව. මොකද අධ්යාමපනයේ බරපතල ගැටළුවක් තියෙන්නේ උතුරු පළාතේ. උතුරු පළාතේ ප්රාරථමික අධ්යාමපනය ලබාදෙන ගුරුවරුන් අතරින් සියයට 50කට වඩා ඉන්නේ නුපුහුණු ගුරුවරු. ඒනිසා අපි අනාගතයේ දවසක දරුවන්ගෙන් ඇයි ආයුධ අතට ගන්නේ නැත්තේ කියලා ප්රුශ්ණ කරාවි. රටේ ප්රයතිශතය සියයට 25යි. උතුරේ සියයට 53යි. ඒ නිසා ඒක 13 වන සංශෝධනය උල්ලංඝණය කිරීමක් විදිහට සළකන්න එපා කියලා ඉතාම මිත්රරශීලීව ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් ජනාධිපතිතුමා ඩිජිටල්කරණය ගැන කතා කළා. දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනේම රූපවාහිනී සේවා 2025 අග වන විට ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපේ රටට ඇනලොග් තාක්ෂණය ඇවිල්ලා අවුරුදු 42ක්. ලෝකෙටම ඩිජිටල් තාක්ෂණය ආවා වසර 2000 දී. නෙළුම් කුළුණ මුල් කරගෙන පරිවාර කුළුණු 16ක් එක්ක ලංකාව 2025 අග වෙනකොට මේක අවසන් කරනවා. 2023 මැදවෙනකොට බස්නාහිර පළාතේ සියලු රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට ඉතාම පැහැදිලි දර්ශන තමන්ගේ තිර මත නරඹන්න පුළුවන් වෙන විදිහට සහ ලාබදායී විදිහට රූපවාහිනී ආයතනවලට, සන්නිවේදකයින්ට හිමිවන ලෙස අප මෙය අවසන් කරනවා.

 

 

ඔබගේ දුවට පුතාට අසීමිත ශක්තියක් ඇති බව, ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන් බව සහ ඔවුනට ලෝකය වෙනස් කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කරන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. දරුවනට කළ නොහැක්කක් නොමැති ය යන්න සෑම මවක මෙන්ම පියෙකු ද විශ්වාස කළ යුතු බව ද ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනය සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

"මගේ කථාවේ පරිච්ජේද තුනයි. පළමු පරිච්ජේදය අම්මලා තාත්තලා වෙතින් කරන ඉල්ලීමක්. දෙවෙනි පරිච්ජේදය දියවන්නාව මැද ප්‍රතිපත්ති සම්පාදකයින් 225 දෙනාගෙන් කරනු ලබන ඉල්ලීමක්. තුන් වෙනි පරිච්ජේදය මගේ වෘත්තීය සගයන් සහ මාධ්‍ය ආයතනවලින් කරන ඉල්ලීමක්". දරුවන් සමත් අසමත් ලෙස බෙදන අධ්‍යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය වෙනුවට දරුවන්ගේ දක්ෂතාවයන් මතු කරගන්නා අධ්‍යාපන ක්‍රමයක් සහ විභාග ක්‍රමයක් සකස් කරගත යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි.

"ලෝකයේ භයානක බෙදීමක් තියෙනවා, දරුවන් සමත් අසමත් ලෙස බෙදන. සෑම දරුවෙක්ම සමත්. නමුත් අපේ විභාග ක්‍රමය සහ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලී වෙලා නෑ දරුවා දක්ෂ මොකටද කියලා හොයා ගන්න. ගණිතය අසමත්නම්, ජීවිතය අසමත්. එහෙම තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගොඩ නැගිලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 50 ක් විතර ගණිතය අසමත් වෙනවා. එතකොට ඒ සියයට 50 ම ජීවිතය අසමත් ද? ගණිතය අසමත් දරුවා සංගීතයට දක්ෂ ඇති. එයා චිත්‍ර අදින්න දක්ෂ ඇති. එයා තාක්ෂණයට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාප්න ක්‍රමය, අපේ විභාග ක්‍රමය ඒක හොයා ගන්න දක්ෂ වෙලා නෑ. ඒ නිසා දරුවෝ සමත් අසමත් විදිහට බෙදන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි".

