නවතම පුවත්

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව මඟින් සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ජුනි 29 වන දින උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

​ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය, විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක සුහද පිළිසඳරක නිරත වූවාය. අනතුරුව බෝ මළුව වෙත පැමිණ ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගත්තාය.

​ඉන් පසු, “අනුබුදු වන්දනා” පොසොන් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරමින්, පොසොන් කලාපය  නිල වශයෙන් ජනතාවට  විවෘත කිරීම අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කළාය.

අනතුරුව දහම් පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද අග්‍රාමාත්‍යතුමිය එක් විය.

​මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්, ප්‍රදේශවාසීන් සහ විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.

2026 ජාතික පොසොන් පුණ්යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
අද (29) පස්වරුවේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්රධාන සංඝනායක තත්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වේ.
මීට සමගාමීව මල් පහන් පෙරහර සහ බොදු බැති ගී ප්රසංගයක්ද මෙහිදී පැවැත්විණ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී සේන නානායක්කාර, පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය, නැගෙනහිර පළාත් ප්රධාන ලේකම් රංජන ජයසිංහ, අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය, මහවිලච්ච්ය ප්රාදේශීය ලේකම් සුරීතා පෙරේරා, මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය සභාවේ සභාපති චන්ද්රගුප්ත වන්නිනායක, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශපාලන පක්ෂ පාට නොබලා පත්වීම් දුන්නා - ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැ­තිනි ආචාර්ය කෞශල්‍යා ආරි­ය­රත්න

ආය­ත­න­යක සේවක ගුණා­ත්ම­ක­භා­වය වැඩි කර ගැනී­මට නම් රැකියා සුර­ක්ෂි­ත­තාව පවත්වා ගෙන යා යුතු බව ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැ­තිනි ආචාර්ය කෞශල්‍යා ආරි­ය­රත්න මෙණෙ­විය පැව­සු­වාය.

කොන්ත්‍රාත් පද­නම මත ලේක්හ­වුස් ආය­ත­නයේ සේවය කළ සේව­ක­යන් 66 දෙන­කුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීමේ අව­ස්ථා­වට එක් වෙමින් නියෝජ්‍ය ඇමැ­ති­නිය මේ බව ප්‍රකාශ කළාය. ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (17) මේ පත්වීම් ලිපි ප්‍රදා­නෝ­ත්ස­වය පැවැති අතර වසර 3-19ත් අතර කාලයේ සේවය ස්ථිර නොකර කොන්ත්‍රාත් පද­නමේ සිටි සේව­ක­යන් වෙනු­වෙන් මේ පත්වීම් ප්‍රදා­නය කෙරිණි.

එහිදී වැඩි­දු­ර­ටත් නියෝජ්‍ය ඇමැ­ති­නිය මෙසේද පැව­සු­වාය.

අපි හැම­දා­මත් සේවක අයි­ති­වා­සි­කම් ගැන කතා කළ, වැඩ කරන පන්තියේ ආණ්ඩු­වක් කියන කාර­ණය නැවත වතා­වක් තහ­වුරු කිරී­මක් තමයි අද සිදු­වෙන්නේ. සාමා­න්‍ය­යෙන් රජ­යක් පත්වු­ණාම වෘත්තීය සමිති ඉල්ලීම් අහක දාලා, සේවක අයි­ති­වා­සි­කම් කප්පාදු කර­මින්, තමන්ට ඕනෑ දේ කළා. හැම­දා­මත් ඉල්ලී­මක් වුණු වැටුප් වැඩි­කි­රීම අර­ග­ල­ය­කින් තොරව, ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­ය­කට අනුව අය­වැ­යෙන් කළේ ජාතික ජන බල­වේග අපේ රජ­යයි. පෞද්ග­ලික අංශයේ රුපි­යල් 19000ක් වූ අවම වැටුප රුපි­යල් 30000ක් කර­මින් සේවක අයි­ති­වා­සි­කම් ගැන සේව­ක­ය­න්ටත් වඩා ඉදි­රි­යෙන් කට­යුතු කළ සක්‍රිය රජ­යක්. අව­ශ්‍ය­තා­වක් තිබුණා නම් ලේක්හ­වුස් ආය­ත­නයේ කොන්ත්‍රාත් පද­න­මින් සේවය කළ අය, තවත් කාල­යක් ඒ පද­න­මින්ම තියා­ගෙන ඉන්න බැරි­ක­මක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ගේ සේවයේ ගුණා­ත්ම­ක­භා­වය වැඩි කර­ගන්න නම් රැකියා සුර­ක්ෂි­ත­තාව පවත්වා ගෙන යා යුතුයි.

කොන්ත්‍රාත් පද­නම මත සිටි ඔවුන්ගේ රැකියා සුර­ක්ෂි­ත­තාව ඇති කළේ අපේ ආණ්ඩු­වයි. සේව­ක­යන් මේ ආය­ත­නයේ අත්‍ය­වශ්‍ය කොට­සක් වශ­යෙන් අපි සල­ක­නවා. සභා­පති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලය නිත­රම ඇවිත් ඔබ ස්ථිර කළ­යුතු බවට ඉල්ලීම් කළා. ඔබව ස්ථිර කර ගැනී­මට පාලන අධි­කා­රිය කළ කැප­කි­රීම හා උන­න්දුව සම්බ­න්ධ­යෙන් ඔබ ඔවුන්ට ස්තූති­වන්ත විය යුතුයි.

අමා­ත්‍යාං­ශය ලෙස අපි ජන­මාධ්‍ය අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් කරන්නේ මොන­වාද කියා ප්‍රශ්න කර­නවා. පහු­ගිය වසර ඇතු­ළත ප්‍රසිද්ධ, නම් දරා හිටපු, හොඳයි කියපු පත්තර ගණ­නා­වක් වැහුණා. තමන්ගේ සේව­ක­යන්ගේ වැටුප්, සේවක අර්ථ­සා­ධක අර­මු­දල් ගෙවලා තිබුණේ නැහැ. ඒ අතරේ අද තීර­ණය කර හෙට වහපු පත්ත­රත් තිබුණා. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා කම්කරු කොම­සා­රි­ස්ව­රයා සමඟ මේ සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලි­කව කතා කළා. ජන­මාධ්‍ය ක්ෂේත්‍ර­යට සැල­කුවේ ඒ විදි­යට.

ජන­මාධ්‍ය කියන විෂය වෘත්ති­යක් කරන්න කියා කාල­යක් තිස්සේ පුව­ත්පත් හා ජන­මා­ධ්‍ය­වේ­දීන් අතර ඉල්ලී­මක් තිබුණා. ජන­මාධ්‍ය වෘත්ති­ක­භා­වය කියා දෙයක් අපේ රටේ තිබුණේ නැහැ. ජන­මා­ධ්‍ය­වේ­දය ගෞර­ව­නීය වෘත්ති­යක් කළ­යුතු බව අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යේත් සඳ­හන් වූවක්. ඒ අනු­වයි ශ්‍රී ලංකා වර­ලත් මාධ්‍ය වෘත්ති­ක­යන්ගේ ආය­ත­නය ඇති කරන යෝජ­නාව එන්නේ. මේ ආය­ත­නය ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ වෘත්තීය අයි­ති­වා­සි­කම් හඳු­නා­ග­නි­මින්, ඒ වෙනු­වෙන් පෙනී සිටින වෘත්ති­ක­යන් සඳහා වන හා වෘත්ති­ක­යන් විසින් පවත්වා ගෙන­යන ආය­ත­න­යක්. නමුත් ආණ්ඩුව මැද­හත්ව මාධ්‍ය නියා­ම­නය කරන්න හදන බවට මත­වා­ද­යක් සමා­ජ­ගත කරන්න සම­හරු උත්සාහ කර­නවා වුවත් ඇත්ත එය නොවෙයි. මෙයින් කෙරෙන්නේ ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ අයි­ති­වා­සි­කම් සුර­ක්ෂිත කර, හොඳ පුහු­ණු­ව­කින් පසු සුදු­සු­කම් සහිත පිළි­ගන්නා වෘත්ති­ක­යකු ලෙස පෙනී සිටින්න අව­ස්ථාව ලබා­දී­මයි.

මේ වන විට ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්තිය සකස් කර අව­සන්. දැන් පරි­ව­ර්තන හා සංස්ක­රණ අව­ධියේ තිබෙන්නේ. එයත් කඩි­න­මින් ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර­නවා. මෙය­ටත් විරුද්ධ වන ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ සංවි­ධාන ලංකාවේ තිබෙ­නවා. ජන­මා­ධ්‍ය­වේ­දින්ගේ යහ­පත සඳහා වන මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක්, මාධ්‍ය නිද­හස සඳහා වන දැක්මක් රට­කට අව­ශ්‍යයි. මාධ්‍ය සමා­ජය දශක දෙක­කට වැඩි කාල­යක් ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක් ඉල්ලා සිටියේ ඒ සඳ­හායි. ජන­මාධ්‍ය විෂය ප්‍රති­ප­ත්ති­යක් හා කර්මා­න්ත­යක් ලෙස වැඩි­දි­යුණු කිරී­මෙන් ඔබේ රැකියා අයි­ති­වා­සි­කම් තහ­වුරු කර ගත හැකියි.

මේ වන­විට ඔබේ උසස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් අමා­ත්‍යාං­ශය ගෙවී­මක් කර­නවා. භාෂා­වක් ඉගෙන ගන්න හෝ විශ්ව­වි­ද්‍යා­ල­ය­කින් හෝ වෙනත් ආය­ත­න­ය­කින් උසස් අධ්‍යා­පන පාඨ­මා­ලා­වක් හැදෑ­රීම වෙනු­වෙන් ඔබට මුදල් ලබා ගන්න පුළු­වන්. මේ වසරේ ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ ශක්‍යතා වර්ධ­න­යට ජනා­ධි­ප­ති­ව­රයා විසින් මිලි­යන 101ක මුද­ලක් දී තිබෙ­නවා. එය­ටත් ශක්‍යතා වර්ධන වැඩ­ස­ට­හ­නක් සකස් කර­නවා. එයත් ඉදි­රි­යේදී දැක ගන්න පුළු­වන්.

මේ පත්වීම් ස්ථීර කිරී­මේදී කිසිම දේශ­පා­ලන මැදි­හ­ත්වී­මක් කර නැහැ. දේශ­පා­ලන වශ­යෙන් අපට වැඩ කළාද කියන දේ කිසි­විට සලකා බැලුවේ නැහැ. නමුත් ඔබේ වග­කීම තේරුම් ගන්න. ඔබේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කර ගැනී­මට නම් පෙළ ගැසෙන්න ඕනෑ කවුරු සම­ඟද කියන දේත් හරි­යට තීර­ණය කරන්න. වෘත්තීය සමි­ති­ව­ලින්, වැඩ කරන ජන­තා­ව­ගෙන් අපි බල­යට පත්වුණේ ඔවුන් වෙනු­වෙන් සේවය කරන්න. දේශ­පා­ලන පත්වීම් දුන්න ඉති­හා­සයේ ඇතැම් අවස්ථා තිබුණා රාජ්‍ය සේවයේ රැකි­යාව ස්ථීර නිසා රැකි­යාව කළත් නොක­ළත් එකයි කියලා. ඒ සියල්ල අව­සන් කර­මින් කොන්ද පණ ඇතිව රාජ්‍ය සේව­යට වැඩ කරන්න භූමි­කා­වක් අපි සකසා දී තිබෙ­නවා. ඒ නිසා ඔබේ වග­කීම ඉටු කරන්න. ලේක්හ­වුස් ආය­ත­නය පුන­ර්ජී­ව­න­යට පත්ක­රන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්ම­කයි. අවු­රුදු ගණ­නා­වක් පාඩු ලැබූ ආය­ත­නය දැන් ලාභ ලබ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් සතු­ටුයි. ඒ වගේම තානා­පති කාර්යාල හා ජාත්‍ය­න්ත­රයේ ස්වාධීන වාර්තා­ක­රණ ආය­ත­න­යක් කියන ගෞර­ව­යත් ලේක්හ­වුස් ආය­ත­නය දිනා­ග­නි­මින් තිබෙ­නවා.

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා-

ලේක්හ­වුස් ආය­ත­නයේ සම­හරු අවු­රුදු 19, 16, 15 වගේ කාල­යක් අනි­යම් සේව­ක­යන් විදි­යට කොන්ත්‍රාත් පද­න­මින් සේවය කර තිබුණා. ඔවුන් ස්ථිර කිරීම සම්බ­න්ධ­යෙන් කිසි­වෙක් අව­ධා­නය යොමු කර තිබුණේ නැහැ. නමුත් වත්මන් ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා හා නියෝජ්‍ය ඇමැ­ති­ව­රි­ය­ගේත්, ආණ්ඩු­වේත් යෝජ­නාව වුණේ ස්ථිර කළ­යුතු සේව­ක­යන් වහා ස්ථිර කළ යුතු බව­ටයි. මොවුන් ස්ථිර කිරී­මෙන් පසු ආය­ත­න­යක් ලෙස එය දරා­ගන්න හැකි වෙයිද කියන ගැට­ලුව ඇති වුණා. සේව­ක­යන් පිරි­සක් ස්ථිර කිරී­මත් සමඟ වැඩි මුද­ලක් වැය කර­න්නත් වාර්ෂික ලාභය ඇතුළේ එය දරා­ග­න්නත් හැකි වෙයිද කියන අභි­යෝ­ග­යට අපි මුහුණ දුන්නා. අධ්‍යක්ෂ මණ්ඩ­ලය කිව්වේ මොවුන් ස්ථීර කිරීම සාධා­රණ බවයි. ස්ථිර කරන අව­ස්ථාවේ දැනට ලබන වැටු­පට වඩා වැටුප අඩු නොවිය යුතු බවත් තීර­ණය වුණා. ආය­ත­නයේ වැටුප් පර­ත­රය අරන් බැලු­වාම සම­හ­රුන් ස්ථිර කරන්න ගියාම වැටුප රුපි­යල් 25000කින් පමණ වැඩි වෙනවා. තවත් අයට වැටුප රුපි­යල් 5000කින් පමණ අඩු වෙනවා. නමුත් කළ­ම­නා­කා­රි­ත්වය ඒ අභි­යෝ­ග­යත් ලිහා දුන්නා.

සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී අපට මුණ ගැහුණා. අවු­රුදු 15ට වඩා වැඩි කාල­යක් සේවය කර­ලත් වැටුප රුපි­යල් 15000ක් වුණු අය. ඒකෙන් ජීවත් වෙන්නේ කොහො­මද ඇහු­වාම ජන­මා­ධ්‍ය­වේ­දි­යෙක් ලෙස සේවය කරන අයෙක් දෑත පෙන්ව­මින් සඳ­හන් කළේ වැඩ අව­සන්ව ගිහින් දවස් කුලි­යට සිමෙන්ති අනපු බවයි. ඒ වුණාට අපි මාධ්‍ය නිද­හස, මාධ්‍ය සාක්ෂ­ර­තාව,මාධ්‍ය සම්බ­න්ධ­යෙන් ඇති වෙනත් දේ ගැන උජා­රු­වට කතා කර­නවා.

මෙතැන බොහෝ දෙනෙක් භද්‍ර යෞව­නයේ ආය­ත­නයේ සේව­යට එක්වුණු අය. ඒ අය­ගෙන් ඇතැම් අය ස්ථිර වෙයි කියන විශ්වා­ස­යක් නොති­බුණු නිසා, රැකි­යාවේ සුර­ක්ෂි­ත­භා­ව­යක් නොවූ නිසා තව­මත් විවාහ වෙලා නැහැ. ලේක්හ­වුස් ඉති­හා­සයේ කව­දා­වත් කොන්ත්‍රාත් සේව­ක­යන්ට බෝනස් දීලා තිබුණේ නැහැ. අපි 2024 දෙසැ­ම්බර් සියලු දෙනාට සමාන දීම­නා­වක් ගෙවන්න තීර­ණය කළා. සම­හර වෘත්තීය සමිති ‘සර්ලා ගත්ත තීර­ණය හොඳයි නමුත් එය භයා­න­කයි. සර්ලා ගියාම කවුද මේක දෙන්නේ ‘ කියලා ඇහුවා. මං කිව්වා බය වෙන්න එපා, අපි යන්නේ නැහැ කියලා. අද අවු­රුදු දෙක­කට පස්සේ අපි ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. ඔබව ස්ථිර කර තියෙ­නවා. ස්ථිර සේව­ක­යන්ට ලැබෙන සිය­ල්ලක්ම ඔබේ කොන්ත්‍රාත් කාල­යේ­දීත් අපි දුන්නා.

ස්ථිර පත්වීම් ලබන කිසි­වෙක් ජාතික ජන බල­වේ­ගය බල­යට ආවට පස්සේ රැකි­යා­වට ආපු අය නොවෙයි. අමා­ත්‍යං­ශ­යෙන් එහෙම රස්සා­වට ගන්න අව­ස්ථාව දුන්නේ නැහැ. රස්සා දුන්නේ ඇයි කිය­ලාත් පුදුම හිතෙ­නවා. කිසිම බලා­පො­රො­ත්තු­වක් වර­ප්‍ර­සා­ද­යක් නැතිව රුපි­යල් 15000ක් දීලා වසර ගණ­නා­වක් සේව­ක­යන් තියා ගත්තා.

අපි සේව­ක­යන් ස්ථිර කරන්න තීර­ණය කළේ ලෝක­යේම පත්තර කන්තෝරු කඩා වැටෙන අන­තු­රු­දා­යක කාල­යක. කඩ­දාසි මිල, ඉන්ධන මිල ඇතුළු සිය­ල්ලක්ම ඉහළ යන අව­ස්ථා­වක. අපේ ආණ්ඩුවේ ප්‍රති­ප­ත්තිය සේව­ක­යෙක් නම් කම්ක­රු­වෙක් නම් ඒ අය සතු­ටින් සිටිය යුතුයි. පොහො­සත් රටක් හදන්න නම් ජීවිත ලස්සන වෙන්න ඕනෑ. ලේක්හ­වුස් සේව­ක­යන්ගේ මුහුණේ සිනාව නැත්නම්, ජීවිත ලස්සන නැති­නම් ආය­ත­නය ලාභ ලබලා වැඩක් නැහැ.

සේවය ස්ථිර කළාට පසු­වත් අප­ටත් ආණ්ඩු­ව­ටත් බනිණ කිහිප දෙනෙක් මෙතැන ඉන්නවා. ඒක තමයි අපි දිනා­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය. මීට පෙර පව­තින ආණ්ඩු­වට මොනවා හරි කියා ලේක්හ­වුස් ආය­ත­නයේ වැඩ කරන එක ලේසි නැහැ. අපට බනිණ අයට ස්තූතියි. බැණලා අව­ලාද නඟලා කරන්නේ අපි දිනා­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කරන එකයි. නොති­බුණු දෙයක් අපි දිනා­ගත් බවට පේන්න තියෙන හොඳම සාක්ෂි­යක් ඒක.

දැන් ඔබ මේ ආය­ත­නයේ ස්ථිර සේව­ක­යන්. ඔබේ ගෙදර දරු­වන්ට, මවු­පි­යන්ට, බිරි­යට සැමි­යාට සත්කාර කරන්නේ මේ වැටු­පෙන්. ඒ නිසා මේ වැටුප පොඩි නැහැ. ඉල­ක්ක­මෙන් වැටුප පොඩි වුණත් ඒක ගෞර­ව­නීය පූජ­නීය වැටු­පක්. ලේක්හ­වුස් එක මෙතැ­නින් අඟ­ලක් ඉදි­රි­යට ගෙනි­යන්න ඔබ උත්සාහ කළොත් ආය­ත­නය ඉදි­රි­යට යන්නේ ගව් ගණ­නින්. ලේක්හ­වුස් එකට හිතා­මතා හෝ නොහිතා කළ අප­රාධ තියෙන බව හෘද සාක්ෂිය දන්නවා. දැන් අපි එක­තු­වෙලා ලේක්හ­වුස් ආය­ත­න­යට ආද­රය කරමු. මූල්‍ය පැත්තෙන්, දේශ­පා­ල­නි­කව ශක්ති­මත් ආය­ත­න­යක් අපි ගොඩ­න­ඟමු. මේ වෙද්දි රාජ්‍ය ආය­තන අත­රින් ලාභ ලබන ආය­තන අත­රට දැන් අපි ඇවිත් සිටි­නවා.

අපි ලාභ ලබ­නවා නම් අපට තව සේව­කයෝ ගන්න පුළු­වන්. ඒ නිසා තවත් කිහිප දෙනෙ­කුට ලේක්හ­වුස් එකේ දොර ඇරලා දෙමු. අපේ රාජ­කා­රිය හරි­යට කළොත් අලුත් පර­ම්ප­රා­වක් ආය­ත­න­යට ගේන්න පුළු­වන්. ආය­ත­න­යට සේව­යක් නොකර වැටුප් ගන්න අයත් ලේක්හ­වුස් එකේ ඉන්නවා. නමුත් අද පත්වීම් ලැබූ 66 දෙනා­ටම රාජ­කා­රි­යක්, වග­කී­මක් තියෙ­නවා. තවත් පිරි­සක් ස්ථිර වෙන්න තියෙ­නවා. ඔබේ වග­කීම නිවැ­ර­දිව ඉටු කළොත් තමයි ඔවුන් ස්ථිර කරන්න අමා­ත්‍යං­ශය පැත්තෙන් අව­ස්ථාව ගන්න පුළු­වන් වෙන්නේ. ජිවිත ගණ­නා­වක වග­කීම ඔබ අතේ තිබෙ­නවා. තමන් කැමැති දේශ­පා­ල­න­යක්, මත­වා­ද­යක් දරන්න. විවේ­ච­නය කරන්න. නමුත් හීනෙ­න්වත්, අල්පෙ­නෙති තුඩක තර­ම්වත් ආය­ත­න­යට හානි­යක් කරන්න එපා. ලේක්හ­වුස් කියන්නේ සිය­ව­සක් පැරණි කීර්ති­මත් නාම­යක් ඇති තැනක්.

ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කරු (මානව සම්පත්) ලක්මාල් රත්නා­යක මහතා-

මෙය ගිය වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කළ ක්‍රියා­ව­ලි­යක්. සම්මුඛ පරී­ක්ෂණ ගණ­නා­වක් තිබ්බා. විධි­මත්, පාර­දෘ­ශ්‍ය­භා­ව­යෙන් යුතුව සාධා­ර­ණව පැවැත්වූ ඒ සම්මුඛ පරී­ක්ෂණ සඳහා නිර්ණා­යක භාවිතා කළා. ඒ නිර්ණා­යක සඳහා අදාළ ශක්‍ය­තා­වන් සම්පූර්ණ කළ අයයි අද පත්වීම් ලබන්නේ. සම­හර අව­ස්ථා­වල අපිත් මේ වැටු­පෙන් ජීවත් වෙන්නේ කොහො­මද කියා සංවේ­ග­යට පත්වුණා. සම්මුඛ පරී­ක්ෂණ නිර්ණා­ය­ක­වල ඔබේ වෘත්තීය සමි­තිය හෝ දේශ­පා­ලන පක්ෂය සම්බ­න්ධ­යෙන් විම­සී­මක් වුණේ නැහැ. රාජ­කා­රිය සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කළේ. මෙය ඔබේ ජීවි­ත­ය­ටත් ආය­ත­න­ය­ටත් වැද­ගත් අව­ස්ථා­වක්. ලේක්හ­වුස් ආය­තන ඉති­හා­සයේ වැඩිම සේව­ක­යන් පිරි­සක් බඳවා ගන්න අව­ස්ථා­වත් වෙනවා. මෙතැන ඇතැම් අය වසර ගණ­නා­වක් කොන්ත්‍රාත් පද­නමේ හිටි­යත් වැටුප් වැඩි වී නැහැ. ප්‍රති­ප­ත්ති­යක් ලෙස වසර තුන­කට වැඩි කාල­යක් කොන්ත්‍රාත් පද­නමේ හිටි අය කැඳ­වලා සම්මුඛ පරී­ක්ෂණ කරන්න තීර­ණය වුණා. මෙතැ­නට එන­තෙක් පැවැති ක්‍රියා­ව­ලිය සාර්ථක කර­ගන්න සභා­ප­ති­තුමා, සාමා­න්‍යා­ධි­කා­රි­තුමා, අධ්‍යක්ෂ මණ්ඩ­ලය, කර්තෘ­වරු වගේම බොහෝ දෙනෙක් සහාය වුණා.

ස්ථිර පත්වී­ම්ලා­භීන් වෙනු­වෙන් දින­මිණ කර්තෘ මණ්ඩ­ලයේ චාමිකා මුණ­සිංහ මහ­ත්මිය –

අද දවස අපේ වෘත්තීය ජිවි­තයේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යක්. ස්ථිර පත්වීම් ලබන මේ මොහොත අපි හැම­දෙ­නා­ටම සතුටු මොහො­තක්. ලේක්හ­වුස් ඉති­හා­සයේ කව­දා­වත් මෙත­රම් සේවක සංඛ්‍යා­වක් එක­වර ස්ථිර සේව­ක­යන් ලෙස බඳවා ගත්තේ නැහැ. ඒ නිසා මෙය අපි ලබපු ජය­ග්‍ර­හ­ණ­යක් වගේම ලේක්හ­වුස් ආය­ත­නය ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක්.මේ ජය­ග්‍රාහී මාවතේ අපව කැඳවා ගන්න සභා­ප­ති­තුමා කළ මැද­හ­ත්වී­මට පළ­මුව ස්තූති­වන්ත වෙනවා. සභා­ප­ති­තුමා ලේක්හ­වුස් ආය­ත­න­යට පැමිණි පළමු අව­ස්ථාවේ සිට කොන්ත්‍රාත් සේව­ක­යන් ගැන වඩාත් විම­සි­ලි­මත් වූ බව ස්ථීර පත්වීම් ලැබූ අපි තරම් දන්න කෙනෙක් තවත් නැහැ. ලේක්හ­වුස් ස්ථීර සේව­ක­යන්ට ලැබුණු ඇතැම් වර­ප්‍ර­සාද කොන්ත්‍රාත් සේව­ක­යන්ට ලබා­දෙන්න සභා­පති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩ­ලය ගත් වෙහෙ­සට ස්තූතියි. අධ්‍යක්ෂ මණ්ඩ­ලය හැම මෙහො­තේම කොන්ත්‍රාත් පද­නමේ සේව­ක­යන් සම්බ­න්ධ­යෙන් යහ­පත් වූ මාන­සි­ක­ත්වය පද­නම් කර­ගෙන කට­යුතු කිරීම නිසයි අපි මෙතැන ඉන්නේ. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩ­ල­ය­ටත් ස්තූතියි.

සේව­ක­යන් ස්ථිර කරන්න තීර­ණය කළ අව­ස්ථාවේ සිට මේ දක්වා මොන බාධක ආවත් අප සමඟ සිටි අන්තර් සමා­ගම් සේවක සංග­මය අපට ලොකු ශක්ති­යක් වුණා. ඒ සේව­යට පක්ෂ පාට කිසි­වක් අදාළ වුණේ නැහැ. කිසිම දේශ­පා­ලන පක්ෂ­යක ඡායා­ව­ක්වත් සැල­කි­ල්ලට නොගෙන ලේක්හ­වුස් ආය­ත­න­යට නව සංස්කෘ­ති­යක් හඳු­න්වා­දෙ­මින් තමයි අපට පත්වීම් දුන්නේ. මේ කාර්ය කිරීම වෙනු­වෙන් සංග­මයේ සහෝ­දර සහෝ­ද­රි­යන්ට විශේ­ෂ­යෙන් ස්තූතියි. අපි වැඩ කළොත් ආය­ත­නය රැකෙ­නවා වගේම ආය­ත­නය රැකු­ණොත් අපේ රැකියා රැකෙ­නවා. අපිත් වැඩ කරමු. ආය­ත­නය රැක ගන්න හොඳින් වැඩ කරමු.

ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති සහ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ගාමිණී වරු­ෂ­මාන, පුව­ත්පත් මණ්ඩ­ලයේ සභා­පති ප්‍රියාන් ආර්. විජේ­බ­ණ්ඩාර, සාමා­න්‍යා­ධි­කාරි සුමිත් කොත­ලා­වල, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවි­ටි­ය­ගල, මෙහෙ­යුම් අධ්‍යක්ෂ චාමර පීරිස්, නීති අධ්‍යක්ෂ චාමර නානා­ය­ක්කා­ර­ව­සම් මහ­ත්වරු සහ ලේක්හ­වුස් ආය­ත­නයේ පුව­ත්පත් කර්තෘ­වරු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ලේක්හ­වුස් ආය­තන ඉති­හා­සයේ ප්‍රථම වරට සේව­ක­යන් 66 දෙනකු එක­වර ස්ථිර සේව­යට ඇතු­ළත් කර පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීම ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞශල්‍යා ආරි­ය­රත්න මෙණෙ­වි­යගේ සහ ලේක්හ­වුස් සභා­පති ගාමිණි වරු­ෂ­මාන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ ප්‍රධා­න­ත්ව­යෙන් ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ (17) සිදු කෙරිණි. ස්ථිර පත්වී­ම්ලා­භීන් ආරා­ධි­ත­යන් සමඟ එහිදී සමූහ ඡායා­රූ­ප­ය­කට පෙනී­ සිටි අයුරු

ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ හා ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් මෙවරද (2026) සාර්ථකව ආරම්භ කර ඇත.

ඒ අනුව, ‘ඇසිදිසි ජනමාධ්‍ය’ / ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් - 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2026 ජූලි  මස 10 වන දින වේ.

වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන් ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. තවද, ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතු අතර, අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතුය.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ආචාර්ය උපාධිය සඳහා රු. 700,000/-, දර්ශනපති, ශාස්ත්‍රපති හා සාමාන්‍ය උපාධිය වෙනුවෙන් උපරිම රු.350,000/-, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ඩිප්ලෝමා,  දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රු. 200,000/-ක මුදලක් ගෙවනු ලැබේ. ඉහත වැඩසටහන සඳහා ඉල්ලුම් කරන මාධ්‍යවේදීන්ට ද ඇසිදිසි තාක්ෂණික ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ද ඉල්ලුම් කළ හැකි අතර වැඩසටහන් දෙක සඳහාම උපරිම මූල්‍ය සීමාව රු. 350,000/-කි. (එකම විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන පාඨමාලා දෙකක් සඳහා වැඩසටහන් දෙක මඟින්ම අයදුම් කිරීමට අවස්ථාව හිමි නොවේ).

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලැබේ.

මේ සඳහා යොමුකරන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ ශිෂ්‍යත්ව අයදුම්පත් අධ්‍යක්ෂ (මාධ්‍ය) වෙතත් ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව අයදුම්පත් අධ්‍යක්ෂ (සංවර්ධන) වෙතත් 2026.07.10 දින හෝ එදිනට පෙර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, "ඇසිදිසි මැඳුර", කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ www.media.gov.lk අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සහ පුවත්පත්වල පළවන QR කේතය ස්කෑන් කර මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

‘ඇසිදිසි ජනමාධ්‍ය’,‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව - 2026 වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර - 011 2513 645 /චන්දන මහතා 071 4 931 696 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 
චීනයේ පැවැති රාජ්ය පාලනය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු වැඩමුළුවකට සහභාගී වීම සඳහා ශ්රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් චීනය බලා පිටත්ව ගිය අතර, එම දූත පිරිසේ නිල නායකත්වය (Head of the Delegation) ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න විසින් දරනු ලැබී ය.
මෙම දූත පිරිස සඳහා නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කණ්ඩායමක් ඇතුළත් විය.
*චීන රාජ්ය පාලන යාන්ත්රණය පිළිබඳ හැදෑරීමක්*
චීන වාණිජ දෙපාර්තමේන්තුව සහ ICC ආයතනය එක්ව සංවිධානය කරන ලද මෙම ඵලදායී වැඩමුළුවේදී, චීන ලක්ෂණ සහිත ප්රජාතන්ත්රවාදය පිළිබඳ ජනාධිපති ෂී ජින්පිංග් මහතාගේ චින්තනය, "සමස්ත ක්රියාවලි මහජන ප්රජාතන්ත්රවාදය" (Whole-Process People’s Democracy) මෙන් ම චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනයේ (CPPCC) සහ "සැසිවාර දෙකේ" (Two Sessions) ක්රියාකාරී යාන්ත්රණයන් පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මීට අමතරව ශ්රී ලංකා දූත පිරිසට චීන ජාතික මහජන කොංග්රසය (National People's Congress) ඇතුළු එරට ප්රධාන රාජ්ය ආයතන වෙත ගොස් ඒවායේ ව්යුහය සහ ක්රියාකාරීත්වය සෘජුවම නිරීක්ෂණය කිරීමට ද සුවිශේෂී අවස්ථාවක් හිමිවිය.
*ජාත්යන්තර තේ දින සැමරුමටත් එක්වෙයි*
මෙම නිල සංචාරයට සමගාමීව, චීනයේ බීජිං නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාත්යන්තර තේ දින (International Tea Day) නිල සැමරුම් උත්සවය ද පැවැත්වුණු අතර, එහි ප්රධාන ආරාධිත අමුත්තා (Chief Guest) ලෙස ද නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න සහභාගී විය.
එමෙන් ම, මෙම අතිශය සාර්ථක සහ ඵලදායී වැඩසටහන් මාලාව සංවිධානය කළ ICC ආයතනයට, චීන වාණිජ දෙපාර්තමේන්තුවට සහ ඒ සඳහා අවශ්ය රාජ්ය තාන්ත්රික සම්බන්ධීකරණ කටයුතු සපයන ලද ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත නියෝජ්ය අමාත්යවරිය ඇතුළු දූත පිරිස සිය විශේෂ ස්තූතිය පිරිනමා සිටී.

 
ශ්රී ලංකාවේ මාධ්ය වෘත්තිකයන් සඳහා උසස් වෘත්තීය ප්රමිතීන් හඳුන්වාදීම, ප්රවර්ධනය කිරීම සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් "ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයින්ගේ ආයතනය" පිහිටුවීම සඳහා වන නව පනත් කෙටුම්පත රජයේ නිල ගැසට් පත්රය මඟින් ප්රකාශයට පත් කර ඇත.
ගරු සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ සෘජු නියමය පරිදි, 2026 ජූනි මස 05 දිනැතිව මෙම සුවිශේෂී ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙමඟින් මෙරට මාධ්ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මාධ්යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන් ම වගකීම් නීත්යානුකූල රාමුවක් තුළ විධිමත් කිරීම සහ ඊට ආනුශාංගික කාරණා සම්බන්ධයෙන් අවශ්ය නෛතික විධිවිධාන සැලැස්වීම අපේක්ෂා කෙරේ.
ශ්රී ලාංකේය මාධ්ය කලාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ක්රියාවට නැංවෙන මෙම වරලත් ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජනපති, අගමැති ඇතුළු සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන්ගේ රුව භාවිත කරමින් AI තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද ව්යාජ වීඩියෝ අන්තර්ජාලයට යොමුකර මුදල් වංචා කිරීමේ ක්රියාවලියක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට (Sri Lanka CERT) ලැබී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, ප්රසිද්ධ ක්රීඩකයන්ගේ සහ විශේෂ පුද්ගලයන්ගේ රුව වංචනිකව යොදාගෙන මේ ව්යාජ වීඩියෝ සකස්කර තිබේ. Deep fake තාක්ෂණය යොදා ගනිමින් ව්යාජ ලෙස සකස් කළ මෙම වීඩියෝ හරහා මුදල් වංචා කිරීමේ උත්සාහයක් ක්රියාත්මක බව ද එම පැමිණිලිවල සඳහන් කර තිබේ.
මුදල් ආයෝජනය කර මාසිකව ප්රතිලාභ ලබාගන්නැයි ජනාධිපතිවරයා හා අගමැතිනිය ඇතුළු විශේෂ පුද්ගලයන් ඉල්ලීම් කරන ආකාරයෙන් සකස් කර ඇති එම ව්යාජ වීඩියෝ ගැන අවධානයෙන් සිටින්නැයි ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි. විවිධ ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්රතිපත්ති සම්බන්ධ ව්යාජ පුවත් ලෙස ද මෙම නිර්මාණ සිදුකර ඇතැයි ද සංසදය සඳහන් කරයි.
මෙම ව්යාජ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරෙමින් තිබේ. එහි පළවන සබැඳියට (link) ගොස් මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබාගන්නා ලෙස ද එම පණිවිඩයෙන් ඉල්ලා සිටින බවත් සර්ට් ආයතනය පවසයි. එසේ link එකක් හරහා අන්තර්ජාල පරිශීලකයන් ව්යාජ වෙබ් අඩවි වෙත යොමුකරවා පෞද්ගලික තොරතුරු සහ මුදල් ද සොරාගෙන ඇති අවස්ථා පවතින බව ද කියා සිටියි.
එවන් තත්ත්වයක් මත අන්තර්ජාලයේ පවතින මෙවන් ව්යාජ වීඩියෝ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එම link වෙත යොමු වී ඔබගේ වටිනා දත්ත වංචනිකයන් අතට පත් නොකරන ලෙසත් මෙවැනි අසත්ය පුවත් සහ වංචාවන්ට ගොදුරු නොවන ලෙසත් ශ්රී ලංකා CERT ආයතනය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

ජගත් පරිසර දිනය (05) අදට යෙදී තිබේ. පරිසර දින ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. “දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” යන්න මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව ලෙස නම්කර ඇත.

එසේ වුවද “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” තේමාව යටතේ ශ්‍රී ලංකාව පරිසර දිනය සැමරීමට තීරණය කර ඇත. ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 30 වැනිදා සිට ජූනි 05 (අද) දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කිරීම ද සිදු විය. ඒ අනුව පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් පරිසර සතිය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

ඒ අනුව මෙවර පරිසර දිනයට සමගාමීව රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලෑගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලන්චිය වනාන්තරය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් බවට පත් කෙරිණි. එම රක්ෂිත පහ ද ඇතුළුව ‘වනස්පති’ වැඩසටහන යටතේ 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත බවට නම්කර ඇත. මෙවර රක්ෂිත බවට නම් කළ වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර එම රක්ෂිත හෙක්ටයාර් 2169ක් පමණ වේ.

පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වත්මන් රජය යටතේ පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. වනාන්තර විනාශ වීම වැළැක්වීම වෙනුවෙන් වන සුරැකුම නමින් නව වැඩසටහනක් ද ඇරඹිණි. ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ආදි ආරක්ෂක අංශද ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. වන විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වාදී ඇත.

Page 1 of 225

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter