නවතම පුවත්

 
ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ තැපැල් අවශ්යතා වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා වන නව මුද්දර ද්විත්වයක් නිකුත් කිරීම පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාල පරිශ්රයේදී සිදු විය.
ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
වැදගත් තොරතුරු:
මුද්දර වටිනාකම්: රුපියල් 20.00 සහ රුපියල් 70.00
නිකුත් කිරීම: ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින්.
අරමුණ: මන්ත්රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්යතා කඩිනමින් සහ පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය සැලසීම.
මෙම නව මුද්දර හඳුන්වාදීමත් සමඟ මහජන නියෝජිතයින්ගේ නිල ලිපි හුවමාරු කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතී. එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවිඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරඟය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.

එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින්ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.

මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත්වේ. ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරේ.

මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‍

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාලදිවයිනේ මාලේ නුවර ඊයේ (12) දින  පැවැති  21 වන ආසියානු මාධ්‍ය සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.

“Maldives 2.0: From Tradition to Tech” යන තේමාව යටතේ මෙවර සමුළුව සංවිධාන කර තිබූ අතර, වේගයෙන් වෙනස් වන ගෝලීය මාධ්‍ය ප්‍රවණතා හමුවේ වෘත්තීයවේදීත්වය සහ සත්‍යගරුකභාවය සුරකිමින් ඉදිරියට යන ආකාරය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙහිද‍ි සමුළුව දැනුවත් කරන ලදී.

සම්ප්‍රදායික මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය යනු එකිනෙකා සමඟ තරග කරන්නන් නොවන බවත්, සත්‍ය සහ වගකීම් සහගත පුවත් ජනතාව වෙත ගෙනයාමේදී එම ක්ෂේත්‍ර ද්විත්වයම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.

අප හඳුන්වා දෙන නව ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම ඔස්සේ වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම යන මූලික කරුණු මත පදනම් වේ.

කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණික මෙවලම්වල වර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, මෙම නවෝත්පාදනයන් දෙස බියෙන් නොබැලිය යුතු බවත්, මානව පරිණාමයේ ස්වාභාවික පියවරක් ලෙස ඒවා වගකීම් සහගතව වැළඳගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම රජය මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ස්වයං-නියාමනය වඩාත් ප්‍රතිඵලදායක බව සිය විශ්වාසය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අපගේ අවසන් ඉලක්කය වන්නේ මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, තාක්ෂණික දියුණුව මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා උපරිමයෙන් යොදාගැනීම බවද ඔහු කියා සිටියේය.

බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් මහතා, ටිමෝර් ලෙසතෝ රජයේ  සමාජ සන්නිවේදන පිළිබඳ රාජ්‍ය ලේකම් එක්ස්පෙඩිටෝ ලෙමොස් ලයිට් මැග්නෝ මහතා සහ මාලදිවයිනේ තොරතුරු හා කලාව පිළිබඳ අමාත්‍ය ඉබ්‍රාහිම් ඉෂාම් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

මීට අමතරව බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාන්ඩේ මහතා සහ සාර්ක් (SAARC) මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
ශ්රී ලාංකේය තරුණ පරපුරේ මාධ්ය අවකාශය වඩාත් ගුණාත්මක සහ වෘත්තීය මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින්, "යොවුන් මාධ්යවේදීන්ගේ ජාලයක්" (Youth Journalists Network) ස්ථාපිත කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 11 වනදා තරුණ කටයුතු අමාත්යාංශයේදී පැවැත්විණි.
ජනමාධ්ය අමාත්යාංශය සහ තරුණ කටයුතු අමාත්යාංශය එක්ව ක්රියාත්මක කරන මෙම සුවිශේෂී ඒකාබද්ධ වැඩසටහන පිළිබඳව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු හෙන්නායක මහතා, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු:
✅ දිවයින පුරා සිටින දක්ෂ තරුණ මාධ්යවේදීන් එකම ජාලයකට සම්බන්ධ කිරීම.
✅ තරුණ පරපුරට හිමිවන මාධ්ය අවකාශය වෘත්තීය මට්ටමකට දියුණු කිරීම.
✅ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මගපෙන්වීම යටතේ නව්ය මාධ්ය භාවිතය පිළිබඳ පුහුණුව ලබාදීම.
මෙම යොවුන් මාධ්ය ජාලයේ නිල සමාරම්භය නුදුරේදීම සිදු කිරීමට අවශ්ය මූලික රාමුව මේ වන විට සකස් වෙමින් පවතී

මෙරට දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර ඇති බව අනාවරණය වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාව

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇත:

  • ජීවනෝපාය සංවර්ධනය: පවුල් ඒකකවල ආදායම් මාර්ග ඉහළ නැංවීම.

