Nimal Bopage

නිමල් බෝපගේ මහතා
ලේකම්
  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය  

හොඳින් දැනුම්වත් වූ බහුමතයන්ගෙන් සමන්විත වූ සක්‍රිය සමාජයක් බිහිකිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ දර්ශනය වේ. මෙම දැක්ම යථාර්තයක් බවට පත්කිරීමේ අරමුණින් ජනහිතකාමීවූත්, සංවර්ධන නම්‍යවූත්, නිදහස් හා වගකීම් සහිත ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්ති හා උපාය මාර්ග සැකසීම, පහසුකම් සැලසීම, මෙන්ම ඒවා ක්‍රියාත්මක කරමින් නැවත නැවතත් අධීක්ෂණයට ලක් කිරීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීමෙන් බැඳී සිටී.

තාක්ෂණයේ සීඝ්‍ර නැඟීමත් සමඟ වේගයෙන් වෙනස් වෙමින් පවතින සමාජ ස්වරූපයන්ට ගැලපෙන අයුරින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් මාධ්‍ය කළමනාකරණයට අවශ්‍ය මඟපෙන්වීම් සිදු කිරීමද, අප අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යකි.

එසේම වඩාත් ප්‍රශස්ත මාධ්‍ය සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන්ට උචිත මාධ්‍ය පෞරුෂයන් බිහිකිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය නඟාසිටුවීමටද අමාත්‍යාංශය කැපවීමෙන් ක්‍රියා කරයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම පිළිබඳ වූ ජනතා අයිතිය සුරක්ෂිත කිරීමටද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම ප්‍රමුඛ මෙහෙවරයන් සහ අමාත්‍යාංශයේ අනෙකුත් අනුබද්ධ ආයතනයන්හි තොරතුරු මෙන්ම ජාතික වශයෙන් වැදගත් මාධ්‍යමය වටිනාකමක් සහිත නිවැරදි ප්‍රවෘත්ති ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ මාධ්‍යයක් වශයෙන් අප අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.media.gov.lk වෙබ් අඩවිය සක්‍රිය අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතී. සත්‍ය තොරතුරුවලින් නිරන්තරයෙන් යාවත්කාලීන වන www.media.gov.lk වෙබ් අඩවිය මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්තනියට මහත් පිටිවහලක් වන බව මාගේ හැඟීමයි. 

{jathumbnailoff}

නවතම පුවත්