රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධන කිරීම සඳහා රජය මැදිහත්වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ITN ,රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම ආයතන තුන වෙන් වෙන් වශයෙන් නවීකරණයකළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා රජය මැදිහත්වන බවත් ඒ මහතා පැවසීය.

පරිපාලනය සමග එක්ව , මෙම ආයතන නවීකරණය කර ලාභ ලබන ආයතන බවට පත් කර, මහජන සේවාවන් බවට පත්කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම රජය සිදුකරන බවද අමාත්‍යවරයා කීය.