“දරුවන් අපයෝජනය පිළිබඳව සමාජය තුළ විශාල සංවාදයක් පවතී. අයෝජනය යන වචනයට ලිංගිකව පමනක් නොව ශාරීරිකව සහ මානසිකව සිදුවන අපයෝජන ද ඇතුළත් ය. වාර්තාවන වැඩිම අපයෝජන සංඛ්‍යාව සිදුවනුයේ මානසිකව සහ ශාරීරිකව නිවස ඇතුළේ සිදුවන අපයෝජනයන් ය. ඒ නිසා විශ්වාස කිරීම තුළ දරුවාට ලැබෙන ශක්තිය අන් කිසිවකින් ලබා ගත නොහැක. මම උදාහරණ දෙකක් කියන්නම්. අද ශිෂ්‍යත්ව දවස. මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මාස නවයක කාලයක් ඉසුරුපායේ අධ්‍යාපන ඇමතිවරයාගේ පුටුවේ හිටියා. ඒ මේ වසංගත තත්වය උදාවුණු හැටියේ. මට දිනය මතකයි 2020 වසරේ මාර්තු මාසේ 13 වෙනිදා පළමුවෙනි කොවිඩ් රෝගියා වාර්තා වුනා. කොළඹ ප්‍රධාන පාසැල් දෙකක් ඇතුලේ විශාල කලබගෑනියක් ඇතිවුනා. දැන් වගේම පදනමක් නැති ප්‍රචාර නිසා. එකක් මගේ පාසැල ආනන්ද ය. පැය 24 ක් බලන් ඉදලා ඊට පස්සෙන් දා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එක්ක කථා කරල මම තීරණය කළා තාවකාළිකව දිවයිනේ සියලුම පාසැල් වසා දමන්නට. එතකොට මේ වසංගත තත්වයට අදාළ එන්නත් පිළිබඳ කථිකාවතක් පැවතියේ නෑ. විශ්වීය මාරයෙක් විදියට කොවිඩ් හඳුනාගෙන තිබුණේ. මම හිතුවා වැඩිහිටි අපි මැරෙයි, කමක් නෑ, දරුවෝ ටික බේරා ගන්නවා කියලා පාසැල් ටික වැහුවා. වහල ටික දවසක් යනකොට තේරුණා ගෙවල් ඇතුළේ දූවල පුතාල විශාල පීඩනයකට ලක්වෙලා, අල්ලපු ගෙදරටවත් යන්න විදිහක් නැති බව. සෙල්ලම් කරන්න විදිහක් නෑ. දරුවෝ ප්‍රාණ ඇපකරුවෝ පිරිසක් බවට පත්වෙලා. මම කල්පනා කළා සිංහල දමිල සංස්කෘතිත මංගල්‍ය පැවැත්වෙන අප්‍රේල් මාසේ 13 රාත්‍රී 10යි 58 ට නොනගතය ලබන වෙලාවේ මම ඉල්ලීමක් කළා, “දුවේ පුතේ අපි පොතක් ලියන්න පටන් ගනිමු” කියලා. මම ඒක නම් කළා “රටක් වටින පොතක්” කියලා. මාස තුනක් ගතවෙනකොට දරුවෝ 43,000 ක් පොත් ලියල අවසන් කළා. ඉස්කෝලේ ඇතුලේ ඉන්න අපේ මුළු දරු සංඛ්‍යාව ලක්ෂ 43 ක්. පොත් 43 දාහක් ලියලා අවසන් කරන්න අඩුම ගානේ දරුවෝ ලක්ෂ 4 ක් වත් පොත් ලියන්න පටන් ගන්න ඇති. සමාජයේ දරුවෝ ගැන තිබුණු මතය මොකක් ද? අපේ දරුවෝ කියවන්නේ නෑ.ටීවී එක දිහා බලන් ඉන්නවා විතරයි කියලා. එහෙම ජනප්‍රිය මතයක් තිබුණා. අපේ දූලා පුතාලා ඒක මිථ්‍යාවක් බව ඔප්පු කළා. මොකද රාජ්‍යය තමන්ව විශ්වාස කරන බව දරුවෝ තේරුම් ගත්ත නිසා.

දෙවැනි උදාහරණය, අද තියෙන ශිෂ්‍යත්ව විභාගය ගැන. දැන් මේ විභාගය තියන්නේ මාස පහක් ගතවෙලා. එදා මැතිවරණය අස්සේ මට බොහොම වෙහෙසකාරී දිනයක්. රෑ ගෙදර ඇවිත් මගේ මෙසේජස් බලන කොට රෑ 11.30යි. දඹුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 5 වසරේ නෙළුම් පංතියේ දරුවෙක් මට මෙසේජ් එකක් එවලා තිබුණා. “ඩලස් මාමේ ඔයා බලන්නේ ඕලෙවල්, ඒලෙවල් පංතිවල අයියලා අක්කලා ගැන විතර ද? අපිත් ශිෂ්‍යත්වය නැතිව හරි අමාරුවෙන් ඉන්නේ. අනේ කරුණාකරලා අපි දිහාත් බලන්න. එතකොට විභාග කොමසාරිස් හිටියේ සනත් පූජිත මහත්මයි. මම රාත්‍රී 12.15 ට ඔහුව නැගිට්ටෙව්වා මේ ගැන සාකච්ඡා කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට පහුවදා දහවල් 11ට අපි රැස්වුනා. ඒ අනුව පළමු ප්‍රශ්ණ පත්‍රය විනාඩි 45 පැය වුනා. දෙවෙනි ප්‍රශ්ණ පත්‍රය වරණ හතර වරණ තුන වුනා. මොකක් ද ලැබුණු ප්‍රතිඵලය? ඉතිහාසයේ පළවෙනි වතාවට ගිය අවු‍රුද්දේ ලකුණු දෙසීයෙන් දෙසීයම ගත්ත දූලා පුතාලා 11 දෙනෙක් බිහිවුනා. මේ මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මේ රටේ දරුවෝ විශ්වාස කරපු අවස්ථා දෙකක ගත්තු ප්‍රතිඵලය.

ලොව බොහෝ රටවල් ආදර්ශයට ගන්නා ෆින්ලන්තය පමණක් නොව, එස්ටෝනියාව වැනි රටවල් පවා මතක ශක්තියෙන් විභාගවලට උත්තර ලිවීම ආරම්භ කරනුයේ හත අට වැනි ශ්‍රේණිවලදී බවද ඇමතිවරයා පැවසීය.

"මගේ දෙවැනි පරිච්ජේදය මා ද ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් කරනු ලබන ඉල්ලීමක්. 13 අසුබයි කියලා බහිර සමාජයේ විශ්වාසයක් තියෙනවා. මේකට විද්‍යාත්මක පදනමක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුළත් 225 අසුබ අංකයක් විදිහට හදුන්වනවා. මේ මතය වෙනස් කළ හැක්කේ අධ්‍යාපනය තුළින් පමණයි. ලෝකයේ දිළිදුකම, අන්තවාදය, ත්‍රස්තවාදය මේ සියල්ල පැණ නගින්නේ අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන්. ඒ නිසා පක්ෂ, විපක්ෂ විදිහට ගෝත්‍රිකව බෙදෙන් නැතුව 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අපේ මතය පෙළ ගස්වන්නට ඕනේ. ඒ සදහා ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි අපේ සහෝදර භාෂාවන් ඉගෙන ගත යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්විය යුතුයි."

සිය කතාවේ තෙවැනි පරිච්ජේදය පැහැදිළි කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත කියා සිටියේ දරුවන්, ආබාධ සහිත පුරවැසියන් සහ කාන්තාවන් පිළිබද වාර්තාකරණයේදී මධ්‍යකරුවා මෙන්ම මාධ්‍ය ආයතන සංවේදී විය යුතු බව කියා සිටියේය.

"දරුවෝ ජලය වගේ. මොකක්ද ජලයේ හැඩය? වක් කරන භාජනයේ හැඩය තමයි ජලයේ හැඩය.  ඒ නිසා දරුවෙක් අපයෝජනය වන්නේ ගෘහස්ථ හිංසනය ඇතුළේ විතරක් නෙවෙයි. පත්තර පිටු ඇතුළේ, කැමරා කාච ඇතුළේ දරුවෙක් අපයෝජනය වන්නට පිළිවන්. ඒ නිසා ජනමාධ්‍ය ඇමතිවරයා විදිහට නෙවෙයි, වෘත්තීය සගයෙක් විදිහට මම ඉල්ලන්නේ වාර්තාකරණයේදී සංවේදී වන්න."

ඉදිරි මාස තුන තුළ රසායනික පොහොර සඳහා සහනාධාරයක් සැපයීමට හෝ පොහොර මිල පහත දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. ඒ සඳහා වන සාකච්ඡා දැන් පැවැත්වෙයි.

මේ වනවිට ලෝක වෙලෙඳපොලේ පොහොර පමණක් නොව ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති හා ආහාර ද්‍රව්‍යවල මිලද ඉහල ගොස් ඇතැයි ඇමතිවරයා පැවසුවේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

වසර සියයකට වඩා පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කොට ඇති කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය  විවෘත කිරීමට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

එය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපතිතුමන්ට හා අගමැතිතුමන්ට පිළිගැන්වීය.

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර ඇති අතර එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකල සිරිමතීපායෙහි පවත්වා ගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා පවුලේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ..

 ‘Top50’ Professional and Career Women Awards 2021 සම්මාන උළෙලේදී සත්කාරක සේවා, බැංකු සහ මූල්‍ය, සැපයුම් දාම, ව්‍යවසාය, ජනමාධ්‍ය සහ නීතිය යනාදී විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් තම ප්‍රජාවට ආදර්ශයක් සැළසූ කාන්තාවෝ මෙලෙස ඇගයීමට පාත්‍රවූහ.  ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.

පෙර වසරවලදී මෙලෙස සම්මානයට පාත්‍රවු ජයග්‍රාහිකාවන් 470 කින් සමන්විත මෙම සම්මාන උළෙල කාන්තාවන් නායිකාවන්, වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ පාර්ශවකරුවන් ලෙස රටේ තිරසාර මෙන්ම සියළු දෙනා ඇතුළත් කරගත් සංවර්ධනය සඳහා දක්වන දායකත්වයේ වැදගත්කම අවධාරණය කරයි. 

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හොලී ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. 

යාපනයට ගුවන් විදුලි සේවාවක් ලබාදිම සඳහා ගුවන්විදුලි සංස්ථා සභාපති ඉන්දියවේ සහයෝගය ඉල්ලා සිටියි.
ඉන්දියානු මහ කොමසාරිස් ‌ගෝපාල් බග්ලේ මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතර සුහද හමුවක්
ඊයේ (19) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

ජනවාරි 22වෙනිදා පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව විභාගය පුංචි දුවල පුතාල ජීවිතේ මූණ දෙන පළමු අභියෝගය, වසංගත තත්වය ඇතුලේ විභාගයන් අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ආණ්ඩුවක් විදිහට අපි ඉතාම ඉහල කැපවීමක් ලබා දෙනවා , ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ මාස 05කට පස්සේ, අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත වෙලා තිබුණ විභාගය තමයි ජනවාරි 22වෙනිදා පවත්වන්නේ..”

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 19වෙනිදා කොළඹ දී පැවති  කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

“අපේ රට ඉතාම දක්ෂ දරුවො ඉන්න රටක්. දරුවො ගැන විශ්වාසය තියන්න, අපි ඒ විශ්වාසය ගිය සැරේ තබපු නිසා දරුවන්ගෙ සාර්ථකත්වය රටට පෙන්නුවා. ඒ නිසා අපි හැම අම්මා කෙනෙක්ගෙන්ම තාත්තා කෙනෙක්ගෙන්ම ආදරයෙන් ඉල්ලනවා දරුවන්ව විශ්වාස කරන්න, දරුවන්ගේ ශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න. අපි තුන් ලක්ෂ හතලිස් දාස් පන්සීය අට දෙනෙක් දුවල පුතාලට මුළු රටේම සුභපැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කරගන්නවා  ….”  යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වීය.

 

ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන දීප ව්‍යාප්ත මට්ටමින් දැන් ක්‍රියාත්මකයි. ඉඩමක හිමිකම නොමැති ජනතාවට තම බිම් කොටසේ අයිතිය නීත්‍යනුකුලව පැවරීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිඥාව යථාර්තයක් බවට පත් කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම එම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

තම නිවසටම පැමිණ අදාල ඔප්පුව භාරදිම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණී. මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඉඩම් අයිතිය පිළීබඳ ගැටලු වලට මුහුණ දි සිටි දහසකට අධික පිරිසකගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔප්පු පිරිනමා ඇතැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම කියයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter