ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සමන් වගආරච්චි මහතා ලේක්හවුස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කැර ඇත. ලක්බිම පුවත්පතේ ආරම්භක නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස සේවය කළ සමන් වගආරච්චි මහතා කලක් ඉරිදා පෙරමුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කැර තිබේ.
දිනමිණ පුවත්පතේ කර්තෘ ධුරය ද හෙබවූ සමන් වගආරච්චි මහතා දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසද කටයුතු කැර ඇත.
මාධ්‍ය නිදහස පිළිබඳ නිරන්තර අරගලයක යෙදුණු වගආරච්චි මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම්වරයකු ද විය. මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙසද කටයුතු කරමින් සිටියේ සමන් වගආරච්චි මහතාය.