නවතම පුවත්

කොවිඩ් 19 වයිරස් රෝගයේ භයානක ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අතර ඇතැම් රාජ්‍යයන් මේ නිසා ලොක්ඩවුන් කිරීමට පවා යොමු වී තිබේ. ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බැවිනි. ඩෙල්ටා ප්‍රභේදයෙන් එක් රෝගියකුගෙන් තවත් රෝගීන් දෙතුන් දෙනකුට පමණක් රෝගය බෝවිය හැකි වුවත් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුන රෝගියකුගෙන් ඊට වඩා රෝගීන් රැසකට මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාවක් තිබේ. මෙය අතිභයානක තත්ත්වයක් වනුයේ රෝගීන් රැසකට රෝහල් පහසුකම් සැපයීමේ හැකියාව නොමැති විය හැකි බැවිනි.

මේ වන විට ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව ද ආක්‍රමණය කොට තිබේ. ගුවන් තොටුපළ තුළ කෙතරම් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණ ද පසුගිය සතියේ ද ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුණ රෝගීන් තිදෙනෙක් විදෙස් රටවලින් මෙරටට පැමිණියහ. ආරක්ෂක වැඩපිළිවෙළ සියයට සියයක්ම සාර්ථක නොවන බව ඉන් මනාව පැහැදිලිය. එහෙත් මෙහි දී ගුවන්තොටුපළ වසා තැබිය නොහැකිය. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය විශාල වශයෙන් බලපා තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත රැකවල් තර කරනු මිස වෙනත් කිසිවක් කළ හැකි නොවේ.

විදෙස් රටවලින් මෙරටට පැමිණි කොරෝනාවට එරෙහි එන්නත් වර්ග බොහොමයකි. ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර්, මොඩර්නා මේ අතර වේ. මේ සෑම එන්නතක්ම මාත්‍රා දෙකකින් ජනතාවට ලබා දෙන ලදී. එමෙන්ම ඒ සෑම එන්නතක්ම ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මැනවින් ක්‍රියාත්මක වූ බව මේ වන විට පැහැදිලිය. අද වන විට කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇති අතර මිය යන රෝගීන් ප්‍රමාණය ද අඩු වෙමින් පැවතීම ඊට ප්‍රධානම සාක්ෂි වේ.

එහෙත් එම මාත්‍රා දෙක ඩෙල්ටා ප්‍රභේදය සඳහා ප්‍රමණාවත් වුව ද ඔමික්‍රෝන් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බූස්ටර් එන්නත අනුමත කොට තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත අනුමත කොට තිබේ. මෙරට පුරවැසියන්ගෙන් වයස අවුරුදු විස්සට වැඩි දෙවන මාත්‍රාව විද මාස තුනක් ගත වූ පසු මෙම බූස්ටර් එන්නත විද ගත හැකිය.

මේ වන විට වයස අවුරුදු හැට ඉක්ම වූ පුරවැසියන්ට බූස්ටර් එන්නත විදීම රට පුරාම ඉතා සාර්ථක ලෙස ආරම්භ වී තිබේ.

එහෙත් අනෙක් එන්නත් මෙන් නොව මෙම තෙවැනි එන්නත් මාත්‍රාව ගැනීමට ඇතැම් පිරිස් දක්වන්නේ බියකි. ඒ විවිධ කටකතා හේතුවෙනි. කටකතා යනු අපේ රටේ ඉතා ජනප්‍රිය කතා විශේෂයකි. එය රට තුළ සිදු වන සෑම හොඳ හෝ නරක සියලු දේ අරභයා සිදු වන්නකි. එන්නත් සඳහා ද සිදු වී ඇත්තේ එවැන්නකි. මිනිසුන් දස දෙනකු අතරින් එක් අයකු තුළ අනිවාර්යයෙන්ම මෙම බූස්ටර් එන්නත සම්බන්ධව ඇත්තේ විරුද්ධ මතයකි. එසේ හෙයින් හේ මෙම දස දෙනාගෙන් දෙදෙනකු හෝ තමන්ගේ මතයට හරවා ගැනීමට ප්‍රයත්න දරයි. එහෙත් මෙම තුන් දෙනාටම සිදු වන්නේ අනර්ථයක් බව ඔවුනට හැඟී යනුයේ ප්‍රමාද වීය. එවිට ප්‍රමාදය හේතු වන්නේ පසුතැවිල්ලකටය. මේ නිසා අප්‍රමාදීව බූස්ටර් එන්නත විද ගැනීම අනිවාර්යයෙන්ම සෑම පුරවැසියකු විසින්ම කළ යුත්තකි.

ඔමික්‍රෝන් ඉතා ක්‍රියාශීලි වයිරස් ප්‍රභේදයක් බව සිතට ගත යුතුය. නිවැරැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද්ද ද එක් නිමේෂයක දී වයිරසය තමන්ගේ ශරීරය තුළට ඉතා වේගයෙන් ඇතුළු විය හැකිය. එය එක් මොහොතක පිපාසය සංසිඳවීම සඳහා කාර්යාලයේ දී ජලය පානය කරන අවස්ථාවක දී විය හැකිය නැතහොත් දිවා ආහාර අනුභවයේ දී විය හැකිය. එසේත් නැතහොත් කාර්යාල මිතුරන් සමඟ හෝ නෑදෑ හිතමිතුරන් සමඟ මත්පැන් සාදයක දී විය හැකිය. මේ නිසා ආරක්ෂාරකාරී වීම වඩාත් වැදගත්ය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳව ද ජනතාව තුළ විවිධ අර්ථකතන සමාජ වෙබ් ජාලා හරහා සමාජගත විණි. සෑම දෙයකම විවිධ අතුරු ප්‍රතිඵල තිබේ. එය ඉතා සුලු වශයෙනි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මඟින් රුධිරය කැටි ගැසීම් පිළිබඳ ව වාර්තා වුණ ද එය එකක් හෝ දෙකක් පමණි. එහෙත් ඉන් සිදු වුණ යහපත් ප්‍රතිඵලය වූයේ රෝගය බෝවීම සහ ව්‍යාප්තිය සාර්ථකව පාලනය වීමකි. සිදු විය යුත්තේ ද එයය.

වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ ශරීර තුළ වසංගතයට එරෙහිව නැඟී සිටීමේ ප්‍රතිශක්තිකරණය යහපත් පරිදි තිබේ. මේ නිසා කොරෝනා රෝගයෙන් ආරක්ෂාකාරී වීමට නම් වයස අවුරුදු විස්සට වැඩි ජනතාව පෙර එන්නත් ද්විත්වය ලබා ගත් පරිදිම බූස්ටර් එන්නත ද ලබා ගත යුතුය.

පෙර එන්නත් මාත්‍රා දෙක විද කාලයක් ගත වී ගොස් ඇති හෙයින් ඒවායේ ප්‍රතිශක්තිකරණය මේ වන විට අඩු වෙමින් පවතී. බූස්ටර් එන්නතෙහි අවශ්‍යතාවය වඩාත් දැනෙන්නේ එබැවිනි. එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ද මෙහි භයානක තත්ත්වයයි.

සංචරණ සීමා පැනවීම, රට ලොක් ඩවුන් කිරීම ජනතාව ද රජය ද පීඩාවට පත් කරන්නකි. මේ නිසා ජනතාවගේ වගකීම විය යුත්තේ තමා ද තමාගේ සමීපතමයන් ද රට ද ආරක්ෂා කර ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමයි. අනෙක් එන්නත්වලට දැක්වූයේ හුඹස් බියක් සේම මෙය ද හුඹස් බියක් බව අවබෝධ කර ගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කර නොගත යුතුය.

 

සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12. 28 දින (අඟහරුවාදා) ප.ව. 7.00 ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.

භෞමික රූපවාහිනී විකාශනය ප්‍රතිසම (Analog) ක්‍රමවේදයේ සිට අංකිත (Digital) ක්‍රමවේදය දක්වා ගෝලීය වශයෙන් ගමන් කරමින් සිටින අතර ප්‍රතිසම (Analog)  විකාශන ක්‍රමය වේගයෙන් අඩුවෙමින් පවතී. වර්තමානයේ පවත්නා තාක්ෂණය ක්‍රමයෙන් යල් පිනූ තත්ත්වයට පත්ව විකාශන පද්ධතිය නඩත්තු කිරීම හා ඉහළ යනු ලබන අතිරේක රූපවාහිනී නාලිකා අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගයට මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇත.

තවද ජපාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් රජය, විකාශකයින් සහ ප්‍රේක්ෂකයින් යන සියලු පාර්ශවයන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.

ජාතික සුරක්ෂිත දිනය නිමිත්තෙන් පැවත්වූ 17 වැනි සුනාමි සැමරුම් වැඩසටහන අද (26) හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිරිපිට සෞඛ්‍යරක්ෂිත මාර්ගෝපදේශවලට යටත්ව  පැවැත්විනි.

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් වලට මුලිකත්වය දෙමින් අද දින (26) කරන ලදී.

ජාතික සුරක්ෂිතා දින සැමරුම් උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විණි. සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මියගිය ජනතාව පිංපැමිණවීම සිදු කළ අතර පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට කටයුතු කරන ලදී.

සුනාම් ව්‍යසනයෙන් වැඩිම පිරිසකගේ ජීවිත අහිමි කරමින් පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී සුනාමිය ව්‍යසනයට ගොදුරු වී මිය ගිය ජනතාව සිහිපත් කරමින් විශේෂ දුම්රියක් ගමන් කරන ලදී.

එසේම ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකයට පුෂ්පෝහාර දක්වා සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම ද අද දින සිදු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ නොයෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික සහ මහජනතාව දැනුවත් කිරීම සංවිධානය කරමින් ජාතික සුරක්ෂිතා දිනය වාර්ෂිකව සැමරේ.

මුලතිව් දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ පාසැල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

කෑගල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

2021 වර්ෂයේ ජාතික සුරක්ෂිත  දිනය  තේමා කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් වැඩ සටහන  අද දින (26) සාර්වාගමික වැඩසටහනක් වලට මුල්තැන දෙමින් සිදු කර සුනාමි ව්‍යසනයෙන් හා අනෙකුත් විවිධ වු ආපදා නිසා මියගිය ජනතාව සිහිපත් කර පිං පැමිණවිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  සිදු කරන ලදි.

දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

ගම්පහ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

කුරුණෑගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මාතලේ  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

රත්නපුර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මීට සමගාමීය දිස්ත්‍රික්යේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ආපදා බහුල ප්‍රදේශවල ජීවත් වන ජනතාව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විනි. 

මඩකළපු  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මඩකළපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මහනුවර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

යාපනය  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යාපයනය දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී

අනුරාධපුර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැලි සෑය සහ ජයශ්‍රීමා බෝධි පරිශ්‍රෙය් දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

කිලිනොච්චි  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

බදුල්ල  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් වැලිමඩ ධම්මවිජය විහාරස්ථානයේ  දී අද දින පැවැත්වීමට කටයුතු කරන ලදී.

හම්බන්තොට  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් හම්බන්තොට නගරාධිපතිතුමන් සහ දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු  රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් හම්බන්තොට නගරයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මාතර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසක ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් සහකාර ලේකම්, මාතර ප්‍රාදේශීය ලේකම් සහ පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් මාතර සුනාමි ස්මාරකය අභියස දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

 

අමාත්‍යාංශය දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇති බව වාර්තා වෙයි
 
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
 වහාම ක්‍රියාත්මක වන පරිදි අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් 2022.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වර ධූරයටත්  ජනාධිපතිවරයා විසින් පත්කර ඇත

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ.

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා ආදර්ශන ගොවිපොළ ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි.

කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ආදර්ශ ගොවිපොළ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු මෙහි සිදු කෙරෙන සේවවාන් වඩාත් පුළුල් කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයකි. පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.

නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.
පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් අද විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත්ව වසර 2යි මාස 09ක කාලයක් “රණ අධ්‍යයන විද්‍යාවේදී උපාධි පාඨමාලාව” හැදැරූ 73දෙනෙක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150දෙනෙක්, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීහු 61දෙනෙක්, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියෝ 15දෙනෙක් සැම්බියාව, මාලදිවයින සහ රුවන්ඩාව රාජ්‍යයන්ගෙන් පැමිණ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීහු 06දෙනෙක් හා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය බට නිලධාරීහු 05දෙනෙක් මේ පිරිසට අයත් වෙති.

ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨාමාලා අංක 17 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය එච්.ඒ.ටී. ප්‍රභාෂ්වරී, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඒ.එම්.ඩී.ටී.එන්. පෙරේරා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලාත සම්මානය ආර්.ටී.එල්.ඒ. සිල්වා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරව අසිපත එච්.ඊ.ඒ. රන්ජුල, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා 90 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමිවන ගෞරව අසිපත ටී.ආර්.සී.ඩී. පතිනායක, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඩී.එම්.එම්. රුක්ෂාන් දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරී ගෞරව යෂ්ටිය මාලදිවයින් ජාතික ඒ. ආදම් යන අයවලුන් ජනාධිපතිතුමා අතින් සිය සම්මාන හිමි කරගනු ලැබිණ.

සිය සහභාගීත්වය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේ ය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සමඟ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා පවත්වයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෑතකදී ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය දෙසැම්බර් 15 වැනි දින හමුවිය. මෙරට තුළ පවත්නා ප්‍රමුඛතා වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි නව මාර්ග පිළිබඳව ගවේෂණය කිරීම යනාදිය සහකාර මහ ලේකම් විග්නරාජා මහත්මියගේ මෙම සංචාරයේ අරමුණු විය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හටගත් සමාජ-ආර්ථික බලපෑම් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ පියවර ඉස්මතු කළ විදේශ අමාත්‍යවරයා තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අරභයා ශ්‍රී ලංකාව මෑත කාලීනව ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව සහකාර මහලේකම්වරිය දැනුම්වත් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක පහක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ඉටු කළ සංවර්ධනය අශ්‍රිත ක්‍රියාකාරකම් අගය කළ විදේශ අමාත්‍යවරයා තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම බහුවිධ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව නැවත අවධාරණය කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළයෝජිත සංශෝධන ඇතුළුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශීය ක්‍රියාවලීන්හි මෑතකාලීන ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා නියත ප්‍රගතියක් ළඟා කර ගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම නැවත අවධාරණය කළේය.

ගතවූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව නිරීක්ෂණය කළ සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑම්වලින් මිදී යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළාය. ශ්‍රී ලංකාව සතුව ස්වභාවික සම්පත් බහුලව පවතින බව සඳහන් කළ සහකාර මහ ලේකම්තුමිය පරිසරය සංරක්ෂණය කිරීම මගින් සංචාරක කර්මාන්තය නඟා සිටුවිය හැකි බවත් රටේ ආර්ථික වර්ධනයට එමගින් සහය ලබා ගත හැකි බවත් ප්‍රකාශ කළාය. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැමැත්තෙන් පසුවන බවද එතුමිය ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම් මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත මාලින් හර්විග් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් නිලධාරීහු මහ ලේකම් විග්නරාජා මහත්මිය සමඟ මෙම අවස්ථාවට එක්වූහ. විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.

 

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ඊයේ (15) තීරණය කෙරිණි.

මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනිණී. එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා කීය.

මේ අතර රසායනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ වල සහයෝගය අත්‍යවශ්‍ය බවත් මෙය ඉහළම ජාතික වැඩපිළිවෙලක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 16 ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇතැයිද ගෙවුණු වසර කිහිපයෙහි එහි සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද මෙහිදී අනාවරණය විය. 1994 වසරේ සිට වසරින් වසර මෙරට වකුගඩු රෝගීන්ගේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර ඇතුළු උතුරුමැද ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් අනාවරණය විය. වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් 95%ක් පමණ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පවුල් වල පිරිස් යැයිද මෙහිදී හෙළි විය. වකුගඩු රෝගය හේතුවෙන් 70% ක් පමණ වයස්ගත පුරවැසියන්ගේ මරණ මෙයට පෙර වාර්තා වුවුද මේ වන විට අවුරුදු 35 -40 අතර වයස්හි පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මේ සාකච්ඡාවේදී අනාවරණය විය.

මේ අතර රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා වන අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේය. පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියකට සහභාගී වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , හරිත කෘෂිකර්මාන්තයේ මෙහෙයුම් කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත යාපා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් දුම්බර ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් වන දුම්බර රටා ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් සංස්කෘතික අමාත්‍යංශය යුනෙස්කෝවට ඉදිරිපත් කර ඇත.

යුනෙස්කෝ වාර්ෂික සමුළුව පසුගිය 13 ප්‍රංශයේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවේ යෝජනාව (ඊයේ 15) අධීක්ෂණය කර සම්මත කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) ටී.එන්. හෙට්ටිආරච්චි මහතා පවසයි.
දුම්බර රටා කර්මාන්තය කුවේණි යුගයට නෑකම් කියන්නකි. වර්තමානයේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාල ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් කලාසිරි ග්‍රාමයේ පවුල් 120ක් පමණ ගෘහ ආශ්‍රිත ජීවනෝපායක් ලෙස දුම්බර රටා කර්මාන්තයෙහි නිරතව සිටිති. ඔවුන්ගෙන් එක් කුටුම්භයක් මාසිකව රුපියල් 15,000ක පමණ අතිරේක ආදායමක් උපයා ගනී. කොරෝනා වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය අඩවණ වී ඇති බැවින් දේශීය මධ්‍යම පාන්තිකයන් අරමුණු කර ගනිමින් දුම්බර රටා කර්මාන්තය දැන් ක්‍රියාත්මක වන බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව මම ඊයේ (15) පස්වරුවේ අවධාරණය කළෙමි.
ඒ, කොළඹ විශ්වවිද්යාලයේ සිසුන් අටසියයකට නේවාසික පහසුකම් සැලසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත "කොළොම්තොට සරසවි උයන" මහල් නිවාස පරිශ්රය විවෘත කරමිණි.
කොළඹ 05, පොල්හේන්ගොඩ කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස පරිශ්රය ඉදිකිරීමේ දී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහා ද මෙහි නිවාස ලබා දීමට පියවර ගෙන තිබේ.
නිදන කාමර දෙකක් සහිත සියලු පහසුකම්වලින් සමන්විත මෙම නිවාස 528 ඉදිකිරීමට බදු රහිතව වැය කළ මුදල රුපියල් මිලියන 1900කට ආසන්න වේ. නාගරික සංවර්ධන අධිකාරියට අනුබද්ධිත රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණය යටතේ මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම මෙම ව්යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළේය.
කොළඹ විශ්වවිද්යාලයේ ශිෂ්ය නේවාසිකාගාරය සඳහා වෙන් කර ඇති ගොඩනැගිල්ල නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් එම ගොඩනැගිල්ලේ අනුරුවක් විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට සහ කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය චන්ද්රිකා විජේරත්න මහත්මියට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
"කොළොම්තොට සරසවි උයන" මහල් නිවාස පරිශ්රය ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාව අමතා මා කළ සම්පූර්ණ කතාව මෙසේය.
2014 වර්ෂයේදී තමයි, අපි මේ නිවාස පරිශ්රය හදන්න මුල පිරුවේ. මේ සුවිශේෂී නිවාස ව්යපෘතියක්. කුලුනු තුනක් විදියට ඉදිවෙලා තිබෙන මෙම නිවාස පරිශ්රයෙන් එක් කුලුනක් සම්පූර්ණයෙ ම කොළඹ විශ්වවිද්යාලයට වෙන්වෙනවා. ඒ එහි නේවාසිකාගාරයක් විදිහට යොදා ගන්න.
මේ නිවාස ව්යාපෘතියට ඉඩම් දීපු ජනතාවටත්, කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කරන ජනතාවටත් මේ නිවාස ව්යාපෘතියෙන් නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචිවෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට උවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතැනින් නොමිලේම නිවසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකිවෙලා තියෙනවා. ඔවුන්ට නිවසකට උරුමකමක් වගේ ම තමන්ගේ ම කියල ලිපිනයකුත් ලැබිල තියෙනවා.
අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. අපි ක්රියාත්මක කරන නිවාස වැඩ සටහන්වල දී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නෑ. ඒ වගේ ම පක්ෂ භේදයකුත් නෑ.
මතක තියා ගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. ඒ යුගය ඉදිරි වසර කීපය තුළ නිමා කරන්න ඕනේ.
අපි මේ නිවාස වැඩසටහන කරන්නේ පරතිපත්තියක් ඇතිව. ඉදිරි දැක්මක් ඇතිව. මේක දේශපාලන අරමුණකින් කරන වැඩ පිළිවෙළක් නෙවෙයි. නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ව්යාපෘතිවල පරචාරණ වියදම රුපියල් කෝටි ගණනක්. ඒ මුදල්වලින් තවත් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා.
අපේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්යාපෘති ගැන හොඳ අත්දැකීම් තියෙනවා. මටත් හොඳ අත්දැකීම් තියෙනවා. මමත් ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්යාපෘති ගැන බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා.
මට මතකයි, ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩ කර කර ගෙවල් හදන කොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විදියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා. අපි ගෙවල් හදන්නේ අපේ රට ගැන හිතලා. අපි නිවාස වැඩසටහන ක්රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්යාපෘති විදියට.
ඒ වගේ ම අපි දෙන ගෙදර පවුලක් හැටියට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශයට අනුව සෑම පවුලකට ම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා. රට පුරා ම අපි මේ නිවාස වැඩසටහන ක්රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා.
නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50, 000 ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14, 083 ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියනවා.
ඒ අනුව 2024 වන විට කොළඹ ප්රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්ය සැලසුම් අපි සකස් කරලයි තියෙන්නේ.
එදා අපි කොරියාව කියල කිව්වේ අප්රසන්න මුඩුක්කු පරිසරවලට. ඒත් අද කොරියාව කියන්නේ ඉහළ සංවර්ධනයක් හිමි කර ගත් ලස්සන රටක්. චීනයටත් ඒ වගේ ම අපහාස කරපු කාලයක් තිබුණා. අද චීනය ලොව බලවත්ම රාජ්යයක් බවට පත්වෙලා.
පැල්පත් හා මුඩුක්කුවලින් තොර රටක් වෙනුවෙන් නාගරික සංවර්ධනයේ විප්ලවීය වෙනසකට අපි මුලපිරුවේ 2010 දි බව කියන්න ඕනෙ. 2014 වන විට අපිට හැකි වුණා, පැල්පත් හා මුඩුක්කුවල ජීවත් වූ විශාල පිරිසක් මහල් නිවාස වල පදිංචි කරවන්න.
කොළඹ නගරයේ ගරා වැටුණු ප්රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගොඩනැගිලි අපි නැවත ඒ ආකාරයට ම ප්රතිසංස්කරණය කරල නගරයට අලුත් පෙනුමක් ලබාදුන්නා. ඒ නිසා ම "වේගයෙන් ම දියුණු වන නගරය" ලෙස 2015 දී කොළඹ නගරය ජාත්යන්තරයේ සම්මානයට පවා ලක්වුණා. ඒ සියල්ලම යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළා.
දැන් අපිට සිද්ධවෙලා තියෙන්නේ නතර කළ තැනින් ආයිමත් මුල ඉඳන් පටන් ගෙන යන්න. හැබැයි අපි මේ කෙටි කාලය තුළ වැඩ ගොඩක් කරලා තියෙනවා. සෑම පවුලකට ම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දීමත්, නගර සංවර්ධනයත් සැලසුම් සහිතව සිදු කරන බව ප්රකාශ කරන්න ඕනේ. අපි නිවාස වැඩපිළිවෙළ ක්රියාත්මක කරන්නේ දේශපාලනය ගැන බලලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලයි. ඔබ සැමට සුබ අනාගතයක් වේවා!
කොළඹ විශ්වවිද්යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට සිටියහ. එසේ ම අමාත්ය දිනේෂ් ගුණවර්ධන, ඇමතිනී පවිත්රා වන්නිආරච්චි, රාජ්ය අමාත්යවරු වන නාලක ගොඩහේවා, සුසිල් ප්රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ජගත් කුමාර, යදමිණි ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්යක්ෂ ජනරාල් ප්රසාද් රණවීර, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය චන්ද්රිකා එන්. විජේරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිවාසලාභීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට ගුවන් විදුලි සේවා ආරම්භ වී අදට වසර 96 ක් සපිරෙයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් 1925 දෙසැම්බර් 16 වැනිදා මෙරට ගුවන් විදුලි සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේදී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ පැවති ගුවන් විදුලි සේවය 1949 ඔක්තෝබර් 01 වැනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ථාපනය කෙරිණි. ජෝන් ඒ. ලැම්ප්සන් මහතා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂවරයායි. 1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යලි ප්‍රතිෂ්ථාපනය කෙරුණු අතර, නෙවිල් ඩී. ජයවිර මහතා එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. මේ වනවිට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දේශිය වශයෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක්’ සහ ඉංග්‍රිසි සේවයක් ප්‍රචාරය කරයි. විදේශිය සේවා පහක් ප්‍රචාරය කෙරේ. රජරටි රුහුණ, කදුරට, වයඹ හඩ, යාපනය, ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්.එම් සංස්ථාව සතු ප්‍රාදේශිය සේවා වෙයි. දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකයි ආසියාවේ ප්‍රධානතම ගී තැටි පුස්තකාලය තවදුරටත් ඇත්තේ ජාතික ගුවන්විදුලිය සතුවය. ඉන්දියාවේ ද සොයාගත නොහැකි ඉතාමත් දුර්ලභ හින්දි ගී තැටි ජාතික ගුවන්විදුලිය සතුය. ලෝකයේ විවිධ ජනනායකයින්ගේ හඩ කොටස් ඇති එකම පුස්තකාලයටද ජාතික ගුවන්විදුලිය හිමිකම් කියයි.
ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය වශයෙන් ආරම්භ වූ ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජාතික අනන්‍යතාව රැකගැනීම උදෙසා කළ මෙහෙවර අද්වීතීයය. මෙරට භාෂාව සාහිත්‍යය නාට්‍ය අධ්‍යාත්මික ගුණ වගා, සෞඛ්‍යය, කෘෂිකර්මය, ජාතික සංවර්ධනය, ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා සිංහල, දෙමළ හා ඉිංග්‍රීස භාෂත්‍රයෙන්ම වැඩසටහන් ප්‍රචාරය කරමින් ජාතිය පෝෂණය කිරීමට ජාතික ගුවන් විදුලිය සමත් විය. ජාතික ගුවන් විදුලියට වසර 96 ක් සපිරීම නිමිත්තෙන් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩ්රුවේශ්‍රී උපාලි ස්වාමීන්වහන්සේ ආශිර්වාදය පළ කරති.

සිංහල භාෂා භාවිතය නිවැරදිව සිදුකරන ජාතික ගුවන් විදුලිය සිය අධ්‍යාපන කාර්යය ඉතා වගකීමෙන් ඉටු කරමින් සිටින බව සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ ජාතික ගුවන් විදුලිය ආරම්භයේ සිට මේ දක්වා ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාව මෙන්ම සංස්කෘතික සහ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීම වෙනුවෙන් අති විශේෂ සේවාවක් ඉටු කරන බවයි.

දේශීය අනන්‍යතාව සුරකිමින් භාෂා භාවිතය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට ජාතික ගුවන් විදුලිය ගන්නා උත්සාහය අගය කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර මහතා පවසයි.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 96 ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙ. ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේදී අද දින සියක් නමක් සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවකි. නවක ධර්ම දේශක පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව ධර්ම දේශනා පුහුණු අපේක්ෂාවෙන් පසුවෙන භික්ෂූන්වහන්සේ 80 නමක් හා මෙහෙණින්වහන්සේ 20 නමක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන පසුගිය 14 වෙනිදා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේදී ආරම්භ විය. මහාචාර්ය පුජ්‍ය මැදගම්පිටියේ විජිත ධම්ම ස්වාමින්වහන්සේ මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ. මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීම යටතේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සංවිධාන කර තිබෙ.අද දින භික්ෂූන්වහන්සේ උදෙසා ධර්ම සන්නිවේදනය හා එහි ඉතිහාසය පිළිබඳ දේශන හා ප්‍රායෝගික හඩ් පරීක්ෂණයක් සිදු කිරීමට සැළසුම් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 96 වෙනි සංවත්සරය නිමිත්තෙන් කඳුරට සේවය පරිශ්‍රයේදි අද පෙරවරුවේ සෙත්පිරිත් දේශනාවකි. පොහෝ දින සදහම් ප්‍රදීපනී වැඩසටහනට සමගාමීව වෛද්‍ය සායනයක් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබේ. කඳුරට සේවය සංවිධාන කරන 96 වන ප්‍රභාෂ්වර සංගීත ප්‍රසංගය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේදී අද පස්වරු 01.30 සිට පැවැත් වේ කඳුරට සේවය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාන . දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතා ඇතුඑ’ ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්වෙති’ ප්‍රසංගය කඳුරට සේවය ඔස්සේ ද ප්‍රචාරය කෙරේ.

සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ලබන වසර නරඹමු ශ්‍රීී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පස්අවුරුදු ගෝලීය සංවර්ධන වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකවන බවයි.

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කර ලබන වසරේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටුවීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් ප්‍රතිඥාවක් යථාර්තයක් බවට පත් කිරීමකි. 2025 වනවිට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් කෝටියක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීම ඉලක්කයයි. සංචාරකයන් ලක්ෂ 60 ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ බවද සංචාරක ඇමතිවරයා කියයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter