අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් වෙනුවෙන් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති " සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්න්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙල" හා සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ, අංක 163, "ඇසිදිසි මැදුර", පොල්හේන්ගොඩ කොළඹ 05 ලිපිනයේ පිහිටි ජනමාධ්‍ය අංශයේ අභ්‍යන්න්තර කටයුතු ඒකක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.08 දින ස්ථාපනය කරන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ, ජනමාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ඊ.එම්. සිසිර ඒකනායක මහතා සුපිළිපන්න නිලධාරියා ලෙස පත්කර ඇති අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ, ජනමාධ්‍ය අංශයේ යම් අක්‍රමිකතාවක්, දුෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳ තොරතුරු / පැමිණිලි මෙම අංශයට යොමු කළ හැක.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දුෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුලපිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායි ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවීමට කටයුතු කර ඇත.