  • නිෂ්පාදන ආර්ථිකය: ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.

  • ආහාර සුරක්ෂිතතාව: දේශීය ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම.

මෙම සියලු ව්‍යාපෘති ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කර ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.

ග්‍රාමීය මට්ටමින් ආයතනික ව්‍යුහය සකස් කිරීම

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 13,977 ම ආවරණය වන පරිදි ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙමගින් තීරණ ගැනීමේ බලය ගම් මට්ටමටම ලබා දී ඇති අතර, වැඩසටහනේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනයට ද රජය පියවර ගෙන ඇත.

නිලධාරී පුහුණුව සහ අධීක්ෂණය

වැඩසටහන සාර්ථකව ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නිලධාරී පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් ඒකාබද්ධව මෙම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙහෙයවීම මෙහි අරමුණයි.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් තිරසාර සංවර්ධනයක් කරා රට ගෙන යාම සඳහා වූ රජයේ දැඩි කැපවීම මෙම “ප්‍රජා ශක්ති” වැඩසටහන හරහා තහවුරු වන බව මෙම ප්‍රගති සමාලෝචනයේදී අවධාරණය කෙරිණි.

 

 
මාලදිවයිනේ Villa Nautica හිදී (11) ආරම්භ වන 21 වන ආසියානු මාධ්ය සමුළුව සඳහා සහභාගී වීම පිණිස සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.
මෙම සමුළුව 11 සිට 14 දක්වා පැවැත්වීමට නියමිත අතර, ආසියානු කලාපයේ රටවල් රැසකින් ප්රතිපත්ති සම්පාදකයින්, මාධ්ය ආයතන හිමිකරුවන්, මාධ්ය වෘත්තිකයින්, සන්නිවේදන පර්යේෂකයින් සහ නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
සමුළුවට මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව බංග්ලාදේශ තොරතුරු හා විකාශ අමාත්යවරයා, බිමිස්ටෙක් සංවිධානයේ මහ ලේකම්, සාක් සංවිධානයේ මහ ලේකම් සහ ටිමෝරයේ සමාජ සන්නිවේදන රාජ්ය ලේකම් ඇතුළු කලාපීය ප්රධානීන් රැසක් එක්ව සිටී.
මෙම සමුළුවේ 4 වන සැසියේ ප්රධාන දේශනය ලෙස අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්ය ප්රතිපත්ති, මහජන තොරතුරු ප්රචාරණය, මාධ්ය වෘත්තීයභාවය සහ මහජන අවශ්යතා සඳහා සන්නිවේදන වගකීම් පිළිබඳව දේශනයක් පැවැත්වීමට නියමිතය

ප්රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්යසේකර මහතාගේ දශක හයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කළ “නීල නුවන්” ප්රණාම ප්රසංගය පසුගිය (07) ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී අභිමානවත් ලෙස පැවැත්විණි.
මෙහිදී දේවානන්ද වෛද්යසේකර මහතාගේ කලා ක්ෂේත්රයට සිදුකළ අග්රගණ්ය මෙහෙවර ඇගයීමට ලක් කරමින් සමරු ඵලකයක් ද ප්රදානය කෙරිණි.
වෘත්තීය වෛද්යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු, ගීතය නම් වූ සුවිශේෂී කලා මාධ්යය ඔස්සේ පරම්පරා ගණනාවක රසික හදවත් සුවපත් කිරීමට ලබාදුන් දායකත්වය ජාතික වටිනාකමක් ඇති මෙහෙවරක් ලෙස මෙහිදී අවධාරණය කෙරිණි.
“නීල නුවන් මානෙල් මල්”, “සතුට විලයි සැපත මලයි” ඇතුළු අමරණීය ගීත රැසක් ඔස්සේ රසික හදවත් දිනාගත් වෛද්යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයටද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ප්රවීණ කලාකරුවෙකි.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහත්ම මහත්මීන් ඇතුළු කීර්තිමත් කලාකරුවන් වන කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිලක, ජානක වික්රමසිංහ, ඉන්ද්රානි පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කලාකරුවන්ගේ මෙහෙවර ඇගයීම හා ප්රණාමය පුද කිරීම සමාජයේ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට වැදගත් වන බව මෙහිදී අවධාරණය කෙරිණි

2026 ලෝක මාධ්‍ය නිද­හස් දර්ශ­කයේ ශ්‍රී ලංකාවේ ඉදි­රි­යට යෑම පිළි­බඳ විශ්ලේ­ෂ­ණා­ත්මක කිය­වී­මකි.)

 

මාධ්‍ය නිද­හස යනු හුදෙක් මාධ්‍ය­වේ­දීන්ට අද­හස් ප්‍රකාශ කිරීමේ නිද­හස පම­ණක් නොවේ. එය සමා­ජ­යක ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, විනි­වි­ද­භා­වය, වග­වීම සහ පුර­වැ­සි­යාගේ දැන­ගැ­නීමේ අයි­තිය නිරූ­ප­ණය කරන මූලික හා අත්‍ය­වශ්‍ය දර්ශ­ක­යකි. නිද­හස් මාධ්‍ය­යක් නොමැති සමා­ජ­යක සත්‍යය ක්‍රම­යෙන් අඳුරු වන අතර, බලය ජනතා පරී­ක්ෂා­වෙන් තොරව ක්‍රියා­ත්මක වීමේ අව­දා­නම ඉහළ යයි. එවැනි පරි­ස­ර­යක පුර­වැ­සියා තීරණ ගන්නා දැනු­වත් පුර­වැ­සි­යකු නොව, පාලිත තොර­තුරු ප්‍රවා­හ­ය­කට යටත් භාවි­ත­ක­රු­වකු බවට පත්වේ.

ලෝක මාධ්‍ය නිද­හස් දර්ශ­කය

RSF ලෝක මාධ්‍ය නිද­හස් දර්ශ­කය යනු සංඛ්‍යා ලැයි­ස්තු­ව­කට පම­ණක් සීමා නොවන, රට­වල් අතර මාධ්‍ය නිද­හස සංස­න්ද­නය කරන සංකීර්ණ ජාත්‍ය­න්තර මිනුම් දණ්ඩකි. එය රටක ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ යහ­පත් සෞඛ්‍ය තත්ත්වය, විනි­වි­ද­භා­වය සහ වග­වීම විම­ර්ශ­නය කරන විද්‍යා­ත්මක හා විශ්ලේ­ෂ­ණා­ත්මක මෙව­ල­මක් ලෙස සැලකේ.

මෙම දර්ශ­කය සකස් කිරීම සඳහා ලොව පුරා සිටින මාධ්‍ය විශේ­ෂ­ඥ­යන්, නීති­වේ­දීන්, පර්යේ­ෂ­ක­යන් සහ මානව හිමි­කම් ක්‍රියා­කා­රී­න්ගෙන් ලබා­ගත් විස්තීර්ණ දත්ත භාවිත කෙරේ. මෙය හුදෙක් ශ්‍රේණි­ගත කිරී­මක් නොව, රටක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ගුණා­ත්ම­ක­භා­වය මැන බලන සංකේ­තා­ත්මක “සෞඛ්‍ය පරී­ක්ෂ­ණ­යක්” ලෙස ද සැල­කිය හැකිය.

අර­ග­ල­යෙන් පසු ඇති වූ වෙනස

2022 ආර්ථික හා දේශ­පා­ලන අර්බු­දය ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරි­ස­රය තුළ ගැඹුරු ව්‍යූහා­ත්මක වෙන­සක් ඇති කළ තීර­ණා­ත්මක හැර­වුම් ලක්ෂ්‍ය­යකි. එම කාලය තුළ රටේ සාම්ප්‍ර­දා­යික මාධ්‍ය ආකෘති – විශේ­ෂ­යෙන් රූප­වා­හිනී, පුව­ත්පත් සහ රාජ්‍ය මාධ්‍ය මධ්‍ය­ස්ථාන – සමා­ජය තුළ තිබූ ‘තොර­තුරු ඒකා­ධි­කා­රය’ ක්‍රම­යෙන් අහිමි වීමට පටන් ගත්තේය. එම හිස්තැන වේග­යෙන් පිර­වූයේ සමාජ මාධ්‍ය සහ පුර­වැසි මාධ්‍ය­ක­ර­ණ­යයි. Facebook, YouTube, TikTok සහ X වැනි වේදිකා ඔස්සේ ජන­තා­වම සිදු­වීම් සජී­වීව වාර්තා කිරී­මට, විවේ­ච­නය කිරී­මට සහ විශ්ලේ­ෂ­ණය කිරී­මට ඉදි­රි­පත් වූහ. මෙය තොර­තුරු නිෂ්පා­ද­නයේ බලය ජන­තාව වෙත පැවරූ නව තත්ත්ව­යක් විය.

එම­ඟින්, රාජ්‍ය­යට හෝ සාම්ප්‍ර­දා­යික මාධ්‍ය ආය­ත­න­ව­ලට තොර­තුරු ප්‍රවා­හය සම්පූ­ර්ණ­යෙන් පාල­නය කිරීම අප­හසු විය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස “ජාල­ගත පොදු සංවාද අව­කා­ශ­යක්” (networked public sphere) ක්‍රම­යෙන් ව්‍යාප්ත විය.

ජර්ගන් හබ­ර්මාස්ගේ මහ­ජන කක්ෂය (Public Sphere) න්‍යාය අනුව, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් වන්නේ විවෘත, නොයෙ­කුත් පාර්ශ්ව­යන්ගේ හඬ සහ විවේ­ච­නා­ත්මක සංවා­ද­යක් ඇති අව­කා­ශ­ය­කය. ශ්‍රී ලංකාවේ අර­ගල සමයේ එවැනි අව­කා­ශ­යක් සීමිත කාල­ය­කට වුවද සක්‍රි­යව පව­තින ආකා­රය දැක­ගත හැකි විය. එය ජන­තා­වගේ දැනු­ව­ත්භා­වය ඉහළ නැංවී­ම­ටත්, මාධ්‍ය නිද­හස පිළි­බඳ ගෝලීය අව­ධා­නය වැඩි කිරී­ම­ටත් දායක වූ අතර, අව­සා­නයේ 2026 මාධ්‍ය නිද­හස් දර්ශ­කයේ දක්නට ලැබෙන සාපේක්ෂ ඉදි­රි­යට යෑමට සමා­ජීය පද­න­මක් සැප­යීය.

සාපේක්ෂ ජය­ග්‍ර­හ­ණය

දකුණු ආසි­යානු කලා­පය ලෝකයේ මාධ්‍ය නිද­හස සම්බ­න්ධ­යෙන් අති­ශය සංකීර්ණ සහ අස­ම­තු­ලිත භූගෝ­ලීය අව­කා­ශ­යකි. බොහෝ රට­වල් තව­මත් දේශ­පා­ලන අස්ථා­ව­රතා, නෛතික සීමා, ආර­ක්ෂක පීඩන සහ මාධ්‍ය­වේ­දීන්ට එල්ල වන විවිධ ආකා­රයේ තර්ජන හේතු­වෙන් නිද­හස් මාධ්‍ය පරි­ස­ර­යක් ස්ථාපිත කර ගැනී­මට අර­ගල කර­මින් සිටියි. එබැ­වින්, මෙම කලා­පය තුළ මාධ්‍ය නිද­හස මැනී­මේදී රට­වල් අතර විශාල පර­ත­ර­යක් පැව­තීම සාමාන්‍ය ලක්ෂ­ණ­යකි.

මෙම පසු­බිම තුළ ඉන්දි­යාව 157 වැනි ස්ථාන­යට පහත වැටීම විශේෂ අව­ධා­න­යට ලක්ව ඇත. ලෝකයේ විශා­ල­තම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍යය ලෙස සැල­කෙන ඉන්දි­යාව තුළ මාධ්‍ය­වේ­දීන්ට එල්ල වන නෛතික හිරි­හැර, “lawfare” ලෙස හැඳි­න්වෙන නඩු පද්ධ­ති­මය පීඩ­නය, දත්ත පාලන නීති ව්‍යාප්තිය සහ විවේ­ච­නා­ත්මක හඬ­වල් මත දේශ­පා­ලන සහ ව්‍යාපා­රික බල­පෑම් මෙයට ප්‍රධාන හේතු ලෙස දැක්වේ. මෙය කලා­පීය පම­ණක් නොව ගෝලීය මට්ට­මින් ද මාධ්‍ය නිද­හස පිළි­බඳ ගැටලු තව­මත් බර­ප­තළ බව පෙන්වයි.

ඊටත් වඩා බර­ප­තළ තත්ත්ව­යක් ඇෆ්ග­නි­ස්ථා­නය තුළ දැකිය හැකිය. 175 වැනි ස්ථාන­යට එරට පත්වීම එහි මාධ්‍ය නිද­හස සම්පූ­ර්ණ­යෙන්ම බිඳ­වැටී ඇති බවට සංකේ­තා­ත්මක පෙන්වී­මකි. ස්වාධීන මාධ්‍ය ආය­තන වසා දැමීම, මාධ්‍ය­වේ­දීන්ට

එල්ල වන දැඩි සීමා සහ විශේ­ෂ­යෙන් කාන්තා මාධ්‍ය­වේ­දි­නි­යන්ගේ වෘත්තිය ක්ෂේත්‍ර­යෙන් ඉව­තට තල්ලු වීම මෙහිදී කැපී පෙනේ.

මෙයට විරු­ද්ධව ස්කැන්ඩි­නේ­වි­යානු රට­වල්, විශේ­ෂ­යෙන් නෝර්වේ, ඩෙන්මා­ර්කය සහ ස්වීඩ­නය දිග­ටම ලෝකයේ ඉහ­ළම ස්ථාන හිමි කර­ගෙන සිටී. එම රට­වල මාධ්‍ය ස්වාධී­න­ත්වය, නීතියේ ආධි­ප­ත්‍යය සහ මාධ්‍ය­වේ­දීන් සඳහා ඇති ආර­ක්ෂිත වෘත්තීය පරි­ස­රය ඉතා ශක්ති­මත්ය. රාජ්‍යය සහ මාධ්‍ය අතර සම්බ­න්ධ­තාව විනි­වි­ද­භා­ව­යෙන් යුත් සහ වග­වී­මෙන් පිරුණු එකක් වන අතර, එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මූලික අංග­යක් ලෙස ක්‍රියා කරයි.

මෙවැනි ගෝලීය අස­ම­තු­ලිත පසු­බි­මක ශ්‍රී ලංකාව 134 වැනි ස්ථාන­යට පැමි­ණීම කලා­පීය සන්ද­ර්භය තුළ සාපේක්ෂ වශ­යෙන් යම් ප්‍රග­ති­යක් ලෙස දැකිය හැකිය. එය දකුණු ආසි­යාවේ ඇතැම් රට­වල් දැඩි පසු­බැ­සීම් දක්වන අව­ස්ථා­වක, ශ්‍රී ලංකාව යම් ස්ථාව­ර­ත්ව­යක් සහ සීමිත ඉදිරි ගම­නක් පෙන්වී­මක් ලෙස අර්ථ දැක්විය හැකිය. එහෙත් මෙම “සාපේක්ෂ ජය­ග්‍ර­හ­ණය” අති­ශ­යෝ­ක්ති­යට ලක් කළ නොහැ­කියි. 134 වැනි ස්ථානය තව­මත් “දුෂ්කර” (difficult) කාණ්ඩය තුළ පව­තින අතර, එය සම්පූර්ණ, ස්ථාවර හෝ ආර­ක්ෂිත මාධ්‍ය නිද­හ­සක් නිරූ­ප­ණය නොක­රයි. දේශ­පා­ලන බල­පෑම්, ආර්ථික පීඩන සහ නෛතික අව­දා­නම් තව­මත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරි­ස­රය තුළ ව්‍යුහා­ත්මක අභි­යෝග ලෙස පව­තියි.

ව්‍යූහා­ත්මක ගැටලු

ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරි­ස­රය පිළි­බ­ඳව සංඛ්‍යා­ත්මක ප්‍රග­ති­යක් කතා කළද, එහි යටින් දිවෙන ව්‍යූහා­ත්මක ගැටලු කිහි­ප­යක් තව­මත් දැඩි ලෙස පව­තියි. ඒ අතර ප්‍රධා­න­තම ගැට­ලු­වක් වන්නේ මාධ්‍ය හිමි­කා­රි­ත්වය කේන්ද්‍ර­ගත වීමයි. රටේ ප්‍රධාන

රූප­වා­හිනී නාළිකා, පුව­ත්පත් සහ ඩිජි­ටල් මාධ්‍ය ආය­තන බොහො­ම­යක් දේශ­පා­ලන බල­ව­තුන් හෝ ඔවුන්ට සමීප ව්‍යාපා­රික ජාල­යන් සතු වීම, පුවත් වාර්තා­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සෘජු­වම සීමා කරයි. එවැනි ව්‍යූහ­යක් තුළ මාධ්‍යය බොහෝ විට “පොදු අව­කා­ශ­යක්” ලෙස නොව, බලය හා ආර්ථික වුව­මනා අතර ගැටෙන යාන­යක් ලෙස ක්‍රියා කරයි.

මෙයට අම­ත­රව තවත් බර­ප­තළ ගැට­ලු­වක් වන්නේ “දඬු­වම් නොලැ­බීමේ සංස්කෘ­තිය” (culture of impunity) යි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉති­හා­සය තුළ ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­නය, ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් වීම සහ තවත් මාධ්‍ය­වේ­දීන්ට එල්ල වූ ප්‍රහාර වැනි සිදු­වීම් අද වන තුරුත් සම්පූර්ණ හා සාධා­රණ නීති­මය විස­ඳු­ම­කට ලක්වී නැත. මෙවැනි නොවි­ස­ඳුණු සිදු­වීම් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි දැවෙන ප්‍රශ්න­කාරී බල­පෑ­මක් (chilling effect) ඇති කර­මින්, විවේ­ච­නා­ත්මක වාර්තා­ක­ර­ණ­යෙන් ඉව­ත්වී­මට හෝ ස්වයං වාර­ණ­යට යොමු වීමට බොහෝ මාධ්‍ය­වේ­දීන් පොල­ඹ­වයි.

ඒ සම­ඟම නව නීති­මය රාමු ද අව­ධා­න­යට ලක්වෙ­මින් පව­තියි. විශේ­ෂ­යෙන් අන්ත­ර්ජාල ආර­ක්ෂණ පනත වැනි නීති, ව්‍යාජ පුවත් පාල­නය කිරීමේ නාම­යෙන් හඳුන්වා දුන්න ද, ඒවා අනා­ග­ත­යේදී අද­හස් ප්‍රකාශ කිරීමේ නිද­හ­සට සහ ඩිජි­ටල්

මාධ්‍ය ක්ෂේත්‍ර­යට සෘජු හෝ වක්‍ර බල­පෑම් එල්ල කළ හැකි බවට විවේ­චන පව­තියි. එබැ­වින්, තව­මත් දිස්වන මාධ්‍ය නිද­හසේ ප්‍රග­ති­යට යටින්, මාධ්‍ය නිද­හස සම්බ­න්ධ­යෙන් ව්‍යූහා­ත්මක අව­දා­නම් රැසක් සැඟවී පව­තින බව පැහැ­දි­ලිය.

ආර්ථික පීඩ­නය සහ මාධ්‍ය­වේ­දියා

මාධ්‍ය නිද­හස යනු නීති­මය ආර­ක්ෂාව සහ ප්‍රති­ප­ත්ති­මය රාමු­වක් පම­ණක් නොව, ගැඹුරු ආර්ථික සාධක සමඟ සෘජුව බැඳී ඇති සමාජ, වෘත්තීය යථා­ර්ථ­යකි. එම නිසා මාධ්‍ය­වේ­දි­යාගේ ස්වාධී­න­ත්වය විග්‍රහ කිරී­මේදී ඔහුගේ ආර්ථික තත්ත්වය අත්‍ය­වශ්‍ය සාධ­ක­යක් ලෙස සැල­කිය යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය­වේ­දීහු අඩු වැටුප්, අස්ථා­වර සේවා කොන්ත්‍රාත් සහ සීමිත වෘත්තීය ආර­ක්ෂාව යටතේ සේවය කරති. මෙවැනි පරි­ස­ර­ය­කදී ඔවුන්ගේ වෘත්තීය තීරණ බොහෝ විට ආර්ථික අව­ශ්‍යතා මත බල­පෑ­මට ලක් වේ. දිගු­කා­ලීන ආදා­යම් ස්ථාව­ර­ත්ව­යක් නොමැති වීම නිසා මාධ්‍ය­වේ­දි­යාගේ විවේ­ච­නා­ත්මක ස්වාධී­න­ත්වය ක්‍රම­යෙන් දුර්වල විය හැකියි.

මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ආර්ථික පීඩ­නය, මාධ්‍ය­වේ­දීන් දේශ­පා­ලන හෝ ව්‍යාපා­රික බල­පෑ­ම්ව­ලට යටත් වීමේ අව­දා­නම ඉහළ නංවයි. දැන්වීම් ආදා­යම් මත පද­නම් වූ මාධ්‍ය ආර්ථික ආකෘ­තිය, විශේ­ෂ­යෙන් සංවේදී දේශ­පා­ලන හෝ ආර්ථික විවේ­චන වාර්තා­ක­ර­ණ­යේදී ස්වයං ­වා­ර­ණ­යට (self-censorship) පෙල­ඹ­වී­මක් ඇති කරයි. එබැ­වින් මාධ්‍ය නිද­හස යනු හුදෙක් අද­හස් ප්‍රකාශ කිරීමේ නීති­මය අයි­ති­යක් නොව, ආර්ථික ස්ථාව­ර­ත්වය, වෘත්තීය ආර­ක්ෂාව සහ සමා­ජීය පිළි­ගැ­නීම සමඟ සම්බන්ධ වූ සංකීර්ණ වෘත්තී­ය­මය අයි­ති­වා­සි­ක­මකි. මාධ්‍ය­වේ­දියා ආර්ථික වශ­යෙන් ආර­ක්ෂිත නොවන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ස්වාධී­න­ත්වය ද සම්පූ­ර්ණ­යෙන්ම ආරක්ෂා කළ නොහැකි බව මෙම යථා­ර්ථය පැහැ­දිලි කරයි.

අනා­ගත දිශා­න­තිය

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිද­හස තිර­ස­රව ශක්ති­මත් කිරී­මට නම්, පව­තින ව්‍යූහා­ත්මක දුර්ව­ලතා හඳු­නා­ගෙන ඒවාට පිළි­තුරු දෙන ගැඹුරු ප්‍රති­සං­ස්ක­රණ අවශ්‍ය වේ. වර්ත­මාන තත්ත්වය තුළ දක්නට ලැබෙන සාපේක්ෂ ප්‍රග­තිය ස්ථාවර කිරීම සඳහා, නීති­මය, ආය­ත­නික සහ සමා­ජීය මට්ටම් තුනම එකට සම්බන්ධ වූ ප්‍රවේ­ශ­යක් අත්‍ය­ව­ශ්‍යය.

පළ­මුව, ස්වාධීන මාධ්‍ය නියා­මන යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කිරීම අත්‍ය­වශ්‍ය පිය­ව­රකි. එවැනි ආය­ත­න­යක් රජයේ සෘජු බල­පෑ­මෙන් තොරව, මාධ්‍ය­වේ­දීන්, නීති විශේ­ෂ­ඥ­යන්, විද්ව­තුන් සහ සිවිල් සමාජ නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්වි­තව ක්‍රියා කළ යුතුය. එහි ප්‍රධාන කාර්යය වන්නේ මාධ්‍ය ආචා­ර­ධර්ම, විනි­වි­ද­භා­වය සහ වග­වීම තහ­වුරු කිරී­මත්, මාධ්‍ය නිද­හස ආරක්ෂා කිරී­මත්ය.

දෙව­නුව, මාධ්‍ය­වේ­දීන්ගේ ආර­ක්ෂාව සඳහා ශක්ති­මත් නීති­මය සහ ක්ෂණික විම­ර්ශන ක්‍රම­වේ­ද­යක් අවශ්‍ය වේ. මාධ්‍ය­වේ­දීන්ට එල්ල වන තර්ජන, පහ­ර­දීම් හෝ බාධා සම්බ­න්ධ­යෙන් වේග­වත් පරී­ක්ෂණ සිදු කරන විශේ­ෂිත යන්ත්‍ර­ණ­යක් නිර්මා­ණය කළ යුතුය. දඬු­වම් නොලැ­බීමේ සංස්කෘ­තිය අව­සන් කිරීම මෙහි ප්‍රධාන අර­මුණ විය යුතු අතර, එය මාධ්‍ය ක්ෂේත්‍රයේ විශ්වා­සය නැවත ගොඩ­නැ­ඟී­මට දායක වේ.

තෙව­නුව, පාසල් මට්ට­මින් මාධ්‍ය සාක්ෂ­ර­තාව (media literacy) හඳුන්වා දීම දිගු­කා­ලී­නව ඉතා වැද­ගත් පිය­ව­රකි. ව්‍යාජ පුවත් හඳු­නා­ගැ­නීම, තොර­තුරු විශ්ලේ­ෂ­ණය කිරීම සහ විවේ­ච­නා­ත්මක චින්ත­නය වර්ධ­නය කිරීම තුළින් දැනු­වත් පුර­වැසි සමා­ජ­යක් බිහි කළ හැකිය. එවැනි සමා­ජ­යක් මාධ්‍ය නිද­හස ආරක්ෂා කිරී­මට ස්වාභා­වි­ක­වම දායක වේ.

මෙම ප්‍රති­සං­ස්ක­රණ එකට ක්‍රියා­ත්මක නොක­ළ­හොත්, වර්ත­මා­නයේ අපට දක්නට ලැබෙන ප්‍රග­තිය දීර්ඝ­කා­ලී­නව තහ­වුරු කර ගැනීම අප­හසු වේ. එබැ­වින් මාධ්‍ය නිද­හස යනු හුදෙක් නීති­මය හෝ තාක්ෂ­ණික ප්‍රශ්න­යක් නොව, පුර­වැසි සමා­ජ­යක් ලෙස රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පරි­ණා­මයේ මූලික අභි­යෝ­ග­යක් ලෙස ද සැල­කිය යුතුය.

සංඛ්‍යා­ත්මක ජය­ග්‍ර­හ­ණ­යෙන් එහා

2026 ලෝක මාධ්‍ය නිද­හස් දර්ශ­කයේ ශ්‍රී ලංකාව ලබා ඇති ඉදි­රි­යට යෑම වැද­ගත් සහ නොස­ලකා හැරිය නොහැකි සංඥා­වකි. එය දකුණු ආසි­යානු කලා­පීය සන්ද­ර්භය තුළ බලන විට සාපේක්ෂ වශ­යෙන් යම් ප්‍රග­ති­යක් නිරූ­ප­ණය කරන අතර, වසර කිහි­ප­යක් තුළ ඇති වූ සමාජ, දේශ­පා­ලන පරි­ව­ර්ත­න­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස ද කිය­විය හැකිය. විශේ­ෂ­යෙන්ම 2022 අර්බු­ද­යෙන් පසු මාධ්‍ය පරි­ස­රයේ ඇති වූ විවෘ­ත­ක­ර­ණය සහ ඩිජි­ටල් සංවාද අව­කා­ශයේ ව්‍යාප්තිය මෙම ඉදි­රි­යට යෑමට පසු­බි­මක් සපයා ඇත.

 
 
 
 

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වූ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

මෙම අත්සන් තැබීම සිදුවූයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් (To Lam) මැතිතුමා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරට අතර අත්සන් තැබුණු සහයෝගීතා ගිවිසුම් 05ක කොටසක් වශයෙනි.

ගිවිසුමට අත්සන් තැබීම

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර ඇති කරගත් මෙම ගිවිසුම සඳහා:

  • ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද,

  • වියට්නාමය වෙනුවෙන් එරට සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් (Ho An Phong) මහතා ද අත්සන් තැබූහ.

ක්ෂේත්‍රයේ වර්ධනයට නව ප්‍රවේශයක්

මෙම අවබෝධතා ගිවිසුම හරහා දෙරට අතර තොරතුරු හුවමාරුව, සන්නිවේදන තාක්ෂණයන් බෙදාහදා ගැනීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපායමාර්ග සහ සංස්කෘතික ප්‍රවර්ධනයන් සඳහා ජනමාධ්‍ය භාවිත කරන ආකාරය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

මෙම අවස්ථාවට දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වූහ. මෙම නව සබඳතාව හරහා ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක් උදාවනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

සමාජයේ පෙර ගමන්කරුවකු වෙමින් වෘත්තීයයක් ලෙසින් ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාර්‍යය ඉතා වැදගත් වන බවත්, ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සන්නද්ධ වීම සමාජ ප්‍රගමනයට මෙන්ම ජනමාධ්‍ය වෘත්තියට ද ඉවහල් වන බව වැඩසටහනෙහි පිළිගැනීමේ කතාව සිදුකරමින් කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා පැවසීය.

දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම, දෛනිකව මාධ්‍ය කටයුතු කිරීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

"ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය හා නෛතික පසුබිම" මැයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා ද, මාධ්‍ය කර්මාන්තය හමුවී ඇති අභියෝග සහ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා විසින් ද දෙසුම් ඉදිරිපත් කරමින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දැක්වූහ.

ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාරය ඇගැයීමට ලක්විය යුතු බවත්,සඳහා ඉදිරියේදී සුවිශේෂී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැවසීය.

වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩසටහන අවසානයේ සහතික පත්‍රයක් ලබාදීම ද සිදුවිය.

කලුතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිලධාරීන් රැසක් වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.

 

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුර සඳහා නිලධාරීන් 326 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 28 වන දින පෙරවරුවේ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරී තනතුරු 600ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබුණි. ඒ අනුව, පසුගිය වර්ෂයේ අගභාගයෙදී පැවැත්වූ තරග විභාගයෙන් සමත් වී, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද 326 දෙනෙකු හට පළමු අදියර යටතේ මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

නව පත්වීම් ලැබූ මෙම නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පළාත් මට්ටමින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආයතනවල ලබාදෙන සති දෙකක විශේෂ පුහුණුවකින් අනතුරුව අදාළ රාජකාරී කටයුතු සඳහා ඔවුන්ව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අවධාරණය කර සිටියේ, වර්තමාන රජය යටතේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වලදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා අමාත්‍යවරයාගේ නාම ලේඛන හෝ බලපෑම් නොමැති බවත්, සියලුම බඳවා ගැනීම් පිරිසිදුව සුදුසුකම් මත පමණක් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත්, තුසිත හුලංගමුව, චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter