නවතම පුවත්

වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය දෙපාර්තමේන්තු හා ගමනාගමන මණ්ඩල සේවා ඇතුළු භාණ්ඩ හා මගී ප්‍රවාහන, ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් 29 දා රාත්‍රියේ නිකුත් කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සඳහන් කර තිබේ.

 

ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ රාජ්‍ය බැංකුවකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් පූර් වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට මේ මඟින් ප්‍රකාශයට පත්කර තිබේ

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක් වෙමින් පැවැසීය
 
ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
 
එරට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.
 
සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව  පැවසීය.
 
නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට  කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබේ. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව  කියා සිටියේය.
 
මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්  බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිතුමා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.
 
සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළේය.
 
අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිතුමා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (29) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබිණ.

ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳව ද සොයා බලමින් ආදාහන කමිටුවේ භික්ෂුන් වහන්සේ සමඟ කතාබහක නිරත විය.

පෑලියගොඩ විද්යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්යක්ෂ, කැලණිය විශ්වවිද්යාලයේ කුලපති, ත්රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්යාය, කොළඹ හලාවත දෙදිසාවේ ප්රධාන සංඝනායක, ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්විමි.

තම දිවිය වසර 85ක් වැනි කලක දී අවසන් කරන අපේ නායක හාමුදුරුවෝ, ඉන් වසර 67ක් ම වෙන්කළේ සම්බුදු සසුනේ සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ යෙදීම සඳහාම ය. සාහිත්ය චක්රවර්ති ගෞරවාර්හ යක්කඩුවේ ශ්රී ප්රඥාරාම, ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්රී ප්රඥාසාර වැනි සම්බුදු සසුන එළිය කළ නායක ස්වාමීන්වහන්සේලාගේ ඇසුර හා මාර්ගෝපදේශකත්වය නිරන්තරයෙන් ලැබීමට අපේ නායක හාමුදුරුවෝ වාසනාවන්ත වූහ.

විද්යාලංකාර විශ්වවිද්යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමි කරගත් නායක ස්වාමීන් වහන්සේ, පන්නිපිටිය විද්යාලංකාර පිරිවෙන කේන්ද්රීයව ධර්ම ශාස්ත්ර සේවාව ආරම්භ කළහ. විටින් විට රටේ ඇති වන විවිධ ගැටලුවල දී සුවිශාල නායකත්වයක් ගෙන කටයුතු කළ නායක ස්වාමීන්වහන්සේ ඉටුකළ සේවාව වචනයෙන් විස්තර කළ නොහැකිය.

විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව පෞද්ගලික ජීවිතයේ දී ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළේ දැඩි මිත්රත්වයකිනි. මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවන්හී දි අත්නොහැර කටයුතු කළ නායක ස්වාමින් වහන්සේ, මාහට මහත් ශක්තියක් වු අතර, එහි දී ලබා දුන් අවවාද අනුශාසනා හා ආදර්ශ බොහෝ ය. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි කල්යාණ මිත්ර ථෙරනමක් වූහ.

අප හමුවූ විට නිතර මා සමඟ සාකච්ඡා කළේ රට දැය මෙන් ම සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට ය. විද්යාලංකාර සම්ප්රදාය ආරක්ෂා කරන අතර ශිෂ්ය භික්ෂූන් වහන්සේට මහත්සේ ඇලුම්කළ නායක ස්වාමීන් වහන්සේ උගත් සිල්වත් ශිෂ්ය භික්ෂු පරපුරක් සසුනට දායද කිරීමට වෙහෙස වී ක්රියා කළහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම් පාසල් දූ දරුවන් දැයට හිතැති ගුණවත්, නැණවත් දරු පිරිසක් බවට පත්කිරීම සඳහා උන්වහන්සේ මහත් වෙහෙසක් දැරූහ. මල්වතු මහා විහාරය මඟින් කොළඹ හලාවත දෙදිසාවේ ප්රධාන සංඝනායක ධූරය හා උපාධ්යාය ධූරය උන්වහන්සේට පිරිනැමුවේ නායක ස්වාමීන් වහන්සේ ඉටු කරන උදාර ජාතික හා ශාසනික සේවාව නිසාම ය.

විදේශ රටවල් ගණනාවක ධර්ම ප්රචාරය සඳහා කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේට විදේශීය භික්ෂූන් වහන්සේලාට මෙන් ම ජනතාවට ඉටුකරන මෙහෙය නිසා ම බුරුම රජය මඟින් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ යන ගෞරව නාම සම්මුතිය ද පිරිනැමුවේය.

‘වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ’
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය
අප්රමාදව ගුණදම් වඩන්න

මෙම ලොව්තුරු බුදුවදන මැනවින් වටහාගත් නායක ස්වාමීන් වහන්සේ සැම විට ම ගුණදම් වැඩු අතර, සෑම මසකම ශ්රී මහාබෝධීන් වහන්සේ වන්දනා කිරීමට අමතක කළේ නැත. ත්රෛනිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ සමඟ නිරන්තර ලෙන්ගතු කමින් කටයුතු කළ එහිමියෝ, සැම විට ම සිනාමුසුව සිටි ආදර්ශ සම්පන්න ගුණගරුක මහ ථෙරනමක් වූහ. නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝ වන අතර උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිඩැස කිසිදා පිරිමැසිය නොහැකිය.

පුරා වසර 85 ක් ආයු වළඳා අපවත් වී වදාළ ගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා යැයි ප්රාර්ථනා කරමි. එසේ ම උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්ය භික්ෂූන් වහන්සේලාටත්, විද්යාලංකාර පිරිවෙන් දායක සභාවටත්, ඥාතීන් ඇතුලු සැමටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි.

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (29) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ  නා හිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබිණ.

ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳව ද සොයා බලමින් ආදාහන කමිටුවේ භික්ෂුන් වහන්සේ සමග කතාබහක නිරත විය.

 
 

දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. මෙරට වගා කළ හැකි එහෙත් තවමත් ආනයනය කරන අමුද්‍රව්‍ය 15 ක් එලෙස සීමා කෙරෙනු ඇත. එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට විධිවිධාන සලසා ඇතැයි සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

පාසල් සිසුන් එන්නත් කිරීම මේ වනවිට දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව සිදු වෙයි. මේ දක්වා දරුණු ගණයේ සංකුලතා කිසිවක් වාර්තා වී නැතැයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියයි. එන්නත් කිරිම සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව සිදු කෙරේ. ඒ සදහා කිසිදු බලපෑමක් සිදු නොකරන බව ඔහු සදහන් කරයි.

වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
මේ යටතේ තෝරා ගත් ⁣පවුල් ලක්ෂ දොළහකට ගෙවත්තේ වගා කළ හැකි එළවළු වර්ග හතක බීජ කට්ටල බෙදා දීමේ ජාතික උත්සවය නොවැම්බර් 01 වනදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පේරාදෙණිය ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
 
මීට සමගාමීව දිවයින පුරා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 කදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගෙවතු වගා බීජ කට්ටල බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.
 
නොවැම්බර් 01 වනදා සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ලෙස නම් කර ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් ජනපති කියයි

  • අප සිටින්නේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි:
  • දේශගුණික විපර්යාසයන්ට අප කඩිනමින් විසඳුම් සෙවිය යුතුයි:

කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් හෙයින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමටද හේතු වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ඊයේ (27) එක්වෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (27) පැවැත්විණි.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ්‍රි ලංකාව උත්සාහ කරන බවත් ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමඟ පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව රාජපක්ෂ මහතා කීය.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.

 

දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් -19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කිරීමට සභාපතිවරයා විසින් මේ ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.

සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කිරීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීමට අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය.

අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි.

ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුයි. අන්තර්ජාතික වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම - නායකයකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) මහතා විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදයට අද (27) වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිතුමා එක් විය
 
බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය
 
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.
 
දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් 19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කරලීමට සභාපතිවරයා විසින් මෙම ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.
 
සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කරලීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය.
 
අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකය. ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුය. ජාත්‍යන්තර වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම - නායකයෙකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.
 
තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මඟින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරිමට ශ්‍රි ලංකාව උත්සාහ කරයි. 
 
ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
මෙය බලපැවැත්වීම සඳහා කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් අතර එමඟින් සෞඛ්‍ය ගැටලු විසඳාගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිතුමා කීය.
 
2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර, වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී.
 
මෙම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා තාක්ෂණික හුවමාරුව, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සතුටින් පිළිගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
 
වර්තමානයේ පවතින හා අවශ්‍ය තාක්ෂණික නිපුණතා සහ මූල්‍ය හැකියාවන් අතර පරතරය කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු කෙරුණු අතර එම පරතරය සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සංවාදයට ලක් විය.

සංවිධානාත්මක අපරාධවල සැලකිය යුතු අඩුවක් ඇතැයි පොලිස් මූලස්ථාන වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසර දෙක තුළ සංවිධානාත්මක අපරාධ සියයට 80 කින් පමණ අඩු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වයේ සීඝ්‍ර ව්‍යාප්තියයි. සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කිරිමද ඊට බලපා තිබෙ.් මුහුදෙන් සහ ගුවන් මගින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙනඒම වැලැක්විමට විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසිය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter