නවතම පුවත්

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විමට තීරණය කෙරේ. සැමරුම් උළෙලේ සංවිධාන කමිටුවේ ප්‍රථම රැස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණි. නිදහස් උළෙල සාර්ථක කරගැනිම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු විය. නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාන ධර්ම දේශනාව ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා නිදහස් මන්දිරයේදි පැවැත්වේ. නිදහස් දින උලෙලට සමගාමීව පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. උත්සව කටයුතු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පුර්ණ එන්නත්කරණයට ලක්වු අය පමණක් සහභාගිකරගත යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කොත්මලේ උප විදුලි බලාගාරයේ සිට බියගම උප විදුලි බලාගාරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන රැහැන් මාර්ගයේ බිද වැටීිමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිදවැටීිම් ඊයේ වාර්තා විය. ඒ අනුව කැළණිය, කිරිල්ලවල, පයාගල, කලුතර. බියගම. ගාල්ල. මාතර. රත්මලාන, කුරුණෑගල. අතුරුගිරිය. කොස්ගම ඇතුලු ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇත. මේ වනවිට බොහෝ ප්‍රදේශවල විදුලිය බිදවැටීිම් යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සි ෆර්ඩිනැන්ඩු මහතා ජාතික ගුවන් විදුලියට පැවසීිය

නව ඔම්ක්‍රෝන් කොරෝනා ප්‍රභේදය දිවයිනට ඇතුලුවීම පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. කොවිඩ් කුමන ප්‍රභේදය පැමිණියද ඊට සාර්ථකව මුහුණදීම සදහා අවශ්‍ය වන්නේ සෞඛ්‍ය ආරක්‍ෂික ක්‍රමවේදවලට අනුව ජනතාවගේ හැසිරීම පවත්වා ගැනීම පමණි. ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය අවම කරගත හැක්කේ ජනතාවට පමණි. ජාන විශ්ලේෂණයකින් පමණක් නව කොවිඩ් ප්‍රභේදය හදුනාගත හැකිය.

පුර්ණ එන්නත්කරණයට ලක්වීමෙන් අලුත් කොවිඩ් ප්‍රභේදවලට සාර්ථකව මුහුණදිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් නිර්වචනය කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැත. ඉදිරි සති කිහිපය තුළ ලොවපුරා මතුවන තත්ත්වය සමග නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් තහවුරු කරගත හැකි බව විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සදහන් කරයි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල හොඳ මට්ටමක පවතී. මේ සඳහා අමතර මාත්‍රාද නිර්දේශ කර ඇත. එන්නත්කරණ වැඩපිළීවෙල සාර්ථකව සිදුකර නොමැති රටවල නව ප්‍රභේද සිග්‍රයෙන් පැතිර යා හැකිය. එන්නත්කරණයට අමතරව පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමද අත්‍යවශ්‍ය වෙයි. ඒ වෙනුවෙන් ජනතාව කැප වියයුතු බව විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා අවධාරණය කරයි
එන්නත්කරණ වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තුන්කෝටි එක්ලක්‍ෂ 90 දහස් 214 කි. එක්කෝටි 59 ලක්‍ෂ 27 දහස් 530 කට පළමු මාත්‍රාව ලබාදී තිබේ. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි 37 ලක්‍ෂ 41 දහස් 194 කි. බුස්ටර් මාත්‍රාව 5 ලක්‍ෂ 21 දහස් 483 කට ලබාදී තිබේ

කොවිඩ් ආසාදිතයන් 745 දෙනෙක් ඊයේ හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන පන්ලක්ෂ 63 දහස් 265 දක්වා ඉහළ යයි. කොවිඩ් මරණ 23 ක් ද වාර්තාවේ. ආසාදිතයන් දහදහස් 378 දෙනෙකු ඊයේ පුර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් දහස් හතලිහකි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට යළි රැස්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනෙන බව පාර්මේලින්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙයි. එදින පස්වරු 5.00 ට අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යයන අවස්ථා සැලීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීම සඳහා වන වගකීම භාර මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අන්තර්ජාලික ප්‍රමිතීන්ට අනුගත ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සහ ඉහළ වෘත්තීය නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ අනුව සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ලෙස මෙම නව කමිටුව පත් කර තිබේ.

මෙම වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා වන යෝජනාව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතර, පසුගිය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණයේ දක්ෂයින් ඇගයිමට ලක් කෙරෙන 2020 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අද පස්වරුවේ පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයායි. රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා ද එම අවස්ථාවට එක් වෙයි. බුද්ධ ශාසන. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධානය කර  තිබේ. පසුගිය වසරේ රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශය වු ටෙලි නාට්‍ය. විචිත්‍රාංග රසවින්දනාත්මක වැඩසටහන් ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් යනාදිය සදහා එහිදි සම්මාන පිරිනැ මේ. ඊට අමතරව හොදම රූපවාහිනි නිවේදක - නිවේදිකාව. හොදම ටෙලි නාට්‍ය නඵවා. නිළිය. අධ්‍යක්ෂ යන අංශ සදහාද සම්මාන පිරිනැමෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා මහත්මිය පැවසුවාය. දර්ඝ කාලයක් තිස්සේ මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ දැනට ජිවිතයේ සැදෑ සමය ගෙවන කේ .බී. හේරත් හා එම් .ඩී . මහින්දපාල යන කලාකරුවන්ට යාවජීව සම්මාන පිරිනැමිම එහිදි සිදුවෙයි.

Share Button
 

දිවයිනේ සියලු පාසල් සදහා 2022 පලමු පාසල් වාරය ලබන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2021 තුන්වැනි පාසල් වාරය අවසන් වන්නේ ලබන වසරේ අප්‍රේල් 08 වැනිදායි. 2021 වසරට අදාලව පාසල් විභාග පැවැත්වෙන දින සහ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කළ චක්‍රලේඛයක එම කරුණු සදහන් වෙයි.

සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ හා විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

2021 වසරට අදාල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන ජනවාරි 22 වැනිදා පැවැත්විමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා ද අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා පැවැත්විමට ද විධිවිධාන යොදා තිබේ.

මේ වසරේ නත්තල වෙනුවෙන් සියලු පාසල් සදහා දෙසැම්බර් 23 වැනිදා නිවාඩු දිනයකි. දෙසැම්බර් 27 වැනිදා පාසල් යලි ආරම්භ කෙරේ. අපොස උසස් පෙළ විභාගය පැවැත්විම සදහා ලබන පෙබරවාරි 03 වැනිදා සියලු පාසල් වලට නිවාඩු හිමිවෙයි. එහෙත් ප්‍රාථමික ශ්‍රේණි සදහා නිවාඩු නොලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

උසස් පෙළ විභාගයෙන් පසුව මාර්තු 07 වැනිදා පාසල් යලි ආරම්භ කෙරේ. අප්‍රේල් 09 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා දක්වා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සදහා අප්‍රියෙල් 01 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා නිවාඩු ලැබේ. එම පාසල් යලි ආරම්භ කෙරෙන්නේ මැයි මස 04 වැනිදායි 2021 අපොස සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යයන වර්ෂය ලබන අප්‍රියෙල් 08 වැනිදායින් අවසන් වෙයි.

එක්සත් ජාතින්ගේ සංවිධානය නිරතුරු ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව එහි දේශාපලන කටයුතු හා සාමය ගොඩනැගීම හා සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් කලීඩ් කීයාරිී මහතා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවු අවස්ථාවේ ඔහු ඒ බව සදහන් කළේය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම හමුව සිදුවිය. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමිව ජනාධිපතිතුමා හා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර පැවති ද්වීපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කියාරී මහතා මෙරටට පැමිණ සිටි. එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බ්නධයෙන් විශේෂ ඇල්මකින් දිගු කාලීනව කටයුතු කිරීමට අපෙක්ෂා කරන බව ඔහු පැවසීය. පරිසරය කෙරෙහි ජනාධිපතිතුමා තුළ ඇති ඇල්ම හා උනන්දුව ඔහුගේ ප්‍රසාදයට ලක්විය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු අගය කළේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමටත් අනෙකුත් අභියෝගවලට මුහුණදීමටත් එක්සත් ජාතින්ගේ සංවිධානය දුන් සහාය පිළිබඳව ජනාධිපතිතුමා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

සහකාර මහ ලේකම් කලීඩ් කියාරි කියයි 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී  කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ජනාධිපතිතුමා වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

ජනාධිපතිතුමා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.

නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා  පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මගින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබීය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ  එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත්  එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මගින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමග වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිතුමා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව  ජනාධිපතිතුමා පැවසීය.

ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගැනිණ. සියලුම ජාතීන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරණ බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.  ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිඳු සැකයක් තබා නොගත යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේම අදහස විය.

දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන්කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව  සිටියහ.

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති  වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
 
ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා  ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙහි අරමුණ වේ
 
 ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබේ. ඒ සඳහා වර්තමානයට ගැළපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයේ සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර  එම කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීම  සිදු කෙරේ.
 
ඊයේ (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ  මාධ්‍ය හමුවට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා  පැවැසුවේ මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති  වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම තුලින් එම ආයතන ශක්තිමත් කිරීම ,එම සේවකයන් සෞභාග්‍යමත් සේවකයන් බවට පත් කිරීම මෙන්ම  එම ආයතන රටට බරත් නොවන ආයතන බවට පත්කිරීම මේ තුළින් හැකි වන බවයි.
 
දැනට තිබෙන අණපනත් යල් පැන ගිය ඒවායි.උදාහරණයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තු පනත සම්මත වී ඇත්තේ 1908 දී. ඒ වසර 113 කට පෙර.එයට අවසන් සංශෝධන එකතු වී ඇත්තේ 1973 දී .නව කාක්ෂණය උපයෝගි කරන්නාවු ක්‍රමවේද කිසිවන් ලෝකයේම නිසිලෙස ප්‍රමාණවත්ව   තැපැල් ක්ෂේත්‍රයට එක්වී නැහැ.
 
තැපැල් දෙපාර්තමේන්තුව නව මංපෙත් සොයා යාමේදී මෙය විශාල බාධාවක් .ගෙදර දොරකඩට යන රාජ්‍ය සේවකයා සිටින්නේ තැපැල් සේවයේයි.පසුගිය කොවිඩ් වසංගත තත්ත්වයේදී ගෙදරටම ඖෂධ ගෙනැවිත් දුන්නේ තැපැල් සේවකයායි.ග්‍රාමසේවා වසම් 14,000ක තැපැල් කාර්යාල 4463 ක් මේ සදහා දායක වුනා.තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින වෘත්තිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම  නව සංශෝධන මගින් හැකිවනු ඇති.
 
ඒ වගේම ගුවන් විදුලි සංස්ථා පනත 1967 දී ගෙන ආවා.එය සංශෝධනය වුනේ 1977 දී .එදා ගුවන්විදුලි යන්ත්‍රය සාලයේ තිබෙන ප්‍රධාන උපකරණයක් වුණා  අද එය තරංගයක් විතරයි.රූපවාහිනි පනත 1982ගෙන ආවේ .අවුරුදු 39 කට පෙර මේ නිසා මෙම ආයතන ශක්තිමත් කරන්න ,සේවකයන් සෞභාග්‍යමත් කරන්න ,මේ ආයතන රටට බරක් නැති ආයතන කරන්න ඩිජිටල්කරණයට අප සූදානම් වනවා.ජපානයත් සමග අප එම කටයුතු කරන්න සුදානම් .මේ කටයුතු සදහා  ,වසර 04 ක කාලයක ඉලක්කයක්  අප හඹාගෙන යනවා.එයට අදාල නව නිති රීති රැසක් හඳුන්වා දිය යුතුයි.යැයිද ඇමැතිවරයා කීය.
 

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ  පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  (23) පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද වෙයි.
 
ඔහුට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්ත මහතා මහතාටත් , උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එල්.පී.ආර්. අභයරත්න මහතාටත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එන් ලියනගේ මහත්මියටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම්වරයා සඳහන් කළේය.
 
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතාත්, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියත්, පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
 
කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එන්. රණසිංහ මහතා පත්කිරීම්ටත්, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
 
මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, තලතා අතුකෝරළ, ධර්මලිංගම් සිද්ධාර්තන්  යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
 

මෙරට පලමු වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකල කල්‍යාණි රන් පිවිසුම නව කැළණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත්කෙරිණ.

පුනර්ජනනීය බලශක්තිය මගින් මෙරට ඛනිජ තෙල් අර්බුදය නැති කිරිමට පියවර ගන්නා බව පාලම විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වීම වැනි යෝ්ග්‍ය විසදුම් බලශක්ති අර්බුදය විසදීම සදහා යොදාගත යුතුවේ. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට විපක්ෂය අසත්‍ය මත පතුරවමින් ඊට බාධා කරයි.

වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයෙන් පෝෂණීය ආහාර වේලක් ජනතාවට ලබාදිමට ගත් ජාතික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා එහිදි කියා සිටියේය. කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරිමට රජය සමත්විය. 2019 පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ එවකට සිටි පාලන තන්ත්‍රය සහ අමාත්‍ය මණ්ඩලය බවට ඔවුන් විසින්ම පත්කරන ලද ජනාධිපති කොමිසම තීරණය කර ඇත. ඊට සම්බන්ධ වරදකරුවන්ට දැඩි දඩුවම් ලබාදිමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර සිටියේ ය

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උත්සවය අමතමින් අවධාරණය කළේ ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජයගැනීමට රජය සමත්වන බවයි. වසංගත තත්ත්වය හමුවේ පවා සංවර්ධන වැකටයුතු ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබුණු බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter