කොළඹ හා අවට ප්‍රදේශවල පවතින මාර්ග තදබදය නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. දිනකට දිවයිනේ නන් දෙසින් කොළඹට ඇතුළුවන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 10ක් පමණ ය. ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ කොළඹ යනු දකුණු ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති ප්‍රධාන නගරයක් බවයි. සංවර්ධිත රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදා ඇත්තේ පොළොව යටින් දිවෙන මෙට්ට්‍රෝ කෝච්චිය තායිලන්තයේ පොළොව උඩින් සැකසුණු දුම්රිය මාර්ග මඟින් තදබදය අවම කිරීමට යොදා ගෙන ඇත. එසේම සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදාගෙන ඇත්තේ Park and Ride ක්‍රමයයි. චීනයේ සහ ජපානයේ ද මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. එම රටවල ජනතාව තම පෞද්ගලික වාහන එක්තැනක ගාල්කර පොදු වාහනවල ගමන්කර තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනී. මෙම ක්‍රමය සංවර්ධිත රටවල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් එම රටවල අගනුවර විධිමත් මෙන්ම ක්‍රමානුකූල වී ඇති හෙයින් සියලු අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකියාවක් පවතියි.

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇතැයි කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය ලංකාපුවත් ‍සේවයට පැවසුවාය.

පරිසරයට කසළ එකතුවීම කියන්නේ ලෝකයේ සෑම රටකටම තිබෙන විශාල ගැටලුවකි. නූතන පරිභෝජනවාදී ජීවන රටාව නිසා බැහැර කෙරෙන කසළ ප්‍රමාණයත් අතිවිශාල යි. මේ නිසා තැන තැන කඳු ගැසෙන කසළ රටට බරක් වී තිබේ. එසේ එකතුවන කසළ බැහැර කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදු වී ඇත. 2017 වසරේ සිංහල අවුරුදු සමයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමඟම කසළ ප්‍රශ්නය අන් කවරදාටත් වඩා කතා කරන මාතෘකාවක් බවට පත්විය. නමුත් පසුගියදා ඒ කසළ කතාව වෙනත් දෙසකට යොමු වූයේ කෙරවලපිටියේදී ආරම්භ කෙරුණ කසළවලින් විදුලිය උත්පාදනය කරන බලාගාරය නිසාය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter