කොළඹ හා අවට ප්‍රදේශවල පවතින මාර්ග තදබදය නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. දිනකට දිවයිනේ නන් දෙසින් කොළඹට ඇතුළුවන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 10ක් පමණ ය. ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ කොළඹ යනු දකුණු ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති ප්‍රධාන නගරයක් බවයි. සංවර්ධිත රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදා ඇත්තේ පොළොව යටින් දිවෙන මෙට්ට්‍රෝ කෝච්චිය තායිලන්තයේ පොළොව උඩින් සැකසුණු දුම්රිය මාර්ග මඟින් තදබදය අවම කිරීමට යොදා ගෙන ඇත. එසේම සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල මාර්ග තදබදය අවම කිරීමට යොදාගෙන ඇත්තේ Park and Ride ක්‍රමයයි. චීනයේ සහ ජපානයේ ද මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. එම රටවල ජනතාව තම පෞද්ගලික වාහන එක්තැනක ගාල්කර පොදු වාහනවල ගමන්කර තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනී. මෙම ක්‍රමය සංවර්ධිත රටවල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් එම රටවල අගනුවර විධිමත් මෙන්ම ක්‍රමානුකූල වී ඇති හෙයින් සියලු අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකියාවක් පවතියි.

ඒ අනුව මෙරට ද සතියේ දිනවල උදෑසන සහ පස්වරුවේ කාර්යාල වේලාවන්වලදී කොළඹ නගරය සහ ඒ අවට මාර්ගවල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම් සෙවීම සඳහා මංතීරු නීතිය, බස් ප්‍රමුඛතා මංතීරුව ආදී විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළත් පොලීසිය ඇතුළු රථවාහන බලධාරීන්ගේ අදහස වී තිබුණේ තනි තනිව කොළඹ නගරයට ඇතුලුවන පෞද්ගලික රථවාහන සීමා කළයුතු බවයි. මෙම ප්‍රශ්නයට දිර්ඝ කාලීන විසඳුමක් ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ “Park and Ride ” නමින් නව බස්රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි. ලෝකයේ දියුණු රටවල් ප්‍රධාන නගර මධ්‍යයේ වාහන තදබදය නිර්මාණය වීම අවම කිරීමටත් ඊට පිළියමක් ලෙස Park and Ride නම් ක්‍රමය පොදු ප්‍රවාහන සේවයට යොදා ගැනීම සිදුවෙනවා. එම ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මගී ජනතාවට නිසි සෞඛ්‍යාරක්ෂිත ගමනක් ලබාදීම අරමුණු කරගනිමින් Park and Ride සේවාව මේ අනුව මෙරටට හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගැනීම සිදුවිය. 

කොළඹ නගරයට දිනපතා පැමිණෙන වාහන සංඛ්‍යාව අධික වීම හේතුවෙන් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 2009දී ඊට පිළියම් සෙවීම ආරම්භ කළ අතර එය ක්‍රියාත්මක කිරිමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය. සතිය පුරා උදේ සහ සවස මාර්ග තදබදය අවම කිරීම සඳහා, තමන්ගේම වාහනවල වැඩ කිරීමට යන ශ්‍රම බළකායට පොදු ප්‍රවාහන පද්ධතිය ආකර්ශණීය විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීම වර්ථමාන රජයේ අපේක්ෂාවයි. “උද්‍යාන හා සවාරිය” ක්‍රමය වහාම ක්‍රියාත්මක කළ යුතු බව රාජපක්ෂ මහතා යෝජනා කළේය. උද්‍යාන සහ ධාවන ක්‍රමය 2009 දී “සිටි ලයිනර්” නමින් නම් කර තිබුණි. මෙවැනි ව්‍යාපෘතියක් යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාව මේ වනවිට තදින්ම පැන නැගී තිබුණේ covid 19 වෛරසය හේතුවෙනි. ජනතාව සිය අවශ්‍යතා වෙනුවෙන් මාර්ගයට අවතීර්ණ වන්නේ තමාට අයත් පෞද්ගලික රථයෙන් වන අතර ඊට හේතුව වන්නේ covid 19 වෛරසයෙන් ආරක්ෂා වීමටය.

මේ පිළිබඳව වාහන නියාමනය බස්රථ සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශකර සිටියේ, “බොහෝ ස්ථානවල අපි වාහන නැවතුම් ස්ථාන නිර්මාණය කර තිබේ. මුල් කාලයේදී ඒ සඳහා මුදල් අය කරන්නේ නැහැ. ආරක්ෂාව සැපයීමට අප සූදානම් . එමෙන් ම දිනපතා විෂබීජහරණය කිරීම ද සිදුකරන අතර පැමිණෙන පුද්ගලයන්ගේ උෂ්ණත්වය බැලීමට ද කටයුතු කිරීමට සූදානම්. සෞඛ්‍ය උපදෙස් බස් රථ තුළදී ක්‍රියාත්මකයි. එම නිසා කිසිදු බයකින් හෝ සැකයකින් තොරව මේ නව බස්රථ සේවාව භාවිත කරන්න අප ආරාධනා කරනවා,” යනුවෙනි. ලෝකයේ දියුණු රටවල භාවිත වන park and ride ක්‍රමය දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට වාසිදායක වන්නේ කාර්යක්ෂමතාව සහ පරිසර දූෂණය  අවම කරගත හැකි නිසා ය. මේ අනුව එහි නියමු ව්‍යාපෘතිය ඉකුත්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැයේ ජනතාවට තිළිණ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මෙරට සංචාරක කර්මාන්තය සඳහා භාවිත කළ බස් රථ 25ක් යොදාගෙන ඇත. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය පුළුල් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උසස් තත්ත්වයේ නව බස්රථ 200ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇත. මෙම බස් රථ මිලදී ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත්, ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. නිවෙසින් කාරයට, බසයෙන් කොළඹට තදබදයට විසඳුමක් ලෙස ඇරඹි මේ ව්‍යාපෘතිය සඳහා සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බස් රථ 25ක් පළමු අදියරේ යොදවා ඇත. මේ සඳහා සිදු කරන දැවැන්ත ආයෝජනය හේතුවෙන් ලැබෙන සුඛෝපභෝගී බස් රථ 200 ලැබුණු විගසම ඉදිරියේදී මේ ව්‍යාපෘතිය පුළුල් කිරීමයි රජයේ අපේක්ෂාව.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි දැනට මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබෙයි. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙයි. මෙම බස් රථ පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් ධාවනය කරනු ලබයි. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කරයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ යෙදවුම (APP) භාවිත කිරීමට හැකියාවක් පවතියි. මෙහිදී ”සිටිබස්” සේවාවේ ජංගම දුරකථන යෙදවුමද නිල වශයෙන් අන්තර්ජාලයට එක් කෙරුණි .එම යෙදවුම ජංගම දුරකථනයට බාගත කිරීමෙන් පසු GPS තාක්ෂණයෙන් බස්රථ ඇති ස්ථාන, බසය තුළ සිටින මගීන් ගණන ඇතුළු කරුණු රැසක් දැනගැනීමට මගීන්ට අවස්ථාව උදාවේ.

දැනට හයිලෙවල් මාර්ගය ඔස්සේ පමණක් දියත් වන මෙම බස් රථ සේවාව ඉදිරියේදී සෙසු ප්‍රධාන මාර්ගවලටද ව්‍යාප්ත කිරීමට නියමිතය. ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පැවසුවේ, “මේවා වායුසමනය කළ බස්රථ බවත් විනාඩි 10න් 10ට බස්රථ පිටත් කරන්න සැලසුම් කර තිබෙන බවත් ය. කොළඹ නගරයේ ස්ථාන 5ක වාහන නතර කිරීමේ පහසුකම් සකස් කර තිබෙයි. කොට්ටාව මාකුඹුර, තලංගම ඩිපෝව, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගනය, 138 මාර්ගයේ ස්ථානයක් සහ නුගේගොඩ. ඒ තැන්වල තමන්ගේ වාහන ගාල් කරලා සිටිබස් සේවාව භාවිත කිරීමට හැකියාවක් පවතී. ඉදිරියේදී ගාලුපාර, 120 පිළියන්දල පාර, මීගමුව පාර සහ නුවර පාර හරහාත් මෙම සේවාව ක්‍රියාත්මක කරන්න සූදානම්” යනුවෙනි.

පසුගිය කාල සීමාවන් තුළදී කොළඹට පැමිණෙන මගීන්ට ප්‍රශ්නාවලියක් ලබා දී එයින් ගත් තොරතුරුවල දත්ත මත පදනම්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකසා තිබීම විශේෂත්වයකි. සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් මෙහිදී මඟීන්ගෙන් අය කෙරෙන අතර කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස්වලට අනුව ගමන් කිරීමට හැකි වීම, බස් රථය තුළ වයි ෆයි පහසුකම්, මෘදුකාංගයක් මගින් බස් රථයේ තොරතුරු දැන ගැනීමට හැකිවීම, සීමිත නැවතුම්වල පමණක් නැවැත්වීම, වඩාත් නම්‍යශීලි සේවාවක් ලබා දීම, අඩු කාලයකින් ගමනාන්තයට ළඟා වීම, ආචාරශීලි සුහදශීලි ආකර්ශනීය සේවාවක් ලබා දීම, තාක්ෂණය උපයෝගී කරගනිමින් දිනපතා සිදු කෙරෙන පසු විපරම සහ Clock wise සහ Anti clock wise ගමන් මාර්ග දෙකක් සහතිකවීම මෙහි ඇති අනෙකුත් පහසුකම් වේ. ගමන් අවශ්‍යතාවය අනුව නව බස් රථ සේවා ආරම්භ කිරීම, වාහන නැවැත්වීමට ආරක්ෂිත රථ ගාල, ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශ පත්‍ර, සුඛෝපබෝගී දුම්රිය සේවා, තමාටම වෙන් වූ අසුනක් , Low Floor AC Busses මෙන්ම ඉතිරි පිවිසුම් මාර්ග 05න් නව සේවා ආරම්භය මෙහි ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන සේවාවන් අතර වෙයි.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ආරම්භ කෙරෙන නව ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, 3K ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සම්පත් දායකත්වය ලබා දෙයි. පොදු ප්‍රවාහන සේවය දියුණු කරන ගමන්ම පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම සඳහා ද යම් යම් ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ සඳහා විකල්පයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය සිදු කරන කාලෝචිතම ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. පළමුවෙන්ම පොදු ප්‍රවාහනය දියුණු කිරීමට අවධානය යොමු කරමින් ඊට අදාළ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට ආණ්ඩුව අවධානය යොමු කරමින් පවතින අවස්ථාවක මේ නියමු ව්‍යාපෘතිය ජනගත කර තිබේ. ලෝකයේ විවිධ රටවල ප්‍රවාහන තදබදය අවම කිරිමට විවිධ ප්‍රවාහන ව්‍යාපෘති (BRT,MRT,LRT) හඳුන්වා දී ඇත.

"පාර්ක් ඇන්ඩ් රයිඩ්" ක්‍රමය මඟින් මහජනතාව පොදු ප්‍රවාහන සේවාව සඳහා ආකර්ෂණය කරගත හැකි වේ. ශ්‍රී ලංකාව ද රත්මලාන දුම්රියපොළ සඳහා පාර්ක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය හඳුන්වා ඇති අතර එය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බහුවිධ ප්‍රවහාන මධ්‍යස්ථාන (Multi-Modal Transport Hub) ලෙස ක්‍රියා කරයි.

අධිවේගී මාර්ග, සාමාන්‍ය මාර්ග, ගුවන් තොටුපොළ හා වරාය යන විවිධ වර්ගයේ ප්‍රවාහන මධ්‍යස්ථාන එකිනෙකට සම්බන්ධ කර ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම බහුවිධ ප්‍රවාහන සේවාවක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙහි දී එක් ප්‍රවාහන සේවාවකින් තවත් ප්‍රවාහන සේවාවකට මාරු වීම ඉතා පහසු වීම තුළින් පොදු ප්‍රවාහනයේ වේගය හා කාර්යක්ෂමතාවය ඉහළ යයි. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නගර ආසන්නයේ ඉදිකිරිම, පොදු ප්‍රවාහන සේවය සඳහා මහජනතාව ආකර්ෂණය කර ගැනීමේ ඉතා ඵලදායි උපක්‍රමයක් ලෙස මේ වන විට ලෝකයේ විවිධ රටවල මේ ක්‍රමය භාවිත කෙරේ. මේ නියමු ව්‍යාපෘතිය මගින් පෞද්ගලික වාහන ධාවනය කිරීමෙන් ඇති වන මාර්ග තදබදය වායු දූෂණය නිසා ඇති වන පරිසර දූෂණය වැනි ක්‍රියාවන් රැසක ප්‍රතිඵල අවම කෙරේ. සාමාන්‍යයෙන් ඕනෑම නගරයක වාහන තදබදය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව වන්නේ දරාගැනීමට නොහැකි පෞද්ගලික වාහන සංඛ්‍යාවක් නගරයට ඇතුළත් වී තිබීම ය. බොහෝ වාහන ප්‍රමාණයක සිටින්නේ අසුන් ගණනටත් වඩා ඉතා අඩු මගීන් ගණනක් වීම ද දක්නට ලැබේ. සුඛෝපභෝගී බස් රථයක තමන්ට වෙන්වූ ආසනයකට වී නිදහසේ තම කාර්යාලයට යාමට ලැබීම යහපත්ය.

මනෝජා සමරනායක
ජනමාධ්‍ය අමාත්‍යාංශය

pnd

pr

ParkRide