නවතම පුවත්

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකෙරුනු නිවාස 528 කින් සමන්විත කොලොම්තොට සරසවි උයන නව මහල් නිවාස සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පැවරෙයි.

නිවාස 192 ක් බැගින් වු ගොඩනැගිලි 2 ක් මෙම සංකීර්ණයට අයත් වෙයි. ඉන් එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් සැපයු කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම යටතේ ලබාදී තිබේ. අනෙක් ගොඩනැගිල්ලේ නිවාස කැලණිවැලි දුම්රිය මාර්ගය පුඵල් කිරීමේදී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලේ සැපයේ.

නිවාස 144 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800 ක් සඳහා නේවාසිකාගාරයක් ලෙස භාවිත කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයට පැවරෙයි. නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වෙයි.

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය ආශ්රිතව ස්ථාපිත කරන ප්රථම බන්ධිත ගබඩා පරිශ්රය වන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්යන්තර සේවා සැපයුම් මධ්යස්ථානයේ ඉදිකිරීම් අද (14) ආරම්භ විය.
හෙක්ටයාර් එකක භූමියක ගොඩනඟන ගබඩා පරිශ්රයේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළෙමි.
හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයෙහි ප්රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ මම ලංකාවේ චීන තානාපති කුයි ශෙන්හොං මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එකතු වුණෙමි.
හම්බන්තොට ජාත්යන්තර වරාය පරිශ්රයේ පිහිටි ප්රති-නැව්ගත කෙෙරන වාහන හසුරුවන මෙහෙයුම් අංශය (Ro Ro operations) වෙත ගොස් වාහන ප්රති-නැව්ගත කිරීමේ කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළෙමි. මෙම වසර තුළ පමණක් වාහන ලක්ෂ පහක ප්රමාණයක් එම අංශයෙන් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයෙහි ප්රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පෙන්වා දුන්නේය. හම්බන්තොට
වරාය විසින් මෙතෙක් හසුරුවා ඇති ඉහළ ම වාහන ප්රමාණය ද එය වෙයි.
ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක් සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායවලින් ප්රති-නැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන රැගෙන එන අතර, දකුණු අප්රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්රංශයේ ලේ හැවේරේ යන වරාය වෙත ඒවා ප්රති-නැව්ගත කරයි.
වරාය පරිශ්රයේ පිහිටි කර්මාන්ත කලාපයේ ඉදිකෙරන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහයට (Shenzhen Xinji Group) අයත් "පිරිනිමි" (Plug and Play), "කලාපය තුළ කලාපයක්" (Park in Park) සංකල්පයෙන් ක්රියාත්මක ඉලෙක්ට්රොනික් උපාංග නිෂ්පාදන කර්මාන්ත කලාපය සහ සිලෝන් ටයර් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් ඉදිකරන ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්රය මගේ විශේෂ අවධානයට ලක්විය.
ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්රව්ය මෙන් ම පිරිස් බලය ද සැපයෙන්නේ දේශීය වශයෙනි. හෙක්ටයාර් 55.8ක් පුරා විහිදෙන මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඉදිකිරීම අදියර දෙකක් යටතේ සිදුකරනු ලබන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600ක් ආයෝජනය කෙරෙයි.
හම්බන්තොට වරාය විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති ප්රගතිය සහ ඉදිරි සංවර්ධන වැඩෙපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයෙහි ප්රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා විසින් අප දැනුම්වත් කරනු ලැබීය.
හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය විසින් ලුණුගම්වෙහෙර ගම්මානය "බලාපොරොත්තුවේ ගම්මානය" ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියට අදාළ සන්නස් පත්රය අමාත්ය චමල් රාජපක්ෂ මහතා සහ හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයෙහි ප්රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අතර හුවමාරු කර ගැනීම ද මෙම නිරීක්ෂණ චාරිකාවට සමඟාමීව සිදුවිය.
අමාත්යවරු වන චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, වරාය හා නාවික අමාත්යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, කලම්බු ලොජිස්ටික් සමූහයේ සභාපති එරික් අම්බලංගොඩගේ යන මහත්වරු ඇතුළු රාජ්ය නිලධාරීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත. 
 
ඒ අනුව  අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත පරිදි කාර්යසාධන ඇපකරය සුරකුමක් ලෙස තබා ගනිමින් අදාළ පොහොර තොගය අඩංගු නැව ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබේ.

දිවයින පුරා සමෘද්ධි ලභීන්, අඩු ආදායම් ලාභීන්, ධරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සහ විභවතාවයෙන් පෙලෙන ජනතාවගේ ගෘහ ආර්ථිකය නගා සිටුවීමේ කාර්යය සඳහා වත්මන් රජයේ මග පෙන්වීමෙන්  ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍යා වැඩ සටහන් මාලාවේ සතර වන කාර්තුව හෙට(15) දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
 
මේ වන විට මෙම වැඩ සටහන් මාලව යටතේ දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 570 සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය යන ආයතන දෙක පමනක් 2021 වර්ෂයේ අවසානය වන විට මෙරට ආදායම් උත්පාදනයට සහ ව්‍යසායකත්වයට යා හැකි පවුල් ඒකක 2,20.000 ක් ස්වයං රැකියා ලාභින් ලෙස ජාතික ආර්ථිකයට එක් කර ඇති බව ද අද(14) මේ පිළිබඳ මාධ්‍ය වෙත මැදවච්චිය නගරයේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හෙතෙම කීවේය.
 
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙරට ජනතාවගේ ගෘහ ආර්ථිකය ශක්තිමත් වෙමින් මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින් පළ දරමින් සිටින බවත් ලබන වර්ෂය වන විට මෙලෙස ආරම්භ කළ ව්‍යාපෘති තව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව රාජ්‍ය  ඇමැති වරයා කීවේය. 
 
රජරට ජනතාව එහි නිසි ප්‍රයෝජන හොදින් තෝරුම් බේරුම් ගෙන කටයුතු කරමින් සිටින බවත් ඒ අයුරින් දිවයින පුරා සමෘද්ධි ලභීන්, අඩු ආදායම් ලාභීන්, ධරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සහ විභවතාවයෙන් පෙලෙන ජනතාවට නොබියව මෙම ව්‍යාපෘති සදහා සහභාගි වන ලෙසටද රාජ්‍ය ඇමැති වරයා එම ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. 
 
හෙටින්(15) ආරම්භ වන සිව් වන සෞභාග්‍යා සතිය දෙසැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ කාල වක වාණුව තුළ ආබාධ සහිත තැනත්තන්ද සවි බල ගැනවීමටත් කටයුතු කරන බව වැඩි දුටරත් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙරට තානාපතින් හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්රී භෝජන සංග්රහය ඊයේ (12) රාත්රීයේ කොළඹ ශ්රැංග්රිලා හෝටලයේ දී පැවැත්විණි.
 
ඊට එක්වූ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජ්ය නොවන සංවිධාන නියෝජිතයින් සමඟ මම සුහද කතාබහක ද නිරත වුණෙමි.
මෙම අවස්ථාවට විදේශ අමාත්ය මහාචාර්ය ජී.ඇල්. පීරිස්, අමාත්යවරු වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්රාදේවි වන්නිආරච්චි, අලි සබ්රි, රාජ්ය අමාත්යවරු වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ජයන්ත වීරසිංහ, සුරේන් රාඝවන්, අග්රාමාත්ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5 ලක්‍ෂ 73 දහස් 649 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 747 දෙනෙක් ඊයේ හදුනා ගත්හ.

සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14641 කි.

උත්සව සමයේදී ජනතාව පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. නැතහොත් රට තුළ සිග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවිය හැකිය. සමාජ දුරස්ථභාවය පත්වාගැනීම. මුව ආවරණ පැලදීම සහ නිරන්තරයෙන් දැත් සේදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීමට කිසිවෙකුත් බිය වියයුතු නැත. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට අද සිට බුස්ටර් මාත්‍රාව ලබාදෙන බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ වෙද්‍යෙ දිනුකා ගුරුගේ මහත්මිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවේ නියුතු අයටද ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් බුස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතී.

ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන සැලසුම් 22 ක් සකසා අවසන් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර මහතා පවසයි. තවත් නගර සංවර්ධන සැලසුම් 52 ක් සැකසෙමින් පවතී. 2024 වසර වනවිට නගර සංවර්ධන සැලසුම් 136ක් සැකසීම සිය අධිකාරියේ අපේක්ෂාව බව හෙතෙම පවසයි.

කොරෝනා මර්නධය සදහා වන මාත්‍රා දෙකම එන්නත් කිරීම අනිවාර්ය කෙරෙන නව නීති කඩිනමින් හදුන්වාදෙන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. අදාල නීති මේ වනවිට සකස් වෙමින් පවති. මාත්‍රා දෙකම එන්නත් කර ඇති බවට සහතික කෙරෙන කාඩ්පත ජංගම දුරකථන යෙදවුමක් මගින් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවෙයි. ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම එම කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇතැයි ඇමතිවරයා පැවසුවේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි. සෞඛ්‍ය හා අදාළ සියලු අංශ ඊට එක්වනු ඇත. ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාදනයවී මෙරටට පැමිණි කාන්තාව එන්නත්කරණයට ලක්වී නැති බව හෙලිවි ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

එළඹෙන උත්සව සමයේ සීමා පැනවීමට රජය අපේක්ෂා නොකරයි. පාසල් ඇතුඵ සෑම අංශයක්ම ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යාකරණයට ලක්කිරීම රජයේ අපේක්ෂාවයි. සෑම අයෙකුටම තුන්වන මාත්‍රාව එන්නත් කිරීමට සැලසුම් කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට රජය ගන්නා උත්සාහයට ජනතා සහාය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශවනලට අනුකුලව කටයුතු කිරීම මගින් ජනතාවට එම සහායදිය හැකිය.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට යළි ඇරඹෙයි. ගබඩා කර තිබු බොරතෙල් තොග අවසන් විම හේතුවෙන් පසුගිය මස 15 වැනිදා සිට පිරිපහදුව තාවකාලිකව වසා දැමිණ. ඉදිරි සති 2 තුළදි බොර තෙල් මෙට්‍රික් ටොන් අනුදහසක් රැගත් නෞකාවක් දිවයිනට ළගාවිමට නියමිතය. ජනවාරි මාසයේ මැද භාගයේදිද බොර තෙල් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කමිටුවක් පත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇත.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී තිබේ.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කෙරෝනා මර්දනය සදහා වන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි. එය අද සිට ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. හැකිතාක් මාර්ගගත රැස්වීම් පැවැත්වීමට ක්‍රියා කරන්නැයි එම මාර්ගෝපදේශ මගින් දැනුම් දී තිබේ. කාර්යාලයක , කාමරයක හෝ ශාලාවක රැඳි සිටිය හැක්කේ එහි උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකකට පමණි. තොග වෙලළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ හැකිය. එහෙත් ඒවා පළාත් පාලන ආයතනවල හා ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දැඩි අධීක්ෂණයට ලක් විය යුතුය. සතිපොල , විවෘත වෙලළදපොල හා ජංගම වෙලළදසැල් පවත්වාගෙන යා යුත්තේ ද පළාත් පාලන බලධාරීන්ගේ හා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේයි. ආපන ශාලාවල රැඳී සිටිය හැක්කේ උපරිම වශයෙන්  සියය නොඉක්මවන පරිදි සාමාන්‍ය ධාරිතාවයෙන් තුනෙන් එකකට අඩු සංඛ්‍යාවකි. සාප්පු ,ග්‍රොසරි ,ඖෂධසල් හා සුපිරි වෙලෙදසල් ද ධාරිතාවයෙන් තුනෙන් එකකට අඩු සංඛ්‍යාවක් ඇතුළත් කර ගත යුතුය. ඇතුඵ වීමට අවසර ඇති පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රදර්ශනය කළ යුතුය. බැංකු හා මුල්‍ය ආයතනවල ද වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 15 කට සීමා කෙරේ.

පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ඇත. පෙර පාසල් විවෘතව තැබිය හැකිය. විශ්ව විද්‍යාල ඇතුඵ උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කරන පරිදි පැවැත්වෙයි. සිනමා ශාලාවලට ඇතුඵ් කර ගත හැක්කේ සමස්ත ධාරිතාවයෙන් සියයට 75 ක් පමණි. අධිකරණ පැවැත්විම අධිකරණ සේවා කොමිසමේ මාර්ගෝපදේශ අනුව සිදු වෙයි. අවමගුල් උත්සවයකට සහභාගි විය හැක්කේ උපරිම 20 දෙනෙකුට පමණි. ආගමික ස්ථානවල දී තනි පුද්ගලයන් වශයෙන් වැඳුම් පිදුම් කිරිමට අවසර ලැබේ. ආගමික උත්සව පැවැත්විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුවයි. දැඩි මාර්ගෝපදේශවලට අනුකුලව විභාගවලට අවසර ලැබේ. මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන එකක් පමණි. එම සංඛ්‍යාව 200 නොඉක්මවිය යුතුය. එලිමහන් මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ 250 කට පමණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙසත් ඩ්€ු අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොයන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය භාරය සඳහා අවශ්‍ය නිරවුල් පරිසරයක් නිර්මාණය කිරීමේදී රජයේ වගකීමේ එක් දිගුවක් ලෙස නිරෝගී සෞඛ්‍ය සම්පන්න මාධ්‍ය වෘත්තිකයෙක් බිහිකිරීම  සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.

වගකීම් සහගත මාධ්‍ය කලාවක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ රැකවරණය වෙනුවෙන් “සෞභාග්‍යයේ මාධ්‍යවේදී රැකවරණය” නමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිරිනැමෙන “ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය”  අතිගරු  ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සහ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ  සම්භාවනීය ප්‍රධානත්වයෙන් සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් මස 02 වැනි දින පෙ.ව. 10.00 ට අරලියගහ මැඳුරේදී පැවැත්වේ.

කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන මෙම රක්ෂණාවරණයේ  ප්‍රතිලාභ වශයෙන් නේවාසික ප්‍රතිකාර ආවරණය, බාහිර ප්‍රතිකාර ආවරණය, අසාධ්‍ය රෝග ආවරණය, ශ්‍රවණාධාර සහ ඇස් කණ්නාඩි ආවරණය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය සහ කොවිඩ් 19 ආවරණය වැනි ප්‍රතිලාභ රැසකින් සමන්විතයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය තුළින් මාධ්‍යවේදීන් තුන්දහසකට පමණ රක්ෂණාවරණ ලබාදීමට තීරණය කර ඇති අතර සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් සංකේතාත්මකව මාධ්‍යවේදීන් 98 දෙනෙක් සඳහා මෙහිදී රක්ෂණ හිමිකම් ලබාදෙනු ඇත‍.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මැතිතුමන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගීවීමට නියමිතයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter